කලාඔයේ සුන්දරත්වය සමග විල්පත්තුවේ හිමිදිරියක්‌....

2016-07-20 10:36:00       708
feature-top
ඒ හිමිදිරි පාන්දර 'සුදෝ සුදු වැලි තලාව' මත දෑත් දෙපා දෙපසට විහිදා නිදා සිටි මාගේ නිදි දැහැන බි`ද දැමුවේ ගලායන දිය දහරේ සිළි සිළියයි. රිටිගල මහ ක`දු අතර ඉපිද, රජරටින් අඩකටත් වැඩි සුවිසල් බිම් කඩක්‌ බතින් බුලතින් අස්‌වද්දා සරුසාර කොට අවසන්ව, මහ වනය මැදින් යළි විසල් වී කඩවසම් දිය දහරක්‌ සේ තෘප්තිමත් සිතින් මා අසලින් ගලා බස්‌නා 'කලාඔය' නම් වූ මේ සුනිල දිය දහර සිළිසිළි නදින් කියන 'උදාන ගීය' මට ඇසෙයි...

ඒ උදාන ගීයට සවන් දෙමින් සිටි මම දෑස්‌ හැර අහස දෙස බැලීමි... ග`ග දෙපස ඉවුරු තලාවේ සරු සාරව වැඩි අතුපතර විහිදා කලාඔය නම් වූ රූබර 'සුරවමියගේ රූ සපුව' කිසිවෙකුටත් ඈතට නොපෙනෙන සේ වසාගෙන හුන් රූස්‌aස කුඹුක්‌ ගස්‌ දෙපෙලේ තුරුපත් වියන අතරින් 'නිල් අහස්‌තලය' මට පෙනෙයි... ඒ අතු පතරින් 'ළා හිරු කිරණ' ගලා යන ග`ගදිය මතට වැටෙන විට මැවෙන 'සිත්තම' මොන තරම් පියකරුද... සැබැවින්ම එය ශූර සිත්තරෙකු ඇ`දි මිල අධික වර්ණ සිත්තමකටත් වඩා මොන තරම් අපූරුද.... සත්තකින්ම ඒ 'සොබා දහම' යි... සොබා දහම තරම් මනරම්, මනාව සුසැදි, මහනර්ඝ තවත් යමක්‌ තවත් කොයින්දැයි නිතර මට සිතෙයි...

සිතුවිලි මා පොළඹවයි... මේ රූබර පිරිසිදු නදී තොමෝ මා වට සරමින් මා ගත දැවටෙමින් මා අසලින් ගලා යද්දි තවත් මා කෙසේ නම් ඉවසම්ද... වැලි තලාව මතින් පෙරලී ගොස්‌ ඈ ගත වෙලී ඒ සුවබර සිසිලසේ සුවයෙන් මා ගත සිත පිනවා ගන්නට පමා මන්දැයි මා සිත මගෙන් විමසයි...

ඒ සිසිල් දිය දහරාව කොතරම් ආශ්වාදජනකද...? මම සිත්සේ ග`ග දියෙහි සැ`ගවෙමින් හුදෙකලාව ජල පහස ලබන්නට වන්විට මා මිතුරු කැළ ද නිදිගැට පිසිමින් කූඩාරම් රෙදි ඈත් මෑත් කරමින් පිටතට පැමිණෙති. තවත් දිනයක්‌ අභියස පෙළ ගැසී සිටින අප, පරිසර රසික මිතුරු සමූහයා හමුවේ වගකීම් මෙන්ම යුතුකම්ද සමුදායකි. ඒ අතර ප්‍රධාන වූයේ, තවත් අයෙකුට හෙට දවසේ 'නැවුම් සුන්දර වටපිටාවක්‌' දකින්නට අපේ කඳවුරු බිම් අවට පරිසරය නැවත පිළිසකර කර සොබා දහමට බාරකර අප සමුගෙන යැම ය... ඒ ස`දහා අප මිතුරු කැළ යුහුසුළුව සිටිති.

