අලි ගැවසෙන මායිමේ සුන්දර නිවාඩුවක්

2015-05-24 11:37:00       654
feature-top
නිදහසේ හිතන්න, නිදහස් සිතිවිලි සිත තුළට ගලා එන්න පූර්ණ අවකාශය සපයන අපූරු ස්ථාන රැසක් ශ්‍රී ලංකාවේ දක්නට ලැබේ. ඒ අතරින් නිවාඩුවක්, නිවාඩුවක් ලෙස ගත කිරීම සඳහා යා හැකි සුදුසු ම ස්ථානය Elephant Reach ලෙස පෙන්වා දිය හැකි ය.

 

කොළඹ සිට කිලෝ මීටර් 265 ක දුර ප්‍රමාණයක නුදුරින් පිහිටා ඇති මෙම හෝයලය මධු සමය ගත කිරීමට අපේක්ෂා කරන යුවළකට ද මනා ලෙස ගැළපෙන ස්ථානයක් ලෙස පෙන්වා දීමට පුළුවන.

 

අක්කර 05 ක භූමි ප්‍රදේශක විහිදී පවතින මෙම හෝටලයේ සියළු පහසුකම් සහිත කොටේජ 35 ක් ඇත. සේවක මණ්ඩලයේ සේවකයින් 60 දෙනෙක් සිටින අතර මෙහි පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙක් කිසිදු ගැවළුක් නොමැත.

 

පැය 24 පුරා විවෘත ව පවතින මෙම හෝටලයේ Yala Junction Kirinda, Tissamaharama,Yala යන ලිපිනයේ පිහිටා ඇත. යාල ප්‍රදේශයේ මේ වනවිට ඉදි වී ඇති හෝටල් අබිභවා ගිය පහසුකම් රැසක් Elephant Reach හි පවතික බව කිව යුතු ය.

 

මෙහි යන ඔබට කුරුල්ලන් නැරඹීමට විශේෂ තැනක් හිමිවන අතර බයිසිකල් පැදීම, සහ කඳු තරණය කිරීම, පයින් ගමන් කිරීම සහ ඡායරූපකරණයේ යෙදීම ආදී කදිම අවස්ථා රැසක් අත්විඳීමේ අවකාශයක් පවතී.

 

මේ වනවිට 3 star වර්ගයේ හෝටලයක්වන මෙම හෝටලය ඉදිරියේ දී 4star වර්ගයේ හෝටලයක් ලෙස දියුණු කිරීමට සැළසුම් කර තිබේ. 2015 වසර අවසාන වනවිට කාය වර්ධන මධ්‍යස්ථානයක්, සම්භාහන  මධ්‍යස්ථානයක් ඉදි කිරීමට යෝජිත ය.

 

පරිසර සුන්දරත්වය රිසි සේ විඳීමට හැකියාව පවතින අතර මෙම හෝටලයේ සිට යාල වනෝද්‍යානය වෙත සෆාරිවල නිරතවීමට අවශ්‍ය සියළු කටයුතු සැළසුම් කරදීමට මෙම හෝටලයේ කළමනාකාරීත්වය ක්‍රියා  කරයි.

 

Elephant Reach පවතින තවත් විශේෂත්යක් නම් එහි වැඩි වශයෙන් නවාතැන් ගෙන සිටින සංචාරකයින් සැළකිල්ලට ගනිමින් ඔවුන්ගේ ආහාර සකස් කිරීමයි. එසේ ම දේශීය විදේශීය ආහාර පාන ඇණවුම් කර ලබා ගත හැකි ය.

 

මෙම හෝටලයේ 09 වැනි සංවත්සරය පසුගිය දිනෙක අභිමානවත් අයුරින් සමරනු ලැබීය. එහි අධ්‍යක්ෂ මණ්ඩලය, සේවක පිරිස ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී වූ එම සංවත්සර උත්සවය ඉතා චාම් අයුරින් පැවැත් විය.

 

Elephant Reach හෝටලයේ ප්‍රධාන වෙනස නම් විශේෂ ආගන්තුක සත්කාරය හා සේවාව බව එම හෝටලයේ ප්‍රධාන විධායක නිලධාරී එෂාන් මෙන්ඩිස් මහතා සඳහන් කළේ ය.

 

පරිසර හිතකාමීත්වයට ප්‍රමුඛස්ථාන ලබා දෙමින් නිර්මාණය වූ ඉතා සුන්දර වටපිටාවක පිහිටා ඇති මෙම හෝටලය ලොව වැඩිම දිවි ගහනයකින් යුත් යැයි ප්‍රකට යාල ජාතික වනෝද්‍යානයට නුදුරින් පිහිටා තිබීම ද එහි සුවිශේෂීත්වය වර්ධනය කිරීමට සමත් සාධකයකි.

 

මෙම හෝටලයේ සුවිශේෂීම වෙනස වන්නේ ශ්‍රීලාංකීයත්ව සුරැකි ආගන්තුක සත්කාරයයි. එහි දී හෝටලයේ 60කට ආසන්න සේවක මණ්ඩලය එහි පිවිසෙන අමුත්තන්ට සේවය කරනුයේ ඉතා මිත්‍රශීලීව ය.

 

2006 වසරේ මාර්තු මස 29 වැනිදා ආරම්භ කළ Elephant Reach හෝටලය මේ වනවිට දෙස් විදෙස් සංචාරයකයින්ගේ සිත්ගත් සොඳුරු තොතැන්නකි.  

 

වසරකට 10,000 කට ආසන්න දෙස් විදෙස් සංචාරයකයින් මෙම හෝටලයේ සත්කාර ලබන අතර පිහිණුම් තටාක, බාර් හා රෙස්ටුරන්ට්, දෙස් විදෙස් ආහාර වර්ග, සෆාරි මාර්ගෝපදේශනය හා සවාරි සංවිධාන කිරීම ඇතුළු පහසුකම් සපයා ඇත.

 

ලංකා හොටෙල්ස් ඇන්ඩ් ට්‍රැවල්ස් සමාගම යටතේ කළමණාකරන කටයුතු මෙහෙයවන මෙම එළිෆන්ට් රීච් හෝටලයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස එෂාන් මෙන්ඩිස් මහතාද, කළමනාකරු ලෙස රෝහණ බණ්ඩාර මහතා ද ප්‍රධාන සූපවේදී ලෙස පද්මසිරි හෙට්ටිආරච්චි මහතාද කටයුතු කරයි.

olombo week


More News »