බොහෝ දෙනෙක් අදත් නොදත් රුහුණු රටේ කුරුළු රජදහන

2017-05-26 11:36:00       732
feature-top
ඒ ඒ 2 දරන කොළඹ - කතරගම මාර්ගය ඔස්සේ තංගල්ල පසුකොට අම්බලන්තොට දෙසට යන ඔබට  අදටත් බොහෝ දෙනකුගේ අවධානයට ලක් වී නොමැති අපූරු සොබා රජ දහනකට පිවිසෙන්නට පුළුවන්. ඒ තමයි කලමැටිය, කුරුළු අභය භූමිය. කොළඹ - කතරගම මාර්ගයේ හුංගම සහ  නෝනාගම අතරින් දකුණට  හැරී මුහුද දෙසට  යන විට හෙක්ටයාර් 712 (අක්කර 1760 කින්) යුතු මේ මාහැඟි සමුද්‍රාසන්න ජලජීවී පරිසර පද්ධතියට පිවිසීමට ඔබට පුළුවන්.
මහා සමුද්‍රයට සහ ලුනම සහ කලමැටිය කලපු දෙකට සම්බන්ධ කඩොලාන ඇතුළු සමුද්‍රාසන්න ජලජීවී පරිසරයක් වන මෙය අතීතයේ සිටම ප්‍රකටව පැවැතුණේ අප රටේ විශාල වශයෙන් කරුල්ලන් දැක ගත හැකි  භූමි භාගයක් ලෙසයි. කුමන සහ බුන්දල තරමටම පක්ෂි ගහණයක් මෙහි දක්නට ලැබෙන බවට  වාර්තා තිබෙනවා. විශේෂයෙන් සෑම වසරකම අවසන් මාස  තුනෙන්  ඇරඹී ඊළඟ වසරේ මුල් මාස තුනෙන් ඇරඹී ඊළඟ වසරේ මුල් මාස තුණෙන් අවසන් වන සංක්‍රමණික පක්ෂීන්ගේ කාලයේදී මෙම කලමැටිය ප්‍රදේශයේ කුරුළු ගහනය දෙගුණ තෙගුණ වීමක් දක්නට පුළුවන්.
 
ජලාශ්‍රිත පක්ෂීන් කලමැටිය පරිසර පද්ධතිය තමන්ගේ වාස භවනය සඳහා තෝරා ගැනීමට විශේෂ හේතු කිහිපයක් තිබෙනවා. ඉන් පළමුවැන්න වන්නේ  නොගැඹරු කලපු දිය පරිසර පද්ධතියක් වන මෙය මත්ස්‍යන් ඇතුළු  පක්ෂීන්ගේ ගොදුරු බහුල වීම. ඊට අමතරව කුරුල්ලන්ට කූඩු තනා ගැනීමට සුදුසු තුරුලතා පද්ධතියක් මෙහි පැවැතීමත් කලමැටියේ කුරුළු ගහණය  වැඩිවීමට හේතුවක් වී තිබෙනවා.

විශේෂයෙන් අපේ රටේ දක්නට ලැබෙන කොකුන් සහ තාරාවුන් විශේෂ කිහිපයක් සිය දහස් ගණනින් දැක ගන්නට පුළුවන්.
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා ඔබට උදෑසන හිරු නැඟ එන හෝ සවස හිරු බැස යන අතරතුර  හෝරා දෙකක් පමණ මෙහි රැඳීසිටිය හැකි නම් මෙම අභය භූමියේ සැරිසරන පක්ෂීන් සේම ක්ෂීපායින්, උරගයන් සහ  සමනලුන් සෑහෙන ප්‍රමාණයක් ඔබේ නෙතට හෝ කැමරාවට ගොනු කර ගන්න  හැකි වන බවට සැක නැහැ.
මේ කලමැටිය සමුද්‍රාසන්න තෙත් බිම් පාරිසරික පද්ධතිය වන සත්ව සහ වෘක්ෂලතා ආඥාපනත යටතේ  අභය භූමියක් ලෙස මුල්වරට   ගැසට් කොට ඇත්තේ 1938 වසරේදීයි. ඒ වනවිට එහි මුලු භූමි ප්‍රමාණය හෙක්ටයාර් 2520 හෙවත් අක්කර 6240ක්. නමුත් විවිධ බාහිර බලපෑම් හේතුවෙන් ඊට වසර අටකට පසු එනම් 1946 කලමැටිය තෙත්බිම් පාරිසරික පද්ධතිය මෙරට අභය භූමි ලැයිස්තුවෙන් ඉවත් කොට තිබෙනවා. නමුත් මිනිසාගේ පැවැත්ම  සඳහා සොබාදහමින් ලැබෙන මාහැඟි පිටිවහල පිළිබඳව මිනිස් චින්තනය වඩ වඩාත් යොමු වීම මත එය 1984 ජුනි 28 දා ශ්‍රී ලංකාවේ හතළිස් එක්වන අභය භූමිය වශයෙන් දැනට ඇති අක්කර  1760ක ප්‍රමාණයක් නැවත ගැසට් මගින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ  භාරයට පත් කොට තිබෙනවා. ඊට අමතරව අද වනවිට ආසියාතික කෙත්බිම් නාමාවලියට කලමැටිය අභය භූමිය ඇතුළත්ව තිබිම
විශේෂත්වයක් ඓතිහාසික මානව විද්‍යාත්මක සහ පුරා විද්‍යාත්මක අගයකින් යුතු උස්සන්ගොඩ ආසන්නයේ පිහිටි කලමැටිය සොබාදම් රක්ෂිතය නවාතැන් හෝ කඳවුරු පහසුකම් නොමැති නිසා එය නැරඹීම සඳහා දහවල් කාලය යොදා ගැනීම අතිශය වැදගත් බව කිව යුතු අතර මේ මහඟු සොබාදම් දායාදය පාරිසරික දූෂණයට ලක් නොකිරිමත් අප සතු මහඟු යුතුකමක් හා වගකීමක් බවද අවසන් වශයෙන් කිව යුතු වෙනවා.




Wmqgd .ekSu ,la�u mqj;a m; weiqfrks

More News »