මාදු ගං තීරයේ  කඩොලාන විලේජ්

2017-02-08 11:36:00       709
feature-top
සොබා සෞන්දර්ය විඳිමින් විවේකී දවස ගත කරන්නට කැමැති ඔබට සොබා දහමට මුල් තැන දෙමින් හික්කඩුව සහ අහුංගල්ල ප්‍රදේශවලට මැදිව බළපිටිය ප්‍රදේශයේ මාදු ගං තීරය අසබඩ පිහිටි කඩොලාන විලේජ් පරිසර හිතකාමි හෝටලය ඔබේ විඩාව මඟ හරවා ගන්නට කදිම තෝතැන්නකි.

කොළඹ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැයක් වැනි ඉතා කෙටි කාලයකින් ළඟා විය හැකි මෙම හෝටලයට පැමිණෙන ඔබට කඩොලාන ප්‍රදේශ, ගාලු කොටුව, ධීවර ගම්මාන මෙන්ම සාම්ප්‍රදායික වෙස් මුහුණු කර්මාන්ත, කුරුඳු වගාවන් සහ කුරුඳු නිෂ්පාදන සහ මාදු ගං බෝට්ටු සවාරිය වැනි අත්දැකීම් ගොන්නක් අත්විඳිය හැකිය .

මාදු ගං තීරයට මුහුණ ලා පිහිටි ලීවලින් නිර්මාණය වූ කබානා ද හෝටලයේ සතු සුවිශේෂී නිර්මාණයයි. කාර්යබහුල ජීවන රටාවෙන් මදකට අත්මිදී කඩොලාන පරිසරයකට වටවූ මෙම නිකේතනය සොයා එන අමුත්තන් වෙනුවෙන් සැපයෙන සේවා බොහෝය. ඉන් ප්‍රමුඛ තැනක් ලැබෙන්නේ දේශීය ක්‍රමයට පිස ගත් ආහාරපාන වන අතර ඔබේ කැමැත්තට අනුව තවත් බොහෝ ආහාරපාන රස විඳීමේ හැකියාව ද ඇත.

රසබර ආහාර වේලකින් පසු සුව පහසු කාමරයක සැතපී සිටින ඔබට හෝටල් පරිසරය අවටින් ඇසෙන්නේ කුරුල්ලන්ගේ විවිධ නාදයන්. ඒ හඩ විඩාපත් ඔබේ සිත ඔබටත් නොදැනීම සුවපත් කරයි.

මෙම හෝටලයේ එක් පසෙක නිර්මාණ කර ඇති කුඩා එළවළු පාත්ති ඔබට දැකගත හැකිය. ආහාරපාන සකස් කිරීමේදී කෘත්‍රිම රසායනික පොහොරවලින් තොර එම එළවළු යොදා ගනියි.

ආර්ථික ප්‍රතිලාභවලට ප්‍රමුඛ තැනක් ලබා දීම වෙනුවට පරිසර හිතකාමී ලෙස මෙම හෝටලයේ සෑම අංශයක්ම නිර්මාණය කර තිබේ. හෝටලය ආලෝකවත් කිරීමට සහ අනෙකුත් අනෙකුත් අවශ්‍යතා උදෙසා ද ඔවුන් යොදාගෙන තිබෙන්නේ පරිසර හිතකාමි සූර්යබල ශක්තියයි. සුඛෝපභෝගී නිවාඩු නිකේතන, කබානා සහ දිය තටාක ඇතුළු මේ පහසුකම්වලින් යුතු කඩොලාන පරිසර හිතකාමී හෝටලයේ විය පැහැදම් නම් සුඛෝපභෝගී නොවන බව කිව යුතුමය.

මාදු ග‍ඟේ බෝට්ටු සවාරියක් ගොස් මත්ස්‍ය සම්බාහනයකින් පසු (fish theraphy) කර ගනිමින් සුන්දර වෙරළ තීරයේ සිසිල අත්විඳ ගනිමින් විඩාබර ඔබේ මනසට නැවුම් බවක් එක්කරන්න කඩොලාන් විලේජ් පරිසර හිතකාමි හෝටලය කදිම තෝතැන්නකි.



Wmqgd .ekSu ��r mqj;am; weiqfrks

More News »