ඇල්ලේ ගොස් නිදැල්ලේ ඉන්න

2015-05-20 10:43:00       654
feature-top
නිවාඩු කාලය අවසන් වුවත් තවමත් ගෙවෙන්නේ උත්සව සමයයි. නෑදෑ හිතමිත්‍රාදීන් සමග විනෝද වූ ඔබට විවේකය තවත් සුන්දර ආකාරයෙන් ගත කිරීම සඳහා යා හැකි සුදුසු ම ස්ථානයක් ලෙස Ella Jungle Resort පෙන්වා දිය හැකි ය. එහි දී ඔබට අරුත්බර විවේක කාලයක් ගත කිරීමේ හැකියාව මෙන්ම සුවිශේෂි අත්දැකීම් රාශියකට මුහුණදීමේ අවකාශය උදාවෙයි.

 

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයයට අයත් මෙම හෝටලය කොළඹ සිට කිලෝමීටර් 210 ක් දුරින් පිහිටා තිබේ. බණ්ඩාරවෙළ නගරයේ සිට විනාඩි 30 ක වැනි ඉතා කෙටි කාලයකින් මෙම හෝටලය වෙත ගමන් ගමන් කළ හැකි ය.

 

ඇල්ල ප්‍රදේශයේ සුන්දරත්වයෙන් ඉහළ පරිසරයකට ආවෘත්ත ව සුවිශේෂි ස්ථානයක Ella Jungle Resort පිහිටා ඇති අතර මෙහි පැමිණෙන බොහෝ සංචාරකයෝ මෙහි ඇති වටපිටාව උපයෝගී කරගෙන භාවනා කිරීම සහ යෝගා කිරීමෙහි නිරත වෙති.

 

ඝණ වෘක්ෂවලින් ආවෘත වී ඇති හෙයින් දැඩි සිසිලසක් පරිසරය පුරාවට ඇති බැවින් එය ශරීරයට වෙසෙසින් දැනෙයි. ඒකාකාරී ව ජීවත්වන ඕනෑම කෙනෙකුට මෙම හෝටලයට යාමෙන් බොහෝ විනෝද වී ඒකාකාරී බවින් මිදීමේ හැකියාව උදා වෙයි.

 

මනහර පරිසරයක් සහිත මෙම හෝටලය ආසන්නයේ අති සුන්දර දිය ඇල්ලක් පිහිටා තිබේ. පරිසර හිතකාමි හෝටලයක්වන Ella Jungle Resort සියළු සහසුකම්වලින් යුක්ත වේ. එසේ ම නිස්කලංක නිදහස් පරිසරයක මෙය පිහිටා තිබේ.

 

කඳවුරු බැඳ දිවි ගෙවීම සඳහා අගනා පරිසරයක් ලෙස මෙම Ella Jungle Resort හැඳිවිය හැකි ය. ගල් පර්වත තරණය කිරීම, පරිසර සුන්දරත්වය විඳිමන් ඇවිදගෙන යාම, ඔරු පැදීම ආදි බොහෝ ක්‍රියාකාරකම් රැසක් අත්විඳීමට මෙහි යන සංචාරකයින්ට හැකි වෙයි.

 

පරිසර හිතකාමීත්වය ප්‍රමුඛත්වය ලබා දෙමින් නිර්මාණය කළ ලැගුම් ගැනීමේ ස්ථාන 12 ක් පවතී. සියළු නවාතැන් ගන්නා ස්ථාන නිර්මාණය කර ඇතිතේ ස්වභාදහමට අනුවර්තනයවන ආකාරයටවීම විශේෂතවයකි.

 

සංචාරකයින් 50 දෙනෙකුට පමණ එකවර මෙම හෝටලයේ නවතැන් ගැනීමේ හැකියාව පවතී. විවිධ වර්ගයේ ආහාර වර්ග මෙන්ම හුරු පුරුදු ආහාර වර්ග ද ඇණවුම් කර ලබාගත හැකි ය. ශ්‍රී ලංකාවට ආවේණික ආහාර වර්ග මෙන්ම එළවළු පමණක් ආහාරයට ගනු ලබන සංචාරකයින් කෙරෙහි ද අවධානය යොමු කරමින් ඔවුන්ට අවශ්‍ය සියළු ආහාර වර්ග සකස් කරදීමට මෙහි සේවක මණ්ඩලය කටයතු කරයි.

 

පිරිසිදු වාතාශ්‍රය, විනෝද ජනක ගමන් සඳහා සහභාගීවීමේ සුවිශේෂී අවස්ථාව මෙහි පැමැණෙන සංචාරකයින්ට උදාවෙයි. කඳු මත බයිසිකල් පැදීම, වෙල් යායවල ඇවිදීම වැනි සොඳුරු අත්දැකීම්වලට මුහුණදීම, මී පැණි ආහාරයට ගැනීමට ආදි බොහෝ ආගන්තුක දෑ ද අත්විඳීමේ හැකියාව මෙහි යන සංචාරකයින්ට ලැබෙන අගනා අවස්ථා ය.

ColomboWeek



More News »