ඉස්සර අපි සිරිපාදෙ ගියේ ගස් මුල්වල එල්ලිලා

2015-09-14 10:31:00       738
feature-top
ඉස්සර අපි සිරිපාදෙ ගියේ ගස් මුල්වල එල්ලිලා

උඳුවප් සීතලත් සමඟින් සිරිපා වන්දනා වාරය ආරම්භ වී තිබේ. සම්බුදු පා පහස ලද සමනොළ ගිරිහිස කරුණා කරන්නට අතීතයේ මෙන් ම අදත් නන් දෙසින් මහ සෙනඟ ඇදී එති. එහෙත් අද මෙන් එදා සිරිපා කරුණා කිරීම එතරම් පහසු නොවූ බව අ්ප මුතුන් මිත්තෝ කියති. හිරිගඩු පිපෙන දැඩි සීතල මැද්දේ දුෂ්කර ම‍ඟෙක, දම්වැල්වල එල්ලීගෙන, විශේෂයෙන් උඩමළුවෙහි සිදුකෙරෙන දාන මාන පිංකම් උදෙසා බඩු බාහිරාදිය රැගෙන යාමත්, භික්ෂුන් වහන්සේ වැඩම කරවීමත් අසීරු කරුණක් ම විය. එහෙත් එකල සිරිපා මළුවේ සියලු ආගමික කටයුතු කිසිදු අඩුපාඩුවකින් තොරව ඉතා ගෞරවයෙන් සිදු කෙරුණු බවට අදටත් ඇස දුටු සාක්ෂි තිබේ.

මේ ඊයේ දිනට (20) සිය ජීවන ගමනේ සියවසකුත් දෙවසරක් සැමරූ කැම්පනේ පේමරතන ලොකු හාමුදුරුවන්ගේ ඇස දුටු සාක්ෂියෙන් බිඳකි. උන්වහන්සේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න කෝර‍ළයේ ඕමල්පේ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති හිමියන්ය. මාතර සිට කොටපල මාර්ගයේ ඌරු‍බොක්ක සිට ගින්නලිය හරහා කැම්පනේ දක්වා කිලෝමීටර් 15 ක දුරක් ගෙවා අපි උන්වහන්සේ හමුවීමට ගියෙමු. කුසුම්සිරි ලියනගේ මහතා අපට මඟ පෙන්වන්නා විය. අප දුටුහාම, ර්‍ණමේ ඇත්තො කවුද? මම මීට පෙර අඳුනන්නේ නෑ යි අප හඳුනාගන්නට උන්වහන්සේ විමසිලිමත් වූහ. මින් පෙර අප නොදුටු බව උන්වහන්සේට ස්ථිරය.

මධ්‍යහ්නය ගෙවී යමින් තිබුණි. ආගිය තොරතුරු විමසූ උන්වහන්සේ පළමුව කළේ අපට සංග්‍රහ කොට සා පිපාසය නිවීමය. සිරිපා මළුව හා බැඳුණු, තමන් වහන්සේ ගේ ජීවිත කතාව ගෙන හැර පෑවේ ඉන්පසුවය. වයෝවෘද්ධ බැවින් අපි උන්වහන්සේගෙන් මඳක් උස් හඬින් ඒ ගැන විමසීමු.

ර්‍ණඋස් හඬින් කතා නොකළාට කමක් නෑ දරුවෝ. මට තවමත් හොඳට කන් ඇහෙනවා යි උන්වහන්සේ කීවේ සිනාමුසුවය.

ර්‍ණ1963 සිට මට සිරිපාදේ ආගමික කටයුතුවලට සම්බන්ධ වීමට හැකි වුණා. ඒ කාලේ සබරගමුවේ ප්‍රධාන සංඝනායක වුණේ බටුගෙදර විහාරස්ථානයේ වැඩ සිටි මොරොන්තුඩුවේ ධම්මානන්ද හාමුදුරුවො. උන්වහන්සේත් සමඟ ශ්‍රී පාදයට දේව රූප වඩමවාගෙන, පලාබද්දල පාරේ අපි යනවා. කඳු මුදුනට නැඟීම ඉතා දුෂ්කර ගමනක් වුණා. ඒ කාලේ කැලෑවේ අලි කොටි වළස්සු බොහොමයි. සතා සර්පයෝ අධිකයි. දවුල්, හේවිසි හොරණෑ හඬත් සමඟ අපේ සාධුකර හඬට සත්තු ඈතට යනවා. කැම්පනේ හිමියෝ සිය මතකය අවදි කරති. උන්වහන්සේ සිරිපා මළුවේ තේවාව හා ආගමික කටයුතු භාරව සිටි කාලය වසර තිහකි.

ර්‍ණඒ කාලේ අද වගේ පහසුකම් තිබුණේ නෑ. අපි පනාමුරේ කැම්පනේ ඉඳලම ශ්‍රී පාදස්ථානයට ගියේ පයින්. ගමනට දවස් හයක් විතර ගතවෙනවා. වන්දනා නඩත් අද තරම් හිටියෙ නෑ. මුළු ගමන පුරාම මුණ ගැහෙන්නේ නඩයක් දෙකක් විතරයි. ගල්මුල්වල එල්ලී ගෙන ගිය ඒ ගමන පුරාම අපේ හිතේ හිටියේ තුනුරුවන් විතරමයි. සමන් දෙවියො අපව ආරක්ෂා කරනවා කියන හැඟීම තිබුණ නිසා ගමන ගැන කිසිදු බයක් සැකයක් තිබුණේ නෑ. රාත්‍රියේ පාර සොයා ගත්තේ පන්දම් එළියෙන්. උඩමළුවෙත් විශේෂ ආ‍ලෝකයක් තිබුණේ නෑ. දොළොස් මහේ පහන තිබුණා. යි උන්වහන්සේ කියති. මඳක් නිහඬව සිට නැවත මතකය අවදි කරති.

සිරිපා මළුවේ ආගමික වතාවත්වලට එක්වූ තිස්වසරක කාලය පුරා කවර හෝ දිනෙක සමන් දෙවිඳුන් ගේ අනුහස් දැක තිබේදැයි අපි උන්වහන්සේගෙන් විමසුවෙමු.

ර්‍ණවිශේෂ දෙයක් සිදු නොවුණත් ඉතාම දුෂ්කර මඟක කිසිම පහසුකමක් නැතිව දවස් ගණනක් අපි ගමන් කළා. භයංකර වන සතුන් ගේ ගෙරවිලි හඬ ඇහුණා. ඒත් කිසිම දවසක කිසිම උපද්‍රවයක් වුණේ නෑ. ලෙඩක් දුකක් හැදුණේ නෑ. දෙවියන්ගේ බැල්ම නිසයි අපිට ඒ ආරක්ෂාව ලැබුණේ. අදටත් ඒ විශ්වාසය තිඛෙනවා. උන්වහන්සේ විස්තර කළහ.

ඒ හැටේ දශකයේ අග භාගයයි. ශ්‍රීපාද අඩවියේ හැටන් ම‍‍ඟේ හටගත් විශාල ගින්නක් පිළිබඳව ද උන්වහන්සේ සිහිපත් කළහ.

ර්‍ණඅපි උඩමළුවේ ආගමික වතාවත් කරද්දී ලැගුම්ගත්තේ පුංචි කාමරයක. ලන්තෑරුමක එළිය ඇරෙන්න වෙන ආලෝකයක් තිබුණේ නෑ. මළුවේ රාජකාරිවලට තවත් හාමුදුරුවරු තුන් නමක් විතර හිටියා මට මතකයි. වෙනත් ගොඩනැඟිල්ලක් තිබුණු බවට නම් මතකයක් නෑ. මළුවට පහළ පුංචි ගල් ගුහාවක හේවිසි වාදනය කරන අය නවාතැන් ගත්තා. මෙහෙම ආගමික කටයුතු කරන අතරේ දවසක් ආවාසෙට වෙලා හිටියා. හැටන් පාර ගිනි ගන්නවා කියලා මළුවෙ ඉන්න අය කෑගහන්න ගත්තා. වැඩි වෙලාවක් ගියෙ නෑ. මම නැවතිලා හිටිය පුංචි කාමරේ කළු දුමාරයකින් වැහිලා ගියා. මම පද්මෙ ළඟට ගිහින් ඇස්දෙක පියා ගත්තා. වැඳගෙන පිරිත් කිව්වා. ටික වේලාවකින් ගින්න සමනය වුණු බව දැන ගන්නට ලැබුණා. සිරිපා මළුවේ ආගමික වතාවත් කළ කාලයේ වූ සිදුවීම් සිහියට නඟන කැම්පනේ ලොකු හාමුදුරුවන්ගේ මතක ශක්තිය ඉහළය.

ර්‍ණඒ කාලේ උඩමළුවට වතුර තිබුණේ නෑ. රුපියල් ලක්ෂ හතරක් විතර වැය කරල ඒ ප්‍රශ්නෙට ස්ථිර විසඳුමක් ලබා දුන්නේ මො‍රොන්තුඩුවේ නා හිමියන්. ඒ නළ ළිඳක් ඉදි කිරීමෙන්. ඒ වෙනතුරු අවශ්‍යතා ඉටු කරගත්තේ එක්රැස් කරගත් වැසි වතුරෙන්. බොන්න වතුර ගෙනාවේ ආඬියාවලතැන්නේ සිට කර තබාගත් බැරල්වලින්. උන්වහන්සේ සිහිපත් කරති.

කැම්පනේ ලොකු හාමුදුරුවන්ගේ ජීවිතයේ ශ්‍රී පාදය සම්බන්ධ තවත් සුවිශේෂී මතකයක් වේ.

ර්‍ණමම 1963 දී ශ්‍රී පාද මළුවේ කෘත්‍යාධිකාරී ධුරය ලැබුණු දා ඉඳන් අවුරුදු 30 ක් නොකඩාව ම එම කාර්ය ඉටුකළා. ලෙඩක් දුකක් නොවී ඒ වැඩ කටයුතු කර ගන්නට මට වාසනාව ලැබුණේ මගේ හිතේ තිබුණු උනන්දුව, ගෞරවය, භක්තිය නිසා කියලයි මට හිතෙන්නේ. ඒ විතරක් නෙවෙයි. ශ්‍රී පාද ස්ථානාධිපති නාහිමිවරුන් සිව් දෙනකු පත් කිරීමට ඡන්දය ලබා දෙන්නත් මට අවස්ථාව උදාවුණා.

වත්මන් ශ්‍රී පාදස්ථානාධිපති ඛෙංගමුවේ ධම්මදින්න නාහිමියන් ශ්‍රීපාදස්ථානාධිපති ධුරයට තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී මුලින් ම ඡන්දය ප්‍රකාශ කළේ ද කැම්පනේ ප්‍රේමරතන ලොකු හාමුදුරුවන් වහන්සේය.

වසර 30 ක් පුරා තමන් වහන්සේට භාරවූ උතුම් ආගමික කටයුත්ත මහත් කැපවීමෙන් හා උනන්දුවෙන් ඉටුකළ පේමරතන හිමියන්ට තමන්වහන්සේ හා සිරිපා පුදබිම සම්බන්ධව ඇත්තේ අපූරු මතක සටහන්ය. ඒ අත්දැකීම් වත්මන් සිරිපා කරුණාකරන බැතිමතුන්ට මහඟු ආදර්ශයක් ය.

වයස අවුරුදු 14 දී මහණ දිවියට ඇතුළත් වූ උන්වහන්සේගේ ගුරු හිමියන් කෝප්ප කන්දේ සුමන තිස්ස හාමුදුරුවෝය. ප්‍රාචීන අධ්‍යාපනය ලැබුවේ අකුරැස්ස ගොඩපිටිය ජේතවන පිරිවෙනෙනි. ගුරු හිමියෝ වැලිහේනේ ඉන්ද්‍රසාර හිමිය. උපසම්පදාව ලැබුවේ ස්‍යාමෝපාලී පාර්ශවයේ මල්වතු මහා විහාරයීය උපෝසථාගාරයේ දී ය. දායක දායිකාවන් රැස් කරමින් කැම්පනේ විහාරස්ථානයේ ආගමික කටයුතු නොපිරිහෙලා ඉටු කරන උන්වහන්සේ අදටත් නිරෝගී සුවයෙනි.

අපි උන්වහන්සේගෙන් ඒ පිළිබඳව ද විමසුවෙමු. බුද්ධ දේශනාවේ ඇති ලෙස උන්වහන්සේගේ ආහාරය ඉතා සරලය. සුළු ප්‍රමාණයක් වළඳා ජලය පානය කරති. තෙල් මිශ්‍ර ආහාර භාවිතයක් ඇත්තේ ම නැත. ජීවිත කාලය පුරා එක දිනයක් හෝ තදබල ර

ෝගා බාධයකින් පෙළී නැති බව පැවසූ පේමරතන හිමියෝ තමන්වහන්සේගේ පවුලේ සියලු සහෝදර සහෝදරියන් මිය ගොස් ඇති බවද පැවසූහ. උන්වහන්සේගේ ගුරු භාරය යටතේ ශාසනගතව සිටින කැම්පනේ ඉන්දරතන, කැම්පනේ ගුණරතන, රත්නපුරේ සුමන, අත්තනගල්ලේ උපතිස්ස හිමිවරු ප්‍රමුඛ පනස්නමක් පමණ භික්ෂූන් වහන්සේ ගු‍රු දේව හිමියන්ගේ අඩිපාරේ යමින් රටට ගමට සුවිශාල ශාසනික මෙහෙවරක නිරතව සිටිති.

සියවසක් ඉක්මවූ ආයු සපිරි කැම්පනේ පේමරතන ලොකු හාමුදුරුවෝ අදටත් නිරෝගී සුවයෙනි. යහපත් සිහියෙනි. උන්වහන්සේ ඉතා හොඳින් ලෝකය දකිති. හොඳින් ශ්‍රවණය කරති. උදේ සවස බුද්ධ මන්දිරයට මල්පහන් පුදා බුදු ගුණ සිහි කරන උන්වහන්සේගේ එකම බලාපොරොත්තුවක් වේ.

ඒ මෙතෙක් බෝධිරුක්ඛාරාම විහාරස්ථානයට නොතිබි, එහෙත් ඉදිකිරීම පිණිස අඩිතාලම් දැමූ චෛත්‍යරාජයාණන් වහන්සේ තම ජීවිත කාලය තුළ නිමවනවා දැකීමය. ඒ බලාපොරොත්තුව පවසනවාත් සමඟ උන්වහන්සේ නෙතට කඳුළක් නැඟුණි. ඒ අපමණ බුද්ධ භක්තියකිනි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »