සොදුරු නවාතැන්

අඳුරු වන ගුහාවක සැඟවුණු තඹ‍ෙදාළ ඇල්ලේ රහස්

මීට සියවසකට පෙර ලෝකයේ සුපිරිසුදුම මිනිරන් සොයාගෙන පැමිණි 'බෘඩන්බර්ග්' නම් ජර්මානු සමාගම මීගහතැන්න, රත්මලේ ගම්මානයේ 'ඕවිටක' මහා පරිමාණයේ මිනිරන් පතලක් ආරම්භ කළේ කාබන් ප්‍රතිශතය 99%ක්ම පිරිසුදු මිනිරන් එයින් ඔවුන්ට ලබා ගන්න පුළුවන් වුණ නිසා. පොළොව මට්ටමේ සිට අඩි 500ක් පමණ ගැඹුරට විහිදුණු දෝනා පද්ධතියකින් යුත් මේ පතල සේවකයන් 350ක් පමණ සේවය කරපු විශාල සුප්‍රසිද්ධ මිනිරන් පතලක්.

මවු සෙනෙහසට පුද දුන් ලොව එකම දාගැබ

මවු සෙනහසේ උණුහුමට මනුසතුන් සේම වනසතුන්ද එකසේ ළැදිය. මනුසතුන් වන අපි මවකගේ කුසයෙහි දසමසක් රැකවරණය ලැබ උපත ලබා දරු සෙනෙහසේ විස්මයෙන් කිරි බවට පත්වූ ඇයගේ රුධිරය උරාබොමින් ඇති දැඩි වූයෙමු. එම එක කිරි බිඳක වටිනාකම ගෙවීමට අපට මේ භවය ප්‍රමාණවත් නොමැති අතර මවු සෙනෙහස වෙනුවෙන් දස දහස් ගී පබැදුණේ ඒ නිසාවෙනි.

උණුවතුර ළිංවලින් නාමු

සාමාන්‍යයෙන් ඔබ උණුවතුර නාන්නේ ගෙදර බාත්රූම් එකේදී නේද? ඇළේ, ‍දොළේ, ගඟේ, මුහුදේ නානවා නම් ඔබට උණුවතුර නාන්න ලැඛෙන්නේ නැහැ. ඒත් බාත්රූම් එකෙන් පිට උණුවතුර නාන්න පුළුවන් තැනක් ගැන තමයි මේ අපි ඔබට කියන්න යන්නේ.

අටමස්ථානය

ලාංකේය ඉතිහාසය සොයා යන චාරිකාවේදී අනුරාධපුර රාජධානිය අමතක කර කිසිසේත්ම එම චාරිකාව නිම කළ නොහැකිය.

ගත සිත නිවාලන සුන්දර හුම්මානයේ ගෙවුණු මොහොතක්

ළා නිල් පැහැයට හුරු සයුර සිප එන සුළඟ උමුතු සීතලක් එක්කරයි. නිහඬ නිස්කලංක පරිසරය උමතු ලෝකයකට රැගෙන යය. මේ කරදියමල, එසේ නැතිනම් හුම්මානයේ අවට සුන්දරත්වයයි. මාතර, දික්වැල්ල නගරය පසුකර කුඩාවැල්ල මංසන්දියෙන් දකුණට හැරී ගිය පසු මේ සුන්දර ඉසව්වට පියමැනිය හැකිය. විශාල ගල් පර්වත දෙකක් මැද්දෙන් හඬක් නඟමින් වතුර මලක් ඉහළට යයි.

රුහුණේ කවිකාරිය ගජමන් නෝනා සොයා ගිය ගමන

විර්තාමුල්ලේ ගමගේ දොන් ප‍්‍රැන්සිස්කු සේනාරත්න කුමාරප්පෙරුමාල් උපන්නේ බෙලිඅත්තේ තදාවත්ත ප‍්‍රදේශයේය. තරුණ වියට පැමිණීමත් සමගම ප‍්‍රදේශයේ මුදලිවරයාගේ ලියනඅප්පු රස්සාව බාරගත් ඔහු තම ස්වාමියාට බොහෝ සේ ගරු සරු දක්වමින් හැකි උපරිමයෙන් රස්සාව කරගෙන ගියේය.

ඓතිහාසික බෙන්තොට රාජමහා විහාරය

බෞද්ධ සංස්කෘතියකින් පෝෂණය ලබන ජනාවාස ගැනුණු සිංහල ඉතිහාසයේ, රජුන්ගේ පවා මුදුන් මල්කඩ බවට පත් වූ බුදු දහම, චිරාත් කාලයක් තුළත් පැවතෙමින්, නූතනයේ කලබලකාරීව දිවෙන යාන්ත්‍රික සිත්සතන් එක් තැනෙක නවතා කරුණා දයාවෙන් සුවපත් කරනවාට සැකයක් නැත.

බෝගම්බර සිරගෙදර වටා ගොඩනැගුණ රසබර කතා

බෝගම්බර සිරගෙදරමහනුවර බෝගම්බර බන්ධනාගාරය පසුගිය දිනවල එක දිගටම නැරඹීමේ අවස්‌ථාව මහජනතාවට ලැබී තිබිණි. එය ඔවුන්ට ලැබූ අපූරු අවස්‌ථාවක්‌ ලෙස සැලකිය හැකිය. වටා ගොඩනැගුණ රසබර කතා

පාරාදීසයට තවත් නමක් විල් උයන

තුරු මුදුනක නැත්නම් දිය සීරාවක් ළඟ නිවාඩුවක් ගත කරන්නට යන්න ඔබත් කැමතිද? මෙන්න ඒ සඳහා හොඳම තැන.

නුවර එළියේ හොඳම නවාතැන Jetwing St. Andrews

අවුරුදු නිවාඩුවත් එක්ක නුවර එළියට වසන්තය උදා වෙනවා. නුවර එලිය කොහොමත් සුන්දරයි. මේ කාලෙට තවත් ලස්සනයි. ඒ නිසා තමයි බොහෝ දෙනා නුවර එලිය පැත්තට ගිහින් නිවාඩුවක් ගත කරන්න මේ කාලේ තෝරාගන්නේ.

නුවර එළියේ සුන්දරත්වය විඳින්න ඔබට නතර වෙන්න සුදුසුම නවාතැනක් ගැන අද අපි ඔබට කියන්න හිතුවා.

රට වටේ කොහේ ගියත් ඔබට හොඳම පහසුකම් සමග සොඳුරු නිවාඩුවක් ගත කරන්නට ඉඩ සලසා දෙන JETWING HOTELS LIMITED විසින් නුවර එලියේත් ඔබ වෙනුවෙන්ම සොඳුරු නවාතැනක් නිමවා තිබෙනවා.

ඉතා පැරණි යටත් විජිත කාලයේ තිබූ ගෘහ නිර්මාණ ශිල්ප ලක්ෂණ එකතු කරගෙන නිමවා ඇති මේ සුන්දර මන්දිරය Jetwing St. Andrews ලෙසයි නම් කරලා තිබෙන්නේ.

ඒ වගේම ඔබට අවශ්‍ය සියලුම පහසුකම් ඔබ වෙනුවෙන්ම සුදානම්.

ඔබට පහසු මිල ගණන් වලින් ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන ආකාරයේ ඕනෑම ආකාරයේ කාමරයක් දැන් අන්තර්ජාලය හරහා වුනත් ඔබට වෙන් කරන්නට පුළුවන්.

ගැබිනි මවක අහසින් ගොස් ගිරිහඩු සෑ වැන්දාය

ගිරිහඩු සෑය හෙවත් තිරියාය වටදාගේ පූජනීය සිද්ධස්ථානයකි. එය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටි රමණීය වූ කඳුගැටක් මත වූ විහාරයක් වන්නේය. එහි ඇති ශිලා ලිපියක් අනුව ඉතා වැදගත් පුවතක් වාර්තා වෙයි. ඒ තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසින් බුදුන් වහන්සේගේ කේශධාතු තැන්පත් කොට එහි සෑයක් කරන ලද බවයි.

මීගමු වෙරළේ සොඳුරු නවාතැන Suriya Resorts

මිගමුව වයික්කාල් වෙරල තිරයේ සොඳුරු ඉසව්වක පිහිටා ඇති Suriya Resort ඔබට නිවාඩුවක් ගත කරන්න හොඳම තැනක්.  බැලූ බැලූ අත දිස් වන සුන්දර වෙරළ තිරයේ දර්ශනය ඔබෙ නෙත් පිනවන දසුනක් වනවා නොඅනුමානයි.

පොලොන්නරුව පුලස්‌තිපුර වූ හැටි

අපේ ඇතැම් ඓතිහාසික ලේඛනවල පොලොන්නරුව ගැන සඳහන් කරන අවස්‌ථාවලදී පුලස්‌තිපුර යන විකල්ප නමකින්ද එය හඳුන්වා ඇත. මෙය විශේෂයෙන් දක්‌නට ලැබෙන්නේ මහාවංශයෙහි දෙවැනි කොටසෙහිය. පොලොන්නරුව හැඳින්වීම සඳහා මේ විකල්ප නාමය කවදා කෙසේ ඇතිවී දැයි කිසිවකු නිශ්චිතව නොදනී. මධ්‍යකාලීන ලංකා ඉතිහාසය පිළිබඳ නූතන වියතුන් විසින් පළකර ඇති පොත් පත්වලින් ද මේ කරුණ ලිස්‌සී ගොස්‌ තිබේ.

සුන්දර මඩකළපුවේ පෘතුගීසි බළකොටුව

ක‍්‍රි.ව. 1505 මෙරටට පැමිණි පෘතුගීසීහු ක‍්‍රි.ව. 1638 තෙක් ශ්‍රී ලංකාවේ වෙරළ බඩ ප‍්‍රදේශ පාලනය කරමින් අපේ රට සූරා කෑවෝය. ක‍්‍රි.ව. 1638දී පෘතුගීසීන්ට පළමු වරට ලන්දේසීන්ගෙන් ප‍්‍රහාරයක් එල්ල වූයේ නැගෙනහිර පළාතේ මඩකළපුවේදීය. ඒ වූ කලී මෙරට පෘතුගීසි බලය අතු ගා දැමීමේ පළමු පියවරයි

බිංගෙවල් දාසයක් යටින් ආරුක්කු නවයේ පාලම යටට

බි‍්‍රතාන්‍ය පාලන සමයේ ලංකාවේ විවිධාකාර සංවර්ධන ක‍්‍රියාවලි සිදුවිය. ඒ සියල්ලම ඔවුන්ගේ පහසුව වෙනුවෙන් සිදුවූ ඒවාය. ඒ අතර අදටත් අප භාවිත කරන විශ්මයජනක කර්තව්‍යය වනුයේ උඩරට දුම්රිය මාර්ගයයි.

කාශ්‍යප රජ්ජුරුවන්ගෙ රාජධානියට ගිහින්

අප ඉදිරියේ දැන් දිස්වන්නේ අන් කවරක්වත් නොව මීට අවුරුදු 1,200කට පෙර සීගිරි කසුප් රජුගේ රාජධානිය වන සීගිරියයි. ක්‍රි.ව. 477දී කාශ්‍යප රජු සිය ආලකමන්දාව ලෙසින් ගොඩනැංවූ සීගිරි රාජධානියයි. පවුරු ප්‍රාකාර, දිය අගල්, උයන්වතු, ජල උද්‍යාන සේම මහා කලාගාරයක බඳු මන බඳිනා රූකම් තිබෙන්නා වූ සිගිරිය අද ලෝක උරුමයකි.

අවාරේ සිරිපා සමය තුළ වචනයෙන් කිව නොහැකි තරම් අදෘෂ්‍යමාන බලවේග රැසක්

ලෝකයේ දීර්ඝතම කාල පරාසයක පවතින වන්දනා වාරයක් සේ සැලකෙන ශ්‍රී පාද වන්දනා සමය ගෙවී ගිය වෙසක් පුන් ‍පොහෝ දිනයත් සමග නිමාවට පත්විය. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ යෙදුණු උඳුවප් පුන් ‍පොහෝ දිනෙන් ආරම්භ වූ ශ්‍රී පාද වන්දනා සමය අවසන් වන්නේ පුරා හය මාසයකට පසුවය.

සිංහල සංස්කෘතියේ අදීනත්වය කියාපාන මිහින්තලය

ගුණසේන වෙසක් කලාපය සඳහා මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් විසින් ලියන ලද ලිපියෙහි මැය වූයේ අප ගියේ නිදන් වස්තු බැලීමටය. පුරාණ සිංහල සංස්කෘතියෙහි අදීනත්වයට දොස් කියන කර්මාන්ත යනුය.

More News »

add_one