සෙන්ටාරා සී සෑන්ඩ් රිසෝට් ඇන්ඩ් ස්පා බෙන්තොට .

2015-05-17 11:34:00       687
feature-top
බෙන්තොට ගඟට මායිම්ව ඉදිවුණු සුන්දර නිවාඩු නිකේතනයක සමාරම්භය පසුගිය දා ජනාධිපතිවරයාගේ අතින් සිදු විය. තායිලන්ත‍යේ සෙන්ටාරා හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් හා මෙරට සමාගමක් වන සොෆ්ට්ලොජික් හෝල්ඩින්ස් එකමුතුවෙන් ආරම්භ කෙරූ මෙම සෙන්ටාරා සී සෑන්ඩ් රිසෝට් ඇන්ඩ් ස්පා ඇත්ත වශයෙන්ම සුන්දරත්වයෙන් අනූන නිවාඩු නිකේතනයකි.

කලපුවටත් මුහුදටත් මැදිව පිහිටි සෙන්ටාරා සී සෑන්ඩ් රිසෝට් ඇන්ඩ් ස්පා වෙත ලඟාවීමට ඇත්තේ බෝට්ටුවකිනි. තරු පහේ හෝටලයක ඇති සෑම සුවපහසුකමක්ම දක්නට ලැබෙන මෙම නිවාඩු නිකේතනයේ කාමර පහසුකම් 165 කින් සමන්විතය.ජාත්‍යන්තර ආහාර පාන,දේශීය ආහාර පාන සහ තවත් බොහෝ රුචිකත්වයන් මෙහිදී රස විඳීමේ හැකියාව තිබේ. දේශීය තේ රසයට ප්‍රිය කරන විදේශිකයන් සහ ස්වදේශිකයන් වෙනුවෙන්ම නිර්මානය කරන ලද තේ පැන් හලක්ද මෙහිදී  ඔබට හමුවෙයි.

තායිලන්ත සම්ප්‍රදායට අනුව පාලනය වන ස්පා ප්‍රතිකාර ක්‍රමය දේශීය සහ ඉන්දියානු ප්‍රතිකාර ක්‍රමයටත් ලබා දෙන්නට මෙන්ම ලොකු කුඩා දෙපිරිසට භාවිතා කළ හැකි පිහිනුම් තටාකාංගන ඔබේ විනෝදාස්වාදය ඉහළ දැමීමට සමත්ය.එපමණක් නොව ජල ක්‍රීඩා පහසුකම් රැසකින් සපිරි සෙන්ටාරා සී සෑන්ඩ් රිසෝට් ඇන්ඩ් ස්පා ඔබේ ජීවිතයේ අමතක නොවන සිහිවටනයන් සඳහා තෝරාගත හැකි සුදුසුම ස්ථානයකි. මංගල උත්වස,ප්‍රිය සම්භාෂණ,උපන්දින සාද,සුහද හමු වැනි සුවිශේෂි උත්සව සඳහා මෙහි ඇති ඉඩ පහසුකම් අනර්ඝය.

ඔබේ ජීවිතයේ විවේකයක් ලද විගස නිදහස් පරිසරයක ආශ්වාදය ලබන්නට සෙන්ටාරා සී සෑන්ඩ් රිසෝට් ඇන්ඩ් ස්පා වෙත පියනගන්න.

බෙන්තොටට එන ඔබට

බෙන්තොට දකුණු පළාතේ ගාලු දිස්ත්‍රික්කයේ පිහිටි සුන්දර වෙරළාසන්න නගරයකි. බෙන්තොට නගරය විදේශිකයන් අතර ජනප්‍රිය සංචාරක නගරයකි. පුරාණයේ පැවතගෙන එන ආකාරයට බෙන්තොට යන නාමය ලැබී ඇත්තේ බෙම් නම් යක්ෂයෙකු බෙන්තර ගගට අරක්‍ ගෙන සිටි නිසා බවට පැවසේ. තොට යන්න ගං ඉවුර යන අර්ථය ගෙන දෙයි.
බෙන්තර නගරය රෝග සුව කිරීමේ දේශීය ක්‍රමයක් වන ආයුර්වේදය සදහාද ප්‍රසිද්ධියක් උසුලයි. බෙන්තොට නගරය තුළ නිපදවෙන රා නැමැති මධ්‍යසාරය එහි ජනප්‍රිය පානයකි. සැළලිහිණි සංන්දේශයෙහිදී සැළලිහිණියාට තුන් වෙනි රැය බෙන්තොට වන වාසයේ ගතකිරීමට නියම කොට ඇත. බෙන්තොට වට කොට පුරාණ රජමහා විහාර සතරක් ඇති බව කියති. වනවාසය මින් එකකි.පුරාණ භාෂිතය වූ භීමතීර්ථය පසුව බෙම්තොට වී අනතුරුව බෙන්තොට වී ඇත. සමහරු බෙන්තර යැයි ව්‍යවහාර කරති.

කොළඹමාතර අධිවේගී මාර්ගය, දක්ෂිණ ලංකා අධිවේගි මාර්ගය නැතහොත් දක්ෂිණ අධිවේගිය ශ්‍රී ලංකාව තුළ ඉදිවූ පලමු E වර්ගයේ මාර්ගයයි.මෙය දිව යන්නේ ද ‍බෙන්තොට පසු කරමිනි.දකුණු පළාත ආරම්භය සහ බස්‌නාහිර පළාතේ අවසානය සටහන් වන බෙන්තොට ගංගා සුකොමළිය මෙරට වසර ගණනාවකට ඉහත කඩොලාන ආරම්භ වූ ප්‍රදේශයකි.
viharaya 1
ශ්‍රී ලංකාද්වීපය එක්සේසත් කළ දුටුගැමුණු මහා රාජයාණන්ගේ සොහොයුරු සද්ධාතිස්ස නරේන්ද්‍රයන් විසින් කරවන ලද්දක් යැයි ජනමතයේ සඳහන් වන බෙන්තොට ගලපාත පුරාණ රජ මහා විහාරය වූ කලි, දකුණු පළාතේ පිහිටා ඇති දිගු ඉතිහාසයක් ඇති සුප්‍රසිද්ධ පින්බිමකි. බුදුරදුන්ගේ තෘතීය මහා ශ්‍රාවකයන් වහන්සේ ලෙසින් පිදුම් ලැබූ මහා කාශ්‍යප මහරතන් වහන්සේගේ එක් දළදාවක් මෙම ස්ථානයේ වැඩම සිටින බව සඳහන් වීම මෙහි පූජනීය බව
රඳා පැවතීමට විශේෂ හේතුවක් වෙයි.

Assioan mirror



More News »