කැලේ ඇතුළෙ ගමකට යමු

2015-08-25 02:06:00       694
feature-top
කැලය අභ්‍යන්තරයේ පිහිටා තිබෙන Back of Beyond Yala අක්කර 10 ක භූමි ප්‍රදේශයක විහි දී පවතින පරිසර සුන්දරත්වයෙන් ඉහළ හෝටලයක් ලෙස පෙන්වා දිය හැකි ය.

කැලය අභ්‍යන්තරයේ පිහිටා තිබුණ ද එමගින් මෙම හෝටලය සඳහා සුවිශේෂ සුන්දරත්වයක් සහ සංචාරකයින් ආකර්ශණය කළ හැකි ආකාරයේ පෙනුමක් ලබා දී තිබේ.

Cottage පන්නයට මෙහි ගොඩනැගිලි ඉදි කර ඇති අතර ගමක සුන්දරත්වය සහ ගමේ අත්දැකීම් මෙහි දී සිත් සේ විඳ ගැනීමේ හැකියාව පවතී. ඒ සඳහා අවශ්‍ය පරිසරය ඊට ඔබින අන්දමට නිර්මාණය කර ඇති අතර වරිච්චි බිත්ති ආදිය හේතුවෙන් ඒවාට ආවේණික වූ ස්වභාවය මැනවින් ලැබී තිබීම විශේෂයි.

අංග සම්පූර්ණ පහසුකම් සහිත නිදන කාමර, විවේකය ගත කිරීමට සුදුසු ස්ථාන පරිසරයට විවෘත වූ ආලින්දවල විවේක සුව විඳීමට ඔබට හැකි ය. තමාට අවශ්‍ය ආහාර පාන මෙහි දී ලබා ගැනීමට හැකි අතර කුරුල්ලන් නැරඹීමේ සුවිශේෂී අවස්ථාව ද ඇත.
ශබ්දවලින් තොර වූ නිස්කලංක පරිසරයක්වීම නිසා පවුලේ සැමට මෙහි ගොස් විනෝද වී පැමිණීමට හැකි අතර යහළුවන් සමග හෝ ඔබට අවැසි ඕනෑ ම කෙනෙක් සමග ගොස් විනෝදවීමට හැකි ය.

බුන්දල, කතරගම, කිරින්ද, තිස්සමහාරාමය ආදි ප්‍රදේශ වෙත විනාඩි 45 ක් පැය භාගයක් වැනි කෙටි කාලයකින් ගමන් කළ හැකි අතර ජීප් සවාරි සඳහා සහභාගීවීමේ හැකියාව ද ඔබට හිමි වෙයි. යාල ජාතික වනෝධ්‍යානයට විනාඩි 15 ක වැනි කෙටි කාලයක දී ළඟාවිය හැකි ය.

දකුණුදිග වෙරළ තීරයෙන් සහ උඩරට ප්‍රදේශයෙන් Back of Beyond Yala වෙත පහසුවෙන් ගමන් කළ හැකි ය. පරිසර හිතකාමීත්වයට ප්‍රමුඛස්ථානය ලබාදෙමින් සූර්ය බලශක්තියෙන් ක්‍රියාකාරී වේ.

ළිං ජලය පානය කිරීමට සහ ස්නානය කිරීමට මෙහි ඇති අතර දේශීයත්වය ප්‍රමුඛස්ථානයේලා වටපිටාව නිර්මාණය කර තිබේ. පැමිණෙන සංචරකයින්ගේ කැමැත්ත අනුව පහන් එළියෙන් රාත්‍රිය ගත කිරීමට හෝ ඉටිපන්දම් එළියෙන් කල් ගත කළ හැකි ය.

පෙරවරු 06.00 සිට පස්වරු 04.00 දක්වා ජීප් සවාරිවල නිරතවීමේ හැකියාව පවතී. වන අලි, වල් ඌරන්, තිත් මුවන් සහ කිඹුල්ලු වැනි සතුන් මෙහි දී දැක බලා ගැනීමේ අවසථාව උදා වේ. මෙම හෝටලය විදේශීය සංචාරකයින් අරමුණු කර තිබුණ ද ශ්‍රී ලංකාවේ විනෝදය ප්‍රිය කරන ඔබට යා හැකි කදිම ස්ථානයක් ලෙස Back of Beyond Yala පෙන්වා දීමට පුළුවන.

colomboweek


More News »