අයෙක්‌ කූඩාරම් හකුලමින් සිටියි... තවත් අයෙක්‌ අපේ උදෑසන අහර කිස සකසයි... තවත් තැනෙක කඳවුරු බිමේ පෙරදා රාත්‍රියේ භාවිතයට ගත් ආම්පන්න හා උපකරණ අස්‌ පස්‌ කරමින්a වාහන මත අසුරයි... එහෙත් අප කඳවුරු ලා සිටි ඒ කලාඔය ගං දෑල දෙපස තවත් අප වන් සංචාරකයන් සිය දහස්‌ ගණනක්‌ ග`ග දිගටම රැඳී සිට රැය පහන් කර ඇති බව අපි හරිහැටි දැන ගත්තේ පසුවදා වටින් ගොඩින් එළිය වැටෙද්දී ය. උදේ අප මෙන්ම ඔවුන්ද ග`ග දියට බැස රිසි ලෙස ඒ නොගැඹුරු දියෙහි සරමින් ගත සිත සනහා ගන්නා අයුරු මා දැක ගතිමි... නමුත් ඒ අය අතරින් අප වන් 'පරිසර රසිකයන්' හෝ 'සංචාරකයන්' සිටියේ ඉතාම අතලොස්‌සකි. බහුතරය 'වන්දනා කරුවෝ' ය...

විල්පත්තුව වන් සංවේදී ජාතික වනෝද්‍යානයක්‌ අද්දර 'සංචාරකයන්' මිස 'වන්දනාකරුවන්' කුමක්‌ අරභයා පැමිණියේ දැයි දැන් ඔබට වෙනම ම ප්‍රශ්නයක්‌ නැගෙනු නිසැක ය. එය පසුව කතා කළයුතු වෙනම ම මාතෘකාවකි... ඊට පෙර අප කතා කළ යුතු දේ බොහෝ ය...

අපේ රටේ දෙවන විශාලතම ජාතික වනෝද්‍යානය වන විල්පත්තු ජාතික වනෝද්‍යානයට ප්‍රධාන පිවිසුම් මාර්ග දෙකක්‌ තිබේ. එකක්‌ පුත්තලම - අනුරාධපුර මාර්ගයේ වූ 'විල්ගමුව' ප්‍රදේශයෙනි. අනෙක මේ දැන් අප පැමිණ සිටින පුත්තලමේ - මන්නාරම පාරේ 'එළුවන්කුලම' දොරටුවෙනි.

පුත්තලමේ සිට මන්නාරම දක්‌වා දිවෙන ප්‍රධාන මාර්ගයේ වනාතවිල්ලුව ගම්මානයද පසුකර යනවිට අවසානයට හමුවන ගම්මානය එළුවන්කුලමයි. ගම කෙළවර උතුරු මායිමේ, ගමත් විල්පත්තු ජාතික වනෝද්‍යානයත් දෙක දෙපැත්තට වෙන්වන්නේ කලාඔය මගිනි... සැබැවින්ම කලාඔය වූ කලී විල්පත්තු ජාතික වනෝද්‍යානයේ දකුණු මායිමයි. රජරට සිය ගණනක්‌ වැව් අමුණු පෝෂණය කරමින් ටික ටික කේඩෑරිව ගොස්‌ සිටිය ද මිනිස්‌ වාසයෙන් තොරව මහ කැලය මැදින් ගමන් කරනවිට ඒ කේඩෑරි බව කලාඔයෙන් පලායයි. පැරණි මන්නාරම් පාර ඔස්‌සේ යමින් එළුවන්කුලම ගමේදී සපත්තු පාලම මතින් ගොස්‌ අප තරණය කරන්නේ පුළුල් වේගවත් දිය දහරාවකින් යුතු එම සුන්දර කලාඔයයි. අප එදා රැය පහන් කරනු ලැබුවේ එළුවන්කුලම එම සපත්තු පාලමට පහළින් වූ ග`ගබඩ මනරම් වැලිතලාව මතය.

එළුවන්කුලම සපත්තු පාලමින් එතෙර වූ පසුව හමුවන්නේ 'පොම්පරිප්පු පටිය' හරහා වැටුණු කිලෝ මීටර 96 ක්‌ දිගු මන්නාරම් පාරයි. එය නියං සමයේ දුහුවිල්ලෙන් පිරි ගුරු පාරක්‌ වුව දිනපතා ඉන් උතුරට යන වාහන වලින් නම් හි`ගයක්‌ නැත. මේ හැරුණු විට පොම්පරිප්පු පටියට වන්දනාකරුවන් එන්නේ එළුවන්කුලම පාලමේ සිට කිලෝ මීටර් 2 ක්‌ පමණ පොම්පරිප්පු පටිය ඇතුළතින් වූ 'පල්ලෙකන්ඩල් දේවස්‌ථානය' වැ`දපුදා ගන්නටය. මෙය වෙනම ම කතාකළ යුතු මාතෘකාවකි.

පොම්පරිප්පු පටිය යනු අතීතයේ අක්‌කර දහස්‌ ගණනකින් යුතු සරුසාර කුඹුරු යායකි. රටේ ප්‍රාග් ඓතිහාසික යුග වලට අයත් මෙගොලිතික සොහොන් බිමක්‌ද මේ පටියේ මුහුද අද්දර ප්‍රදේශයකින් හමුවන නිසා ඓතිහාසික වටිනාකම් වලින්ද පොම්පරිප්පු පටියට හිමි වන්නේ නොමද වටිනාකමකි. පාරිසරික පැත්තෙන් ගත්විට අපට පොම්පරිප්පු පටිය වටින්නේ විල්පත්තුවේ සිටින අලි ඇතුන් බහුලව ගැවසෙන ප්‍රදේශය මෙය වන නිසාය. සාමාන්‍යයෙන් දල සහිත ඇතුන් 8 දෙනෙක්‌ද සහිතව අලි ඇතුන් 35-40 ක්‌ පමණ වන රංචුවක්‌ මේ ප්‍රදේශයේ සැරි සරණ බව අපට කීවේ ජී. රාමසිංහ මහතාය. අලි ඇතුන් බුදින රසවත් තෘණ වර්ග බහුලව ඇත්තේ මෙවන් තණපටිවල මිස මහ වනය තුළ නොවන බව රාමා පහදයි...

එසේ නම් විල්පත්තුවට යන සංචාරකයෝ අලි බලන්නට නම් පොම්පරිප්පුවට යා යුතුය. මුවන් බලන්නට නම් විල්පත්තුව මැද වැව්, විල්, විල්ලු අද්දර විසල් තණ පිටි වලට යා යුතුය. දිවියා හෝ වලහා බලන්නට නම් විල්පත්තුවේ මැදට හා නැගෙනහිරට වන්නට වූ තුමුල ගස්‌ ඇති මහ මූකලානයට යා යුතුය. කුරුල්ලන් බලන්නට නම් වැව් හා විල් පිටි වලට යා යුතුය.. මේ කවරක්‌ වුව හො`ද මාර්ගෝපදේශකයෙකුගේ සහාය නොමැතිව කළ නොහැකිය.... එබ`දු ගැටලුවක්‌ අපට නොවූයේ අප සමග නිරතුරුව වයඹ වනජීවි සංසදයේ සභාපති ජී. රාමසිංහ මහතා සිටි නිසාය.

ඒ සුවබර උදෑසනයේ අප ගමන් අරඹා තිබුණේ රාමසිංහ මහතාගේ උපදෙස්‌ පරිදි ය. අපේ කණ්‌ඩායමේ වාහන තුනක සිටි අප පරිසර මිතුරන්ගේ අභිප්‍රාය වූයේ මුවන් හා අලි ඇතුන් දැක බලා ගන්නටත් වඩා 'දිවියා වලසා' බ`දු දකින්නට දුර්ලභ වන සතුන් දැකබලා ගන්නටය.

පායන කාලවලදී විල්පත්තුවේ වන සතුන් බලා ගැනීම අපහසු නොවේ. මන්ද.... දිය කඩිත්තක්‌ අසල පරිස්‌සමින් වන සතුනට බාධාවක්‌ නොවන පරිදි රැඳී සිටිය හොත් දියෙන් සැනහෙන්නට එන කවර හෝ සතෙක්‌ දකින්නට වාසනාව විල්පත්තුවේ දුර්ලභ නොවන නිසා ය. එහෙත් පසුගිය සති අන්තයේ අප විල්පත්තු ගියේ මහ වැසි වලට හසුවී මුළු විල්පත්තුවම දියෙන් සංතෘප්තව සිටින සමයක ය. විල්පත්තුවේ මහ වැව්, විල් මෙන්ම දිය කඩිති සියල්ලම දියෙන් බරව අලංකෘතව තෘප්තිමත්ව තිබෙන විටකදි දිය පිණිස එන වන සතුන් දුලබය...

එහෙත් 'වාසනාව' යනු වෙනමම කාරණාවකි. එය ඔස්‌සේ මහ වනය මැදට අපව රැගෙන ගිය රාමා අපට අනිමිසලෝචනයෙන් බලා සිටින්නට තරම් වටිනා දර්ශනයක්‌ ලබා දෙන්නට සමත් විය. ඒ මෙම ලිපිය සමඟ පළවන ඡායාරූපයේ සිටින රූබර 'යෝධ වලසාගේ' දර්ශනයයි. පාළු අ`දුරු වන මගක 'පලු ගසක්‌' යටට වී ඉදී වැටුණු 'පලු' නිදහසේ අහුලාගෙන කන වලස්‌ ගෙඩියා අපට නෙතට රස`දුනක්‌ම විය...

වලසා බැලූ බැල්මට අහිංසකයෙකි. එහෙත් මහ වනයේදී වලසා තරම් භයානක වනසතෙක්‌ තවත් නොමැති තරම්ය. උගේ පැවැත්මට බාධාකාරී වූ කවරෙක්‌ වුව අල්ලා මස්‌a වැදැල්ලක්‌ වන තරමට සිය තියුණු නිය ප්‍රහාරයෙන් සූරා දමන්නට වලසා සමත්ය. මේ නිසා වලසා සමග ගනුදෙනු කිරීමේදී අප වඩාත් පරිස්‌සම් විය යුතුබව පරිසර රසිකයෝ දනිති.

පලු අසුලා කමින් බරසාර අඩි තබා එහෙ මෙහෙ යමින් වලසා ඒ විනෝදය කාට වුව ලබා දෙන්නේ නිමේෂයකි. මිනිස්‌ ඉව වැටුණු වහාම 'පලු' නොව 'මී වදයක්‌' වුව අතහැර වනය තුළට පලා යන්නට ඌ රුසියෙකි. සැ`ගව පහර දෙන්නටද ඌ සමතෙකි. එම නිසා අප ඌ හැර යන්නට පටන් ගතිමු.

වලසා හැරුණු විට වෙනත්, අපට ඇවැසි වන සතෙක්‌ එදා අප ඉදිරියට ආවේ නැත. එහෙත් ඒ වර්ණවත් පැහැපත් දවසේ අවට පරිසරය අපට දකින්නට ලබාදුන් පරිසර 'චමත්කාරයේ අරුමය' නම් සුළුපටු නොවේ. කොතරම් වින්දත් ඒ අරුමය සිත තව තවත් ඉල්ලයි...

අපි හවස්‌ වන තුරුම ඒ වමත්කාරයේ රස පහස වි`ද වේලාසනම වනයෙන් පිටව ක`දවුරු බිමට ළංවූයේ අපේ සාමාජිකයන් වැඩි දෙනකුගෙන් කැලෑ ක`දවුරක රසය අත්හදා බලන්නට පෙන්නුම් කළ නොතිත් ආශාවෝ නිසාය... අපි තවත් දිනකට ඉඩදී ආපසු පැමිණියේ කතා කරන්නට තවත් දේ ඒ අරුමැති බිම්කඩ තුළ ඉතිරි කොට තබා ය...



Wmqgd .ekSu jhsk mqj;a m; weiqfrks

More News »