දෙල්තොට Windloft Retreat

2016-07-11 11:56:00       713
feature-top
සුන්දර කඳුකර පරිසරයේ අපූරු තැනිතලාවක තුහින මැද වැජඹෙන සොඳුරු නවාතැන්පලකි..තෙත සුළඟින්, නැවුම් දලුු ලන හරිත උයනක් මැද පිහිටි ඒ නොකිලිටි නවාතැන Windloft Retreat (වින්ලොෆ්ට් රිට්ට්‍රිට්) ලෙස නම දී තිබේ. කඳුකර පරිසර සිරියට ප්‍රියකරන්නෙකු අමන්දානන්දයට පත් කරවන මේ නිස්කලංක පිවිතුරු නවාතැන පරිසරලෝලියකුට ගෙන දෙන මිහිර වචනයෙන් කියා නිම කළ නොහැකිය. සංවාන මෝසමෙන් ජිවය ලබන තුරු ගොමු මත පිපි මල් සුවඳ මලින් නව ප්‍රාණයක් ලබන මේ පරිසරය පරිසර භාවනායෝගියකුට කදිම අරණකි. සඳ එළියෙන් නැහැවුණු කඳු පන්තිය තරු කැට වලින් පිරි අහස් ගැබ අතර සිත නවතින්නේ නොදැනීමය. ඇසුරු සැනින් සිදුවන කාලගුණ වෙනස් වීම අත්විඳිය හැකි කදිම නවාතැද මෙයයි.

නුවර සිට පැය භාගයක පමණ කොටි කාලයකින්ද නුවර එළියේ සිට පැය දෙදක ගමනාන්තයෙන් දෙල්තොට පිහිටි සුන්දර වින්ලොෆ්ට් රිට්ට්‍රිට් නවාතැනට ළගා විය හැකිය. හෘද්‍යාංගම මෙම නවාතැන් පොළට ගොඩවන්නන් ගේ සිත බැඳ ගන්නා අංග රැසකි. කඳු නඟින්නන්ගේ සොඳුරු පාරාදිසියක් වන වින්ලොෆ්ට් රිට්ට්‍රිට් නවාතැන්පොළ කඳුකර ජෛව විවිධත්වය අධ්‍යනය කරන්නන්ට කදිම තක්සලාවකි. සුඛොපබෝගි පරිසර හිතකාමි කාමර අටකින් පරිපූර්ණ වන මෙම හෝටලය පැය විසි හතර පුරාම නවාතැන් කරුවන් හට ඉතා සුහදශිලී සේවාවක් ලබා දෙයි. කඳුකර සිහිල් දියදහරාවන් හී නොකිලිටි දියෙන් පෝෂණය වන නාන තටාංගනය සංචාරකයන්ට කදිම ගිමන් නිවන පාරාදිසීයකි.

මෙම සොඳුරු නවාතැන්පොළට ගොඩවන සංචාරකයන්ට කාබනික පොහොර යොදා හෝටල් පරීශ්‍රයේදීම වගා කරන ලද නැවුම් එළවළු සහ පලතුරුවල රස බැලීමේ කදිම අවස්ථාවක්ද හිමිය. කිලෝ මීටර් තුනක පමණ කඳු තරණයෙන්ද, කඳුකර සුන්දරත්වය නොඅඩුව විඳ දරා ගත හැකි මේ පරිසර හිතකාමි නවාතැන්පොලේ සිට, ජේම්ස් ටෙලර් විසින් ලංකාවට හඳුන්වා දුන් තේ වතු යාය නැරැඹීමටද අවස්ථාව උදා වේ. පිටර් ඩික්සන්ගේ මනසෙහි ඇඳුණු චිත්‍රයකට අනුව අක්කර විසි හයක් පුරා තම අණසක පතුරන මෙම හෝටලය සතු සියලු පහසුකම් ඉතා අඩු මිලට භුක්ති විඳීමේ හැකියාව දැන් පරිසරහිතකාමී ඔබට උදා වී තිබේ. මේ සොඳුරු නවාතැන පිළිබඳ වැඩිදුර තොරතුරු www.windloftretreat.com  දැන ගත හැකිය.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »