රොබට් නොක්ස් සහ ලන්දේසීන් රඳවා සිටි ඇකිරියගල සොයා ගිය ගමන

2015-05-28 10:31:00       652
feature-top
රොබට් නොක්ස් නම් ඉංග‍්‍රීසි ජාතික සිරකරුවා වසර 19 මාස 6 දින 18ක් ලංකාවේ සිරවී සිටි කාලය තුළ ජීවිතය ගෙවූ ගම්බිම් සොයා ගිය මෙම ගමනේදී මෙම ඉංග‍්‍රීසි ජාතිකයා ලංකාවේ සිරකරුවකු බවට පත්වූයේ මන්දැයි සොයා බැලීමේදී ඔහුගේ වචනවලින්ම සටහන් තබා ඇති අයුරින්ම කිවහොත් කොට්ටියාරමේදී නැව අලූත්වැඩියාකර ගැනීමට ගොඩබට අවස්ථාවේ දී තෙන්නකෝන් නම් දිසාවේගේ අත්අඩංගුවට පත්වී ඇත.
 

1
කොට්ටියාරමේ සිට සැතපුම් දොළහක් ඔබ්බට කිලිවෙඞ්ඩි නම් ස්ථානයේ අල්ලෙයි වැව අසල තෙන්නකෝන් දිසාවේගේ මැඳුර පිහිටා තිබී ඇත. තම පියා ඇතුළු සගයන් දහසය දෙනකු එම මැදුරට ගෙනැවිත් රඳවා තබාගත් බව නොක්ස් ප‍්‍රකාශ කරයි.


ෂෂ වෙනි රාජසිංහ රජු එවකට කන්ද උඩරට පාලකයා වශයෙන් සිටි බව නොක්ස්ගේ කතා පුවතෙන් හෙළිවෙයි. රජු ප‍්‍රතිකාල් සෙනවියකුට, ඇතෙකු සහ තවත් තෑගි බෝග පිරිනමා ඇති අතර, දිගු ද මේලෝ සෙනවියා එම ඇතු පැහැරගත් බව රජුට දැනගැනීමට ලැබීමෙන් පසු තවත් ඇතකු තෑගි කළේය. දිගුද මේලෝ සෙනවියා අශ්වයන් වෙළෙඳාම සඳහා කන්ද උඩරටට එවූ අශ්වයන් දෙදෙනා රජු විසින් පැහැර ගනු ලැබ ඇත. ඇතු එවන්නේ නම් අශ්වයන් දෙදෙනා දෙන බව රජු දන්වා යවා ඇත.


කෝපයට පත් මේලෝ මහ සෙනඟක් රැගෙන මහනුවර බලා පිටත්විය. රාජසිංහ රජු නිල්ලඹ දක්වා පසු බැසීය. නුවර වනසා ගන්නෝරුවට පැමිණි සේනාව සිංහල සේනාව අතින් විනාශ විය. මේ ගන්නෝරු සටනේ එය එසේ සිදුවීය යන්න සඳහන් කරයි.


මෙම ඇත්, අස් පැහැර ගැනීම හා වෙළෙඳාම හේතුවෙන් ඇතිවූ අරගලය සඳහා රජු බතාවියෙන් ලන්දේසීන් ගෙන්වා ප‍්‍රතිකාලූන් රටෙන් බැහැර කිරීම සඳහා රජු ගිවිසුමකට එළඹ ඇත. ලන්දේසීන් මුහුදෙන් පහර දෙනවිට රජුගේ සිංහල සේනාව ගොඩබිමින් පහර දී ප‍්‍රතිකාලූන් පන්නා දමා ඇත. එහෙත් ගිවිසගත් පරිදි රජු යුද්ධයට වියදම් කළත් අත්පත්කරගත් බලකොටු රජුට බාරදීම නොකළ හෙයින් යළිත් ඔවුහු ද සතුරු වූහ.


මේ අවධිය වන විට සුදුහම ඇති සෑම පිටරැුටියෙක්ම කෙරෙහි රජු අවිශ්වාසයෙන් සිටි අතරතුර නැවේ. කුඹගස කැඞී අලූත් කුඹගසක් සාදා ගැනීමට කොට්ටියාරමට ගොඩබට පිරිස රජු යටතේ තිබූ කොට්ටියාරම් වෙරළේදී අත්අඩංගුවට පත්වන්නේ නොක්ස් කියන පරිදි තෙන්නකෝන් දිසාවේටය. අප මා පියා සමග එනම්, කපිතාන් රොබට් නොක්ස්, පුත‍්‍ර රොබට් නොක්ස්, ජොන්ලව්ලන්සි, ජෝන් ග්‍රෙගරි, චාල්ස් බස්රසි, ස්ටීවන් රට්ලන්සි, නිකලස් මුලින්ස්, ජොර්ජ් ගෝල්ඞ් ෆැන්සිස් ක‍්‍රිච්, ජෝන්බේරි, රැල්ෆ්නයිට්, පීටර්වින්, විලියම් හර්බර්ඞ් ආතර් එමරි, රිචඞ් වර්න්හැම් හා ජොර්ජ්ස්මිත් සමග නීග්‍රෝජාතික කල්ලා නැමති කොලූවායි.
5

ලියනගේ වත්ත රාජසිංහ රජුගේ ලැගුම් ගේ තිබූ තැන

 


දිසාවේගේ සමග අදහස් හුවමාරුවෙන් පසු අපි සිරකරුවන් බවට පත්විමු. එයින් පසු සියලූ දෙනා රටේ නොයෙක් තැන්වලට විසුරුවා හැරිය අතර මාත් පියාත් කල්ලා නැමති කොලූවාත් බන්ඩාර කොස්වත්තේ පදිංචියට ගෙනයන ලදහ. 1660, අපේ‍්‍රල් 4 දින. සිරකරුවන් වූ ඔවුන් ගෙන් කපිතාන් නොක්ස් 1661 පෙබරවාරි 9 දින බන්ඩාර කොස්වත්තේ දී මිය ගියේය.


බන්ඩාර කොස්වත්ත යනු රාජකීය කොස්වත්තයි. මෙය වර්තමානයේ සරුසාර පොල් ඉඩමකි. කුරුණෑගල සිට හලාවත මාර්ගයේ සැතපුම් විසිපහක් පමණ ගිය පසු පරංගි වත්ත යනුවෙන් හඳුන්වන නමුත් කිසිම සිහිවටනයක් නොමැතිවීම කනගාටුවට කරුණකි. වසර හතරකට අධික කාලයක් බන්ඩාර කොස්වත්තේ සිටි නොක්ස් 16616_PAGE_3_RASA4දී රාජසිංහ රජතුමා විසින් සියලූ දෙනා කන්දේ නුවරට කැඳවනු ලැබ ඇත්තෝය. කන්දේ නුවර වූයේ නිල්ලඹ රජුගේ මාලිගාවයි. රජුගේ නියෝගයක් ලැබෙනතුරු කන්දේ නුවර රැුඳී සිටින අතර රජුට විරුද්ධව කැරැුල්ලක් ඇතිවූ බව ඔහු ප‍්‍රකාශ කරයි. රජු සැඟවී පලාගිය බවත් කැරලිකරුවන් මාලිගාව කොල්ලකෑ බවත් සතියකින් පසු රජු පැමිණ කැරලිකරුවන් පලවා හැර නැවතත් බලය අල්ලාගත් බවත් ප‍්‍රකාශ කරයි. (රජුගේ මෙම කථා පුවත සිංහල මහාවංශයේද සඳහන් වේ)


මෙයින් පසු ඔවුන් සියලූ දෙනා නැවතත් විසුරුවා හැරගිය අතර නොක්ස්ට මෙවර පදිංචියට යෑමට සිදු වූයේ හඳපාන් දුනුවේ අකරගල්ල ප‍්‍රදේශයටයි. නොක්ස් කියන පරිදි එය ඉතා සැපදායි ප‍්‍රදේශයක් බවත් එය කඳුහෙල් ඇළදොළ ආදිය දිය ඇළි වලින් සපිරි මනහර ප‍්‍රදේශයක් වුවද එකම කරදරය වූයේ ලේ උරාබොන කූඩැල්ලන් බවයි. හඳපාන් දුනුව සොයා යාම දුෂ්කර කාර්යයක්. කෑගල්ල ප‍්‍රදේශයේ අරන්දර ගමේ ඇවිද නොක්ස් පිළිබඳව සෙවුවත් කිසිම තොරතුරක් දැන ගැනීමට දන්නා කිසිවකු සොයා ගැනීමට නැත. අකරගල්ල ගම කීවත් එහි දන්නා අයෙක් නොවීය. අවසානයේ ඇකිරියගලට ගොස් විද්‍යා නිවාස පිරිවෙනේ විහාරාධිපති මහාචාර්ය ඇකිරියගල නන්දහිමියන් බැහැදුටුවෙමි. උන්වහන්සේගෙන් මේ පිළිබඳව විමසුවිට ප‍්‍රකාශ කළේ ඔව් එහෙම කෙනෙක් මේ ගමේ ඉඳලා තිබෙනවා මගේ නායක හාRASAWITHA_P_3.qxdමුදුරුවෝ කියනවා අහලා තියෙනවා උන්වහන්සේ දන්නා තොරතුරු පවසමින් ඔය ගැන හරියටම විස්තර දන්න කෙනෙක් ඉන්නවා කියා පන්සලේ ඇබිත්ත මාමාට කථාකර ආනන්ද මහත්තයා සොයාගෙන එනලෙස කියා පිටත්කර හැරියේය. උන්වහන්සේ පැහැදිලි කර දුන්නේ හඳපාන් දුනුව යනු හතර කෝරළයේ එක කෝරළයක් වන පරණ කුරුකෝරළයේ මාවත පත්තුවේ දික්කොහුපිටිය ග‍්‍රාමය එම ගම් පියස බවයි.


ආනන්ද මහතා මා කැඳවා ගෙන ගියේ නොක්ස් රඳවා සිටි ඔහු විසින්ම නිවසක් සාදාගනු ලැබ ජීවත්වූ ලියනගේ වත්ත නැමති ස්ථානයටයි. ලියනගේ වත්ත වශයෙන් හඳුන්වන්නේ නොක්ස් විසින් යම් යම් දෑ ලියනු ලබන නිසා බව ආනන්ද මහතා ප‍්‍රකාශ කරයි. එදා නොක්ස්ගේ නිවස සාදාගෙන සිටි ඉඩම අයිති රාජපක්‍ෂ මහතා පදිංචිව සිටින්නේ අසල නිවසකයි. ආනන්ද මහතා ගොස් ඉඩම හිමිකරු කැඳවාගෙන පැමිණි පසු දෙදෙනාම නොක්ස් ගැන තොරතුරු කියන්නට පටන් ගත්හ. දැන් මා සිටින්නේ රොබට් නොක්ස් සමග කතා කරනවා හා සමාන සංවාදයකයි. ආනන්ද මහතා ගමේ ඉතිහාසය පිළිබඳව වඩාත් විස්තර මතකයේ ඇති අයෙකි.


දැනට වසර විස්සකට පමණ පෙර නිවසේ පාදම හොඳින් තිබුණ බවත් ගල් ගලවාගෙන ප‍්‍රයෝජන ගත් බවත් කී ඔහු ඉතිරිව තිබූ ගල්ටික පෙන්වීය. මිනිසුන් දෙතුන් දෙනකු වත් ඉසිලිය යුතු තරමක් විශාල ගල් අත්තිවාරමට යොදා ඇති අතර එය පොළොවේ අඩක් පමණ යටට තිබෙන බව පෙනී යයි. අඩකවයක පවුරක් මෙන් තිබෙන්නට ඇති බව ඈතින් ඈත තිබෙන පාදමේ ගල් සම්බන්ධ කළහොත් එය සිතාගත හැකිය. එක ළඟ ගල් තුනක් තිබෙන අතර, දෙපසින් ද ඒ අන්දමින් ගල් වළලා අති බව පෙනේ. රාජපක්‍ෂ මහතා කියන පරිදි නොක්ස් ගෙය සාදා තිබෙන්නේ ගල්මත ලී දඬු තබා වේයන්ගෙන් සහ වෙනත් සතුන්ගෙන් ආරක්‍ෂා වෙන ආකාරයටය.
66

හීල්බත්දෙණිය වලව්ව

 


ඔහුගේ මුත්තා ළඟ නොක්ස් විසින් නිවස සෑදීමට අඳින ලද සැලැස්ම තිබී තමා එය රැුගෙන තියාගත් නමුත් එවකට සිටි දිසාපතිතුමා පැමිණ ඡුායාරූපයක් ගත් බවත්, කාලයාගේ ඇවෑමෙන් එම සැලැස්ම දිරාපත්වී ඇති අතර, පොඩි කොටසක් හෝ මා වෙත පෙන්වීමට ඇද්දැයි සොයා බැලූවත් එම උත්සාහය නිෂ්ඵල විය. මා ඔහුට ප‍්‍රකාශ කළේ ගල්ගලවා ප‍්‍රයෝජනයට ගැනීම අනුවන ක‍්‍රියාවක් බවයි. එයට දැන් එතුමා කනගාටු වෙයි. තිබෙන ගල්පාදමේ ඉතිරිවූ නටබුන් කොටස හෝ ආරක්‍ෂාකර තබාගන්නා ලෙස ඉල්ලා සිටියා. අකරගල්ලේ නොක්ස් ඉතිහාසයේ අපට ලබාගත හැකි තොරතුරු සාදක බොහෝය. වසර ගණනාවක් සිරකරුවකු වශයෙන් සිටි ඔහුගේ ජීවිතය අළලා ලියනලද පොත ඔහු එංගලන්තයට ගොස් මතකයෙන් ලියාතබා නොමැති බවයි හැෙඟන්නේ, රාජපක්‍ෂ මහතා සඳහන් කරන්නේ කටු පෑනෙන් නිවසේ සැලැස්ම ඇද තිබූ බවත් ලියනගේ වත්ත වූයේ රොබට්නොක්ස් ලියමින් සිටි හෙයින් නිසා බවත්ය. ඒ අනුව වසර දහනවයක් සිටි සිරකරු අපගේ මව්බිමේ. හෙළසිරිත් විරිත්, ආහාර පාන ගතිපැවතුම්, බෙහෙත් හේත්, රජතුමාගේ පාලනකාලයේ තොරතුරු මේ සියල්ලම ඔහු සටහන් කර තබාගත්තාට සැක නැත.

98989
මෙම කරුණු හෙළිවූයේ තිබ්බටුමුණුවේ ආරච්චිලාගේ පුංචිරාල අත්තාගේ අත්තාගෙන් කියා තිබූ නිසා බව නීලක්කන්දේ මුදියන්සේලාගේ රාජපක්‍ෂ මහතා නොක්ස් නිවෙසේ ගල්පාදමේ මත සිට ප‍්‍රකාශ කිරීමෙනුයි. මෙම නිවෙස තිබූ ස්ථානයේ සිට බැලූවිට නොක්ස් කියන අන්දමින්ම සුන්දර ගම්මානයකි. ඔහුගේ නිවසට පහළින් ඇත්තේ සරුසාර පොල් ඉඩමකි. ආනන්ද මහතා ප‍්‍රකාශකරන්නේ එම ඉඩම රජදවස කොනප්පු බන්ඩාරගේ වත්ත බවත් දැනටත් කොනප්පු වත්ත වශයෙන් හඳුන්වන බවත්ය.


මහාචාර්ය නන්දහිමියන් හඳුන්වා දුන් ආනන්ද මහතා ඇකිරියගල ගමේ ඉතිහාස ගබඩාවකි. ඔහුගේ නම හිල්පත්දෙනියේ ආනන්ද තිස්ස බන්ඩාරය. ඇකිරියගල නින්දගම ඔවුන් සතුව ඇත. හීල්බත්දෙණියේ වාසගමක් මානියම් ගම් හැටක් නින්දගම සහ සෑම කුඹුරකම ඉස්මත්තේ ඇති වී අටුවෙන් භාගයක් ගොවියාටත්, භාගයක් හීල්බත්දෙනියේ ගෙදර බන්ඩාරලාටත් දීමට රජු අණකර ඇත. රජු සීමා මායිම් ඉරහඳ කොටා සලකුණු කර ඇති බව ද පෙන්වා සිටියේ ආනන්ද මහතායි. අවට ඇති කඳු, ගම්, රජුගේ ආභාසය ලබා ඇති ස්ථානයන්ය. මල්වත්තා පිටිය කන්ද. රාජකීය මල්වත්ත බව ප‍්‍රකාශ වේ. විශාල අරලියගස් තිබූ බවත් ජනාවාස වීමත් සමග සියල්ල විනාශ වී ඇති බවත් කියති. කඳු මත ගල්ගුහාව ප‍්‍රදේශය ඉතිරි වුවත් දුර්ලභ බෙහෙත් වර්ග එහි ඇත. වඩාත්ම දුර්ලභ බෙහෙතක් වූ ඇත් අඩිය නැමති හතු විශේෂය. මෙහි දැක ගැනීමට හැකිවිය.


