අවුරුදු හතළිහකට කලින් ගුවන් අනතුර වූ තැනට ගියෙමු

2015-09-15 10:17:00       719
feature-top
අවුරුදු හතළිහකට කලින් ගුවන් අනතුර වූ තැනට ගියෙමු

වර්ෂ 1974 දෙසැම්බර් 04 වැනි දින ඉන්දුනීසියාවේ සුරබයා ගුවන්තොටින් පිටත්වුණු මැටිනෙයාර් ඞීසී 8 දරන ගුවන් යානය හජ්ජි වන්දනාකරුවෝ 182 ක් හා කාර්ය මණ්ඩලය 9 දෙනෙකුගෙන් සමන්විත වූහ. ඉන්ධන ලබා ගනු වස් කටුනායක ගුවන්තොටට ගොඩබැසීමට නියමිතව තිබූ මෙම යානය එදින රාත‍්‍රී 10 පසුවන විට සප්ත කන්‍යා කඳුවැටිය ආසන්නයෙන් පියාසර වෙමින් තිබුණි.


එකෙණෙහිම යානයේ වම් තටුව සප්ත කන්‍යා කඳු වැටියේ 5 වැනි කන්දේ වැදුණි. වැදුණු වේගයට කන්ද හෑරී ගිය අතර කැරකී ගිය යානයේ දකුණු තටුව අවට විශාල ගස් කපා දැමුවේය. පසුව ආ වේගයෙන්ම ඉදිරියට ගිය යානය සය වැනි කන්දේ මුහුණට මුහුණ වැදුණි. යානයට දරා ගත නොහැකිවූ එම හැපීම නිසා කඳු වැටිය දෙදරා යන මහ හඬින් යානය පුපුරා ගිනි ගෙන දැවුණේ ජීවිත 191 ක් සමගිනි. එම විශාලතම ගුවන් අනතුර පිළිබඳව කිසිත් නොදන්නා සේ  සිටින සප්ත කන්‍යාවන් සොයා ගිය ක‍්‍රියාදාමය ඉතා දුෂ්කර කර්තව්‍යයක් විය.


සුපුරුදු පරිදි කොළඹ අවිස්සාවේල්ල හරහා හැටන් පාරේ ගිනිගත්හේන නගරයට අප පැමිණෙන විට වේලාව උදේ 8 ට පමණ විය. තවමත් මීදුම් සළු පොරවාගෙන සිටින දොළොස්බාගේ කඳු සොයා අප නාවලපිටියට ගියේ ගල්බඩ ඇල්ල නැරඹීමටයි. නාවලපිටිය සිට තලවකැලේ මාර්ගයේ පටන් ගැන්මේ හමුවන පාලම පසුකර විගස දකුණට දිවෙන මාර්ගයේ ගල්බඩ දුම්රිය ස්ථානය සොයා යා යුතුය. පසුව ප‍්‍රදේශයේ වැසියන්ගෙන් මග අසාගෙන අප‍්‍රකට මගක් ඔස්සේ ගල්බඩ වත්තට යා යුතුය.


සාමාන්‍යයෙන් ගලබඩ ඇල්ල නැරඹීමට සුදුසුම ආකාරය දුම්රියයි. දුම්රිය ස්ථානයේ සිට කි.මී. 2 ක පමණ පාගමනකින් පසුව වතු නිවාස ආශ‍්‍රිත අඩි පාරෙන් ගොස් මීටර් 60 ක් පමණ උස ගලබඩ ඇල්ලට ළඟා විය හැකිය. තත්ත්පරයකට ඇසිල්ලෙන් වෙනස් වන ජල ප‍්‍රවාහයක් ඇති මෙම ඇල්ල බලා සිටියදී මුළු පර්වතයම වෙලාගෙන ජලය කඩා වැටේ. ගල්බොඩ ඇල්ලෙන් සමුගෙන තලවකැලේ මාර්ගයේ ඉදිරියට යත්ම කඩියන්ලෙන/කැටඹුලාව ඇල්ල දැක ගත හැකිය.


06-ච්ටැ4මාර්ගය යටින් ගලා යන ජල පහර මීටර් 30 ක් පමණ පහළට වැටෙයි. ඇළ මාර්ගයේ පහළට ගිය පසු සම්පූර්ණ දිය ඇල්ල දැක ගත හැකි අතර එය ඉතා අලංකාර බව එවිට ඔබට වැටහේ. කුඩා ආරුක්කු 3 ක් මැදින් පහළට වැටෙන ජලය තේ වතු පෝෂණය කරමින් ගලායයි.


නැවතත් ආ මගේම ගිනිගත්හේනට ගිය පසු ඉන් හැටන් පාරේ දියගල හන්දිය දක්වා පැමිණ ඉන් දකුණට හැරී ශ්‍රී පාදයට යන මාර්ගයේ කි.මී. 8 ක් පමණ යා යුතුය. නෝටන් බි‍්‍රජ් පසු කළ පසු ලක්ෂපාන ඇල්ල වෙත  යන දකුණට දිවෙන මාර්ගයත් ඒ අවම හිඩැස් අවකාශයේ ගුවනට නැගුණු කඳුවැටි 7 කින් යුත් සප්ත කන්‍යා කඳු වැටියත් ඔබට දැක ගත හැකිය.


ප‍්‍රථමයෙන් අපි පඩි 200 ක් පමණ බැස මීටර් 129 ක් පමණ උස ලක්ෂපාන දිය ඇල්ල නැරඹුවෙමු. එය ඉතා අලංකෘත ඇල්ලකි. පෙනුමෙන් ඇබර්ඞීන් ඇල්ලට සමානකම් කියන මෙම ඇල්ල පිටුපස ඇත්තේ සප්ත කන්‍යාවියන්ය. කඳු නැගීමට ප‍්‍රථම උදෑසන ආහාරය ගෙන ස්නානය කළේ ලක්ෂපාන ඇල්ලේ අධික ශීතල ජලයෙනි. පසුව ඔබ මොබ දුව මීදුම් සළුවලින් හෙමිහිට එබිකම් කරන සප්ත කන්‍යාවියන් සොයා යෑමට අපි පටන් ගත්තෙමු.


සප්ත කන්‍යා කන්දට නැගීමට මාර්ග 2 ක් ඇත. එනම් පාලමේ සිට නොම්බර 5 කොළණිය ඔස්සේ නැගීම සහ ලක්ෂපාන හන්දිය පසුකර කොතැල්ලෙන පාසල අවට වතුයාය ඔස්සේය. බොහෝ විට සප්ත කන්‍යා කඳු මුදුන් මීදුමෙන් වැසී ගොසිනි. හිම කැට විසිරී නත්තල් සැරසිල්ලක් සේ විටෙක පෙනෙන මේ කන්ද නැගීම ඉතා දුෂ්කර හා දුර්ලභ කාර්යයකි. සප්ත කන්‍යා හෙවත් කන්‍යාවියන් සත් දෙනෙකු ලෙස සිටින මේ කන්ද තනි දිගැටි කන්දකි. එහි මුදුන ස්ථාන 7 කින් ඉහළට නෙරා ගොස් ඇති නිසා කඳුවැටි 7 කි. ඈත සිට බලන කල පහසුවෙන්ම මේ විශාල කන්දේ කඳු වැටි 7 දැක ගත හැකිය. කන්ද තරණය කිරීමට නිශ්චිත මාර්ගයක් නොමැති අතර, ඉතා දුෂ්කර ලෙස මග සාදාගෙන බාධක මැද යා යුතු බව අපට ගම්වැසියන් විසින් පවසන ලදී. එම නිසා අත්‍යවශ්‍ය කළමනා පමණක් රැුගෙන අපි කන්ද නැගීමට සූදානම් වුනෙමු.


කැලයෙන්ම ශක්තිමත් රිටි සාදා ගත් අපි එය අතැතිව මග සාදාගෙන යෑමට සූදානම් වීමු. තේ වත්තක් මැදින් ඉදිරියට යන මාර්ගය පසුව කටු අකුල් පිරි කැළයකට අවතීර්ණ වෙයි. පසුව ඒ සමගම පයින් ගස් පිරුණු ප‍්‍රදේශයකට ඇතුළු විය යුතුය. ආරම්භයේ පටන් සුපුරුදු කූඩැල්ලෝ අපගේ ලේ රස සොයා පැමිණ සිටියහ. ඒ අතර විශාල කූඩැල්ලන් සහ පණුවන්ද සිටියේය. ක‍්‍රමයෙන් අප ඉදිරියට ඇදෙත්ම ඈතින් ඈතට තවත් කඳු දැක ගත හැකි විය. නෝටන් බි‍්‍රජ් මස්කෙළිය හරහා සිරිපා අඩවියට යන මේ පුණ්‍යවන්ත ප‍්‍රදේශය සොබා දහමේ අපූර්වතම නිර්මාණයකි. සරුසාර තේ කඳු වලින්ද හරිත පැහැ වෙළාගත් වටපිටාව සමග එක පොදියට පොර බදින මීදුම් සළු ද මවන්නේ ඇස් අදහාගත නොහැකි දසුන්ය.


පයින් කැලය හරහා ඉහළට යත්ම කන්දේ බෑවුම් කොටසක් දැක ගත හැකිය. යන මග පුරා කඩා වැටුණු පයින් ගස් උඩින් යමින්ද දණ නොපෙනෙන පඳුරු පිරි කටුක මාර්ගයේ ඉදිරියට ඇදෙත්ම හමුවූ ස්ථානයක් අසල ගිමන් හැරියෙමු. මීටර් 400 ක් පමණ ආ නමුත් මෙම කන්දේ පිහිටීම නිසා දෙපාවලට දැනෙන වෙහෙස අධිකය. මාර්ගය කුඩා තැන්නකට අවතීර්ණ වුවද ඉන් පසු උසට වැඞී තිඛෙන කටු අකුල් ගස් ඈත් මෑත් කරමින්ද විටෙක රිංගා පැන යමින්ද ගමන් කළ යුතුය. සමහර ස්ථානවල දුටු වසුරු අලි වසුරු දැයි හරියටම නිශ්චය කරගත නොහැකි විය.


උසට වැඩුණු ගස් පඳුරු අතරින් යෑම තරමක් අසීරු විය. මන්ද ගස්වල සිටින සතුන් හා දෙපාවල එල්ලෙන සතුන් බොහෝමයක් වන හෙයිනි. ගස් වැල් මග හරස් කොට නැගී තිබුණු නිසා විටෙක රිංගමින්ද වැල්වල එල්ලීද අපට ගමන් කරන්නට සිදුවිය. වම් පස ප‍්‍රදේශයෙන් සප්ත කන්‍යාවකගේ මුහුණුවර පෙනෙන අතර ඊට එහායින් පෙනෙන්නේ මීදුමෙන් වෙළාගත් කඳු ශිඛරයන්ය. මීටර 200-300 ක් පමණ මෙලෙස බොහෝ දුෂ්කරතා මැද ගමන් කළ යුතුය. ඒ සමගම විශේෂයෙන් ගස් අතරින් රිංගන මීදුම සමගද අපි සටන් කළෙමු.


මෙලෙස තව තවත් ඉහළට යත්ම විශාල පඳුරු හා ගල් වැටියක් මගින් ඉහළට නැගීමට සිදු විය. පසුව මීටර 10 ක් පමණ උස ගල් බිත්තියකට නැග යා යුතුය. ඒ සඳහා ගස් වැල් ආධාර කොටගෙන පරිස්සමින් අපි ඉහළට ඇදුනෙමු. විටින් විට හිරිපොද වැටෙන අතර අහසද වැස්සකට මාන බලන බව අපි දුටුවෙමු. කඳු නගින්නට තරමක් නුහුරු දුෂ්කර කඳු තරණය මෙය බව අපට හැඟේ. මෙම කන්දේ කඳු වැටි හතටම ගමන් කිරීම අපගේ අරමුණයි. රැුයක් ගත කිරීමට තැනිතලා නිදහස් ප‍්‍රදේශයක් නොමැති වුවද කූඩාරමක් අනිවාර්යයෙන්ම අටවාගෙන කැලය අසලට වී සිටිය හැකිය. කෙසේ හෝ අප කඳු මුදුනට ළඟා වෙමින් තිබුණි. විටෙක විවිධ රටා මවන හතු වර්ගත් මල් වර්ගත් මෙම කැලයේ අලංකාරය තවත් වැඩි කරන්නට සමත් විය.


පයින් ගස් පිරුණු කැලයෙන් යාමේදී සුළං ප‍්‍රවාහය ගැන සැලකිලිමත් විය යුතුය. එලෙසම ගරා වැටුණ ගස් කඳන් මතින් යෑමට වුවහොත් ගස් ඛෙන හා ඒ අවට සැරිසරන සර්පයන් පිළිබඳව විමසිලිමත් විය යුතුය. කඳු මුදුනට ලංවත්ම හමුවන හිස් අවකාශ අසලදී අවට පරිසරයේ අපූරු බව දැක ගත හැකිය. කිලෝමීටරයක් පමණ තද බෑවුමක් සමග කන්ද නැගිය යුතුය. මෙහිදී මතක තබා ගත යුතු දේ කිහිපයකි. එනම් මාර්ගයක් නොමැති නිසා දැඩි ශාක ව්‍යාප්තියක් පවතින බැවින් අනතුරුදායක ස්ථාන ළඟට යනතුරු පෙනෙන්නේ නැත. එලෙසම වැසි සහිත අවස්ථාවලදී සත් වැනි කන්දෙන්  ගලන දිය දහරා සහ ලිස්සන සුළු මඩ සහිත බුරුල් පසට අඩිය තැබීම සුපරීක්ෂාකාරී විය යුතුය.


තනිකරම වන පියසක් වෙතින් ගමන් කළ යුතු නිසා ඇතැම් විට හමුවන විෂ කටු සහිත පඳුරු සහ ශාක පිළිබඳවද පුංචි අවබෝධයක් තිබීම සෑහේ.
ඉර මුදුන් වන යාමය ලංවෙත්ම අප සප්ත කන්‍යාවියකගේ මුදුනකට නැග්ගෙමු. මෙහිදී 1 සිට 7 දක්වා කඳු වැටි නම් කිරීමට නිශ්චිත ක‍්‍රමයක් නැත. එම නිසා අප සිටි කඳු වැටියේ සිට එහා කෙළවරට අපි ගමන් කළෙමු. මේ යන අතරතුර කඩා වැටුණු ගුවන් යානයේ ඉතිරිව තිඛෙන පසට යටවුණු යකඩ කැබලි විය හැකි දෑ දැකිය හැකිය. එලෙසම වැඩි ඉඩකඩක් නොමැති කඳු මුදුන් වළදි පහළ හෙළ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. අහස් තලය සිඹින මීදුම් සේල අප දෙසට එන අතර ඒවා සුළඟ සමග ගත දැවටෙන විට දැනෙන සීතල විස්තර කළ නොහැකි තරම්ය.


අපගේ ගමනේදී මීට වසර 40 කට පෙර සිදුවූ අනතුරේ බවට සිතිය හැකි යකඩ කැබලි කිහිපයක් පොළොව යට කිඳා බැස තිඛෙනු දිටීය. එකල මහත් ව්‍යසනයක් වූ මෙම සිද්ධිය අදටත් මියගියවුන්ගේ ඥාතීන් බලවත් සොවින් ස්මරණය කරයි. ප‍්‍රබල ඝට්ටනයෙන් පසු යානයේ තෙල් විසිරී අවට වනලැහැබද ගිනිගත් අතර කඳු මුදුනේ සිට කඳු වැටිය පාමුල දක්වා යානයේ සුන්බුන් හා මළ සිරුරු නෙරා ආ කැලෑවෙන් වැසුණු බෑවුමකින් යුක්ත වූ විශාල පාතාලයට වැටුණේය. එදින කිසි කෙනෙකු නොඇසූ ශබ්දයට සප්ත කන්‍යාව අවටත් තෙබර්ටන් වතුයායේ වැසියනුත් ඇහැරිණි. ඔවුන්ගේ සිත් භීතියටත් දුකටත් පත් කරමින් සප්ත කන්‍යාවෝ ගිනිගන්නා දර්ශනය පෙනුණි.


මුහුදු මට්ටමේ සිට අඩි 5143 ක උසින් පිහිටි සප්ත කන්‍යා කඳු වැටියේ 5 වැනි කන්දේ අක්කර දෙකක පමණ ප‍්‍රදේශයක් පුරා යානයේ සුන්බුන් හා මළකඳන් විසිරී තිබුණි. දෙසැම්බර් 5 වැනි දින රාත‍්‍රියේදීවත් හෙළිකොප්ටරයකින් හමුදාවට කඳු මුදුනට බැසීමට හැකියාවක් නොතිබුණේ ඒ වන විටත් කන්ද ගිනි ගනිමින් තිබුණු නිසාත් කඳු වැටිය රත්වී තිබුණු නිසාත්ය. පැය 24 කට අධික අඛණ්ඩ ගිනි ගැනීම නිසාත් සුන්වූ යානය නිසාත් මතකයකටවත් බේරා ගැනීමට කිසිවක් ඉතිරිව නොතිබුණි. නමුත් එම යානයේ තිබූ එක් රෝදයක් පමණක් සමස්ත මතකයට ඉතිරිව ඇත. එය අදටත් එම වතුයායේ පොදු ප‍්‍රදර්ශනය සඳහා තබා ඇත. අක්කර ගණනක් පුරා යකඩ කැබලි විසිරුණු නිසා කාලයාගේ ඇවෑමෙන් ඒවා පොළෝ තලයට යටපත් වුණා. එලෙස යටපත් වුණු යකඩ කැබලි අධික වර්ෂාවට පස සේදී යාම නිසා යන්තම් මතුවී තිඛෙනු අප කාච ගත කළෙමු.


කෙසේ හෝ අනතුර සිදුවී දින හතරක් යන විටත් මළ සිරුරු සොයා ගත්තේ 100 ක් පමණි. ඉන් බොහෝමයක් තෙබර්ටන් වතුයායේ භූමදාන විය. අනතුර සිදුවූ තැනට ඒ වන විට ගුවන් සමාගමේ නියෝජිතයන් හා මියගිය පිරිසගේ නෑ හිතවතුන් රැසක් පැමිණ සිටියහ. එවන් ජීවිත ගණනක් සඟවා ගත් සප්ත කන්‍යාවෝ අදත් ඒ කඳු ගැටයේ සලකුණ සමග නැගී සිටිති. එලෙසම මෙම අනතුර ඇසින් දුටු සාක්ෂිකරු වන ලක්ෂපාන ඇල්ලත් සමනොළ මිටියාවතේ නොඉඳුල් දිය දහර හොවාගෙන ගලා ගෙන යයි.

 

ඹබඑසඑකැා-3


ඉතිහාසගත ඛේදවාචකයට මුල් වූ සප්ත කන්‍යා කඳුවැටිය තරණය කිරීම අපට එම අතීතය ආවර්ජනය කරන්නක් විය. මෙම අනතුරින් මියගිය බොහෝමයක් මුස්ලිම් ජාතිකයෝ වූහ. කෑලි කපන අඳුරක කිලෝමීටර් ගණනක් ඈතට පෙනෙන ලෙස හිස් අවකාශයක තිඛෙන මෙම කඳුවැටිය ගිනිගන්නා දර්ශනය සිතෙහි මවා ගත හැක. ඒ මොහොත කෙතරම් බියකරු දැයි අපට සිතා ගත හැක.


එම නිසාම සප්ත කන්‍යාවියන්ව ආරක්ෂා කරමින් අපි පරිස්සමෙන් තරණය කළෙමු. කඳුකර සීත පරිසර පද්ධතිය හොඳ හැටි හෙබි මෙම කඳුවැටිය ජෛව විවිධත්වයෙන්ද පොහොසත් වී ඇත.


ඉතා දුරින් පිහිටි සමනොළ කඳු මුදුනත් පහතින් ගලා යන ලක්ෂපාන දිය ඇල්ලේ දිය පහරත් මීදුම පහ වන විට දැකිය හැකිය. මස්කෙළිය බගවන්තලාව සහ ලක්ෂපාන නෝටන්බි‍්‍රජ් හරහා ගිනිගත්හේන ආශ‍්‍රිත ප‍්‍රදේශවල මුර බැඳි කඳුවැටි දැකගත හැකිය. අංශක 360 ක වපසරියක් දැක ගත හැකි අතර ඊට විටින් විට බාධා පමුණුවනුුයේ මීදුමය. ඒ කෙසේ නමුත් ඉතිරි කඳු වැටි සොයා අපි හෙමිහිට ගමන් ඇරඹුවෙමු.


එක්තරා අවස්ථාවකදී කඳු වැටි දෙකක් අතරින් ගමන් කිරීම ඉතා දුෂ්කර විය. බැලූ බැල්මට දුර තියා දකින විට පහසුවෙන් කඳු මුදුනේ සිට කඳු වැටි දෙසට ගමන් කිරීම දුෂ්කර නොවෙතැයි සිතුවත් එය සැබවින්ම අවදානම් කාර්යයකි. නමුත් අප කාලය වැය කරමින් ආරක්ෂාකාරීව කඳු වැටි අතර ගමන් කළෙමු. මීට හතලිස් වසරකට පෙර හැපුණු යානය මේ කඳුවැටිය මුදුනක එකම ගිනිගන්නා මුදුනක් බවට පත් කළේය. අක්කර කිහිපයක් පුරා පැතිරුණු ඒ ගින්නත් ඒ රුදුරු ව්‍යසනයත් සඟවාගෙන සප්ත කන්‍යාවෝ අදත් නැගී සිටිති. කෙසේ හෝ ගස් සහ පඳුරු මතින් ගමන් කොට අප කඳු වැටි 5 ක්  තරණය කළේ පැය දෙකකටත් අඩු කාලයකිනි. මීටර් 1200 කට වඩා උසැති මෙම කන්ද මෙම ප‍්‍රදේශයේ පැහැදිලිව දැක ගත හැකි එකම කන්දයි. එනම් හතරවටින්ම හිස් අවකාශයක් පවතින හෙයිනි. සමහර අවස්ථාවල දී පහළ හෙළේ පිහිටි ගම්මාන, ගෙවල් සහ මාර්ග දැක ගත හැකිය. නමුත් කඳුවැටිය අයිනටම අපට යාමට නොහැක. ඒ කෙළවර නොපෙනෙන හෙයිනි.


එක් කඳු වැටියක දිය දහරාවක් තිඛෙන නමුත් එය නිශ්චිතව නොමැත. කඳු වැටි සියල්ල හරහා අප ගමන් කළ පසු අපට දැනෙන විඩාව නිවාගනු වස් අප බිම අසුන් ගත්තෙමු. ගල් පර්වතයක් අසල වැතිරී ගෙන ආ ආහාරපාන භුක්ති විඳි පසු අප සූදානම් වූයේ කන්ද බැසීමටයි. කන්ද බැසීමේ දී වෙනත් මාර්ගයක් භාවිත කළ අතර එය තරමක් දුෂ්කර බව හැඟෙන්නට අපට වැඩි වෙලා ගියේ නැත. ඒත් කෙසේ හෝ දුෂ්කර බව අභියෝගයකට පෙරළාගත් අපි ළඟ තිඛෙන රිටි සහ පිහියා ආදියෙන් සමහර කටු පඳුරු එළිකරමින් ගමන් කළෙමු. නිමක් නැතිව තරගයකට මෙන් එල්ලෙන කූඩැල්ලන් නිසා අපට ඉමහත් කරදරයක් ඇති විය. අකිලගේ කකුලේ දණහිස පමණට නිදැල්ලේ ලේ උරා බී සිටි කූඩැල්ලා ඉතා විශාල වී තිබුණි. කෙසේ හෝ උගේ දළ සමේ නොසිටින ලෙස ඌව කඩා ඉවත් කළ පසු ගලන ලේ නැවැත්වීමට රෙදි පටි භාවිත කළෙමු. ලේ සුවඳට ඇදෙන කූඩැල්ලන් නිසා අපි පය ඉක්මන් කොට පල්ලම් බැසීමට තීරණය කළෙමු. එම නිසාම වැඩි කාලයක් වැය නොකර සැලකිය යුතු දුෂ්කර මාර්ගය තරණය කිරීමට අපට හැකි විය. පයින් කැලයෙන් ද ගමන් කළ නමුත් මෙම කැලයේ සෙසු කුඩා ශාක ද මහ ගස් හිඩැස් අතර වැවී තිඛෙනු දැක ගත හැකි විය.


සූරියකාන්ත, බෝවිටියා, ක්‍රෝටන් සහ මහගස් වසන වැල් රාශියක් සමග නම් නොදන්නා පුෂ්ප වර්ග ද මේ අවට තිබුණි. වල් ඌරන්, හඳුන් දිවියා සහ මුවා මේ පරිසරය ආශ‍්‍රිතව සිටින සතුන් ය.


එලෙසම අප නොදන්නවා වූවාට සමනොළ අඩවිය හා හෝර්ටන්තැන්න ආශ‍්‍රිතව වාසය කරන ප‍්‍රබල මාංශ භක්ෂකයා වන දිවියා ද මෙම කැලෑවල්වල සිටිය හැක. නිතරම සීත හා මීදුම් පිරි කාලගුුණයක් පවතින සප්ත කන්‍යා කඳුවැටියත් ඒ ආශ‍්‍රිත සුන්දර ගම්මානත් සරුසාරය. තේ කඳු සමග තව භෝග කරන මෙම ප‍්‍රදේශ බොහෝ විට වැසි බර අහසින් පිරී තිබේ.


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »