වසර අටසිය පනහකට පසු ඉදිවුණු ලෝකයේ විශාලතම සමාධි බුදු පිළිම වහන්සේ

2015-05-07 09:33:00       654
feature-top
යක්ෂාවේෂ වු ගරිල්ලා සෙබළුන්, ඇෆ්ඝනිස්ථානයේ බාමියන් මිටියාවතේ බලය තහවුරු කරගැනීම සඳහා බුදුවරු 28ක් පහළ වූ මේ භූවනත‍්‍රයේ දේශපාලන සිතියම අකා මකා දැමිය යුතුයැයි 2001 දී තීරණය කර තිබිණි.

 


සීමා රහිත අන්තවාදී මේ 3ආගමික මූනිස්සම, ක‍්‍රි. වර්ෂයෙන් 6 වැනි සියවසේදී ඉදිවුණු කුෂාන් රාජධානිය හරහා ඇදී ගියේය. ඓතිහාසික ඉන්දුxගී‍්‍රක සම්ප‍්‍රදායට අනුව ඉදිවුණු දැවැන්ත චිත්තාකර්ශනීය බුදු පිළිම මේ කලාපයේ පහළ වී තිබිණි. මධ්‍යම ඇෆ්ඝනිස්ථානය තුළ රෝම අධිරාජ්‍යයත්, චීනය හා  ඉන්දියාව අතර පිහිටි තවලම් වෙළඳ මාර්ගය නොහොත් සේද මාවතේ සැරිසැරුවනට මෙම බෞද්ධ ඉදිකිරීම් මාහැඟී දැකුම්කලූ නිර්මාණ විය.
උසින් අඩි 123 දක්වා මෙන්ම, අඩි 172ක් වූත්, සියලූ ප‍්‍රතිමා, ඇෆ්ඝන් තලේබාන්වරුන්ගේ වෙඩිබේත්වලින් පිපිරී විනාශ විණි.


ලෝ වැසියන්ගේ පොදු පූජනීය සම්පත් මෙලෙස ආගමික උන්මන්තකයින්ගේ ප‍්‍රහාරයට ලක්වීම ලෝක උරුම විනාශය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට මෙන්ම, ලක්දිව කුරුණැගල, රම්බඩගල්ල ප‍්‍රදේශයේ දුප්පත් දහම් පාසල් දක්වා සනිටුහන් කළේ හද සසල කරවන කම්පාවකි.
බාමියන් පිළිම විනාශ කරන හැටි පන්සලේ රූපවාහිනියෙන් බලා කුපිත වුණු ශිෂ්‍යයින්ගේ ආවේගවලට හාමුදුරුවන්ට මුහුණ දෙන්නට සිදුවිණි.
අපේ පිළිම විනාශ කරනවා. අපිත් මුස්ලිම් පල්ලි විනාශ කරමු.


නෑ ළමයෝ බෞද්ධ ඉතිහාසයේ අපට ගහල තියෙනවා. නමුත් අපි ආපසු ගහල නෑ. පල්ලි කඩා බිඳ දැමීම නෙවෙයි අපි කරන්න  ඕනෑ. විනාශ කළ පිළිමය වෙනුවට එකක් හෝ දෙකක් හෝ හදන එකයි. පුළුවන් නම් ගලෙන්ම පිළිමයක් හදනවකෝ.... (2001 වසර)
2001 වසරේ වෙසක් මාසය, මැයි 5ට යෙදී තිබිණි. මැයි 3 වැනිදා රම්බඩගල්ල විදුහලේ ප‍්‍රාථමික අංශයේ දරුවන් පොහොය දින වැඩ සටහනට සහභාගි වූහ. උපාසක දානය සඳහා ගම්වාසීන් මහ පිරිසක්ද පැමිණ සිටියහ. ළමාකමට හා උට්ඨානවීර්යට ද සමගාමීව මෙම දහම් පාසල් ළමුන් පිළිම සැදීම සඳහා මුදල් සම්මාදම් කර තිබිණි.


රුපියලේම කාසි 1358 ක් එහි විය.


ගල් පිළිමෙට සල්ලි ෂොපිං බෑග් තුනකට සල්ලි එකතු කළ ළමුන් තිදෙනාම ලොකු හාමුදුරුවනට කීවේ සතුටින් ඉපිළ යමිනි.


බුදු පිළිමය ඉදි565කිරීමේ මූලික සංකල්පය දැන් සංකල්පයෙන් නිකුත්ව කි‍්‍රයාත්මක ප‍්‍රවේශයකට අවතීර්ණ වී තිබුණත් දිවයිනේ සතර දිග් භාගයෙන් තොරතුරු විමසා බැලූවද, මෙම කාර්යය භාර දීමට සුදුසු ප‍්‍රවීණයෙකු සොයාගත නොහැකි විය. වර්තමාන මහනායක හිමි පුජ්‍ය එගොඩමුල්ලේ අමරමෝලි ස්වාමින්වහන්සේ මේ අතර නුවරඑළියේ රම්බඩ හනුමාන් කෝවිලේ තනි කළු ගලින් නිමවන ලද හනුමාන් ප‍්‍රතිමාවක් ඇති බවත්, එම ප‍්‍රතිමාව නරඹා, එම ප‍්‍රතිමාව කරන ලද ශිල්පියා කව්දැයි විමසා බලා පැමිණියහොත් හොඳයැයි සිතා, 2002 පෙබරවාරි 02 වැනි දින රම්බොඩ ගියෙමි. උදේ 10.00ට පමණ අපි එහි ළඟා වීමු. කෝවිල ඉදිරිපස මහතකු කෝවිල වම්පස මිදුලේ පුජා වට්ටියක් අතින් ගෙන එනු දුටිමි. මම කෙළින්ම ඔහු ඉදිරියට පැමිණ ඔහු දෙස සෘජු බැල්මක් හෙළිමි. දෙදෙනාම එකිනෙකා දෙස බැලූවද, සිනා පොදක්වත් හුවමාරු නොවීය. කෙසේ වෙතත් ඔහු හා අපි එක්ව කෝවිල දොරටුවෙන් ඇතුළුවීමු.

කෝවිලේ පැය එකහමාරක් පමණ ගතකොට, ප‍්‍රතිමාවද නරඹා, මේ ප‍්‍රතිමාව නිර්මාණය කළ ශිල්පියා කවුරුන්දැයි දැන ගැනීමට කාර්යාලයට ගියෙමු. එහි වූයේ තරුණයෙකි. අප පැමිණි කාරණය ඔහු සමග කී පසු ප‍්‍රතිමාව සෑදු ශිල්පියා පිළිබඳ තමන් නොදන්නා බව පවසා හනුමන් දෙවියන් පිළිබඳ ලියැවුණු පුංචි පොතක් අප අතට දෙමින් එහි වු ලිපිනයන් දක්වා, එතැනින් විමසන ලෙසත් කියා දුරකථන අංකයක් දුන්නේය. මේ තොරතුරු දැන අප ආපසු පිටවන්නට දොරටුව වෙත පැමිණි කල, එහි සිටි මහතෙකුට අප කතාව ඇසී ස්වාමින්වහන්ස, අපේ බොස් මුණගැහිලාම යන්න යනුවෙන් හතර පස් වතාවක්ම පැවසූ බැවින් අපි මඳක් රැුඳුනෙමු. මේ මොහොතේ ඒ මහතා මීටිමක බැවින් මඳක් රැුදී සිටින්නට දැන්වූ බැවින්ද, වේලාව අපේ දානයට සුදුසු වේලාව බැවින්ද, මීටිම අවසන් වනතුරු අපි දානේ ටිකක් අරගෙන එන්නම් කියා, ඒ ආසන්නයේ පිහිටි තවලම්තැන්න කඩපළට ගියෙමු. දානය හමාරකොට පෙරළා කාර්යාලයට පැමිණියෙමු. දැන් වේලාව මධ්‍යහන 12.30ට පමණ ඇත. අපි කෝවිලේ කාර්යාලයේ රැුදී සිටියෙමු. මා ඉදිරිපස වාඩි වී සිටි තරුණයාගෙන් ගිලන්පස ද ලැබිණි. තවත්  මඳ වේලාවක් ගෙවිණි. මා ඉදිරිපස සිටි තරුණයා දොරටුව දෙස බලා නැගී සිටියේය. මමද එදෙස හැරී බැලිමි. ඒ අපට උදේ මුණගැසුණු මහතාය. ඔහු මා ඉදිරිපස පුටුවේ වාඩි විය.


අපි මේ රම්බාඩගල්ලේ ඉඳලා රම්බොඩ ආවේ. අර අම33රදත්ත. මම අමරමෝලි මම අමරදත්ත මහතාට අත දිගු කරමින් කීවෙමි.


රම්බොඩගල්ල හා රම්බොඩ. අමරදත්ත හා අමරමෝලි මේ වචන අසා ඒ මහතා ලොකුවට සිනාසුනේය.


අපේ ලොකු හාමුදුරුවෝ 1988 දි, ඉන්දුනිසියාවේ ජාකර්තා නුවර ඇක්සිඩන්ට් එකක් වෙලා අපවත් වුණේ. ඉතින් අපි පන්සලේ වැඩ භාරගෙන කි‍්‍රයාකරන කොට 2001 දි ඇෆ්ඝනිස්ථානයේ බාමියන් ප‍්‍රතිමා විනාශය නිසා, අපේ දායක පිරිසට අවශ්‍ය වෙලා තියෙනවා. කළු ගලෙන්ම පිළිමයක් කරන්න. අපේ පන්සලේ කළුගල් තියෙනවා. ඒත් ශිල්පියෙක් තමයි නැත්තේ. අපි මේ ආවේ මේ පිළිම හදාපු ශිල්පියා කවුද කියලා දැනගන්න.


මෙවිට ශිල්පියා ගැන මොකුත් නොකියු ඔහු අහනවා, කොච්චර උස පිළිමයක්ද කරන්නේ
මම කිව්වා අඩි 50ක් විතර


වහාම පුටුව පසෙ25_SLTK_P_4කට ලා නැගීසිට විස්මයෙන් මෙන් ඇස් ලොකුවට ඇරගෙන දුර බලා ඔළුවේ අත ගසාගෙන ඔහු කියනවා.
මයි ගෝඞ්    ආඬවනේ


මඳ වේලාවකින් අත පහත දමමින්....... නෑ. මම ස්වාමින් වහන්සේට ෆුල් සපෝට් යනුවෙන් දෙවරක්ම පවසා හෙමින් පුටුවේ වාඩිවිය.


මම අද හවස මැඞ්රාස් යනවා. මේ ශිල්පියාගේ ගෙදර තියෙන්නේ මැඞ්රාස්වල. නමුත් ඔහු නිතර ගෙදර නෑ. ඇමෙරිකාවෙත් දහදොළොස්පළක වැඩ. ලන්ඩන්, බැංකොක්, මැලේසියාවලත් ඒ මහතාගේ වැඩපොළවල්. ඉන්දියාවෙත් නොයෙක් තැන වැඩකරනවා. ශිල්පියෝ හත් අටසීයක් මෙයාට ඉන්නවා. මම අද මැඞ්රාස් ගියාම බලන්නම් මේ ශිල්පියා මුණ ගැහෙන්න පුළුවන්ද කියලා. පුළුවන් නම් මම මෙහෙට ටෙලිෆෝන් කරනවා. හාමුදුරුවන්ට පුළුවන්ද වීසා ටිකට් හදාගෙන එන්න.
සිතන්නට වේලාවක් නොවීය.
එක්වරම පුළුවන් කියැවිණි.
ඔහු දෙවරක් කතා කළේ නැත.
වහාම ඔහුත් අමරදන්ත දෙසට හැරී මේ ස්වාමින්වහන්සේට වීසා ටිකට් හදාගන්න උදව්කරන්න යැයි පැවසීය.


අපගේ පිළිම නෙළිමේ කාර්යය සාර්ථක වන බව තේරුම් ගත් අපි ආපසු පැමිණියෙමු. අපට රම්බොඩදී මුණගැසී අප යා යුතු මග හෙළිපෙහෙළි කළ ඒ උත්තමයා උපතින් හින්දු භක්තිකයෙකු මෙන්ම, ඉන්දියානු ජාතිකයෙකු වූ ඞී. ඊශ්වරන් මහතාය. පිළිම නෙළීමේ කාර්යයේ දී ඔහු අපගේ ඉටු දෙවියා විය.
මොණරාගල විහාරස්ථානයේ විහාරාධිපති, එගොඩමුල්ලේ අමරමෝලි නා හිමිපාණන්වහන්සේ, ඊශ්වරන් මහතා සමඟ කතා කළේ අඩි 50ක් උස පිළිමයක් නෙළීම සඳහා වුවත්, පසුව ඒ ප‍්‍රමාණය වෙනස් විය. පළමුව ගල මැන බැලූ ස්ථාපති මහතා, අඩි 50ක උස පිළිමයක් නෙළීම සඳහා ඉන්දියානු රුපියල් දශලක්ෂ දහයක් පමණ වියදම් වේ යැයි පැවසීය.


මේ නිර්මාණ ශිල්පියා පාරම්පරික මූර්ති ශිල්පියෙකි. ඊශ්වරන් මහතා කියයි. ගඩලාදෙණිය විහාර කර්මාන්තය කිරීම සඳහා ඒ යුගයේ තමන්ගේ පරම්පරාවේ ශිල්පීන් ලංකාවට පැමිණි බව ඔහු නා හිමි සමඟ පවසා ඇත.


ලංකාවේ දැනට ඉතිරිව ඇති ශෛලමය ප‍්‍රතිමා අතර අවුකන පිළිමය අඩි 37.10 වන අතර මාළිගාවිල පිළිමය අඩි 45.
නාහිමියන්ගේ පැහැදිලි කිරීමට ස්ථාපති මහතා පිළිතුරු දෙයි.


මේ පිළිමවහන්සේලාට වඩා උස පිිළිම වහන්සේලා බාමියන් පිළිම අතරේ තිබෙන්නට ඇති බවත්, ඒ නිසා මුළු ලෝකයට මෙතෙක් නිර්මාණය නොවූ තරමේ උසකින්, එනම් අඩි 67.5ක් උසට පිළිමය නෙළීමේ කාර්යය කළ යුතු බවත් ය. ඒ කතාවට අනුව ලොව මෙතෙක් ඉදිවන විශාලතම ශෛලමය සමාධි ප‍්‍රතිමාවහන්සේ පිහිටවනු ලබන්නේ මොණරාගල විහාරස්ථානයේ බව තීරණය විය. ඒ සඳහා යන වියදම ඉන්දියානු රුපියල් දශලක්ෂ 5.3කි.


මෙම පිළිමය නෙළීමට පෙර ස්ථාපති මහතා සහ ඔහුගේ ගෝල බාලයින් බුද්ධ ප‍්‍රතිමාවක් නිර්මාණය කර නැත. ඔවුන් නිර්මාණය කළේ බැතිමතුන් සඳහා දේවරූප පමණි.


මේ මවිසින් නිර්මාණය කරනු ලබන එකම සහ අවසන් බුද්ධ ප‍්‍රතිමාවයි. එහි මාගේ කලා කෞශල්‍ය උපරිම අයුරින් ප‍්‍රදානය කිරීම මගේ ද අභිප‍්‍රාය යි.
ඞී. ස්ථාපති මහතා
පිළිමය නෙළීම සඳහා තෝරා ගත් ගල වෙත ළඟාවීමට විහාරයේ සිට මද දුරක් ගල් තලාවක් නගිමින් ආ යුතුය. මෙම ගල් පිළිමය නෙළීම සඳහාම ස්වභාව ධර්මයා විසින් නිර්මාණය කරන්නට ඇතැයි සිතේ. ග‍්‍රැනයිට් වර්ගයට අයත් සුදු පැහැති කළුගල් පර්වතයේ හෙමින් හෙමින් මතු වන බුදු බඳ අන්‍ය ආගමිකයෙකු තුළ වුවද මතු කළේ විස්මය දනවන හැඟීමකි. නෙළීමේ කටයුතු කරගෙන යන අතරතුර, පොළොව යටට තවත් අඩි 17 ක් පමණ ශුද්ධ කරන්නට සිදුවිය. (ඒ අනුව ගල ටිකෙන් - ටික අඩි 40 ක පමණ ප‍්‍රදේශයක් පස්සට ද කඩන ලදී.)


ඉන්දියාවේ මදුරෙයි, වෙල්ලෝරා, කාංචිපුරම් යන ගම්වලින් අවුරුදු 12 ට පෙර මෙහි පැමිණි මේ නිර්මාණ ශිල්පීන්, වැඩ කටයුතු ආරම්භ කරන්නේ පෙරවරු 6.30 ට පමණය. උදෑසන අවදිව දිය නා, ආගම අදහා, නළලත  කොකුම් තබා, හිසේ ජටාවක් බැඳගෙන ආරම්භ කරන මේ කටයුත්තේ දී ඔවුහු ධ්‍යානයකට සම වැදුනා බඳුය.


ප‍්‍රධාන ශිල්පි ස්ථාපති මහතාගේ ගණන් මිනුම් අනුව එක් ශිල්පියෙකු ගල කැඩු අතර අනෙක් ශිල්පීහු ගල් කටුවත් - මිටියත් උදව් කරගෙන ඒ කැඩූ කොටස නිමහම් කරති.


තමන් වැඩ කරන සියdjලූම ආයුධ දෙවියන්ට භාරදීම ඔවුන්ගේ පුරුද්දකි. වැඩ කරන පින් බිමේ ගසක කොළයක් කැඞීම, බිමට කෙළ ගැසීම ඔවුන් අතින් කිසිදා සිදු නොවුනි.


2002 සැප්තැම්බර් 13 වැනි දා පළමුව ම පිළිමය නෙළීමේ කාර්යයට අත ගසන ලදී.


නෙළීමේ කාර්යයේ දී ශිල්පීහු කණ්ඩායම් තුනක් ලෙස කොටස් වී සිටියහ. ස්ථාපති මහතා කැන්දාගෙන ආ පළමු කණ්ඩායම කළේ  පිළිමය නෙළීමේ කාර්යයට අවශ්‍ය පරිදි ගල කඩා පසුබිම සකස් කිරීමයි.


ඔවුන් ගිය පසු යෝගනාදන් මහතා යටතේ දෙවැනි කණ්ඩායම පැමිණියේය.


මෙම අවධියේ දී පිළිමයේ මුහුණ තරමක වටකුරු හැඩයකට ආ බවත්, තමන් වහන්සේට එම හැඩය වෙනස් කිරීම සඳහා යම් යම් ප‍්‍රතිසංස්කරණ කරන්නට සිදුවූ බවත් නායක හාමුදුරුවන්ගේ මතකයයි. (කර්තෘ සම්මුඛ සාකච්ඡුා 14-4-15) පොළොන්නරුව වටදාගෙයි පිළිමයෙහි අනුරුව පිළිබඳව තමන්වහන්සේ දැඩි ලෙස අවධාරණයෙන් හා සුපරික්ෂාවෙන් සිටි බව ද උන්වහන්සේ පවසති.


තෙවැනි කණ්ඩායම වූ මුරුගන් මහතාගේ පැමිණීමත් සමඟ අවසන් ප‍්‍රතිඵලය ගැන තිබූ සියලූ සියුම් විචිකිච්ඡුා ඉවත්විය. සිත් පිත් නැති කළු ගලකට ජීවය කවා, සතර බ‍්‍රහ්ම විහරණය ඉන් මතුකොට, ලෝකයාට නිවන් සැප හදාදීමේ උත්තම කාර්යය වූ බුදුබඳ මතුකොට නිමා කිරීම, උන්වහන්සේගේ පරම පවිත‍්‍ර චේතනාව විය.


ශ‍්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරිය ලෙස සේවය කළ කාලයේ දී, නිරූපමා රාවෝ මැතිණිය තම රටින් මෙහි පැමිණ විස්කම් පාන ස්ථාපති මහතාගේ දක්ෂතා දැක බලා ගැනීමට දිනක් මොණරාගල විහාරයට පැමිණියාය. ඉදිවෙමින් පවතින සමාධි පිළිමයත්, ශිල්පියාගේ දක්ෂතා ද සිය ඇසින් දැක බලා සතුටුව, පිළිමය නෙළීමේ කාර්යය සඳහා රුපියල් ලක්ෂ විසිපහක (25* මුදලක් පරිත්‍යාග කළාය. එවැනි විශාල මුදලක් ඒ වන විට ලැබී නොතිබිණි. එතුමිය ද හින්දු භක්තිකයෙකි.


පසුව 2004 වසරේ දී ජපානයේ තනාකා මෙහෙණියගෙන් ලක්ෂ පහක මුදලක් ද, 2008 දී ලංකාවේ ප‍්‍රකට ව්‍යාපාරිකයෙකු වන නන්දදාස රාජපක්ෂ මහතා මගින් රුපියල් ලක්ෂ 30ක් පමණ ද, සෙල් පිළිම ගිණුමට ලැබිණි.


ප‍්‍රතිමාවක් නෙළීමට පළමුව ශිල්පීහු එහි ප‍්‍රමාණය පිළිබඳ නිගමනයකට බසිති. බුදු සිරුර නිමාවන්නේ නිග්‍රෝධ පරිමණ්ඩල කාය යන සංකල්පයකට අනුවය. නුග ගසක වැඞීම සිදුවන්නේ එහි උසට සරිලන පරිදි කඳ ද තිරස්ව පැතිර යාමෙනි. මථුරා කෞතුගාරයේ ඇති ජාම්පුර් හිඳි පිළිමය හා සාරානාත් හිඳී පිළිමය මේ ලක්ෂණය මනාව ප‍්‍රකට කරයි. මුර්ති ශිල්පීහු බුදු සිරුරේ උස මහත අත් පා ආදිය නෙළීමේ දී මේ ක‍්‍රමය අනුගමනය කරති. අනුරාධපුර සමාධි ප‍්‍රතිමාව උස අඩි 7 අඟල් 6 ක් වන අතර දෙදණ අතර සීමාව ද 7.6 ක් වේ. ඉන් අදහස් වන පරිදි මොණරාගල සමාධි පිළිමයේ උස අඩි 67.5 ක් වන අතර දෙදණ අතර පරතරය අඩි 67.5 ක් වන බවය. උසේ තරමට, පළල බුද්ධ ප‍්‍රතිමාවල ලාංඡුන ලක්ෂණයට ද වැදගත් තැනක් දී ඇත. ඉන් සිදුවන්නේ බුදු සිරුරේ අත්ල හා පාද දෑලක ආකාරයෙන් නිර්මාණය වී තිබීමය. මෙහිදී අපට නරසීහ ගාථා සිහිපත් වේ. යශෝදරා දේවිය රාහුල කුමාරයාට තම පියා හඳුන්වා දී ඇත්තේ බුදු සිරුරේ කායික ලක්ෂණ විස්තර කර දීමෙනි. බුදු පිළිමයේ අධ්‍යාත්මික ප‍්‍රභාව නිරුත්සාහයෙන්ම ප‍්‍රකට වන්නේ මේ බාහිර අංග ලක්ෂණ අනුවය.


මදක් දිගටි මුහුණකින් හා ලම්බකර්ණ, උරහිස තෙක් දිග කන් ද සහිත මෙම පිළිමයේ හිස අක් බඹරු වී ගොස්, මුදුන උස් වූ ආකාරයට නෙළා ඇත. දකුණු උරහිස නිරාවරණය වන පරිදි සිවුර නිමවා ඇති අතර ඉන් වම් ඌර්ධව බාහුව ද වැසී ඇත. සිවුරේ රැුළි මනාව චාම් මටසිලූටු ගතියක් ප‍්‍රකාශ වන අයුරින් සිවුර ඇඟටම ඇලී සිටින ආකාරයටත් පෙන්නුම් කරයි.


2015.4.14 වැනි දින වන විටත් මුහුණේ, නළළේ උර්ණ රෝම ධාතුව සළකුණු කර නොතිබුණත්, ඒ ගැන තවමත් තීරණය සීමිත සාකච්ඡුාමය තත්ත්වයකින් පවතින බව අමරමෝලි නාහිමියෝ පැවසුහ.


28.4.15 වැනි දින සපැමිණෙන ප‍්‍රධාන මුර්ති ශිල්පියාගේ විධිවිධාන ප‍්‍රකාර, පූසාරින් විසින් පැය 5 ක් පමණ ස්ත්‍රෝත‍්‍රකර සිදු කරනු ලබන පැන් අභිෂේකයකින් පසුව, නේත‍්‍රා ප‍්‍රතිෂ්ඨාපනය තීන්දුයි.


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »