දන මන සිත් තුටු කරවන බැද්දගාන තෙත්බිම් උයන

2016-06-20 09:41:00       819
feature-top
මැයි මාසයේ ගංවතුර නිසා වැඩිම හානියට ලක්‌වූයේ කොළඹ දිස්‌ත්‍රික්‌කයයි. විශේෂයෙන්ම කැලණිගඟ අවට ප්‍රදේශවලට කිසිදා දක්‌නට නොලැබුණු අන්දමේ අධික ගංවතුරකට මුහුණ දීමට සිදුවිය. ඒ දිනවල ඇද හැලුනේ සාමාන්‍ය වැස්‌සක්‌ නොව මුරුගසං වැස්‌සකි. උෂ්ණත්වය ඉහළ යැම නිසා ලෝකයේම කාලගුණික දේශගුණික විපර්යාස ඇතිව තිබේ. ඒවායින් පලායැමට අපට නොහැකිය. ස්‌වභාවධර්මයා ආපසු හැරි මනුෂ්‍ය වර්ගයාට පහරදීමට පටන්ගෙන ඇත.

ඒනිසාම අප පරිසරය සුරැකීම ගැන වෙනදාටත් වඩා අවධානය යොමු කළ යුතු වන්නේ එය ජීවිතය සම්බන්ධ ප්‍රශ්නයක්‌ බැවිනි. කොළඹ ගංවතුරට බොහො සෙයින් බලපෑවේ අනවසර ඉදිකිරීම් හා ගොඩ කිරීම්ය. කැලණි ගඟ අවට ගංවතුර පාලනය සඳහා ස්‌වභාවික සෑදුණු වගුරු බිම් සියල්ලම ජනාවාස වී හමාරය. කොලොන්නාවට දරුණු හානියක්‌ සිදුවූයේ වගුරු බිම් මත ඉදිකළ ජනාවාස නිසාය.

ඉදිරි ගංවතුර විපත් වලින් යම් පමණකින් හෝ ගැලවීමට අපේ තෙත් බිම් ආරක්‌ෂා කිරීම අනිවාර්ය වගකීමකි.

බැද්දගාන තෙන්බිම ශ්‍රී ජයවර්ධනපුර පරිපාලන අගනගරයෙහි. පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ පිහිටි තෙත් බිමකි. දියවන්නා ඔය අසබඩ පිහිටි මෙම තෙත්බිම වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත කොට්‌ටේ කුරුළු අභය භූමි මායිමටද ඇතුළත් වේ.

තෙත්බිම් සුරැකීමේ පරමාර්ථය මෙන්ම සාමාන්‍ය ජනයාටද පරිසරයේ ඇති වැදගත්කම මනාව වටහා දීමේ අරමුණින් නිර්මාණය වූ බැද්දගාන තෙත්බිම් උද්‍යානය ලබන 25 වැනිදා විවෘත කරනු ලබයි. කොළඹ අගනගර සංවර්ධන ව්‍යාපෘතිය මගින් නාගරික සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්‌ෂණය යටතේ මෙම තෙත්බිම් උද්‍යානය නිර්මාණය වී ඇත.

මෙම උද්‍යානය ගොඩනැඟීමේ විශේෂත්වය වන්නේ යන්ත්‍රොaපකරණ භාවිතයෙන් තොරව කණුමත ඉදිවුණු පක්‌ෂි නිරීක්‌ෂණ කුලුණු, ගමන් පථ, පක්‌ෂි පරීක්‌ෂණ ස්‌ථාන ගොඩනැඟීමයි. මේ මගින් තෙත්බිම් පරිසරය මනාව සංරක්‌ෂණය කර ඇති අතර ඉතා සුන්දර උද්‍යානයක්‌ නිර්මාණය වී තිබේ.

2006 වසරේදී පාර්ලිමේන්තුව වටා ඇති තෙත්බිම් 11 ක්‌ සංරක්‌ෂණය සඳහා සැලසුම් කළ අතර එහි ප්‍රථම පියවර වශයෙන් බැද්දගාන තෙත්බිම් උද්‍යානය නිර්මාණය කර තිබේ. මෙහි දෙවන අදියර ලෙස කොට්‌ටේ කොටු බැම්ම තෙක්‌ තෙත්බිම් උද්‍යානය සංවර්ධනය කෙරෙනු ඇත.

හෙක්‌ටයාර 18 ක්‌ පුරා පැතිර ඇති මෙම කලාපයේ දේශීය කුරුලු විශේෂ සුන්දර සමනලුන් විශේෂ මෙන්ම බත්කූරන් විශේෂ රැසකටද නවාතැන් සපයයි.

බැද්දගාන තෙත්බිම් උද්‍යානය හරහා දේශීය විදේශීය සංචාරක කර්මාන්තයට නව ප්‍රවණතාවන් ඇති කරමින් පරිසරය හිතකාමි සංචාරක ව්‍යාපෘතියක්‌ ආරම්භ කිරීමට මග හසර විවෘත වනු ඇත.

මහනගර හා බස්‌නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උද්‍යානය පසුගිය 15 වැනිදා ජනතා අයිතියට පත් කෙරිණි. විද්‍යාත්මක ගවේෂකයකුට මෙන්ම පරිසර සුන්දරත්වය විඳින්නන් හට බැද්දගාන තෙත්බිම් උද්‍යානය මන හර තෝතැන්නකි. එබැවින් සියලු දෙනා පැමිණ මේ කුරුලු උයන නැරඹිය යුතුය. එය ඔබේ ඇස මෙන්ම හදවතද සතුටු කරනු ඇත.

Wmqgd .ekSu jhsk mqj;a m; weiqfrks

More News »