සැඩ දියේ පහුරු පදිමු

2015-11-10 11:10:00       715
feature-top
මේ දවස් ටිකේම වැස්ස නිසා උඩහ තියෙන ජලාශවල වාන් අරිනවලු. අද රාෆ්ටින් කරන්න බැරි වෙයිල.රාෆ්ටින් එහෙම නැත්නම් සැඩ දියේ බෝට්ටු පදින්න උදෙන්ම ලෑස්තිවෙලා ඒ ගැන සෑහෙන බලාපොරොත්තුවකින් ඉන්න කොට ලැබුණේ එහෙම ආරංචියක්. ආරංචියෙන් පස්සෙ බලාපොරොත්තු කඩවුණු මුහුණු හැමෝගෙන්ම පේන්න වුණා. රාෆ්ටින්වලට වෙන් කරගත්ත වේලාව අපරාදෙ නිසා ඊළඟට අප තීරණය කළේ වටවල දුම්රිය ස්ථානයට යන්න. මෙවර අපේ නවාතැන වුණු බී්‍රටාස් ගාර්ඩන් හෝටලයේ ඉඳන් එතැනට තියෙන්නෙ පැය භාගයක විතර දුරක්.

වටවල ස්ටේෂන් එකේ ඉන්න කොට තමයි ඒ සුබ ආරංචිය ආවේ.
ලවතුර ප්‍රශ්නයක් නැහැ. රාෆ්ටින් කරන්න පුළුවන්. ඉක්මනට එන්නල.
බලාපොරොත්තු කඩවුණු මුහුණු ආයෙත් එළිය වුණා. කියපු පමාවෙන් අපි කිතුල්ගල. කැලණි ගඟේ සැඩ දිය පාරේ බෝට්ටු පදින්න කලින් ඊට අවශ්‍ය ඇඳුම්, ආයිත්තම්වලින් අප සැරසුණා. වතුරට වැටුණත් ගිලෙන්නෙ නැති කබාය ඉන් ප්‍රධානයි. ඊළඟට හිස් වැසුම. මේ දේවල් ඇඳ පැලඳගෙන ගඟට ගිහින් බෝට්ටුවට නඟින්න කලින් තවත් උපදෙස් රාශියක් ලැබුණා. ඒ ගඟ දිගේ ගමනේ අපේ නියමුවා රොෂාන්ගෙන්.


උපදෙස්වලින් පස්සෙ ගොඩ වුණේ බෝට්ටුවට. හොඳටම වැහැලා ඒ වැසි ජලයෙන් චණ්ඩිකම් පෙන්වන ගඟ දැක්කහම හිතට පොඩි බයකුත් නොදැනෙනවාම නෙවෙයි. ඒත් මගේ පුංචි කාලේ ගෙවුණෙ කළු ගං මිටියාවතේ නිසා ගඟ දිය මට හුරුයි. ඒ නිසා තිබුණු පුංචි බියත් හිතින් පහව ගියේ මටත් නොදැනී.
සුදු පෙණ පිඬු මත සැඩ දියේ බෝට්ටු පදින එක හරිම සුන්දර අත්දැකීමක්. බොහෝම නිස්කලංකව ගඟ පහළට ගලාගෙන යන බෝට්ටුව එක පාරටම වතුරත් එක්ක හෙලකට වැටෙනවා. දිය රැලි මත බෝට්ටුව එහෙට මෙහෙට වීසි වෙලා මුළු ඇඟම වතුරට නෑවෙනවා. මේ වගේ පහළට වැටෙන තැන් ගණනාවක්ම මේ ගමන පුරාවට පහු කරනවා. ඒත්, තවත් වැඩිපුර මේ වගේ වැටෙන තැන් තියෙනවා නම් හොඳයි කියලයි හිතන්නෙ.


ලඕපඪඤඨඥ ධද බඩඥ අඪමඥප ම්ඹචඪල චිත්‍රපටය රූගත කරන්න හදපු පාලම තිබුණ තැනත් මේ බෝට්ටු සවාරියේදී පහු කරනවා. ඒ පාලම තිබුණු තැන ගඟ හරහට ඇදලා තියෙන කම්බිය යටින් යද්දි හිතෙන්නෙ එදා මේ මත පාලම කොහොම තියෙන්න ඇද්ද කියලයි. මෙතැන අලුත් පාලමක් හදන බවටත් මේ දවස්වල ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා. හැබැයි පාලම හදන්නෙ ගඟේ වතුර ටික අරගෙන ඒකට හිලව්වක් විදියට.
කිතුල්ගල රාෆ්ටින් කරන හරියට ඉහළින් මේ දවස්වල ජල විදුලි බලාගාරයක් ඉදි කරනවා. මේ විදුලි බලාගාරයේ විදුලිය නිපදවීම ආරම්භ කළහම ගඟ මේ විදියට ස්වාභාවිකව ගලාගෙන යන්නෙ නැහැ. එතකොට රාෆ්ටින් කරන්නත් බැහැ. විදුලි බලාගාරය ඉදිකරන සමාගම රාෆ්ටින් කරන අයට කියලා තියෙන්නෙ දවසේ පැය හතරක් ඒ සඳහා ජලය මුදා හරින බවයි. ඒත් ඒ සඳහා ලිඛිත ගිවිසුමකට එන්න එම සමාගම කැමැති නැහැ කියලයි රොෂාන් අපට කිව්වෙ. ඒ නිසා ඒ කියන විදියට ජලය දේවි කියලා කොහොම විශ්වාස කරන්නද කියලා රොෂාන් අපෙන් ඇහුවා.

හසිත

උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි


More News »