ඔහියෙ ඉඳන් යක්ෂයාගේ පඩිපෙළ දිගේ කළුපහනට

2015-09-10 09:22:00       728
feature-top
ඔහියෙ ඉඳන් යක්ෂයාගේ පඩිපෙළ දිගේ කළුපහනට


අපේ මේ සූදානම ඔහිය සිට යක්ෂයාගේ පඩිපෙළ හරහා කළුපහනට යන්න. රිදී පාටින් ඉර බැබළෙමින් තිබුණු ඒ වෙලාවේ සෆාරි ජීප් රථයෙන් අපි ලෝකාන්තය බලන්න මුලින්ම පිටත් වුණා. පුංචි ලෝකාන්තෙන්, ලෝකාන්තයටත් එතැනින් බේකර්ස් ඇල්ලටත් පයින්ම ගිය අපේ පළමු දවසේදී පාරිසරික වශයෙන් සුන්දර බොහෝ ස්ථාන රැසක් දැකගන්න අපිට පුළුවන් වුණා. දෙවැනි දවසේ අපේ ඉලක්කය වුණේ උඩවේරිය වත්ත හරහා කළුපහනට පයින් යන්න. කිලෝමීටර් 22ක් විතර දුරක් තිබුණත් තේ වතු මැද්දෙන් තියෙන කෙටි පාරවල් පාවිච්චි කරපු හින්දා අපිට කිලෝමීටර් 5ක් 6ක් අඩුකර ගන්න පුළුවන් වුණා.

ගැඹුරු ප්‍රපාතයක් හරහා එක පෙළට වැළමිටි වංගු සමූහයක් තමයි මේ යක්ෂයාගේ පඩිපෙළ කියා. ඉංග්‍රීසි වැවිලිකරුවන් හැඳින්වූුවේ. ඈතට පඩිපෙළක් වගේ මේ වැළමිටි වංගු පේන හින්දත්, පාරේ දුෂ්කරතාවත් අවදානමත් හින්ද මේ නම දෙන්න ඇති කියලා අපේ පිරිසෙ මතය වුණා.
මේ පාර ඉතාම පටු කඳුකර පාරක් වුණාට ඕනෑම කුඩා වාහනයකට වුණත් තරණය කරන්න පුළුවන් විදියට පාර නඩත්තු කරලයි තිබුණෙ.
පාර ආරම්භයේදීම පහසුවෙන් තරණය කරන්න පුළුවන් වුණත් මීටර් 500ක් යන්නත් කලින් අපිට මේ පාරෙ යන එක කොච්චර අවදානම්ද කියල දැනුණා.


ඒත් තේ වතුවල සුන්දරත්වයත්, මීදුම් පිරුණු පරිසරයේ සුන්දරත්වයත් එක්ක ඉදිරියට ගියපු අපිට ඒ අවදානම ඒ තරම්ම දැනුණා කියලා හිතන්නත් බැහැ.
වැහි වතුරට හොඳටම ඛාදනය වෙලා තිබුණු පාරේ උල් වගේ මතුවෙලා තිබුණු ගල් පතුරුවලින් පරිස්සම් වෙන්න අපි නිතරම කටයුතු කෙරුවා.
අපි කිලෝමීටර් කීපයක් ඉදිරියට යද්දි සුප්‍රසිද්ද ~ඍ ඛ්භබ~ කියන ස්ථානය අපිට හම්බවුණා. ගම්වාසීන්ගේ නිතර වන්දනාවට පාත්‍ර වෙන මේ ස්ථානයෙන් අනෙක් කඳුවැටියට ප්‍රවේශයක් සැපයෙව්වා. අපි ගමන් කරන පාරේ බඹරකන්ද දියඇල්ලට ආරම්භය සනිටුහන් කරන පුංචි දියපාරක් හමු වුණා. දෙපාරක් හිතන්නේ නැතුව අයිස් වතුර පිරුණු වතුරට පැන්නේ පරිසරයේ ඒ වෙනකන් තිබුණු නිහඬතාව බිඳිමින්.


ඊට පස්සේ එළැඹුණේ යක්ෂයාගේ පඩිපෙළ. මෙතෙක් අපේ වම් පැත්තෙන් තිබුණු බෑවුම දකුණු පැත්තට මාරු වුණා වාගේම පාරේ බෑවුමත් එන්න එන්නම වැඩි වුණා.
ඊට පස්සේ අපිට හම්බවුණේ මේ ගමනේ වැදගත් තැනක් වුණු තුන්මංහන්දිය. අපි හෝර්ටන් තැන්නේ ඉඳලා ආපු පාර කෙළින්ම වැටෙන්නේ මේ තුන්මංහන්දියට.
ඇත්තටම ආයේ කවදාවත් යක්ෂයාගේ පඩිපෙළින් මේ වගේ මීදුම් අඩු දවසක යන්න පුළුවන් වෙයි කියලනම් හිතන්න බැහැ. එදා සොබා දහම අපිට උපරිම කරුණාව දක්වලා තිබුණු දවසක් කියල හිතුණේ ඒ හින්දයි. යක්ෂයාගේ පඩිපෙළ හරහා අපි කළුපහන මංසන්ධියට ඇවිත් කොළඹ එන්න පිටත් වුණා.


ඇත්තටම සොබා දහමේ සුන්දරම නිර්මාණයක් වුණු ~යක්ෂයාගේ පඩිපෙළ~ ගමනේ සුන්දරත්වය තුළින් ලබා ගත්තු අත්දැකීම් ඔබටත් ගන්න පුළුවන්. ඒත් ඒ ගමනේදී බීමට ජලය, වැහි ආවරණ, සීතලට අඳින ඇඳුම් අරන් යන්න නම් අමතක කරන්න එහා.
ඒ වගේම පොලිතින් ආශ්‍රිත දවටන කිසිවක් රැගෙන නොයන්නත්, ප්ලාස්ටික් බෝතල් රැගෙන නොයන්නත්, නිහැර්ඩියාව හැකි හැම අවස්ථාවකම රකින්නත් ඔබට ලොකු වගකීමක් තියෙනවා.

දිලංක ගුණතිලක



Wmqgd .ekSu uu mqj;am; weiqfrks

More News »