කාශ්‍යප රජ්ජුරුවන්ගෙ රාජධානියට ගිහින්

2015-06-03 11:19:00       710
feature-top
අප ඉදිරියේ දැන් දිස්වන්නේ අන් කවරක්වත් නොව මීට අවුරුදු 1,200කට පෙර සීගිරි කසුප් රජුගේ රාජධානිය වන සීගිරියයි. ක්‍රි.ව. 477දී කාශ්‍යප රජු සිය ආලකමන්දාව ලෙසින් ගොඩනැංවූ සීගිරි රාජධානියයි. පවුරු ප්‍රාකාර, දිය අගල්, උයන්වතු, ජල උද්‍යාන සේම මහා කලාගාරයක බඳු මන බඳිනා රූකම් තිබෙන්නා වූ සිගිරිය අද ලෝක උරුමයකි.


ශ්‍රී ලංකාවේ පැවැති ඉතාමත් වැදගත් රාජධානියක් වන සීගිරිය සතුරන්ගෙන් ආරක්ෂා වීමට තැනූ බලකොටුවක්, කුවේරයා මෙන් විසීමට තැනූ දෙවැනි ආලකමන්දාවක් ලෙසද නාගරික සංකීර්ණයක් ලෙසද විචාරයන්ට බඳුන්ව තිබේ.
ධාතුසේන රජු මරා දැමූ කාශ්‍යප, ඉන්දියාවට පැනගිය තම සහෝදර මුගලන් තමාට විරුද්ධව සටනට එතැයි බියෙන් සීගිරිය තම රාජ්‍ය මධ්‍යස්ථානය ලෙස තෝරාගත් බව කියැවේ. ඒ අනුව කාශ්‍යප රජු විසින් මිනිසුන්ට පහසුවෙන් තරණය කළ නොහැකි වූ සිංහගිරිය තම වාසභවනය කරගනු ලැබ තිබේ. සිංහගිරිය පසු කාලීනව සීගිරිය බවට පරිවර්තනය වී ඇත. සීගිරි ගල් පර්වතය නැඟෙනහිර දෙසින් සිංහයකුගේ හිසෙහි ස්වරූපයෙන් යුතු අතර සීගිරියේ ඉහළ මාලයට පිවිසීමට ඇත්තේ සිංහ කටකිනි. එමෙන්ම සිංහ ස්වරූපයෙන් කළ ආරක්ෂක කුටිද හමුව තිබේ. ඒ අනුව සීගිරිය හැඳින්වීමට සිංහගිරිය යන නම් භාවිත කළ බව පැහැදිලි වේ.


දිය අගල් පවුරු පදනම් ආදියෙන් ආරක්ෂිත සීගිරි පාලකයාගේ මාලිගය ආරක්ෂිතව ඉහළ මාලයේ පිහිටා ඇත. සීගිරියේ ජල අගලට පිටතින් ගලින් හා ගඩොලින් කළ විශාල පවුරක් හමුවන අතර ඊට ඇතුළතින් ජල අගල දක්නට ලැබේ. ජල පවුරේ පළල අඩි 80ක් පමණ වේ. එමෙන්ම එහි හමුව තිබෙන නටබුන්වලට අනුව අවශ්‍ය විට පමණක් යොදා ගත හැකි පරිදි ලීවලින් සකස් කළ ඇතුළත පාලම යොදා තිබූ බව සඳහන්ය. ඊට ඇතුළතින් ගලින් හා ගඩොලින් කළ පවුරක් හමුවේ.


සීගිරිය පුරාභූමිය ජල උද්‍යානය, ශිලා උද්‍යානය, මාලක උද්‍යානය ලෙස කොටස් තුනකට බෙදා තිබේ. ජල පවුරෙන් අනතුරුව හමුවන පවුරෙන් පසුව බටහිර සීගිරියට පිවිසෙන විට පළමුව ජල උද්‍යානයට පිවිසේ. එහි වැඩි වශයෙන් පොකුණු දක්නට ලැබෙන හෙයින් එම කොටස මාලක උද්‍යානය ලෙස හැඳින්වේ. එහි ගස්, ගල් ආදී භූගෝලීය බාධක ඉවත් කොට මාර්ගය දෙපස ක්‍රමානුකූලව සමාන්තර ලෙස ගොඩනැඟිලි හා පොකුණු ඉදිකර තිබෙන බැවින් එම කොටස සමමිතිකානුකූල සැලැස්මක් ලෙස සැකැසී ඇත.
ඉන් අනතුරුව අප පිවිසුණේ ශිලා උද්‍යානයටයි. එම කොටස ශිලා උද්‍යානය ලෙස හඳුන්වා ඇත්තේ වැඩි වශයෙන් ගල් පර්වතවලින් යුතු බැවිනි. එමෙන්ම එම කොටසේ පැවැති ගස්, ගල්, පර්වත ආදී කිසිවක් ඉවත් නොකොට ඒවා පරිසරයේ අලංකාරය ලෙස යොදා ගනිමින් විවිධ නිර්මාණ කොට තිබෙන බැවින් එම කොටස ස්වභාවික සැලැස්ම ලෙස හැඳින්වේ.


අනතුරුව පිවිසෙන ඉහළ කොටස මාලක උද්‍යානය ලෙස හැඳින්වේ. එහි දක්නට ලැබෙන ප්‍රධාන පුරාවිද්‍යාත්මක නටබුන් අතර සීගිරි චිත්‍ර, කැටපත් පවුර සිංහ පාද, ප්‍රධාන මාලිගය සහ ගල මුදුනේ දක්නට ලැබෙන පොකුණු දෙක සහ ගල් ආසනයද වැදගත් වේ. සීගිරියට පිවිසීමට බටහිර දිග ‍ෙදාරටුව හැරුණු විට නැඟෙනහිර දකුණු උතුරු දෙසින්ද ‍ෙදාරටු පිහිටා තිබූ බවට සාධක තිබේ.
සීගිරි කුරුටු ගී මිල කළ නොහැකි ජාතික දායාදයක් වන අතර සීගිරිය නැරැඹූ භික්ෂුන්, කරනැවෑමියන්, මැති ඇමැතිවරුන්, සාමාන්‍ය ජනතාව ආදී සමාජයේ විවිධ තරාතිරමේ පුද්ගලයන් විසින් ලියන ලද කුරුටු ගී සීගිරි කැටපත් පවුරින් හමුව තිබේ.


මේසා විශාල නිර්මාණයක් අපට අගය කළ හැක්කේ කුමන ආකාරයටද යන්න පිළිබඳව අවධානය යොමු කිරීමත් ඉතාම වැදගත්ය. ඇත්තටම සීගිරියේ තිබෙන ප්‍රධානතම වැදගත්කම වන්නේ එය දැනට ලෝකයේ ඒ ආකාරයෙන්ම ඉතිරි වී ඇති පැරැණි උද්‍යාන අතරින් එකක් වීමයි. පුරාවිද්‍යාඥයන් පවසන්නේ සීගිරිය දකුණු ආසියාවේ හොඳින් ආරක්ෂා වී ඇති එකම පැරැණි උද්‍යානය බවයි. වියළි කලාපයක ඉදිකළ උද්‍යානයක් ජලයෙන් පුරවා තබා ගැනීම දුෂ්කර කටයුත්තක් නමුත් සීගිරියේ උද්‍යානය ඉදිකළ ඉන්ජිනේරුවා හා වාස්තු විද්‍යාඥයන් ඊට නිසි ප්‍රතිකර්ම යොදා ඇති බව පෙනෙන්නට තිබේ. සීගිරි උද්‍යානයේ ඇති අනෙක් සුවිශේෂී බව වන්නේ එහි ඇති දාර්ශනික සංකල්පයයි. කිසිදු අයුරකින් ස්වභාවධර්මයේ අංගෝපාංගවලට හානියක් නොකොට ඉදිකිරීම් කටයුතු කිරීමත්, ස්වභාව ධර්මයේ තිබෙන සුන්දර බවට මුල් තැනක් ලබා දීමත් එම සංකල්පයේ තේමාවයි.

Wmqgd .ekSu uu mqj;am; weiqfrks

More News »