රිවස්ටන් සිට පිටවලපතන රන්කඳ හා ඇටන්වලට

2017-03-30 12:19:00       706
feature-top
මිහිපිට පාරාදීසයක්වන් අප රටෙහි සොබා දහමේ සුන්දරත්වය දිවයින පුරා විසිරී තිබෙනවා. 'රිවස්ටන්' එවන් අසිරිමත් සොබාදහමට හොඳම උදාහරණයක්.

මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල මැතිවරණ කොට්ඨාසයෙහි රිවස්ටන් පිහිටා තිබෙනවා. මීටර් 1265 උසින් පිහිටා ඇති රිවස්ටන් වඩාත් ජනප්‍රිය වී ඇත්තේ සුළං කපොල්ල නිසායි. මෙය "බට අඬුව" සුළං කපොල්ල ලෙසත් ව්‍යවහාර වෙනවා.

'රිවස්ටන්' වචනය ඇසූ සැනින් ඔබගේ සිතට නැගෙන ඒ සුන්දර ප්‍ර‘දේශය සැබැවින්ම විස්මයජනක වූ සොබා දහමේ නිර්මාණය කොතෙක් නැරඹූවද එපා නොවන මෙම සොඳුරු බිමෙහි සංචාරය කරන ඔබට ඉන් ඔබ්බට අලුත්ම අත්දැකීමක් ලබාගැනීමට හැකි මානස්කාන්ත වූ සංචාරක ස්ථාන කිහිපයක් හඳුන්වාදීමට සිතුවා.

රිවස්ටන් සිට වස්ගමුව ප්‍රදේශයට කිලෝමීටර් 03ක් පමණ සංචාරය කරන ඔබට පිටවලපතන ගම් ප්‍රදේශය හමුවනවා. මෙම ප්‍ර‘දේශය හරහා ඉතාම සොඳුරු වූ අත්දැකීම් රාශියක් විඳගැනීමට පසුගිය දිනක අපට හැකිවුණා. මෙම ගමනට පෙර සිටම ඒ පිළිබඳ දැනගත් බොහෝ දෙනා සඳහන් කර සිටියේ පාගමනින් කිලෝමීටර් 07ක් පමණ ගමන් මාර්ගයක් පවතින බවත්, ඇතැම් ස්ථානවල "කූඩැල්ලන්" පොකුරු වශයෙන් සිටින බවත්යි.

සංචාරයට බොහොම ප්‍රියකරන්නන්ට එය ලොකු බාධාවක් නොවන බව අප දන්නවා.

පිටවලපතන ගම්මානය වැටී ඇත්තේ කුඩා ඇළ මාර්ග හා වගා බිම් හරහායි. වැඩි වශයෙන් කුඹුරු හා දුම්කොළ වගාව මෙම ගම්මානය හරහා ගමන් කිරීමේදී දැකගත හැකියි. කිලෝමීටර් 02ක් පමණ ගිය පසු හමුවූයේ කුඩා ඔයකි. එහිදී අපට හමුවූ ගැමියෙකුගෙන් තොරතුරු විමසීමේදී පවසා සිටියේ රන්කඳගම ඇටන්වල ගම්මාන හරහා මෙම මාර්ගය නැවත වස්ගමුව මාර්ගයට වැටෙන බවයි.

ඔහු කියූ තොරතුරු අනුව ඉදිරියට ගමන් කළ අපට නකලස් කඳු මුදුනට වඩා වෙනස්ම වූ අත්දැකීම් රාශියක්ම අත්විඳීමට හැකිවුණා.

මෙම ගම්මාන හරහා යාමට ඇත්තේ ඉතාම කුඩා මාර්ගයකි. ගස්කොළන් අතරින් කුඩා දියකඩිති මැදින් ගමන් කළ අපට සොබා දහමේ අපූරුතම සොඳුරු නිර්මාණයක් නෙත ගැටුණා. ඉන් මල් විශේෂ බොහොමයකි.

තවත් කිලෝමීටර් 03ක් පමණ ගමන් කළ පසු හමුවූ ගම්මානය ඉතාම දුෂ්කර බවින් යුක්තයි. ඔවුන්ගේ ජීවන රටාවද ඔවුන්ටම ආවේණික වූ අයුරින් සකසාගෙන තිබුණා. හරක් මඩු දර මඩු නිවාස යාබදවම ඉතාමත් නිර්මාණශීලී අයුරින් නිමවා තිබීම අපි කාගේත් අවධානයට යොමුවුණා.

කොතරම් දුෂ්කර ජීවිතගත කලත් සුන්දර නිහතමානී සිනහවෙන් පිළිගත් අපට එම මොහොතේ ලබාදියහැකි සියලු සත්කාරයන් ලබාදුන්නා. ඔවුන් තම ජීවන රටාව සඳහා පොල් රා, කිතුල් රා, කිතුල් පැණි, හකුරු හා ඔවුන්ට ආවේණික වෘත්තීන්වල යෙදෙන බවයි සඳහන් කළේ.

ඔවුන්ගෙන් සමුගත් අප තව ඉදිරියට ගමන් කළේ විශාල කෙත්යායක් මැදින් %මාන්ගල^ දැක ගැනීමට හැකි වූයේ ඒ අතරතුරේදියි. ඉතාමත් අලංකාර දර්ශනයක් වන මෙය සොබා දහමේ අපූරු තවත් නිර්මාණයකි.

ඉන් පසු අපට මුණගැසු‍ණේ මෙම ගම්මාන මැදින් යන තෙල්ගමු ඔයයි. එය නම් විනෝදවීමට කදිමවූ ස්ථානයක්. රිවස්ටන් කඳු මුදුනේ තිබෙන තද සීතලට වෙනස්ම උෂ්ණ අධික බවක් මෙම ප්‍ර‘දේශය තුළ විඳ ගැනීමට හැකියි. දිය නෑමට මෙම ස්ථානය අපූරුතම ස්ථානයක් බවයි ඔය අසලදී මුණ ගැසුන ගැමියෙකු විසින් සඳහන් කර සිටියේ.

කෙසේ හෝ කි.මී.07ක පමණ ගමනකින් පසු නැවත වස්ගමුව මාර්ගයට අප සේන්දු වුණා. මෙම සංචාරය වෙනස්ම අත්දැකීමක් ලබාගත හැකි අවස්ථාවක්. රිවස්ටන්වලදී ලබාගත හැකි අත්දැකීමටක වඩා වෙනස්ම වූ වෙනසකට ප්‍රිය කරන ඔබට මෙම සංචාරය බොහොම වැදගත් වේ යැයි අප සිතනවා.




More News »