බොල්ගොඩ ජල ක‍ඳේ අසිරිය
Kamaro Holiday Resort

2016-06-27 10:51:00       824
feature-top
ඇස පෙනෙන මානය දිගට මහා දිය කඳක අපූර්වත්වය දැකීම ද ස්වභාව ධර්මයේ චමත්කාරයේ අපූර්වත්වය දනවන්නේ ය. හරිත පැහැ ගහ කොළක් විඳීම මෙන් ම දැකීම ද, කුරුලු කූජනය මෙන් ම නෙක පැහැ කුරුල්ලන්ගේ සරඹ සංදර්ශනයක් බඳු විවිධාකාර හැඩ සහිත පියෑඹීම් විඳින්නට ඇත්නම් වත්මන් ලෝකයේ එය සිහිනයක් ම වන්නේ ය. ඒ තරමට කර්කශ වු එකිනෙක ඇලුණු බිත්ති සහිත කොන්ක්‍රීට් පුරයක කෘතිම ජීවිත ගත කරන්නට වීමේ අභාග්‍යයේ උරුමයෙන් මිදී අස්වැසිල්ලක සිසිල දනවන සිහිනයක සිත් ඇති අප මොහොතකට හෝ එය යථාර්ථයක් කරගත හැකි Kamaro Holiday Resort වෙත පියනගන්නෙමු.

කුවේට් රටේ සිට මෙහි පැමිණ, අරාබියේ වෙසෙන පිරිසගේ උපදෙස් මත නිර්මාණය කළ ‍ Kamaro Holiday Resort කොළඹ සිට විනාඩි කිහිපයකින් ළඟා විය හැකි දුරකින් පිහිටා ඇත. බණ්ඩාරගම හන්දියෙන් පාණදුර පාරේ පැමිණෙන විට බොල්ගොඩ පාලම අසල අපට මෙම සිහිනය විඳින්නට තත්පර ගණනකට නුදුරින් ද, මීටර් සියයකට එකසිය පනහකට මෙපිටින් ද විඳින්නට ලැබෙන කලබලකාරී වෙහෙසකාරී ලෝකය හෝටලයේ ඇතුළුවීමේ දොරටුව විවර වූ සැනින් හමාර වන්නේ ය. එය අමුතුම තැනෙකි. ඇස් ඉදිරිපිට බොල්ගොඩ ජලකඳ ය.

සංචාරක ‍මණ්ඩලයේ අනුමැතිලත් ඒ ශ්‍රේණියේ හෝටලයක් වන මෙය නිර්මාණය කළේ වසර දහයකට පමණ පෙර ය. විවාහ මංගල උත්සව, උපන් දින සාද හා සම්මන්ත්‍රණ සඳහා සියලුම පහසුකම් සහිත වායුසමනය කළ, නොකළ කාමර, භෝජනාගාර පහසුකම් මෙන් ම අංගවලින් සමන්විත ය. වාහන 25 ක් පහසුවෙන් ගාල් කළ හැකි රථගාල, පැය 24 පුරා ම ආරක්ෂාව, බොල්ගොඩ වැව් සිරිය විඳින්නට බෝට්ටු සවාරියක් සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇත. ඒ සඳහා ජීවිතාරක්ෂක කබා සැපයෙන අතර සංචාරය අතර තුර ඔ‍බේ ම හැකියාවෙන් මත්ස්‍යයන් අල්ලා ගෙන ඒමට ද අවස්ථාව සැලසෙන්නේ ය.

ඕනෑම විදේශීය සංචාරකයකු බලාපොරොත්තු වන කෑම බීම වර්ගයක් පිළියෙල කරදිය හැකි තරු පන්තියේ හෝටල්වල (දෙස්, විදෙස්) සේවය කළ ප්‍රධාන සූපවේදීන්ගේ සේවාව ද ඔබට හිමිවේ. දේශීය විදේශීය සංචාරකයන් සඳහා අවශ්‍ය සියලුම පහසුකම් සමඟින් ආහාර පාන ඉතාමත් පිරිසුදුව හා පිළිවෙළට ගුණාත්මකව ලබාදෙයි.

සුඛෝපභෝගී කාමර 11 කින් ඔබේ සුව පහසුව සඳහා සකසා තිබේ. ඕනෑම සුව පහසුවක් සඳහා ඔබින පුළුල් ඉඩකඩ මෙම කාමර තුළ තිබේ. මෙම කාමර තුළට ඇතුළු වූ වහාම දැනෙන සුව පහසුව මෙන් ම සුපිරි නිදන ඇඳන්, වායු සමනය කළ කාමර, උණු දිය සැපයුම, අන්තර්ජාල ප්‍රවේශ පහසුකම් සහ සැටලයිට් රූපවාහිනී නාළිකා ආදී නවීන පහසුකම් සියල්ලක්ම මෙහිදී ඔබට පිරිනැමේ.

ඔබට වේග රිද්මයේ හෝ ශාස්ත්‍රීය තලයේ ගීත රස වින්දනය පිණිස තාක්ෂණික පහසුකම් ද මෙහි ඇති අතර මදක් එයින් ඔබ්බට ගොස් කැලිප්සෝ සංගීතයක හෝ පැදුරු සාජ්ජයක රසය විඳින්නට ඔබට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා පහසුකම් සපයා දීමේ සම්බන්ධීකරණය ද හෝටල් පරිපාලනය විසින් ඉටු කර දෙන්නේ ය. එසේම හදිසියේ රාත්‍රියක වුව ද බාහිර සමාජයට පිවිසීමට අවශ්‍යය වන්නේ නම් ඒ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි ප්‍රවාහන පහසුකම් ලබාදීමට සූදානම් පිරිසක් ද මෙම හෝටලයේ සිටිති.

හෝටලයේ මීළඟ සංකල්පය වන්නේ තවදුරටත් මෙම ස්ථානයේ ඇති පහසුකම් ඔප් නංවමින් සිය නවාතැන් කරුවන් සඳහා ඉතා‍ ඉහළ මට්ටමේ සේවාවක් සැපයීම යි. ඒ සඳහා මෙම ස්ථානයේ දැනට ස්ථාපිත කර ඇති කාමරවලට අමතරව ඔබට ඉදිරියේ දී කණ්ඩායම් වශයෙන් නවාතැන් පහසුකම් ලබාගැනීමට හැකියාව ලබාදීම සඳහා අවශ්‍ය පහසුකම් සම්පාදනය කරමින් සිටින අතර සුඛෝපභෝගී මංගල උත්සවශාලා පහසුකම් ද මෙම ස්ථානයට යාබදව වෙනත් ස්ථානයක නුදුරේ දීම ස්ථානගත ‍කරන්නට බලාපොරොත්තු වේ.

අවිවේකීත්වයෙන් මිදුණු සැබෑ නිස්කලංක පරිසරයක පැය කිහිපයක් නැතිනම් දින කිහිපයක් යනු සිහිනයක් තරමට අපේ ජීවිතවලින් ඈත් වී තිබේ. ඒ සිහිනය යථාර්ථයක් කොට විඳින්නට සුසැදි Kamaro Holiday Resort රස විඳිය යුතුම වෙනසකි. වෙනස්ම අත්දැකීමකි. එය ඔබට ජීවිත කාලයටම සුමිහිරි මතකයක් සටහන් කරනු නොඅනුමානය.

වැඩිදුර තොරතුරු සඳහා 038 2 290831, දුරකථන අංකයෙන් හෝ www. Kamaroholiday.com වෙබ් අඩවිය ඔබට විවෘත ය.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »