සූරියකන්ද දුර්ගයේ සිට හිමිදිරි පෙදෙසට ගිය ගමන

2015-10-15 09:24:00       729
feature-top
සබරගමුවට හිරු පෑයූ තවත් එක් දිනයකි. හපුතලේ සිට බලංගොඩ, පැල්මඩුල්ල හරහා කහවත්තට සේන්දු වුණු අපි සීතල පොළොවෙන් මදක් ඔබ්බට ගිය දෙනියාය පාර ඔස්සේ රක්වාන නම් සුන්දර ග‍්‍රාමයකට පැමිණියෙමු. ඒ එන අතරමග වෙනස් වූ පරිසර පද්ධති මැද අපගේ අද දවසේ ගමනාන්තය ගැන සිතමින් ආවෙමු.
සිංහරාජයේ නැගෙනහිර මායිමේ පිහිටි එක්තරා සුවිශේෂි කුඩා බිම් කඩකි. තෙත් කලාපීය පරිසරයෙන් මදක් ගිලිහුණු රක්වාන හා දෙනියාය අතරින් යා හැකි හිමිදිරි පෙදෙස (ඵදරබසබට ීසාැ) යනු ඉතාමත් අලංකාර ස්ථානයකි. එම ප‍්‍රදේශය හිමිදිරි පෙදෙස ලෙස හඳුන්වන්නේ උදේ සිට සවස අඳුර එනතුරුම එම සීමිත ප‍්‍රදේශය හිමිදිරි උදය මෙන් පැවතීමය.


පරිසරයේ කාලගුණික හා වටපිටාව දහවලටත් සවසටත් එකම ලෙස දිස්වේ. නිතරම මීදුම් සළු අහස් වියනේ ගෙත්තම් කරගෙන සිටින සොඳුරු ඉසව්ව සොයා අප බොහෝ අය නොයන මාර්ගයකින් ඉතා දුෂ්කර හා අවදානමෙන් යුතු පාද චාරිකාවක යෙදුණු අත්දැකීම මෙයයි.


රත්නපුර සිට හෝ බදුල්ල ප‍්‍රදේශයේ සිට පැමිණෙන විට පැල්මඩුල්ලෙන් කහවත්ත හරහා රක්වානටත් ඉන්පසුව සූරියකන්දටත් පැමිණිය යුතුය. ගාල්ල ප‍්‍රදේශයේ සිට දෙනියාය හරහාද සූරියකන්දට පැමිණිය හැකිය. සූරියකන්ද ප‍්‍රදේශයේ දකුණු පෙදෙසට වන්නට සම්මත මගක් තිඛෙන අතර එයට වන ජීවි සංචාරක බංගලාව ආශ‍්‍රිතයටම පහසුවෙන් යා හැකිය. එහෙත් රක්වාන සිට පැමිණෙන විට මාර්ගයේ දකුණු පසින් කුඩා තේ වත්තක් මැද හිමිදිරි පෙදෙස ගැන නාම පුවරුවකි. එතැන් සිට ඉතා අබලන් දුෂ්කර කඳුකර මගක් ඔස්සේ කි.මී. 7ක් ගෙවමින් හිමිදිරි පෙදෙසට ළඟා විය හැකිය. අප තෝරා ගත්තේ එම දුෂ්කර මාර්ගයයි.

 


මීටර 500ක් පමණ යතුරුපැදිවල ගිය පසු තවදුරටත් ඉදිරියට යතුරුපැදිවල යෑමට තරම් මගක් එහි නොවීය. එබැවින් මාර්ගයේ අසබඩ යතුරුපැදි නැවතූ අපි කදමලූ රැුගෙන අඩි 5ක් පමණ පළල ගල් වැටි, පස් බොරළු පිරි මාර්ගයේ යෑමට පටන් ගත්තෙමු. ඉදිරියෙන් සුවිසල් කඳු වැටියක් පෙනෙන අතර ගම් වැසියෙකුගෙන් දැනගත් පරිදි අප මෙම මාර්ගයේ එම කඳු මුදුනටම යා යුතුය. එතෙක් මේ සමස්ත කන්දම තරණය කළ යුතුය. කඳු මුදුනට ගිය පසු තැනිතලාව මෙන් මාර්ගය තිඛෙන බවත් ඉන් එහාට නිලට නිලේ විවෘත කඳු මිටියාවතක් තිඛෙන බවත් ඔහු පැවසීය.
උදෑසනින්ම තේ කූඩය පිට බැඳ ගෙන මිරිවැඩි නොමැති දෙපයින් ගල්වලට පදම් වූ දෙපයින් යුහුසුළුව දළු නෙළන කාන්තාවන් බොහෝමයක් මේ අපට දැකිය හැකිය. විටින් විට තැනින් තැන ගස් පඳුරු අතරින් චිරි චිරි හඬින් ගලා යන වතුර පහරවල් බොහෝමයක් තිඛෙන අතර අතරමග අපට මුණගැසුණු පුද්ගලයකු වංගු ගසා යන මීටර් 500ක පමණ මාර්ගය ඍජුවම කැලෑව හා පඳුරු අතරින් කන්දක් නගිමින් අපව කෙටි මගකින් ගෙන ආවේය.


පසුව තෙහෙට්ටුව මකාගනු වස් නැවතී පරිසරයේ චමත්කාරය ද බලමින් අසල ඇති වැටි මත වාඩි වුනෙමු. එහිදී අප ප‍්‍රථම වරට කූඩැල්ලන්ගේ ප‍්‍රහාරයට ලක්විය. මේ වන විට තේ වගාව පිරි ප‍්‍රදේශය අවසන් වී ඇත. මග දෙපස ඇත්තේ කැලය පමණි. යන්තම් හිරු එළිය තිබුණු නිසා වනාන්තරය යම් දුරකට දැකිය හැකිය. ක‍්‍රමයෙන් අවට තිබූ ගෙවල් කිහිපයෙනුත් ඈත් වුණු අපි අප දැඩි පාළු පරිසරයක් මැදින් ගමන් කළෙමු. වංගු ගැසී ඉහළට ඇදෙන මාර්ගයේ අපගේ තනියට ඇත්තේ හරිත පැහැ ගැන් වූ පරිසරය පමණි. මෙසේ කි. මී. 3ක් පමණ යන විට ප‍්‍රදේශයේ ඉහළ ස්ථානයකට අප ආ බව වැටහුණි. එනම් කන්දේ මුදුනත ආසන්නයටය. ඒ අසල විශාල නිවසක් තිබුණු අතර එහි කිසිවකු සිටියේ නැත. මෙතැන් සිට ඉහළටම යන මාර්ගය එලෙසම පළලින් යුක්ත විය.
තවත් මීටර් කිහිපයක් ගිය පසු අපට පෙරකී තැනිතලා මග හමුවිය. නමුත් දෙපස ඇත්තේ කැලෑව පමණි. මාර්ගය තරමක් පටු වූ අතර මාර්ගය පුරා තණකොළ වැවී තිබිණි. ගල් කුළු දෙකක් මැදින් ඉදිරියට ගිය පසු වෙනමම ලොවකට ඇතුළු වූවා වැනිය. මිනිස් වාසයෙන් තොර වූ මේ ප‍්‍රදේශය සිංහරාජයේ මායිමයි. මාර්ගයේ ඉදිරියටම යන විට අපට විශාල ගැටලූවකට මුහුණ දීමට සිදුවිය. එනම් අඩියෙන් අඩිය තම ජනාවාස ඉදිකරගත් කූඩැල්ලන්ය.


මේ ප‍්‍රදේශයේ වුව දිවියා, ගෝනා, මුවා මෙන්ම අධික විෂඝෝර සර්පයන්ගේද අඩවියක් වේ. ලාහිරු එළිය තිබුණද කූඩැල්ලන් එයට බිය වී ඇති වගක් අපට දක්නට නොතිබිණි. කෙසේ හෝ එය ඉක්මන් කොට ඉදිරියට ඇදුණු අපට බියකරු දසුනක් නෙත ගැටුණි. එනම් අඩි 5කට වඩා දිගු ඉතා විශාල සර්ප හැවකි. හැව මාර්ගය පුරා වැටී තිබිණි. හැව මෙලෙස නම් තවත් කොතරම් සර්ප ගහනයක් මේ ප‍්‍රදේශයේ ඇත්දැයි අපට සිතුනි. එමනිසා අප ඉතා අවධානයෙන් යුතුව ගමන් කළේ සර්පයින්ට අපගේ දෙකකුල් නිරාවරණය වී තිබුණු හෙයිනි.
හරිත පැහැ වෙළාගත් මුළු පෙදෙසම ඇත්තේ ඈතට විහිදුණු තුරුලතා පමණි. ලෝක උරුමයක් වන සිංහරාජ රක්‍ෂිතයේ එක් මායිමක අප ගමන් කරන්නේ කඳුකර හා තෙත් කලාපීය පරිසර පද්ධති දෙකක සුන්දරත්වය විඳිමිනි. ඈතින් ඈතට වංගු ගැසී යන පාර එකම මහඉලූක් තණකොළවලින් ගහන විය.


සමස්ත මාර්ගය පුරාම කූඩැල්ලන් සිටින නිසා අපි පය ඉක්මන් කොට ඉදිරිය බලා ඇදුනෙමු. මේ මාර්ගය සමතලා හෙයින් දෙපාවලට වෙහෙස දැනෙන්නේ නැත. මහන්සිය මකා ගනු වස් අසුන් ගැනීමට සුදුසු ස්ථානයක් හෝ පර්වතයක් අහල පහළක නොවීය. එමනිසා අවසන කරා යෑමේ අදිටනින් අපි ගමන් කළෙමු.


තවත් කි.මී. 2ක් පමණ ගිය පසු අපට විශාල එළිමහන් ප‍්‍රදේශයක් දක්නට ලැබිණි. හිමිදිරි පෙදෙස යනු හිරු එළියෙන් පෝෂණය වන හිමිදිරියේ තිඛෙන මුකුලිත බව දවස පුරා රැුදී තිඛෙන සුවිශේෂි පියසකි. හෙක්ටයාර ගණනක් පුරා විහිදුනු මේ දැවැන්ත රක්‍ෂිතයේ තිඛෙන මේ කොටස එක් පාරිසරික වස්තුවක් පමණි.
මෙසේ තවත් දුර යාමේදී අපට අදාළ සුන්දර ස්ථානයට ළඟාවීමට හැකි විය. මාර්ගය අලංකාර ලෙස සකස් වී තිබුණු අතර තවමත් මීදුම් සළු ඒ මේ අත සැරිසරමින් තිබිණි. මේ ස්ථානයේදී ගතට දැනෙන සංවේදී සීතල සහ නිදහස අප අතර සැරිසැරුවේ අප සියොතුන් කැලක් මෙන් සිතමිනි. අපගේ නිදහසට බාධා කරනු වස් කිසිදු සංචාරකයකු මේ වන විට පැමිණ සිටියේ නැති අතර අප හා මෙහි අසිරිය විඳින්නට සිටියේ කුරුල්ලන් කිහිපදෙනකු සහ ගෙම්බන් කිහිප දෙනකු පමණි.


මෙතැන් සිට ඉදිරියට මාර්ගය තරමක් පැහැදිලිය. බොහෝ පිරිස එන්නේ එම මාර්ගයෙනි. තවමත් දූෂිත වී නොමැති මේ වටපිටාව සොබාදහමේ විචිත‍්‍රත්වය හා මිත‍්‍රත්වය කියාපාන්නට කදිම නිදසුනකි. මෙහි මඳක් නැවතුණු අපි විවේක ගෙන අසල වූ කැලෑබද පරිසරයට නිකමට රිංගුවෙමු. විශාල පඳුරු හා සුළඟට ලෙළෙන දැවැන්ත රුක් අතර ආහාර සොයා ඇවිදින උරග විශේෂ කිහිපයක් අපි දුටුවෙමු.


කෙසේ හෝ හිමිදිරි පෙදෙසින් සමුගෙන නැවතත් ආ මගේම යායුතු බැව් සිහිවන විට සිතට සැනසුමක් නම් නොවීය. මන්ද මිලියන ගණනක් වාසය කරන කූඩැල්ලන් නිසාය. විටෙක අපි එක එල්ලේ බොහෝ දුර ගමන් කළ පසු යම් තැනක නැවතී උන් සියල්ල ගලවා විසි කළෙමි. අකිල සමහර විටක තම අත්ලේ උන් දවටාගෙන සුරතල් කළේය. සමහරුන් දණ පමණට නැග තිබිණි. මේ ප‍්‍රදේශයට එන විට කූඩැල්ලන්ට පාවිච්චි කිරීමට සුදුසු සබන් වතුර, සිද්ධාලේප හෝ පොලිතින් ආවරණ රැුගෙන ඒමට අමතක නොකරන්න. එලෙසම මේ මාර්ගයෙන් පිටතට කිසිම විටෙක අඩියකුදු නොතැබීමට සිහි තබාගන්න. සංචාරක බංගලාව එම ප‍්‍රදේශයේ තිබුණු අතර අප ගිය වේගයට වඩා ඉක්මණින් නැවත ආ අතර ගල් පර්වත දෙබොක්කාව ළඟින් සමතලා පාර ඉවර වුණි.
දැන් අපට ඉතිරි කිලෝ මීටර ගණන බැසීමට සිදු වේ. මාර්ගයේ තැනින් තැන කුඩා දිය දහරා තිබුණු අතර ගල්වැටි, බොරළු නිසා සමහර විට ලිස්සීමට ලක් විය. සූරියකන්ද ප‍්‍රදේශයේ තිඛෙන මෙම අවශේෂ කඳු, ලඳු කැලෑ මෙන් මෙහි වාසය කරන ඉතා සීමිත ජනතාව බොහෝ දුක් ගැහැට විඳ බරැුති ද්‍රව්‍ය ඉහළට තරමකින් රැුගෙන යති.


කිසිදු දුරකථන ජාලයක සන්නිවේදන හැකියාවක් මේ ප‍්‍රදේශයේ නොතිබුණු අතර ක‍්‍රමයෙන් පහළට එන විට සියල්ල යථා තත්ත්වයට පත්ව තිබිණි. දුර තියාම අපට අපගේ යතුරුපැදි දැකිය හැකි වූ අතර ඒ සඳහා තවත් කිලෝමීටරයකට වඩා ගමන් කිරීමට අපට තිබිණි.


තේ දළු නෙළීමේ යෙදී සිටින බොහෝ කාන්තාවන් තේ පානය කිරීමට තැනින් තැන රංචු ගැසී සිටි අතර සමහරුන් අසල විශාල පොට්ටනි දක්නට ලැබිණි. සමහර ස්ථානවල නිවී ගිය ගිනි මැල තිබුණු අතර අපට සිනහවකින් සංග‍්‍රහ කළ ඔවුන් අප ගිය ගමන ගැන විස්තර අසා සතුටු වූ බව අපට දැනුණි.


කෙසේ හෝ යතුරුපැදි කරා පැමිණි අප දෙනියාය හරහා සිංහරාජ මායිම දිගේ ඉදිරියට ඇදුනේ හත්මාලේ ඇල්ල නැරඹීමටය. හත්මාලේ ඇල්ල උඩ සිට සිහින්ව පැමිණ අවසානය වන විට බොහෝ පළලින් කඩා වැටේ. ඉතා පුළුල් ප‍්‍රදේශයක් ආවරණය කරගෙන කඩා වැටෙන මේ ඇල්ල මහල් සතකින් යුක්ත වේ. ඇල්ලේ එක් කෙලවරක සිට අනෙක් කෙළවරකට යාමට සිදුවන්නේ සැඩ දිය පහර මතින් ගල් තලාවන් ඔස්සේ දියට බැසීමෙනි. සිංහරාජය නම් මහා ධනස්කන්ධයට හිමි හත්මාලේ ඇල්ල සහ ධූලි ඇල්ල, බ‍්‍රහ්මණ ඇල්ල යනු වටිනා මාණික්‍ය කිහිපයකි. දිය ඇලි හිමිකාරීත්ව ප‍්‍රදේශයේ අවසන් දිය ඇලි කිහිපය මෙය විය හැකිය.
එලෙසම රක්වාන ප‍්‍රදේශය යනු ලංකාවේ උසම දිය ඇල්ලක් වන හඳපාන් ඇල්ල, ඩැල්වින් ඇල්ල සහ අරඹේ ඇල්ල වැනි සුන්දර දියඇලිවල තෝතැන්නයි. රක්වාන සහ දෙනියාය අතර ප‍්‍රධාන මාර්ගය පුංචි දහඅට වංගුව කියා හඳුන්වයි. ඉතා උස රූස්ස ගස් මැදින් වැලමිටි වංගු ගණනාවකින් සමන්විත ඉතා අලංකාරවත් හුදකලා මාර්ගයකි. කඳු වැටි, තේ වතු සහ හැංගි හැංගි එබිකම් කරන දිය ඇලි අතරින් ඉහළට ඇදෙන රක්වානංදෙනියාය මාර්ගයේ පිහිටි සූරියකන්ද යනු තවත් සුන්දර ගම් පියසකි.


කෙසේ හෝ රක්වාන හා දෙනියාය/නෙළුව ආදී ප‍්‍රදේශවල ක‍්‍රියාදාම චාරිකාවක යෙදීමෙන් පසු අප ඇදුණේ රත්නපුරංබදුල්ල මාර්ගයේ හපුතලේ නගරයටයි. හපුතලේ සිට වැලිමඩ නගරයට ගිය අප නුවරඑළිය බලා ඇදුණේ සුපිරි කාපට් පාරේ මිටින්හල කුරුල්ලන් මෙනි. එසේ නුවරඑළියට කිට්ටුවත්ම හග්ගල මල් උයනට පෙර මාර්ගයේ දකුණුපසට පිහිටි තද බෑවුමක් සහිත පාර දිවයන්නේ බෝඹුරු ඇල්ලට බව කියන පුවරු වේ. මෙතැන් සිට ඉතා දිගු පල්ලම් සහිත අවදානම් සහිත හෙල් පිහිටි තරමක් පටු නමුත් කාපට් මාර්ගයක් දිවයන්නේ පේරවෙල ග‍්‍රාමයේ පිහිටි මීටර 50ක් පමණ උස බෝඹුරු ඇල්ලටයි.


කොටකිතුල නම් කන්දේ දකුණු ප‍්‍රදේශයේ පිහිටි මේ ඇල්ල ලංකාවේ පළල්ම දිය ඇල්ලයි. බෝඹුරුඇල්ල ඔයෙන් වන මේ ජල කඳ ප‍්‍රදේශයේ කෙත්වතු සරුසාර කරමින් ඉතා වේගයෙන් ගලාගෙන යයි. බි‍්‍රතාන්‍ය යුගයේදී සුප‍්‍රසිද්ධ දඩ බිමක් ලෙස හැඳින් වූ ෆෝට් මැක්ඩොනල්ඞ් රිවර් නම් ඔය මෙයයි. මෙම ඇල්ල මාර්ගයේ දුරතියාම දැකගත හැකි අතර පේරවෙළකඩ මණ්ඩියේ සියලූම වාහන නවතා කි.මී. 3ක පමණ වනගත දුෂ්කර මාර්ගයකින් ඇල්ල සොයා යා යුතුය.


ප‍්‍රථම පියවරේ සිට මීටර 800ක් පමණ ලෙස ඇල්ලේ දියවර කෙත්වලට ගෙන එන දිය අගල දකුණු පසින් දැකගත හැකිය. වනයට ඇතුළු වූ පසු අඩි පාර දිගේ කන්ද ඉහළට ගමන් කළ යුතුය. විටෙක බාගෙට නැවී කටු අකුල් මතින් පැන ලිස්සන පස් මතින් අඩි 20-30 හෙල් අසලින් ඉතා දුෂ්කරව ගමන් ගත යුතුය.


කිලෝ මීටර 25ක පමණ ඉතා දුෂ්කර වනගත පා ගමනකින් පසු බෝඹුරු ඇල්ලේ පළමු දිය කඩා හැලූම පිහිටි දිය පහර අසලට ළඟා විය හැකිය. එතැන විශාල ගල්තලා තිඛෙන අතර ස්නානය කිරීමට ද ඉතා සුදුසු වටපිටාවකි. නමුත් ඉන් තවත් මීටර 200ක් පමණ වනයෙන් ඉහළට ඇදුනු පසු ඔබට ඒ දැවැන්ත සහ ප‍්‍රචණ්ඩ දිය කොමලියව සම්පූර්ණයෙන් දැක ගත හැකිය. වැසි කාලයට මේ දියවර ඉතා ප‍්‍රචණ්ඩ වන අතර මීටර 50කටත් දුරට පින්න විසිරෙයි.


මෙම වනයේ කූඩැල්ලන් ඉතා බහුල අතර ඉන් පරෙස්සම් වීමට සැලකිය යුතු සුවිසල් ගල් බිත්තිවලින් වට වී තිඛෙන ඇල්ලේ බිත්තිය ඉහළ කඳු මුදුණේ පිහිටි තැනිතලා බිමකි. තරමක් දුර හා දුෂ්කර මාර්ගයකින් ඇල්ලේ මුදුනට ළඟා විය හැකි අතර වැසි කාලයේ එය ඉතා අවදානම් කාර්යයකි.


කඳුකරයේ පිහිටි ඉතාමත් ලස්සන සහ ළඟාවීමට අපහසු දියඇල්ලක් ලෙස බෝඹුරු ඇල්ල නම් කෙරේ. කෙසේ හෝ අද ක‍්‍රියාදාම චාරිකාව හිමිදිරි පෙදෙසේ සිට බෝඹුරු ඇල්ල දක්වා දිවයන ඉතා පුළුල් වපසරියක පිහිටි එකිනෙකට වෙනස් සොබාදම් වස්තූන් දෙකකි. නමුත් මේ දෙකෙහිම සමානත්වය නම් අනන්තවත් කූඩැල්ලන් මේ වනගත පරිසර පද්ධති දෙකෙහිම සිටීමයි. ඒ කෙසේ නමුත් අප මේ බාධක සියල්ල මැඩගෙන උරගයින්ගේ ඉතා අවදානම් තත්ත්ව මැද්දේ මේ චාරිකාව කළෙමු.
හිමිදිරි පෙදෙස නම් සොඳුරු ඉසව්වක ඇත්දැකීමක් පේරවෙල ග‍්‍රාමයේ පැරැුණි දඩ බිමක ගාම්භීරව කඩා හැළෙන බෝඹුරු ඇල්ලේ අත්දැකීමත් අපට අමතක නොවෙයි. සොබාදම් මාතාවගේ දායාදයන්ගේ උපරිම ප‍්‍රතිලාභ ගන්නා එම ප‍්‍රදේශවල ජනතාව ඉතා සුහදශීලි හා ආචාරශීලි පිරිසකි. දිවයිනේ නන් දෙස සංචාරය කරන අපට බොහෝ විට මගතොට සොයා ගැනීමට එවන් යහපත් උදවිය හමුවන අතර ඔවුන්ගේ නිවැරදි මාර්ගෝපදේශකත්වය. අපගේ ගමන්වලට ඉතා වැදගත්ය.


මේ වසරේද  මුහුණු පොතේ කවර ඡුායාරූපයේ පරිදි අපට යා යුතු ක්‍රියාදාම චාරිකා බොහෝමයකි. ඒ අතර මිනිස් පහස ඉතා අඩුවෙන් ලද අතිශය අවදානම් ගමන් කිහිපයක් ඇති අතර සමහර ස්ථාන පිළිබඳ මීට පෙර ගිය කිසිවෙකුගේ සටහනක් දක්නට නොලැබේ. විශේෂයෙන් කඳුකරයේ අපට ඉතිරිව ඇති සොඳුරු ඉසව් සොයා පියමං කිරීමත් එම ක්‍රියාදාම චාරිකා පිළිබඳ තොරතුරු ඔබට කීමටත් අප සූදානම්ය.
ඊළඟට අපි නමුණුකුල කඳුවැටියේ ක්‍රියාදාමය සමඟ නුවර එළියේ ඉතිරිව ඇති ලංකාවේ ප‍්‍රධානතම කඳු කිහිපයක් තරණය කරමින් එහි විස්මය ඔබට ගෙන ඒම අපේ අරමුණයි.


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »