සොදුරු නවාතැන්

දෙමටමල් වෙහෙර

ගැමුණු කුමරු හා සටන් වැද පරාජය වූ තිස්ස කුමරුන් දිවි බේරාගැනීම පිණිස පලාගොස් ඇඳක් යට සැගවී සිටි විහාරය දෙමටමල් විහාරය යැයි

සාගර පතුලේ අසිරිය විඳින්න පාසිකුඩාවට වරක් එන්න

හැමදාම ගොඩබිමේ සංචාරය කරන ඔබට මූදු පතුලේ අසිරිමත් ලෝකය දැකබලාගන්න අවස්ථාවක් ලැබුණොත්? ඒත් ගොඩබිම ඇවිදිනවා වගේ නොවෙයි. පීනන්න බැරි නම් කොහොමද මුහුදු පතුලේ අසිරිය දැක බලාගන්නේ? එහෙම තැවි තැවී හිටපු කාලේ ඉවරයි. ආසාවත් උනන්දුවත් මුදලුත් තියෙනව නම් දැන් ඔබටත් ඒ අවස්ථාව උදා

සූරියකන්ද දුර්ගයේ සිට හිමිදිරි පෙදෙසට ගිය ගමන

සබරගමුවට හිරු පෑයූ තවත් එක් දිනයකි. හපුතලේ සිට බලංගොඩ, පැල්මඩුල්ල හරහා කහවත්තට සේන්දු වුණු අපි සීතල පොළොවෙන් මදක් ඔබ්බට ගිය දෙනියාය පාර

මීටර් 300 ක්‌ පොළොව යට
ලක්‍ෂපාන උමගය දිගේ වාහනයක නැගී ගියෙමු

ලංකාවේ පැරණිතම ජල විදුලි බල සංකීර්ණයට අයත් නව ලක්‍ෂපාන විදුලි බලාගාරයට සම්බන්ධ උමං මාර්ගයේ වසර 40 කට පසුව කෙරෙන ප්‍රතිසංස්‌කරණය දැකබලා ගන්නට ගිය ගමන අප නිමා කරන ලද්දේ අදියර දෙකකිනි.

රාජසිංහ රජු දවස ඉදිකළ අලූත්ගම කන්දේ විහාරය

අලූත්ගම ගාලූ පාරේ කලූවාමෝදර හන්දියෙන් හැරී කාලවිල මාර්ගයේ සැතපුම් භාගයක් පමණ ගිය විටදී හමුවන සුන්දර පරිසරයකින් යුතු කුඩා කඳු ගැටයක සුප‍්‍රසිද්ධ කන්දේ විහාරස්ථානය පිහිටා ඇත.

ලෝක උරුමයක් වූ පහතරට වැසි වනාන්තරය - සිංහරාජය

ලෝකයේ ආදි කාලීන නිවර්තන වැසි වනාන්තර අතරට ඒක්වන ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයේ හදවත ලෙස සැලකෙන සිංහරාජ වනයද අයත්වේ. මෙය ලෝකයේම ඉතිරිව පවත්නා එක් නොඉඳුල් වැසි වනාන්තර පද්ධතියකි. මිනිස් පහස නොලද ශී‍්‍ර ලංකාවේ පහතරට අවසන් නිවර්තන

ඛෙලිලෙනට ගිහින්

මීට වසර 30,000කට පමණ පෙර මේ දිය දහර මීට වඩා ප්‍රචණ්ඩව හැලෙන්න ඇති බව නිසැකය. මීට වසර 30,000කට පෙර මේ මුළු පළාතම මහා වනාන්තරයෙන් වැසී තිඛෙන්න ඇති බව නිසැකය. මීට වසර 30,000කට

අනුහස් සපිරි ගැටබරු මහ දෙවොල

මාතර දිස්ත‍්‍රික්කයේ මොරවක් කෝරළයේ පිහිටි ඓතිහාසික ගැටබරු රජ මහ විහාරස්ථානයේ බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දේවාලයේ අතීතය වළගම්බා රජ සමය

පරිසරය සුරකිමින් වන සිරිය විඳ ගනිමු

ගං දෑල පිස ගෙන හමන මද නල ගතට සිසිලක් ගෙන දෙයි. හෝරා කිහිපයක වෙහෙසකර බස් ගමනකින් අනතුරුව එළඹුණු පළමු විරාමයේදී අපි ග‍ඟේ වාඩියට ගොඩ බැස්සා.

අවුරුදු හතළිහකට කලින් ගුවන් අනතුර වූ තැනට ගියෙමු

වර්ෂ 1974 දෙසැම්බර් 04 වැනි දින ඉන්දුනීසියාවේ සුරබයා ගුවන්තොටින් පිටත්වුණු මැටිනෙයාර් ඞීසී 8 දරන ගුවන් යානය හජ්ජි වන්දනාකරුවෝ 182 ක් හා කාර්ය මණ්ඩලය 9 දෙනෙකුගෙන් සමන්විත වූහ. ඉන්ධන ලබා ගනු වස්

ඉස්සර අපි සිරිපාදෙ ගියේ ගස් මුල්වල එල්ලිලා

උඳුවප් සීතලත් සමඟින් සිරිපා වන්දනා වාරය ආරම්භ වී තිබේ. සම්බුදු පා පහස ලද සමනොළ ගිරිහිස කරුණා කරන්නට අතීතයේ මෙන් ම අදත් නන් දෙසින් මහ සෙනඟ ඇදී එති. එහෙත් අද මෙන් එදා සිරිපා කරුණා කිරීම එතරම් පහසු නොවූ බව අ්ප මුතුන් මිත්තෝ කියති. හිරිගඩු පිපෙන

පාරාදීසයට තවත් නමක් විල් උයන

තුරු මුදුනක නැත්නම් දිය සීරාවක් ළඟ නිවාඩුවක් ගත කරන්නට යන්න ඔබත් කැමතිද? මෙන්න ඒ සඳහා හොඳම තැන.

ඔහියෙ ඉඳන් යක්ෂයාගේ පඩිපෙළ දිගේ කළුපහනට

අපේ මේ සූදානම ඔහිය සිට යක්ෂයාගේ පඩිපෙළ හරහා කළුපහනට යන්න. රිදී පාටින් ඉර බැබළෙමින් තිබුණු ඒ වෙලාවේ සෆාරි ජීප් රථයෙන් අපි ලෝකාන්තය බලන්න මුලින්ම පිටත් වුණා. පුංචි ලෝකාන්තෙන්,

ආදි මානවයන්ගේ නිවහන පාහියන්ගල

මෙවර අපගේ සංචාරය යෙදී තිබුණේ ලිහිණියාවටය. ලිහිණියාව යනු මතුගම සිට මීගහතැන්න දක්වා දිවෙන මාර්ගයේ පිහිටි සුන්දර ගම්මානයකි.

යාපනය සරසවියේ උපත පිළිබඳ ඉතිහාසයෙන් බිඳක්

දමිළ ජනතාව පාරම්පරිකව ජීවත්වන උතුරු නැ‍ඟෙනහිර ප්‍රදේශයේ විශ්ව විද්‍යාලයක් පිහිටුවිය යුතු ය යන සිතිවිල්ල දමිළ ජනතාවගේ සිත් තුළ ජනිත වී තිබුණේ නිදහස

අනුහස් බෝධියක් පිහිටි වදාකඩ ටැම්පිට විහාරය

කුරුණෑගල වදාකඩ සපුගස්කන්ද ශ්‍රී විජයසුන්දරාරාම ටැම්පිට රජමහා විහාරය කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පිහිටි මහනුවර යුගයට අයත් ප‍්‍රධානම ටැම්පිට විහාර කීපයෙන් එකක් ලෙස සැලකේ.

පුරාවිද්‍යා දත්තවලට අනුව මේ විහාරය මහනුවර රජ කළ ශ්‍රී විජය රාජසිංහ රජු විසින් ඉදිකරන ලද්දක් බවට සැලකෙන බැවින් ශ්‍රී විජයසුන්දරාරාමය ලෙස හැඳින්වේ.

කුරුණෑගල කොළඹ ප‍්‍රධාන මාර්ගයේ පොතුහැර නගරයෙන් හැරී කිලෝමීටර් දහයක පමණ දුරක් ගිය විට ඉතා උස් ගල් තලාවක සුන්දර පසුබිමක පිහිටි මෙම ඉපැරැණි පුදබිම හමුවෙයි.

විහාරයේ ඇති ඉපැරැණි ටැම්පිට විහාරය අදටද ඉතා සුරක්ෂිතව පවතී. මහනුවර යුගයට අයත් ටැම්පිට විහාර පවතින්නේ ඉතා සීමිත සංඛ්‍යාවක් බැවින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ විහාරය සංරක්ෂණය කර ඇත.

ඉපැරැණි බුද්ධ ප‍්‍රතිමාව සමග විෂ්ණු සහ කතරගම දෙව්වරුන්ගේ පිළිමවලට අමතරව සපුමල් බණ්ඩාර දෙවියන්ගේ පිළිමය මෙම විහාරගෙයි පිහිටුවා තිබේ. සාමාන්‍යයෙන් කතරගම දෙවිදුන්ට අත් හයක් පිහිටිය ද මෙහි ඇතුළත පිළිමයේ කතරගම දෙවිඳුන්ට අත් දෙකක් පමණක් තිබීම ද විශේෂත්වයකි. මේ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් විජය සුන්දරාම විහාරාධිපති අරඹේපොල සීවලි හිමියන් පැවසුවේ දෑතත් සහිත කතරගම දෙවිඳුන්ගේ මෙම පිළිමය ඉතා දුර්ලභ එකක් බවය.

මීට අමතරව මෙම විහාරයේ වැලිවිට අසරණ සරණ සංඟරාජ නාහිමියන්ගේ සිතුවමක්ද පවතී. සංඟරාජ හිමියන්ගේ විස්තර කොපමණ සඳහන් වුවද උන්වහන්සේගේ රූපයක් දැකීමට නොතිබීම මත මෙහි ඇති සංඝරාජ නාහිමියන්ගේ ඉපැරැුණි සිතුවම ඉතා දුර්ලභ සිතුවමක් ලෙස සැලකේ.

සංඝරාජ නාහිමියන් වැඩිවිසු බව සඳහන් වන්නේ විහාරස්ථ අල්ප සංඛ්‍යාවකි. ඒ අනුව මෙම විහාරයේද සංඝරාජ නාහිමියන් වැඩ වසන්නට ඇති බවට මෙම සිතුවම කදිම සාධකයක් වනු ඇත. සංඝරාජ නාහිමියන් මෙම විහාරයෙත්, අවට වූ තවත් විහාරයක වැඩ සිටි බව ඉතිහාසගත තොරතුරුවලින් කියැවේ.

මෙම ප‍්‍රදේශයට අධිපතිව වැඩ වෙසෙන බව විශ්වාස කෙරෙන සපුමල් බණ්ඩාර කුමරුගේ සිතුවමක්ද ටැම්පිට විහාරයේ ඉපැරැුණි සිතුවම් අතර වෙයි. සපුමල් කුමරුගේ සිතුවමක් සහිත වයඹ ප‍්‍රදේශයේ එකම විහාරය මෙය ලෙස ද සැලකේ.

මෙම විහාරයේ අභ්‍යන්තරයේ අගය දැක්වෙන සිතුවම් රැසක් පැවතිය ද ඒවා මේ වන විට බොහෝ දුර්වර්ණ වී පවතී,

මහනුවර යුගයේදී කලින් කලට විනාශ වී ගිය ගොඩනැගෙමින් තිඛෙන විහාරයේ සංඝාවාසය ද වසර 150 කටත් වඩා ඉපැරැණිය. විහාර භූමියේ ඇති ඓතිහාසික බෝධීන් වහන්සේද වසර පන්සීයකටත් වඩා ඉපැරැණි බොහෝ හාස්කම් සහිතය.

මෙම බෝධියට බාරහාර වීමෙන් දරුඵල නොමැති කතුන්ට දරුඵල ලබා දෙන බවට අතීතයේ සිටම විශ්වාසයක් පැවතීම හේතුවෙන් පිට පළාත්වල ජනතාවද මෙහි පිහිට පතා විශාල වශයෙන් පැමිණෙන බව සීවලී හිමියෝ පැවසූහ.

මෙම විහාරස්ථානයේ ඉපැරැණි විෂ්ණු දේව ප‍්‍රතිමා දෙකක්ද පිහිටුවා තිබේ. ටැම්පිට විහාරයේද මහනුවර යුගයේ ඉදිකෙරුණු විෂ්ණු දේවප‍්‍රතිමාවත් තිඛෙන බැවින් අතීතයේ සිටම මෙම විහාරස්ථානයෙන් විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදයද ජනතාවට ලැඛෙන බවට ජනතාවගේ විශ්වාසයක් පවතී.

අවට හාත්පස දර්ශනීයව පෙනෙන කඳුවැටි කීපයකට මැදිව උස්බිමක පිහිටි විජයසුන්දරාරාම විහාරස්ථානයට අවට පිහිටි තවත් විහාරස්ථාන කීපයක්ද දර්ශනය වේ.

ඉතා උස්බිමක පිහිටා තිඛෙන බැවින් මෙම පුදබිමේ අතීතයේ රහතන් වහන්සේලා වැඩ සිටි බව ද සඳහන් වේ. රහතන් වහන්සේලා වැඩ සිටි බවට සාධක සහිත ජලයෙන් පිරුණු ඉපැරැණි ගල්වලවල් ද මෙහි පිහිටා තිබේ. මෙම ගල් වලවල් ප‍්‍රමාණයෙන් කුඩා වුවද ඉතා ගැඹුරින් යුක්ත වේ.

අතීතයේදී මෙම විහාර භූමියේ පිහිටි එක් ස්ථානයක සිට බැලූ විට ඉතා ඈතින් ශ්‍රී පාදය දර්ශනය වූ බව ප‍්‍රදේශයේ වෙසෙන ජනතාව පවසන සුවිශේෂී කරුණකි. අද එවැනි දසුන් නොපෙනුන ද එම ස්ථානයේ සිට බැලූවිට ඉතාම දුරට කඳු වළලූ ගණනාවක් ඉතා පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය. මෙම විශේෂත්වය කියා පෑමට එම ස්ථානයේ ඉදිකර තිඛෙන ශ්‍රී පාදයේ ආකෘතිය ද සාමාන්‍යයෙන් විහාරස්ථානයක නොදැකිය හැකි සුවිශේෂී දසුනකි. දුර දක්නයකින් නිරීක්ෂණය කළහොත් ගම්පොළ පිහිටි අම්බුළුවාව කන්ද ඉතා හොඳින් මෙම ස්ථානයේ සිට දැක බලාගත හැකි බව විහාරාධිපති සීවලී හිමියන් පැවසූහ.

වත්මන් විහාරාධිපති සීවලී හිමියන්ගේ කැපවීම මත අතීත වස්තුවක් ලෙස සැලකෙන මෙම විහාරය අදට ද ඉතා සුරක්ෂිතව පවතී. කලකට පෙර ගරාවැටී විනාශ වෙමින් තිබු ටැම්පිට විහාරය උන්වහන්සේගේ මෙහෙයවීමෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලවා සංරක්ෂණය කර තිබේ.

මල්වතු විහාරයීය මහානායක හිමියන්ගේ අනුශාසනා පරිදි මැලේසියාවේ සෙන්තුල් ශ්‍රී ලංකා මහා බෞද්ධ විහාරාධිපති බුටාවත්තේ සරණංකර නායක හිමියන්ගේ දායකත්වයෙන්  ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද කිරිගරුඩ ප‍්‍රතිමා කීපයෙන් එකක් මෙම ඓතිහාසික විහාරස්ථානයේ වැඩ හිඳුවීම පසුගිිය ජනවාරි මාසයේ දී අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා අතින් සිදු කෙරුණි.

සමාජ ඉරියව්වෙන් යුත් කිලෝග‍්‍රෑම් දෙදහසක් බරැුති අඩි හතරක් උසැති මෙම ප‍්‍රතිමාව වයඹ පළාතටම ලැබුණු එකම ප‍්‍රතිමාව වීමද විශේෂ කරුණකි. දළදා මාළිගාවේ දියවඩන නිළමේ නිලංග දෑළ මහතාගේ දායකත්වයෙන් කිරිගරුඩ ප‍්‍රතිමාව ලබා දී තිබේ.

කළුතර වෙරළේ සොඳුරුම ඉසව්ව Tangerine Beach Hotel

කළුතර සුන්දර වෙරල තීරයට යාබදව පිහිටා ඇති සුඛෝපභෝගී හෝටලයක් තමයි Tangerine Beach Hotel.

වලව්වේ නවතින්න යන්න

වලව්ව කොළඹ බණ්ඩාරනායක ගුවන්තොටුපලේ සිට විනාඩි 15ක් ගිය තයන ඔබට මුණ ගැහෙන සොඳුරු නැවතුම්පොළක්.

More News »

add_one