කෑගල්ල බුලත්කොහු පිටිය මාර්ගයේ ඇකිරියගල හන්දියෙන් කි.මී. හතරක් පමණ ගිය පසු ගම ඇතුළට ගුරු පාරේ ලියනගේ වත්තට හැරෙන හන්දිය හමුවෙයි. එම හන්දියේ දකුණු පැත්තට විශාල නාගසක් ඇත. එම ස්ථානය ෂෂ රාජසිංහ රජුගේ ලැගුම්ගේ තිබූ ස්ථානයයි. එම ස්ථානයේ විහාර ගෙයක් ඉදිවී ඇති අතර බිම වැටී ඇති ගල්කණු ඉතිහාසය සාක්‍ෂි දරයි. එම හන්දියෙන් වම් අත පැත්තට ඇති ගුරුපාරේ මඳ දුරක් ගියපසු නොක්ස් කියන ලද දියඇල්ල තිබූ තැන දැන් දිය කඩිත්තකි. ජලය සිඳී ගොස් ඇත්තේ රබර් වගාවත් සමගය.


එය පසුකර නොක්ස්ගේ නිවස තිබූ ලියනගේ වත්තද පසුකර මඳ දුරක් ගිය පසු කැලයේ ගලක් මත රජ අණ පරිදි වරදකරුවන්ගේ හිස ගසා දැමූ ගල හමුවෙයි. ආනන්ද තිස්ස මහතා ප‍්‍රකාශ කරන්නේ ඔහු කුඩාකල එම ප‍්‍රදේශ වනාන්තරව තිබූ බවත්, මිනිසුන් එම ප‍්‍රදේශයේ ගමන් කිරීමට පවා බියක් දැක්වූ බවත්ය.


මීළඟට ආනන්ද මහතා කැඳවාගෙන ගියේ නොක්ස්ගේ කුඹුර වෙතටයි. එය සුන්දර වෙල්යායකි. දැන් ගොවිතැන් අතහැර දමා ඇති අතර, දිය පාරවල් එලෙසින්ම ගලාබසී. කුඹුරු යාය පහළින් ගල්තලාවක් ඇති අතර එය මී අඹ ගස යට ගල්තලාවයි. විවේක වේලාවට නොක්ස් එම අඹගස යට සෙවනේ ගල්තලාවේ හිඳ බයිබලය කියැවූ බව ප‍්‍රකාශ වේ. එම ගල්තලාව පහළින් ගල් අතුරා කුඹුර අයින දිගේ පහළට ඇති ගල්පඩි පෙළ සහිත පාර වැටී ඇත්තේ හීල්බත් දෙනියේ ගෙදර දක්වායි. රොබට් නොක්ස්ට උදේ ආහාරත්, දවල් ආහාරයත්, තුන්වේලම සැපයුවේ හිල්බත්දෙණියේ වලව්ව වූ ආනන්ද තිස්ස මහතාගේ මහ ගෙදරිනුයි.


මේ වන විට මී අඹගස කඩා වැටී දිරාගිය කොටස පමණක් ඉතිරිව ඇත. ආනන්ද මහතා ද ප‍්‍රකාශ කළේ මී අඹ ගසෙන් පෙට්ටි ගණන් ගෙඩි කඩාගෙන ගෙදර ගෙනගොස් ඇති බවත්, කිසිම දිනක එකම අඹ ඇටයක්වත් පැළ නොවූ බවත්ය. හීල් බත් දෙනියේ වලව්ව අද නවීකරණය වුවත් රජ දවස සිට පත්තුකරන ලද පොල්තෙල් පහන තවමත් රැකගෙන තිබෙන අයුරු දැකගත හැකිවිය.


නොක්ස් කියන පරිදිම ඔහු සතුටින් කාලය ගතකර ඇත්තේ අකරගල්ල ඇකිරියගල ගමේදීය. එයට හේතුවී ඇත්තේ තරමක් දුරින් ලන්දේසි ජාතිකයන් රැුඳී සිටීමයි. ටික කලකින් ඔවුන් සමග සමීපවී පැනයාමේ අදහස තිබුණා වුවත් බෙදාගත් බත්පතට වැලි වැටුණා කියා ඔහු කියා ඇත්තේ බෙලිගල් කෝරළයේ අරන්දර ගමේ ලන්දේසීන් එහි බලකොටුවක් බැඳගත් නිසා රජු විසින් වහාම නොක්ස් එම ස්ථානයෙන් නැවතත් මාරු කරන ලදි. මීළඟට ඔහුට යෑමට සිදුවන්නේ කන්දේ නුවර පිහිටි ලැගුම් දෙණිය ගමටයි.


අහඹු සිරකරුවාට මෙවර ලැඟුම් ගැනීමට සිදුවන්නේ පවුල් හතරක් පහක් පදිංචිව සිටි ලැඟුම්දෙනියේ ග‍්‍රාමයේය. ගහක් දෙකක් ඇර එය මුළුමනින්ම වාගේ මානා කැලෑවකි. හරිහමන් පාරක් තොටක් නැති මෙහි අද සිටින මිනිසුන් ගමන් කරනුයේ ගවයන් එහා මෙහා යෑමෙන් පෑදුනු කුරමං ඔස්සේය.
නොක්ස් දැනගත් පරිදි ලැගුම්දෙනිය යනු රජු විසින් වරද කරුවන්ට දඬුවම් වශයෙන් පදිංචි කරනු ලබන ගමකි. ලැගුම්දෙණියේ වාසය කරන විටද නොක්ස් විසින් ගොවිතැන් කරන ලද බව ප‍්‍රකාශ වේ. ඔහු ගෙවත්ත සාදාගෙන කුඹුරු අස්සැද්දු බවයි කියන්නේ. නොක්ස්ගේ අතුපැල තිබූ තැන අසල දැන් නිවාස කීපයක් ඇති අතර, එහි පදිංචි අනුලා මැණිකේ හේරත් කිරි අම්මා දැත දිගුකරමින් නිවස ඉදිරිපස ඇති තැනිතලාව නොක්ස්ගේ නිවස තිබූ තැන බව ප‍්‍රතාශ කරයි.


අනුලා මැණිකේ හේරත් කිරිඅම්මා විවාහවී ඇත්තේ පිංහාමි සීයා සමගය. ලැගුම්දෙණියේ අතුපැළ තිබූ තැන ඉදිරිපස පදිංචිව සිට ඇත්තේ සියාතු කිරිකිත්තාය. ඔහු නොක්ස් ළඟින්ම ඇසුරුකරමින් සිටි අයෙකු බව ප‍්‍රකාශ කරන්නේ සියාතු කිරිකිත්තාගේ මී මුනුපුරකු වන කල්ලෝර මුදියන්සේලාගේ පිංහාමිය. පිංහාමි සීයා දැනට වසර දෙකකට පමණ පෙර මිය ගිය බව අනුලා මැණිකේ හේරත් කිරි අම්මා ප‍්‍රකාශ කරයි. ඇය ඉතිහාසය ගැන අසා ඇති කරුණු මතකයෙන් කියාපායි.


පිංහාමි සීයා අසා ඇති අන්දමට නොක්ස් කරදර කාරයෙකි. ගම්මු අතර හත් අට වරක් ප‍්‍රශ්න ඇතිකර ගත් බවත් වරක නොක්ස්ගේ ජීවිත ඉරණම විසඳුණු තරමට දුරදිග ගිය කතාවක් සීයා පවසා ඇත.


දිනක් සියාතු සමග නොක්ස් සුද්දා අසල ඇති ගොම්මන ළඟ පිහිල්ලට දිය නෑමට ගොස් ඇත. සුද්දා ඇඳුම් උනා ලිහා තබා දියනාන අතර සියාතු දැක ඇත්තේ නොක්ස්ගේ ඇඳුම් අතර තිබූ හුණු කිල්ලෝටයයි තඹලෝහයෙන් කරන ලද මෙම හුණු කිල්ලෝටය සියාතු අතට ගෙන විවෘත කර බැලීමේ දී ඔහු බියට පත්ව ඇත. එහි හුණු තිබී නොමැති අතර, ඔහු දැක ඇත්තේ පණ තියෙන කිල්ලෝටයක් ලෙසයි. එයින් ටික් ටික් යන හඬක් නිකුත්වී ඇත.


මෙය ඔහුට පුදුම ගෙන දෙන්නක් විය. ඔහු සිතුවේ මේ සුද්දා නම් ලේසි මිනිහෙක් නෙමෙයි මායා කාරයෙක් කියාය. රජතුමාත් මේකා හිරකාරයෙක් කර ඇත්තේ මොකක් හරි හේතුවක් නිසා වෙන්ට ඇති, අපේ රටේ හිටියොත් මොන වින්නැහියක් වෙයි ද දන්නේ නැහැ, කියලා හිතලා කිල්ලෝටය ඇඳුම් අතර තබා සුද්දා සමග ආපසු පැමිණ ඇත. පසුව ගමේ, සෙසු පිරිසට මේ බව පවසා සියල්ල එකතු වී නොක

Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »