පොලොන්නරුව Hotel Lake Park

2016-08-08 03:15:00       822
feature-top
සෞන්දර්ය හිතකාමියකු, ගවේශකයකු සහ සංචාරයකුට නිස්කලංක පරිසරයකට මැදිව තම සංචාරක සිතිවිලි අතර නිදහසේ අතරමං වෙමින් තම විඩාව සංසිදුවා ගන්නට වඩාත් ඔබිනා නවාතැනක් පිළිබඳ ඉඟියක් දෙන්නටයි අපගේ සූදානම. ඔබේ සංචාරයේ නවාතැන් පොළ පුලතිසි පුරවරය නම් මේ කියන්නට යන මේ ගිමන්හල ඔබගේ සෞන්දර්යාත්මක රසවින්දනයට සුදුසුම නවාතැන් පොළ වනු ඇති බව නොඅනුමානයි. ඒ පොලොන්රුව බැඳි වැව ප්‍රදේශයේ පරාක්‍රම සමුද්‍රයට මුහුණලා නිස්කලංක වුත් සුව පහසු වූත් පරිසරයක මැදිව පිහිටා ඇති Hotel Lake Park (ලේක් පාර්ක්) නිවාඩු නිකේතනයි.

ගෘහ නිර්මාණ ශිල්පයෙන්ද, ගෘහ අලංකරණයෙන්ද ප්‍රමුඛ තැනක් ඉස්මතු වෙන අයුරින් නිර්මාණය වි ඇති මෙම නවාතැනෙහි පරීශ්‍රයේ සිටම පහසු කාමර පුරාද විචිත්‍රවත් චිත්‍ර වලින් අංලකරණය වී තිබී‍ම මෙම හොටලයේ සුවීශේෂි බව ඉස්මතු කර දක්වන් එක් සාධකයකි.

පරාක්‍රම සමුද්‍රය වැව් මායිමට ආසන්නව නිර්මාණය වී තිබෙන පිහිනුම් තටාකද, හරිත පැහැයෙන් පිරි වට පිටාවද මේ ගිමන්හල වෙත පියනඟන ඔබගේ සිතිවිලි ඔබටත් නොදැනීම ඇඳ බැඳ ගනී.

වඩාත් ඉඩ පහසුකම් ඇතිව හෝටලඅවට තැනින් තැන් නිම වී ඇති මං තිරු මත පා තබමින් තම නිදහස් සිතිවිලි අතරෙ තනි වෙමින් විවේකය අත් විඳින්ටද ඔබට හැකියි. නමුත් සංචාරයට ගවේෂණය ප්‍රිය කරන්නෙකුට මෙම නවාතැන් පොලෙහි සිට මින්නේරිය ජාතික වන උද්‍යනයට සහ පොලොන්නරුව ඓතිහාසික ස්ථාන බොහොමයකටම ඇත්තේ ඉතා කෙටි කාල සිමාවකින් ළඟා වීමේ හැකියාව තිබේ. ඔබේ විනොදාස්වාදය එතැනින් නවතින්නේ නැත.. Hotel Lake Park නිවාඩූ නිකේතනයේ නවා තැන් ගන්නා අමුත්තන්ට බෝට්ටු සවාරි, ජිප් සෆාරි වැනි අත්දැකිම් රාශියක් විඳ ගැනීමේ හැකියාව ලැබේ.

සංචාරකයන්ගේ සුව පහසුව ගැන වැඩි අවධානයක් යොමු කරනා කාර්ය මණ්ඩලය ඔබේ ඔනෑ එපා කම් පිළිබඳ නිරතුරු සැලකිමත් වන්නේ ඔබට මේ නවාතැන තුළ කිසිඳු අගන්තුක බවක් නෙදැනෙන්ටය.... Hotel Lake Park හී දී ඔබට රස විඳින්ට ලැබෙන ආහාර පානා පිළිබද යමක් සඳහන්කළ යුතුමය.. මිරිසු රසට තෙල් රසක ප්‍රිය කරනා අමුත්තන්ට ඉතා ප්‍රණීත දෙශිය ආහාර පාන රස විඳිමේ හැකියාව ලේක් පාර්ක් හොටලයේදි ඔබට අත් විඳිය හැකිය... ඉන්දියානූ ආහාර රසයට ප්‍රිය කරන්නන් මෙන්ම ඔබ කැමැති අනෙකුත් ඕනෑම ආහාර වේලක සකස් කර දීමට ඔවුන් සූදානම්ව සිටියි.

දැනටමත් මෙම නවාතැන්පොළ ඔබ සිත් ගෙන ඇත්නම් http://www.hotellakepark.com යන ඔවුන්ගේ වෙබ් අඩවියෙට පිවිස වැඩි දුර තොරතුරු ලබා ගත හැකිය.

Wmqgd .ekSu ��; mqj;a m; weiqfrks

More News »