උණවටුන Rock Fort

2016-07-26 11:54:00       816
feature-top
අපේ රටේ අති සුන්දර වෙරළ තීරයන්ගෙන් ප්‍රමුඛ ස්ථානයක් ගන්නේ උණවටුනයි. දෙස් විදෙස් සංචාරකයන්ට ගමනා ගමන පහසුව සහ ඉතාමත් ඉක්මනින් සංචාරක ස්ථාන රැසක් නැරඹීමට ඇති හැකියාව නිසාත් තමාගේ විවේකය ගත කිරීමට සුන්දර උණවටුන වෙරළ තීරයට යාමට අමතක කරන්නේ නැහැ. උණවටුන පරිසර අසිරිය විඳ ගැනීමට සහ සොබා සිරියෙන් අනූන නවාතැනක තම විවේකය ගත කරන්නට කැමැත්තෙන් සිටින ඔබට ඉඟියක් දෙන්නටයි මේ සූදානම.

උණවටුන මුහුදු තීරයට මුහුණලා ඕලන්ද ගෘහ නිර්මාණ ආශ්‍රයෙන් කොටු පවුරක් ලෙස කළු ගලින් නිමවී ඇති Rock Fort (රොක් ෆොර්ට්) හෝටල් පරීශ්‍රය ඇස ගැටූණු වහ ගාලූ කොටු පවුර ඔබේ මනසේ ඇඳනු නිසැකය. පරිසර සංචාරකයන් පිනවීම වෙනුවෙන්ම ඉඳි වී ඇති සේම උණවටුන ප්‍රදේශයේ උස්ම ස්ථානයක ඉඳිකොට තිබෙන අවන්හලද සතු වන්නේද Rock Fort (රොක් ෆොර්ට්) සොඳුරු නවාතැනටය.

කොළඹ සිට පැයක ගමනකින් මෙම නවාතැන්පොළට ළඟා වන්නෙකුට හොටල් කාර්ය මණ්ඩලයෙන් ලැබෙන හෘද්‍යාංගම පිළිගැනීම සහ උණුසුම් සංග්‍රහය විවේකය තව තවත් සුව පහසු ලෙස ගත කිරීමේ හැකියාව ඔබට මනාව ලෙස පැහැදිලි වේ. ඔබ පරිසරයට ළබැඳි සංචාරකයෙකු නම් Rock Fort (රොක් ෆොර්ට්) සිට මඩොල් දූව, මාර්ටින් වික්‍රමසිංහ කෟතුකාගාරය, තේ නිෂ්පාදන කර්මාන්ත ශාලාව, කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන, යටගල විහාරය සහ ගාලු කොටුව වැනි ‍ඓතිහාසික වැදගත්කමින් යුතු ස්ථාන මෙන්ම තවත් සුන්දර ස්ථාන රැසක වින්ඳනීය අත්දැකීම් ඔබ සතු වෙයි.

නවීන ගෘහභාණ්ඩ වලින් නිමැවී ඇති සුඛොපභෝගී කාමර 20කින් සමන්විත මෙම Rock Fort (රොක් ෆොර්ට්) හෝටලය සංචාරකයන්ගේ සුව පහසුව තකා තවත් කාමර 11 ඉඳි කිරිමට මේවනවිටත් සැලසුම් කර තිබේ. ඕනෑම මාදිලියේ උත්සවයක් ගත හැකි ලෙස නිර්මාණය වි ඇති උත්සව ශාලා වෙනුවෙන් මේ වන විටත් ඔවුන් විශේෂ වට්ටම් හඳුන්වා දී තිබේ. ඒ අතර ලබන වසරේ තම විවාහය සැලසුම් කරන යුවළකට මේ වසරේ නොවැම්බර් මාසයට පෙර මෙම හෝටලය තම උත්සවය සඳහා වෙන් කර ගන්නේ නම් ඔවුන්ට 10% විශේෂ වට්ටමක් ලබා දීමට හෝටල් කාර්ය මණ්ඩලය සූදානම්ය.

විවේකිව ගත කරන්නට ඔබ තෝරා ගන්නා Rock Fort (රොක් ෆොර්ට්) සොඳුරු නවාතැන්පොළේ ප්‍රණීත ආහාරපානවල ප්‍රමිතිය පිළිබඳ විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ ඔවුන් අතින් සැකසෙන කිසිදු ආහාරපානයට කිසිදු රසකාරකයක් යොදා නොගන්නා නිසාය. එම නිසා කෘත්‍රිම රසකාරක පිළිබඳ කිසිදු බියකින් තොරව දෙස් විදෙස් ආහාර පාන රැසක රස බලන්නට ඔබට අවස්ථාව උදා වෙයි.

ඔබේ විවේකි සමය ඔබට රිසි සේ ගත කරන්නට දැනටමත් ඔබ Rock Fort (රොක් ෆොර්ට්) සොඳුරු නවාතැනට ගොඩ වන්නට සැලසුම් කරන්නේ නම් http://www.rockfortunawatuna.com  වෙබ් අඩවිය ඔස්සේ තවත් තොරතුරු රැසක් ඔබට දැන ගත හැකිය.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »