ඛෙලිලෙනට ගිහින්

2015-09-24 09:54:00       717
feature-top
ඛෙලිලෙනට ගිහින්

මීට වසර 30,000කට පමණ පෙර මේ දිය දහර මීට වඩා ප්‍රචණ්ඩව හැලෙන්න ඇති බව නිසැකය. මීට වසර 30,000කට පෙර මේ මුළු පළාතම මහා වනාන්තරයෙන් වැසී තිඛෙන්න ඇති බව නිසැකය. මීට වසර 30,000කට පෙර මානවයාගේ ආදිතමතයන් මේ සුවිසල් ගල්ගෙය තුළ දිවි ගෙවන්න ඇති බව නිසැකය. අප දැන් මේ පැමිණ තිඛෙන්නේ ආදි මානවයාගේ තවත් එක් ලැගුම්පොළකටය. නමින් කිව්වොත් ඛෙලිලෙනය. සුප්‍රකට බළන්ගොඩ මානවයාට වාසභූමි වූ මේ ගල්ගෙය ඉතිහාසයේ සාක්ෂි රැසක් සඟවාගෙන විරාජමානව සිටියි.

ඛෙලිලෙන යනු කළුගලෙන් නිර්මාණය වී ඇති දැවැන්ත ගල් ගුහාවකි. මෙතුළ පහසුවෙන්ම 1,000කට 1,500කට රැඳී ඉන්න පුළුවන්ය. අදින් වසර 30,000කට පමණ පෙර ආදි මානවයන් වාසය කළ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි ඛෙලිලෙනෙන් ලැබී ඇත. ඛෙලිලෙනෙහි කළ කැම්වලින් ආදි මානව සිරුරුවල ශේෂ, ගල් ආයුධ, ආදි මානවයන් ආහාරයට ගත් ආහාර වර්ගවල ශේෂ, ඛෙලිකටු ආදිය හමුවී තිබේ.
  ඛෙලිලෙනෙහි සුවිශේෂත්වයක් වන්නේ ලෙන මුදුනේ සිට පහළට ඇදහැලෙන දිය දහරාවයි. මහ වැස්සක් ඇද හැලෙනවා වගේ එය දවස පුරාම ලෙන ඉදිරිපිටට ඇද හැලේ. ගතසිත වෙහෙස නිවා ගැනීමට මේ දිය දහර කදිමය. මෙයට හිස අල්ලා නා ගැනීම අමුතුම අත්දැකීමකි. මීට වසර 30,000කට පෙර ආදි මානවයන්ද මේ දිය දහරට හිස අල්ලා නා ගන්න ඇත.

ඛෙලිලෙනෙහි මීට වසර ගණනාවකට පෙර කුඩා බෞද්ධ විහාරයක්ද තිබී ඇත. එක් භික්ෂුන් වහන්සේ නමක්ද එහි වාසය කර ඇත. එහෙත් අද ඒ සියල්ල ස්වභාවධර්මයට සින්න වී ඇත. පැරැණි සංඝාවාසයක නටබුන් පසෙකින් දැකිය හැකිය. බුදු ගෙයක, දහම් දෙසන මණ්ඩපයක ශේෂ ලෙන තුළ තවමත් තිබේ. එසේම කැම් කළ ස්ථානද ලෙන තුළ ඔබට නැරැඹිය හැකිය. ඛෙලිලෙන නැරැඹූ අපි නැවැත අප නවාතැන් ගත් හෝටලය වෙත පිටත් වුණෙමු. දැන් නම් ගතට දැඩි වෙහෙසක් දැනේ. තේ වත්තක් මැද ඇති හෝටලයේ පිහිනුම් තටාකය අපගේ ගත සිත සනහාලීමට මඟබලා සිටී.

සඳුන්

Wmqgd .ekSu uu mqj;am; weiqfrks

More News »