රාවණ දේවත්වයෙන් පුදන යක්කමට ගියෙමු

2015-04-28 03:05:00       695
feature-top
රාවණා රජු පිළිබඳව මෑත කාලයේ ජනතාව අතර වැඩි අවධානයක් යොමුවී තිබේ. ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව විවිධ මත පළවීමත් සමග මේ තත්ත්වය උදා වන්නට ඇතැයි යමෙකුට සිතිය හැකිය. එහෙත් අතීතයේ සිටම රාවණා රජු දේවත්වයෙන් වැඳුම් පිදුම් කරන ජන කොට්ඨාසයක් අදටත් සිටිති. එම ජනතාව අතීතයේ සිටම රාවණා රජු පිදීම සඳහා විශේෂ වූ වැඩ සටහනක් කරති. එය ඔවුන් සිදු කරනු ලබන්නේ දෙවියන් යැදීම මෙන්ම දෙවියන්ගෙන් තම ජනතාවට පිහිට ආරක්ෂාව ලබා ගැනීම සඳහාය. රාවණා රජුට දේවත්වයෙන් වැඳුම් පිදුම් කරන ගම්මානයේ ජනතාවගේ මෙම උත්සවය හා දේව පූජාව දැක බලා ගැනීමට මෙවර අපි ද එක් වුණෙමු.


මාතලේ දිස්ත‍්‍රික්කයට අයත් ලග්ගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලකේ ගල පාමුල පිහිටි රණමුරේ ගම්මානයේ ජනතාව මෙසේ රාවණා රජු දේවත්වයෙන් සලකති. ඔවුන් වාර්ෂිකව පවත්වනු ලබන උත්සවය රාවණා යක්කම වෙයි.  රණමුරේ ජනතාව කියා සිටින්නේ රාවණා යක්කම පරම්පරා ගණනාවක සිට පැවැත එන දෙයක් බවයි.

15pg-23d--taks-pgs


ඔවුහු හිරු නැග එන මොහොතේ සිට හිරු බැස යන වේලාව දක්වා එක් ස්ථානයක සරසා මෙම පූජාව, පෙරහර පවත්වති.


මෙම යක්කම පවත්වන්නට දින තීරණය කරනු ලබන්නේ මාසයකට පමණ ඉහත දී ගමේ දස දෙනෙකු එක්ව කරනු ලබන සාකච්ඡුාවකින් පසුවය. ඒ අනුව සාම්ප‍්‍රදායික සිරිත් අනුව බුලත් හුරුලූ දී දේවාලයේ ප‍්‍රධාන කපු මහතාට හා ගමේ වැඩිහිටි පිරිසට දැනුම් දී මේ දස දෙනා හා තවත් අවතේවකරුවන් පිළිහුඬුවලින් තොර වී පේවී සිටිති.


යක්කම පවත්වන්නට පෙර දී ගම්මුන් දේවාලයට පැමිණ යහන් තනා අලංකාර තොරණක් ද සවි කරති. පසුදා උදේ ඉරු නැගෙන්නට පෙර දේවාලයේ තැන්පත් කර ඇති ඉපැරණි යකඩ ආයුධ, කැති, කඩු, කිණිසි හා තවත් එවැනි ආයුධ මිටියක් ලබාගෙන එම ආයුධ පෙරහරකින් ගලා යන පිරිසිදු ජල පහරකට රැගෙන ගොස් සෝදා පිරිසිදු කොට ඒවායේ මුල පුවක් මල් බැඳ නැවත පෙරහරකින් දේවාල භූමියේ පෙර දින තැනූ යහන අසලට රැුගෙන එනු ලබයි.


එම ස්ථානයේ දී ප‍්‍රධාන දේවගැති කපු මහතා එම ආයුධ එකෙන් එක ආරූඩයෙන් පේ කිරීම සිදු කරනු ලබයි. එසේ කරනුයේ බණ්ඩාර දෙවියන් හට බව ඔවුහු කියති. බණ්ඩාර දෙවියන් බවට පත්වී සිටිනුයේ රාවණා රජු බව ගම්මුන්ගේ විශ්වාසයයි.


එම ආයුධ අතර කුරුල්ලා බැඳි ආයුධයට සුවිශේෂී ස්ථානයක් හිමි වන අතර එය හිස මත තබා දේව ආශිර්වාද ලබා දීමෙන් ගම්මානයේ ජනතාවගේ හරක බාන වතු පිටි සියල්ල ආරක්ෂා කර දීමට දෙවියන් පොරොන්දු වෙයි. මෙම ස්ථානයට දෙවිවරු හත් කට්ටුවක් බැල්ම හෙළන බව ද ජනතාවගේ විශ්වාසයයි.
රණමුරේ ගම්මානයේ පැවැත්වෙන රාවණා යක්කම සඳහා විශේෂයෙන් ලග්ගල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශේෂ අනුග‍්‍රහය ලැබෙන අතර දැනට සිටින ප‍්‍රාදේශීය ලේකම්වරයා ද යක්කමට බෙහෙවින් දායකත්වය ලබා දෙන අතර දිවයිනේ විවිධ ප‍්‍රදේශවල ජනතාව ද යක්කමට පැමිණෙති.


රණමුරේ ගම්මානයේ රාවණ සංස්කෘතික කමිටුව නමින් සංවිධානයක් ද ආරම්භ කර ඇත.
රාවණ සංවිධානයේ සභාපතිවරයා වන රණමුරේගම පදිංචි ඩබ්ලිව්.එම්.කේ.ජී. කෝවිලමුල්ල මහතා කියා සිටින්නේ තම පරපුරේ පිරිස යක්ෂ ගෝත‍්‍රයෙන් පැවැත එන බවයි.

dfh


වසර 2500කට එහා ගිය රාවණ පරම්පරාවෙන් උරුමකම් අපිට තිබෙනවා. ඒ සඳහා  ඕනෑ තරම් සාක්කි තිබෙනවා. ලග්ගල, ලකේ ගල හොඳම උදාහරණ.අපි විජයගෙන් පැවත එන බව හුවා දක්වලා තියෙනවා. ඒක වෙනස් විය යුතුයි. රාවණා රජුගේ ඉතිහාසය විජයට එහා ගිය එකක්. රාවණා රජු දස බලයෙන් අග තැන්පත්ව නම් හතරකින් පෙනී සිටි අසහාය බලයක් අනුහස් ඇති විශ්වයටම බල පරාක‍්‍රමය පතුරුවපු අයෙක්. සභාපතිවරයා එසේ අප සමග කීවේය.


මෙම යක්කම නමැති ශාන්තිකර්මය යන අතරතුර දී රාවණ වගතුග නම් පත‍්‍රිකාවක් එහි පැමිණෙන සෑම දෙනා වෙත ලැබෙන්නට සැලැස්වීමට සංවිධායක මණ්ඩලය සූදානම් කර තිබිණි.


එහි ලග්ගල, ලකේ ගල, රාවණා රජුට ඇති සම්බන්ධතාව පිළිබඳව සටහන්ව තිබුණේ මෙසේය.


රාවණා රජුගේ මාළිගය සීගිරියේ පැවැති බවත් එය ආලකමන්දාව ලෙසින් නම් කර ඇති බවත් ජනප‍්‍රවාදයේ සඳහන් වේ. එසේම ගිරි මුදුන්වල රාවණා රජුගේ වාසස්ථාන පැවති බවත් එහි දී ලකේ ගල සුවිශේෂී ස්ථානයක් ලෙසත් සැලකේ. ඔහුගේ රිය ලෙස දඬුමොණරය ගුවන්ගත කිරීම සඳහා ආරක්ෂිත ස්ථානය ලෙස ලකේ ගල යොදාගෙන ඇත.


මෙවැනි තොරතුරු රැුසක් ඇතුළත් එම වර්ණනාව අවසන් කර ඇත්තේ මෙසේය.
සීතා පැහැරගෙන ඒමත් සමග රාම රාවණ යුද්ධය හටගනී.


මෙම යුද්ධයේ දී රාවණා රජුට තම පුත් ඉන්ද්‍රජිත් විශාල මෙහෙයක් සැපයූ බව ද සඳහන් වේ. රාවණාගේ එක් සහෝදරයකු වූ විභීෂණ රාජ්‍ය බලයට ලොල් වූ හෙයින් රාමා හමුවේ තම සහෝදරයා වූ රාවණාගේ සියලූ යුද රහස් හෙළි කළ බව ජනප‍්‍රවාදය සාක්ෂි දේ. මෙය හෙළයන්ගේ මුල්ම පාවා දීම බව පැවසේ. මෙම යුද්ධයෙන් රාමා විසින් එල්ල කළැයි කියන හී සැරයකින් රාවණාගේ රාජධානිය වූ ලකේ ගල කොටස් කිහිපයකට කැඞී ගිය බවත්, එහි දී රාවණා රජු මිය ගියා හෝ සිහිමූර්ජා තත්ත්වයට පත් වූ බව ජනප‍්‍රවාදයේ සඳහන් වන්නකි.  


දුණුවිල සිට විදු ඊ තල සැර            වැදුණා
ගල කඩාන ගල පාමුල තිබු වැව      මැකුණා
ගුගුරා අහස හෙණ හඬ සේ හඬ      නැගුණා
හනුමා නිසා අද ලක්බිම අඳුරු        වුණා


රණමුරේ වැසියෝ වසරක් පාසා මෙසේ පවත්වනු ලබන යක්කම නමැති රාවණා රජු පිදීම සංස්කෘතික උරුමයක් ලෙස ආරක්ෂා කරමින් සෙසු ජනතාවට ද අඩුම තරමේ දැක බලා ගැනීමට අතීතය සමග මනසට සටන් කිරීමට හෝ ඉඩහසර ලබා දීමට හැකියාව ඇත්නම් යැයි ලග්ගලට සමු දෙද්දී අපට සිතිණි.


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »