වියළි කතරක ඉදිවුණු හරිත වර්ණ වන උයන

2016-07-04 10:52:00       715
feature-top
මිනිසා හා තුරුලතා අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධයක්‌. එය අතීතයේ සිටම පරම්පරාගතව පැවතගෙන ආවා. ගස්‌වැල් මිනිසාට මහ`ගු සෙවයක්‌ කරන බව අවිවාදිතයි. ලොව ශ්‍රේෂ්ඨතම මිනිසා වු බුදුන් වහන්සේa තරම් ගස්‌වැල්වලට කැමැත්තක්‌ දැක්‌වූ ඒවා ඇසුරු කර ගෙන දිවි ගෙවූ වෙනත් කෙනෙකු නැති තරම්.

එහෙත් ගසක වැලක ඡායා මාත්‍රයක්‌ වත් දැක්‌නට නොලැබෙන රටවල් ලෝකයේ තියෙනවා. ඒවායේ ගස්‌ වැවෙන්නේ නැහැ. එසේ වන්නේ තු=රුලතාවලට හිතකර දේශගූණික හා පරිසර තත්ත්වයන් ගෙන් ඒ ප්‍රදේශ හිස්‌ වීම නිසයි.

අපේ රටේ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයත් එවැනි ප්‍රදේශයක්‌. ඉතාම නරක තත්ත්වයක්‌ නැති වුණත් හම්බන්තොට දිස්‌ත්‍රික්‌කය මාස ගණනක්‌ එක දිගට නිය`ගයෙන් පීඩා විඳින ප්‍රදේශයක්‌.

එහෙත් හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ කිසිසේත් ඇතැයි නොසිතිය හැකි තුරුලතාවලින් සුසැදි සුන්දර වන උයනක්‌ ඇති බව ඔබ දන්නවාද. මේ සටහන ලියන්නේ ඒ අපූරු උයන පිළිබඳ තොරතුරු ටිකක්‌ ගෙන එන්නයි.

හදිසියේම පිළියෙල කෙරෙනු ලැබූ ගමනක්‌ අනුව ඒ අසිරිමත් හරිත වර්ණ වන බිමට යන්නට අපට අවස්‌ථාව ලැබුණා. මේ උද්‍යානය පිහිටා තියෙන්නේ මිරිඡ්ජවිල. එය නම්කර තිබෙන්නේ මිරිඡ්ජවිල වියළි කලාපීය උද්භිද උද්‍යානය යන නමින්. හම්බන්තොට මාර්ගයේ අඩි සියයේ පාරට හැරී මීටර් 500 ක්‌ පමණ ගිය විට උද්‍යානයට පිsවිසෙන දොරටුව හමුවෙනවා.

බැලුබැල්මට සිමෙන්ති කාන්තාරයක්‌ වගේ පෙනුනත් වන උයනේ පිවිසුම් දොරටුවෙන් ඇතුලු වුණාම සංචාරකයාට ඇති වෙන්නේ උඩරට කඳුකරයේ තුරුලතා පිරි වන භූමියකට ඇතුළු වුණා වැනි හැ`ගීමක්‌.

විධිමත් ලෙස සකස්‌ කරන ලද මාර්ග පද්ධතිය දෙපස වවා ඇති උස්‌ වනස්‌පතීන් මාර්ගයේ යන එන්නන්ට සෙවන සපයනවා. එහෙත් පා ගමනින් ගොස්‌ මුළු උද්‍යනය නැඹීම වෙහෙසකර නිසා ඒ සඳහා විදුලි බලයෙන් ක්‍රියා කරන බැටරි රථ දෙකක්‌ සූදානම්ව තිබෙනවා. සුළු මුදලක්‌ ගෙවා එම රථයෙන් එකවර 8 දෙනෙකුට උද්‍යානය වටා යා හැකියි.

උද්‍යානය විශාල වපසරියක විහිදී තිබෙනවා. එය ලංකාවේ ඇති උද්‍යාන අතරින් විශාලම උද්‍යානයයි. පේරාදෙණිය උද්‍යානය අක්‌ 147 ක්‌. හග්ගල උද්‍යානය අක්‌ 68 ක්‌ වන අතර ගම්පල උද්‍යානය අක්‌ 43 ක්‌. මේ මිරිඡ්ජවිල උද්‍යානයේ බිම් වපසරිය අක්‌කර 300 ක්‌. එහෙත් දැනට සංරක්‌ෂණය කර ඇත්තේ අක්‌කර 120 ක්‌ පමණයි.

මේ උද්‍යානය පිහිටුවීමේ දී අපේක්‌ෂිත අරමුණු මොනවාදැයි අප එහි ස්‌ථානභාර නිලධාරී සුමිත් ඒකනායක මහතා ගෙන් ඇසුවා.

"මේ උද්‍යානය පිහිටා ඇත්තේ දිගු නියං කාලයක්‌ ඇති උෂ්ණ කලාපයක. එය පිssහිටුවීමේ දී මහත් දුෂ්කාරතාවයන්ට මුහුණ දෙන්න ඇති ඒවා මැඩ ගෙන කොහොමද මේ තරම් අලංකාර උයනක්‌ නිර්මාණය කළේ?"

"මේ උද්‍යානය පිහිටා ඇති භූමිය මුලින් ළඳු කැලෑ සහිත වනාන්තර භූමියක්‌. ඒ වගේම වාර්ෂික වර්ෂාපතනය මි.මි 500 ක්‌ පමණයි. මාස හයක දැඩි නියං කාලයක්‌ පවතිනවා. මෙහි පරිසරය හා එහි ශාක පද්ධතිය ඒ වන විට මිනිස්‌ ක්‍රියාවලින් හා ශාක භක්‌ෂක සතුන්ගෙන් බොහෝ තර්ජනයන්ට ලක්‌ වී තිබුණා. ප්‍රදේශවාසීන් ද තම දෛනික අවශ්‍යතා සපුරා ගත්තා. ඒ හැර කිසිම මෙය කිසිම ප්‍රයොජනයක්‌ නොගෙන සෑහෙන කාලයක්‌ නොසලකා තිබූ භූමි ප්‍රදේශයක්‌.

ඇත්තෙන්ම අපේ මූලික අරමුණ වුණේ කැලෑව පුරා විහිදී ඇති විවිධ ශාක වර්ග විතැන් සංරක්‌ෂණයට භාජනය කිරීමයි. ඒ කියන්නෙ කැලෑව පුරා විසිරි ඇති ශාක එක්‌ තැනකට ගොනු කිරීමයි.

ඒa වගේaම වියළි කලාප ශාක පිළිබඳව අධ්‍යයනය ජනතාව අතර ප්‍රචලිත කිරීම, වියළි කලාපයේ වගා කළ හැකි ශාක හා මල් වර්ග හඳුන්වා දීම, වැඩි පුරම අවධානය යොමුවුණේ ශාක හඳුනාගෙන ඒවා හා මිනිසුන් අතර ඇති බැඳීම් පිළිබඳව විද්‍යානුකූල අවබොධයක්‌ ජනතාවට හා අනාගත පරපුරට ලබාදීමයි."

"මේ උද්‍යානය ඇරඹුවේ කවදාද ඒ වගෙම මේ උද්‍යනයෙහි ඇති විශේෂතා පිළිබඳ කරුණු ටිකක්‌ අහන්න කැමතිsයි.ZZ

"උද්‍යානයේ මූලික ඇරඹුම සිදු වූයේ 2006 ජූලි 20 වැනිදා. මේ සඳහා මිලියන 500 ක්‌ වෙන් කර තිබුණා. පටන් ගන්න කොට මේක සහමුලින්ම කැලෑවක්‌. ඒ බව සංචාරකයිනට දැක ගැනීම සඳහා පැවති කැලෑව සහිත වෙනම බිම් තීරුවක්‌ වෙන් කොට තියෙනවා. එය අන්දර, කටුකිල, එරමිණියා, මස්‌බැද්ද, කුකුල්මාන්න, හා පතොක්‌ වර්ගවලින් ගැවසී ගත් පෙදෙසක්‌.

භූමියේ ඉතිරි කොටස්‌ විවිධ රටා අනුව විධිමත්ව පිළියෙල කළා. ඒ සඳහා නව ක්‍රමවේදයන් හා තාක්‌ෂණ ක්‍රම භාවිතා කළා. පැළ සිටුවීමේදී ජලය ලබා ගත්තේ බැරගම ජලාශයෙන්. අපේ හිටපු වන ජීවී අධ්‍යක්‌ෂ ජනරාල්තූමා වන සිරිල් විඡේසුන්දර මේ ගැන එදා මහත් උනන්දුවෙන් කටයුතු කළ බව සඳහන් කරන්න ඕනෑ.

උද්‍යානය නැරඹීමට පා ගමනින් යාම අවශ්‍ය වුණේ නැහැ. ඒ සඳහා කලින් සඳහන් කළ පරිදි බැටරියෙන් ක්‍රියා කරන රථ සූදානම් කර තිබුණා. අප ගිය රථයේ රියදුරා වූයේ කේ ඩී විජයකුමාරයි. ඔහු රියදුරෙකු පමණක්‌ නොව දක්‌ෂ මාර්ගෝපදේශකයෙකු ද වුණා. ගස්‌වැල් පිළිබඳ ඉතා හොඳ දැනුමක්‌ ඔහුට තිබුණා. ඒ ඒ සුවිශේෂ ශාක අසළ රිය නවතා ඔහු ඒවායේ ඉතිහාසය, ප්‍රයොජන හා දුලබ බව අපට සිත් ගන්නා අයුරින් විස්‌තර කළා.

එක්‌ තැනකදී රථය නවතා මාවතට වම්පසින් ඇති ගසක්‌ අපට පෙන්වූවා. එම ගස ඉතා දුලබ ගසක්‌ එය බෝ බෑග් නමින් හඳුන්වනවා. වතුර ලීටර් 1000 ක්‌ පමණ එකවර එයට ගබඩා කර ගැනීමේ හැකියාවක්‌ එය සතුව පවතිනවා. එය පෘතුගීසින් විසින් ලංකාවට ගෙනවිත් තියන බවයි පැවසෙන්නේ.

තවත් ගසක්‌ හඳුන්වනු ලැබුනේ ලිග්නම්වේට්‌ යන නමින්. එහි ඇති විශේෂය නම් ඉතා තද ලීයක්‌a ඇති ගසක්‌ වීමයි. එය ඈත කාලයේ නැව්වල ක්‍රාaට්‌ කොටස සෑදීමට පවා යොදාගෙන තියෙනවා.

විජයකුමාර තම රථය නොයෙක්‌ වංගුවලින් හරවා ධාවනය කරනවා. ඇතැම් මාවත් උසට වැඩුණු ගසින් ඉහළ වියනක්‌ සදා යන එන අයට සෙවන දෙන තූරු මඬුලු වගෙයි. මෙම පාරවල් විවිධ ගස්‌වල නමින් නම් කර මග දෙපස එම ගස්‌ වවා තිබෙන අයුරු මනස්‌කාන්තයි.

ඇසළ, කහමාර, පාරමාර, විලෝ, කොහොඹ, මූනමල්, සියඹලා, තල් වැනි වෘක්‌ෂයන් පාර අයිනේ සිට අපට පවන් සලමින් සෙවන දෙන යොධයන් වගේ. මෙවැනි ශාක 26 ක්‌ ආවරණය වන සේ මාවත් දෙපස සකස්‌ කරමින් යන බවයි අපට දැන් ගන්නට ලැබුණේ.

ඊළ`ගට අපගේ රථය නැවතුනේ මලිත්තන්ගස්‌ වැව ළ`ගයි. එය උයනේ ඇති කුඩා දියපාරවල් හරස්‌ කර සාදන ලද අපූරු නිර්මාණයක්‌. එය සංචාරක පක්‌ෂීන්ගේ නවාතැනක්‌. කුරුළු වර්ග 107 ක්‌ වැව ආශ්‍රිව ගැවසෙන බවයි පැවසෙන්නේ.

තවත් තැනක අපූරු ඉදිකිරීමක්‌ තිබුණා. එනම් 2013 නොවැ 14 වැනිදා ලංකාව් පැවති පොදු රාජ්‍ය මණ්‌ඩල නායකයන්ගේ සමුළුවේ සමාරම්භක උත්සව අවස්‌ථාවේ රටවල් 52 ක්‌ නියොජනය කරමින් එම නායකයින් රෝපණය කරන ලද සමරු ශාක කවයයි.

ඒ සමගම සමනල වර්ග 45 ක්‌ පමණ නැරඹීමට ලැබෙන විසිතුරු මල්වලින් අලංකෘත ලතා මණ්‌ඩපයත් දුටුවන් සිත් ඇද ගන්නා සුළුයි. එහි ඇති ඖෂධීය ශාක උයනේ ශාඛ වර්ග 290 කට අධික ප්‍රමාණයක්‌ දක්‌නට ලැබෙනවා.

මේ හැර උද්‍යානයේ සිසු උයනෙන් ශාක කාණඩ හා ගෝත්‍ර වලට වෙන්වී ඇති අයුරුත් ඒවාය් පරිණාමයත් ශාක පරිසරයට අනුවර්තනය වන ආකාරයත් අවබොධ කර ගැනීමට ඉඩ සලසා තිබෙනවා. දුටු ගමන් සිත් පැහැර ගන්නා උඩවැඩියා පුෂ්පාගාරයද අමතක කරන්ට බැහැ.

මේ උද්‍යානය නැරඹීමෙන් පසු එයින් පිටවූයේ ඇතුළට ගිය අය නොවෙයි. ශාක පිළිබඳ විධිමත් දැනුමක්‌ හා වින්දනයක්‌ ලැබූ පිරිසක්‌. මෙවැනි දුෂ්කර කළාපයක සියලු බාධක මැඩ ගෙන ඉදිකළ මේ වන උයන කාගෙත් සිත් ඇද ගත්තා. අවසාන වශයෙන් සටහන් කළ යුත්තේ එක්‌ වරක්‌ වත් මේ උද්‍යානය නැරඹීම අතපසු කළ යුතු දෙයක්‌ නම් නොවන බවයිss.

Wmqgd .ekSu jhsk mqj;a m; weiqfrks

More News »