කටු මැටි සහිත නිවහනක විවේකයක්

2015-08-27 02:53:00       712
feature-top
වෙනස් ආකාරයේ විවේක කාලයක් ගත කිරීමට අපේක්ෂාවෙන් පසුවන ඔබට ඒ සඳහා යා හැකි සුදුසු ම ස්ථානයක් පිළිබඳ තොරුතුරු ලබාදීමට අපි තීරණය කළෙමු. ඒ කොළඹ දිස්ත්‍රික්කයට කිලෝ මීටර් 210 ක් දුරින් වස්ගමුව ප්‍රදේශයේ පිහිටා ඇති නිවාඩු නිකේතනයකි.

විවිධ ස්ථාන වෙත ගමන් කරන සංචාරකයින්ට සංචාරය කිරීමට බොහෝ ස්ථාන තිබුණ ද නවාතැන් ගැනීම සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගැනීම පහසු නොවේ. එසේ ම එම නවාතැන් ගන්නා ස්ථානවලින් ද ආශ්වාදයක් ලැබීමට ප්‍රියතාවයක් දක්වන පුද්ගලයින්ට යා හැකි සුදුසු ම ස්ථානය නම් Holiday Bungalow ය.

මේ සඳහා කොළඹ සිට ගමන් කිරීමට පැය 06 ක් වැනි කාලයක් ගතවන අතර මෙය පැය 24 පුරා විවෘත ව පවතී.

විශාල ප්‍රමාණයේ කාමර ත්‍රිත්ත්වයකින් යුක්ත ය. එම කාමර ත්‍රිත්ත්වයේ පුද්ගලයින් 06 දෙනෙකුට ඉතා පහසුවෙන් නවාතැන් ගත හැකි ය. එසේම මෙම හෝටලයේ තවත් පුද්ගලයින් 25 දෙනෙකුට පමණ නවාතැන් ලබා ගැනීමට ද හැකියාව පවතී. මේ ආසන්යේ ම වෙන් වූ කොටේජ් 03 ක් ද ඇත. එසේ ම විශාල ගස් මත නිර්මාණය කර ඇති වාසස්ථාන තුළ නිදහසේ කල් ගෙවීමට සංචාරකයින්ට හැකියාව තිබේ.

ස්වභාවික සුන්දරත්වය ප්‍රමුඛස්ථානයක් ලබා දෙමින් නිර්මාණය කර ඇති මෙම ස්ථානයේ සිට වස්ගමුව ජාතික වනෝද්‍යානයට පහසුවෙන් ගමන් කළ හැකි ය. මීටර් 200 ක් වැනි ඉතා කෙටි දුරකින් එම වනෝද්‍යානය පිහිටා ඇත.

ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලන් මෙන් ම සංචාරක කුරුල්ලන් ද මෙහි දී දැක බලා ගැනීමට සංචාරක ඔබට හැකියාව ලැබේ. එසේ ම කඳු තරණය, ඡායාරූප ශිල්පය හදාරණ හෝ ඒ පිළිබඳ උනන්දුවක් දක්වන පිරිස සඳහා මෙම හෝටලය ආශ්‍රිත පරිසරයෙන් ලැබෙන්නේ මහත් ආශ්වාදයකි.

මෙහි නේවාසික ව නතරවන ඔබට වෙනස් ම ආකාරයේ අත්දැකීමකට මුහුණ දිය හැකි ය. ඒ කටු මැටි සහිත නිවසක වාසය කිරීමේ අපූරු අත්දැකීමකට ය. එහෙයින් මේ සඳහා සංචාරක ආකර්ශණය වැඩි වශයෙන් හිමි වි තිබේ.

More News »