පාරාදීසයට තවත් නමක් විල් උයන

2015-09-11 09:33:00       712
feature-top

තුරු මුදුනක නැත්නම් දිය සීරාවක් ළඟ නිවාඩුවක් ගත කරන්නට යන්න ඔබත් කැමතිද? මෙන්න ඒ සඳහා හොඳම තැන.

මේ සතියේ අපි ඔබව එක්කරගෙන යන්නේ විල් උයනට. ලංකාවේ සංස්කෘතික ත්‍රිකෝණයේ හදවත වන සීගිරි බලකොටුවෙන් කිලෝ මීටර් 5 ක් පමණ එපිටින් නිස්කලංක පරිසරයක වැජඹෙන විල් උයන ග්‍රාම්‍ය සුන්දරත්වය වට කරගෙන සිටින නවීන පහසුකම් වලින් අනූන සොඳුරු නවාතැනක්.

ජෙට් වින්ග් විල් උයන ලෝකයේ හොඳම පරිසර හිතකාමී නවාතැන් අතරට එකතු වුණු පළමු සහ එකම ශ්‍රී ලාංකික සංචාරක හෝටලයයි. තෙත්බිම් ක්‍රමයට සැකසුණු ලොව ප්‍රථම හොටල් ඉදිකිරිම ‍වන්නේත් විල් උයන නිකේතනයයි.

අවට ඇති ග්‍රාමීය සුන්දරත්වය තුල තුරු වදුලු, දිය සීරා, වෙල් එළි වගේම තුරු මුදුන් වල ඔබ වෙනුවෙන්ම නිර්මාණය කරලා තිබෙන කුඩා නවාතැන් දුටු පමණින් සරල වුණත් ඔබට අවශ්‍ය සෑම සුඛෝපභෝගී පහසුකමකින්ම පිරිපුන් වීම පුදුමාකාරයි.
ඒ හැම නිවහනක්ම නිදහස් වටපිටාවක නිහඬ බව අත්වින්දින්නටත් ඔබේ නිවාඩුව පරිසරය සමග බැඳෙමින් ගත කරන්නටත් කදිමයි.

ආහාර ලබා ගන්නා කාලය පවා ඔබට නුපුරුදු නැවුම් අත්දැකීමක් බවට පත් කරන්නට විල් උයනට පුළුවන්. ඔබට හිතේවි ජීවිතය නිදහසේ ගත කරනවා කියන එක මේ තරම් ලස්සනද කියලා.

ඔබේ මංගල උත්සවයක් වුණත් අලුත්ම ආරකින් අලුත්ම තේමාවකින් පවත්වන්නට සිත් අඳනා පැකේජ තුනක් ඔවුන් හඳුන්වා දෙනවා. ඔබේ අතේ ඇති මුදලට ඔබ බලාපොරොත්තු වනවාටත් වඩා වටිනාකමක් දෙන්නට විල් උයන කාර්ය මණ්ඩලය කැප වි සිටිනවා.

ආයුර්වේද සම්බාහන පහසුකම්, සුඛෝපභෝගී කාමර, ඔබේ දිවට ගැලපෙන්න තෝරාගන්න පුළුවන් විවිධ කෑම වට්ටෝරු වගේම අනෙත් සියලු පහසුකම් එක්ක විල් උයනේදී ඔබට ප්‍රබෝධමත් නිවාඩුවක් ගත කරන්නට පුළුවන්.



Wmqgd .ekSu taIshka r weiqfrks

More News »