අනුරාධපුර පුජා නගරයේ ඔබ නැරඹිය යුතු තැනක්

2017-04-07 11:03:00       693
feature-top
අනුරාධපුර සිද්ධාස්ථාන නරඹන්නට යන සංචාරක ඔබ ඉසුරුමුණිය විහාරය හා එහි කැටයම් නරඹන්නට අමතක නොකළ යුතුය. වසර දහසකටත් වඩා පැරණි නටබුන් වලින් පිරි මෙම ඉසුරුමුණිය දේවනාම්පියතිස්ස රජතුමා විසින් ඉදි කරවන්නක් ලෙස සැළකේ.

උසස් කුලදරුවන් 500ක් දෙනා මහණ කොට ඔවුනට වැඩ වාසය කිරීම පිණිස මෙය ඉදිරි කරන ලද්දක් බව අතිත තොරතුරු පිරික්සිමේදී දැන ගැනීමට ලැබේ. එසේම කාශ්‍යප රජු විසින් මෙම විහාරය නැවත පිළිසකර කොට "බෝඋපුල්වන් කසුබ්ගිරි රද්මහවෙහෙර" නමින් යළි නම් කොට ඇත. ඔය කාශ්‍යප් රජු විසින් නම් කර ඇත්තේ ඔහුගේ දියණියන් දෙදෙනා හා ඔහුගේ නම් එක් කිරීමෙන් බව සඳහන් වේ.

ගල් ලෙනකට සම්බන්ධ වූ විහාරයක් එහි තිබෙන අතර, උඩින් ඇත්තේ ගල් පර්වතයකි. එහි කුඩා ස්ථූපයක් තනා ඇත. එම ස්ථූපය ගොඩනගන්නට ඇත්තේ වර්තමානයේ බව පෙනෙන්නට තිබේ. වඩාත් පහළින් විවරයක දෙපැත්තෙන්ම පොකුණක සිට මතු වන ආකාරයක් නිරූපණය වන ඇත් රූප නෙළා ඇත. ගල් පර්වතය මත අශ්වයෙකුගේ රූපයක්ද නෙළා ඇත. ගල් පුවරුවක නෙළන ලද ඉසුරුමුණි පෙම් යුවල සහිත කැටයම වෙනත් තැනක නෙළා පසුව එම ස්ථානයේ සවි කරන්නට ඇත. විහාරයට නුදුරෙන් මගුල් උයන දක්නට ඇත.

ඉසුරුමුණිය වඩාත් ප්‍රසිද්ධි වී ඇත්තේ "ඉසුරුමුණි පෙම් යුවළ" නම් වු කැටයමෙනි. එය හයවැනි සියවසෙහි ගුප්ත කලාවට අයිති කැටයමක් වේ.

මෙම කැටයමෙහි නිරූපණය වන්නේ දුටු ගැමුණු රජුගේ පුත් සාලිය කුමරු සහ ඔහුගේ පෙම්වතිය වූ අශෝකමාලා නම් සැඩොල් තරුණිය යන දෙදෙනා යයි සිතිය හැකිය. ඇය නිසා තමනට උරුම වන්නට තිබූ රජකම සාලිය විසින් අත්හරින ලදැයි කියැවේ.

ඉසුරුමුණියෙන් හමුවන තවත් අගනා ගල් කැටයමක් ලෙස එහි ස්වභාවික ගල් පර්වතයේ නෙලා ඇති වාඩිගත් මිනිසෙකු හා අශ්ව හිසක් දැක්වෙන කැටයම දැක්විය හැක. මෙහි නිරූපිත තරුණයාගේ රූපය අඩි 2 1/2 ක් පමණ උසින් යුක්ත වේ. මෙම කැටයම ක්‍රි.ව. 7 වන හෝ 8 වන සියවසට අයත් බව පැවසේ. දකුණු ඉන්දියාවේ ව්‍යාප්තියට පත් පල්ලව මූර්ති කලාවේ අභාසය මෙම කැටයමෙහි පිළිඹිබු වන බව වියතුන්ගේ නිගමනය යි. අමීට අමතරව දුටුගැමුණු රජ පවුල දැක්වෙන කැටයමත් දිය නාන ඇතුන් දැක්වෙන කැටයමත් ඉසුරුමුණි විහාරය තුළ හඳුනා ගත හැකි තවත් අගනා කැටයම් වේ.

අනුරාධපුර නගරයට ගිය විට ජය ශ්‍රී මහා බෝධිය, රුවන් වැලිසෑය, අභයගිරිය වැනි සිද්ධාස්ථාන නරඹන සංචාරක ඔබට මෙම ඉසුරුමුණි විහාරයටද පහසුවෙන් යා හැකි මාර්ග ඇත. පසුගිය කාලයේ නිර්මාණය වු %ශ්‍රී දළඳාගමනය^ ඇතුළු ‍ඓතිහාසික චිත්‍රපට කිහිපයක්ම මෙම ඉසුරුමුණියේදී රූපගත කොට තිබෙන බව සඳහන් වේ.

Wmqgd .ekSu u��u mqj;am; weiqfrks

More News »