ලෝක උරුමයක් වූ පහතරට වැසි වනාන්තරය - සිංහරාජය

2015-09-30 04:57:00       754
feature-top
ලෝකයේ ආදි කාලීන නිවර්තන වැසි වනාන්තර අතරට ඒක්වන ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයේ හදවත ලෙස සැලකෙන සිංහරාජ වනයද අයත්වේ. මෙය ලෝකයේම ඉතිරිව පවත්නා එක් නොඉඳුල් වැසි වනාන්තර පද්ධතියකි. මිනිස් පහස නොලද ශී‍්‍ර ලංකාවේ පහතරට අවසන් නිවර්තන වැසි වනාන්තරය ලෙස ද සැලකේ.

සිංහරාජ වනයේ සිය ආධිපත්‍ය පතුරුවාගත් සිංහයෙක් වනයේ සතුන්ටත් ප‍්‍රදේශයේ ගම්වැසියන්ට මහත්සේ හිරිහැර කර ඇති බව ජනප‍්‍රවාදයේ පැවසේ.වනයට ඇතුළු වූ ශක්ති සම්පන්න පුද්ගලයකු විසින් මේ සිංහයා ගල් ගසා මරාදැමූණු බවත් සිංහයා ජීවත් වූ ගුහාව සිංහගල ප‍්‍රදේශය වශයෙනුත් ආධිපත්‍යය දැරූ වනය සිංහරාජය වශයෙනුත් වී යැයිද ජනප‍්‍රවාදයේ පවතී. සිංහල ජාතියේ ආරම්භකයා යැයි සැලකෙන සිංහයෙකුට මෙය වාසභවනය වූ බවටද ජනප‍්‍රවාදයේ එන විශ්වාසයකි. සිංහලයේ රාජවනය හෝ සිංහල රජවරුන්ගේ රාජකීය වනය හො වීයැයිද ජනප‍්‍රවාදයේ දැක්වේ.

තෙත් කලාපයේ ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ති‍්‍රක්ක තුන තුළ හෙක්ටයාර් 11,187 ක් (අක්කර 23,000) පුරා ව්‍යාප්තව ඇති සිංහරාජ වනය ලොවපුරා පරිසරවේදීන්ගේ අවධානයට ලක්වූ පරිසර පද්ධතියකි.ලෝක උරුම පරිසර සංරක්ෂණ ලැයිස්තුවට ඇතුළත්ව සංරක්ෂණයට ලක් වී ඇති සිංහරාජ වනාන්තරය 1926 මැයි 21 වැනි දින සිංහරාජ වනය සංරක්ෂිත වනාන්තරයක් ලෙස නම් කෙරිණ. නමුත් එම නම් කිරීම 1936දී අවලංගු කර ඇත. 1975 දී සිංහරාජ වනය ජෛව ගෝලය යටතේ ආරක්ෂිත ප‍්‍රදේශයක් වශයෙනුත් 1978 දී ජාත්‍යන්තර මිනිසා හා ජෛවගෝල රක්ෂිතයක් වශයෙනුත් නම්කර ඇත. සිංහරාජය 1977 දී දැඩි ආරක්ෂිත වනාන්තරයක් වශයෙන් ශී‍්‍ර ලංකා රජයද, 1989 වසරේදී යුනෙස්කෝව විසින් ලෝක උරුම වන භූමියක් වශයෙන්ද නම් කළ අතර ලෙස නම් කරන ලදී.
භූගෝගීය ලක්ෂණ
සිංහරාජ වනය නිරන්තර වැසි වනාන්තරයක් වී ඇති අතර මෙයට නිරිතදිග හා ඊසානදිග යන මෝසම් දෙකින්ම වැසි ලැඛෙයි. එහෙත් වනාන්තරයට වැඩිම වර්ෂාපතනයක් ලැඛෙනුයේ නිරිතදිග (මැයි-සැප්තැම්බර්) මෝසම් සුළඟිනි. එහි සාමාන්‍ය වර්ෂාපතනය මිලි මීටර් 3000-6000 පමණවේ. අඩුම වර්ෂාපතනය මිලි මීටර් 50ක් පමණ වේ.

සිංහරාජ නැරඹිම සඳහා මහජනයාට විවෘත ප‍්‍රදේශයට ඇතුළුවීමට මාර්ග සතරක් ඇත. එනම් කලවානංවැද්දාගල මාර්ගය, රක්වානංමෝනින් සයිඞ් මාර්ගය, හිනිදුමංනෙලූව මාර්ගය සහ දෙනියායංපල්ලෙගම මාර්ග ඔස්සේ පැමිණිය හැක. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වන්නෙකු නොමැතිව මෙම පෙදෙස්වලට ඇතුළුවීමට අවසර දෙනු නොලැබේ.

මුහුදු මට්ටමේ සිට මීටර් 300 ං 1170 (අඩි 1000 ං 4000) ක් උස සිංහරාජය, සබරගමුව සහ දකුණු පළාත්වලට අයත්ව රක්වාන කඳුපන්තියේ බෑවුම් සහ නිම්න ඔස්සේ පැතිර ඇත. මෙහි මීටර් 600 ට වැඩි කඳු හතක් දැකිය හැකිය.ඒවා නම් හිනිපිටිගල(මීටර් 1168), තිබ්බොට ගල(මීටර් 904), කොස්ගුලන(මීටර් 797),දෝතලූගල (මීටර් 769),මුලාවැල්ල (මීටර්742) හා සිංහගල(මීටර් 742),පතිනිගල (මීටර් 605) යන කඳුමුදුන්ය. මෙහි උසම ස්ථානය හිනිපිටිගල (බටහිර) කඳුමුදුනයි. මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 1170 උසය. අවම උස මීටර් 90කි.
පාංශූ ස්තරය

රතු කහ පොඞ්සොලික් කාණ්ඩයේ පස් සහ ජලය ආශි‍්‍රත ප‍්‍රදේශවල ඇලූවියස් පස්ද දැකිය හැකිය. මෙහි පවතින උෂ්ණත්වය සහ අධික වර්ෂාපතනය ආදී දේශගුණික සාධක අනුව සිංහරාජයේ මවු පාෂාණ කබොක් සහ ලැටරික් පස් බවට පරිවර්තනයවේ. අවුරුද්ද මුළුල්ලේම පවතින අධික වර්ෂාව නිසා මෙහි තෙත් සහිත ස්වභාවය සහ පාංශූ ජීවීන්ගේ පුර්ණ කි‍්‍රයාකාරිත්වය නිසා පසට එකතුවන පෝෂක නැවත ඒ ශිඝ‍්‍රතාවයෙන්ම පසට උරාගනී. මේ නිසා සිංහරාජයේ එතරම් සාරවත් පසක් නැත.
ජල දහරා

සිංහරාජයෙහි ගලා යන දිය දහරාවන්ගෙන් පෝෂණය ලබන ගංගා දෙකකි. මෙහි දකුණු ප‍්‍රදේශයෙන් ගිං ගඟත් උතුරු ප‍්‍රදේශයෙන් කළු ගඟත් ගලා බසී. නාපොළ දොළ, කළුකන්දාව ඇළ,මහ දොළ, කොස්ගුලන ගඟ,පිටකැලේ ගඟ සහ කුඩව ගඟ ආදී ගංගා රැුසක් පවතී. මෙහි බ‍්‍රාහක්මන ඇල්ල,ගල්දොරුව, දුලී ඇල්ල,ඌරා වැටුණ ඇල්ල ආදී දිය ඇලි රැුසක්ද දක්නට ලැබේ.
ශාක පද්ධතිය

නිවර්තන වර්ෂා වනාන්තරයක් සහ නිවර්තන තෙත් සදාහරිතලෙස වර්ග කර ඇති සිංහරාජ වනාන්තරයෙ වසර පුරාම හරිත වර්ණයෙන් යුත් ස්තර 5කින් සමන්විත ශාක පද්ධතියක් දක්නට හැකිය. විශේෂයෙන් සිංහරාජ වනාන්තරය තුළ පවතින ශාක පද්ධතියේ අපේ රටේ දැකිය හැකි ශාක වර්ගවල වල් දර්ශක (උදාවල් කුරුදු, වල් ගම්මිරිස්,)දැකගත හැකිවීම විශේෂත්වයකි. ප‍්‍රධාන ස්ථරයන්ට අමතරව ආරෝක ශාක, අපි ශාක සහ පිළිල ද බහුලව සිංහරාජය තුළ වැඬේ. වඳවී ගොස් ඇතැයි සැලකෙන .. වැනි මීවන ශාක ද සිංහරාජයෙන් සොයාගෙන ඇත. සිංහරාජයට පමණක් ආවේණික ශාක ගණ 13ක් ඇත. මේ අතරින් ආවරණිත ශාක ප‍්‍රජාවන්ගෙන් සියයට 75ක්ම ලංකාවට පමණක් ආවේණික ශාක ප‍්‍රජාවන්ගෙන් යුක්ත වන බව පරිසර විද්‍යාඥයන් සොයාගෙන ඇත. පොදුවේ සිංහරාජයේ ශාක පද්ධතිය තුළ සදාහරිත ශාක පිහිටීම,උසින් වැඩි ශාක දක්නට ලැබීම,පෙළොවට සූර්යාලෝකය අඩුවෙන් ලැබීම,යටි රෝපණ,ඉහළට යන වැල්වර්ග බහුල ශාක මතුපිට දිරායන ශාක කොටස් බහුලවීම, අතු නොඛෙදුණ කඳන් සහිත ශාක ආදියත් සිංහරාජ වන පද්ධතිය තුළින් දැකිය හැකි වීම තවත් විශේෂ ලක්ෂණයකි.
නෙරු ස්තරය

මෙය මීටර් 45ට වැඩි උසකින් යුත් ශාක පද්ධතියකින් සමන්විතය. තැනින් තැන දැකිය හැකි මෙම ශාක පද්ධති වලට සූර්යාලෝකය හොඳින් ලැබේ. හොර, බූ හොර, දෙරණ,දුන් වැනි විශේෂ ශාක මෙම ස්තරයේ තුළ දැකිය හැක.
වියන් ස්තරය

මීටර් 3045 දක්වා උසින් යුක්ත ශාක පද්ධතිය මෙම ස්ථරයට අයත්ය. දුරස්ව වැඩෙන මෙම ශාකවලටද සුර්යාලෝකය හොඳින් ලැබේ. හොඳින් වැඩෙන ශාක පද්ධතියක් වු මෙහි තුරු වියන් ඉතා ආසන්නයෙන් පිහිටා ඇත. මේ නිසා වායන් ස්ථරය තුළ වැඩෙන ශාක තරමක් විශාල වූ හොඳින් වැඩුණ ශාක පද්ධතියකි. බටු නා,නා ඇටඹ,ඛෙරලිය,වැලපියෙන්න,යකහලූ, අරිද්ද,ලියන්, කුරුම්බැට්ටිය, තිනියදුන්, බුහොර, වල්දෙල්, කටුබොද, බටු කීන වැනි ශාක මෙම ස්තරයේ වැඬේ.
උප වියන් ස්තරය

සූර්යාලෝකය පොළොවට වැඞීම අඩුකරවන ශාක පද්ධතියක් මෙයට ඇත. උසින් මීටර් 1530 අතර ප‍්‍රමාණයෙන් යුත් ශාක පද්ධතියකින් සමන්විත මෙම උප වියන් ස්තරය හැඩවක, මලබොඩ, කිතුල්, දවට, පණුකෑර, කටුමොද, වලූකීන, වල්මෝර, තිත්තවෙරලූ, පත්බේරිය, දියනා ආදී ශාකවලින් සමන්විතය.
යටි වියන් ස්තරය

මීටර් 515 අතර ශාක පද්ධතියකින් මෙම යටි වියන් ස්තරය ආවරණය වේ. මඩොල්, කුඩුම්බේරිය, බට, බෝකෑර, වල්බෝඹු, වනහලූ, වල්කෝපි, අතු කැටිය, ගල්කන්ද, වැනි ශාක ප‍්‍රජාවකින් යුක්තය.
යටි වගාව

පඳුරු හා මිවන ශාක ප‍්‍රජාවකින් සමන්විත යටි වගා ස්තරය හෙවත් බිම් ස්තරය තුළ ශාක වැඩෙන්නේ මිටර් 5 වඩා ශාකයන්ය. මෙම ශාක ප‍්‍රජාවට සුර්යාලෝකය අඩුවෙන්ම ලැබේ. වල්බෝඹු, වනඉදල, පින්න, පිනිබරු, පේර තඹල, තාපස බුලත්, වල්කඳුරු ආදී ශාක ආදියත් දැකිය හැකිය.
වනාන්තරය තුළ දක්නට ඇති මත්ස්‍යයන්

තල්කොස්සා, දම්කොළ සාලයා, මඟුරා, ලේ තිත්තයා, හිත මත්සයා, බුලත් හපයා, ගල් පාඩියා, වයිරං අභිරාවා, කොළ කනයා
සත්ව ප‍්‍රජාව

ලෝක උරුම සංරක්ෂිත වන උයනක් වන සිංහරාජය තුළ විශාල සත්ත්ව ප‍්‍රජාවක් දක්නට හැකිය. සමනල විශේෂ 65ක් පමණ මෙහි දක්නට හැකිය. ශී‍්‍ර ලංකාව තුළ දැකිය හැකි විශාලම සමනලයා වන (ක්‍දපපදබ ඊසරාඅසබට) හා වෙනත් සුලබ සමනල විශේෂද ලංකාවට පමණක් ආවේණික සමනල විශේෂ රැුසක්ද සිංහරාජයේ සිටි. මේ අතරම ලංකාවට පමණක් ආවේණික වූ විශේෂ සත්ත්ව විශේෂ 10ක් ද, වන අතර මෙහි මෙතෙක් සොයාගෙන ඇති ආවේණික සත්ත්ව විශේෂද ඇතුළත්ව සම්පුර්ණ උභයජීවී විශේෂ 27ක් ද සොයාගෙන ඇත. මෙහි ඇති උරග විශේෂ සංඛ්‍යාව 43කි. ආවේණික පක්ෂි විශේෂ 26න් 25ක්ම මෙම වනාන්තරය තුළ සිටින බව හඳුනාගෙන ඇති අතර වනාන්තරය තුළින් හදුනාගෙන ඇති පක්ෂි විශේෂ සංඛ්‍යාව 158 කි. විශාල සත්ත්ව ප‍්‍රජාවකින් සමන්විත සිංහරාජය තුළ ක්ෂීරපායින් සත්ත්ව ප‍්‍රජාවක්ද දක්නට හැකිය.මෙහි ක්ෂිරපායි 40ක් පමණ හඳුනාගෙන ඇති අතර ඉන් ලංකාවට ආවේණික ක්ෂීරපායි සත්ත්ව විශේෂ 07 ක් හඳුනාගෙන ඇත.
ආවේණික උභය ජීවී විශේෂ

නොලර්ටිගේ ගෙබ්බා, කොටගමී කුරුගෙම්බා, කරුණාරත්නගේ මුව පටු මඩියා, කුඩා කන් ඇටිකිත්තා, කෙලාටිගේ කුරු ගෙම්බා, කහ වයිරම් පණු ගෙම්බා, වක රැුළි මැඩියා
සිංහරාජයේ දක්නට ලඛෙන ආවේණික ශාක

හොර, දොරණ, කීන, බදුල්ල, ගොඩපර, වනරාජ, ඉරු රාජ, බටු නා, කිරිහැඹිලිය, තිනියදුන්, ගොඩඛෙරලිය, ඛෙරලිය, තීනියා, මඩොල්, අතුකැටිය
ආවේණික පක්ෂි විශේෂ

වළි කුකුළා හබන් කුකුළා, කැහිඛෙල්ලා අළු කෑඳැත්තා, වතරතු මල්කොහා, මයිලගොයා, කඳුකර වී කරුල්ලා, වතසුදු ශාරිකාවා, පිට තඹල වන බස්සා, ලංකා රුවිරැසියා, බට ඇටි කුකුළා, තිත්පිය තිරාසිකයා, ලංකා සිතැසියා, හිස රතු කොට්ටෝරුවා, රන්නලල් කොට්ටෝරුවා, හිස කළු කොණ්ඩයා, පීත කන් කොණ්ඩයා, අඳුරු නිල් මැසිමාරා, අළු ගිරවා, ගිරා මලිත්තා, ලංකා පිළිලිච්චා, මුදුන් බොරග දෙමලිච්චා, රතු දෙමලිච්චා, අළු දෙමලිච්චා, ලංකා සැළලිහියා,
වනය තුළ ඇති වැල් වර්ග

වෙනිවැල්, රසකිඳ, පුස්වැල්, වල්ගම්මිරිස්, තම්බොටු, බඹර වැල්, කුඩුමිරිස්ස උරග විශේෂ සමහරක් දාර රදනකයා, මුදු කරවලා, පළා පොළඟා, දෙපත්නයා, මාපිලා, කඹර දත්කැටියා, පුල්ලි දත්කැටියා, නයා, කරුගේ අංකටුස්සා, පුංචි අංකටුස්සා, ලේ මැඩිල්ලා, පිනුම් කටුස්සා, කරමල් බෝදිලිමා, ඇහැටුල්ලා, පිඹුරා, තිත් පොළඟා

Wmqgd .ekSu kK mqj;a m; weiqfrks

More News »