ඉසින් බැස්ස ගල මැදවච්චිය

2017-05-05 11:14:00       696
feature-top
'ඉසින්බැස්සගල ගල' බෞද්ධ ආගමික අතින් ඉතාමත් වැදගත් පූජනීය ස්ථානයක් වනසේම මෙරට ඉතිහාසයේ වැදගත්ම වූ අවස්ථාවන් පිළිබඳ හොඳම උදාහරණයකි.

ඉසිවරුන් බැස්ස ගල' ලෙසද ඉතිහාසයේ සඳහන්වන මෙම පූජනීය ස්ථානය ආගමික මෙන්න සොබාදහමේ අපූර්වත්වය විඳීමට කැමැති කාහටත් සොඳුරු ස්ථානයකි.

'ඉසින් බැස්සගල' A9 මාර්ගයේ අනුරාධපුර සිට මැදවච්චියට ගොස් තවත් කිලෝමීටර් 02ක් පමණ ගිය පසු ප්‍රධාන මාර්ගයට ආසන්නව ඇති විශාල ගල්තලාවකි. එමෙන්ම මාර්ගයෙන් මදක් ඇතුළට වන්නට රජමහා විහාරයක්ද වනවා, මෙය රුවන්ගිර රජමහා විහාරයයි.

ඉසින් බැස්සගල පිළිබඳ ඉතිහාසයේ වැදගත් සිදුවීම් කිහිපයක් පිළිබඳ සටහන් වනවා. ඉන් එක් සඳහනක් වන්නේ මිහිඳු මහ හිමියන් ඇතුළු පිරිස මිහින්තලයට වැඩම කිරීමට පෙර මෙම ගලමුදුනට ගොස් විවේකය ලබාගත් බවත් ඉන්පසුව මිහින්තලයට වැඩම කළ බවයි.

එමෙන්ම තවත් සඳහනක් වන්නේ මිහිඳු හිමියන් ඇතුළු පිරිස මෙම ගල මුදුනට වැඩම කර මිහින්තල ප්‍රදේශය නිරීක්ෂණය කිරීමෙන් පසුව එහි වැඩම කළ බවයි. ඉසින් බැස්ස ගල දේවානම් පියතිස්ස රජතුමා විසින් ක්‍රිස්තු පූර්ව 250-210 කාලයේදී පූජනීය ස්ථානයක් වශයෙන් ගොඩනගා ඇති බවයි. ඉහත සඳහන් කළ පිරිස් ඉසින් බැස්ස ගල ලෙස භාවිතා කිරීමට හේතුව ලෙස සඳහන් වන්නේ මෙම ගල් තලාවන්හි ඉසිවරුන් වැඩකිරීම බවයි.

මෙම ගල්තලාවට ආසන්නව ඇති ඉපැරණි රජමහා විහාරයෙහි භූමිය කැණීම් කිරීමේදී ඉපැරණි නටබුන් සොයාගෙන තිබෙනවා. එහිදී ඉපැරණි ස්ථූපයක් තිබූ බවට සාධක සහිත අතර එම ස්ථානයේ ඉදිකළ නව ස්ථූපය විසිවන ශතවර්ෂය මැද භාගයේදී ඉදිකළ බවයි සඳහන් වන්නේ.

එමෙන්ම නාගගල හා සිරිපතුලගල වන්දනාමාන කිරීම සඳහා යොදාගෙන තිබුන බවට මෙම සංකේත මගින් සැලකෙන බවයි සඳහන් වන්නේ. බුදුදහම ලක්දිවට ගෙනඒමට පෙර නාග වන්දනාව තිබූ බවට ඉන් සාක්ෂි දරන බවද සඳහන් වනවා.

ඉසින්බැස්ස ගල තවත් සුවිශේෂිත වන්නේ එහි පිහිටීමයි. ගල මුදුනට ගින පසු 360 ක ප්‍රමාණය දර්ශනය වන අතර අති සුන්දර දසුන් මෙහිදී දැක ගැනීමට හැකියි. මේ නිසාම බෞද්ධ ජනතාව පමණක් නොව සංචාරකයන්ද වඩාත් ප්‍රියකරන ස්ථානයක් බවට පත්ව තිබෙන බව සදහන් කළ හැකියි. අනුරාධපුර මෙන්ම මන්නාරම මඩු සංචාරය කරන වන්දනාකරුවන් දෙස් විදෙස් සංචාරයන් බවා 'ඉසින්බැස්සගල' සංචාරය කිරීමට දැඩි කැමැත්තක් දක්වන බව එහි සංචාරය කරන ඔබට දැක ගැනීමට හැකිවනු ඇත.

saravita.lk


More News »