අලි බබාලා සූප්පුවෙන් පිටිකිරි බොන හැටි බලන්න ඇත්අතුරු සෙවණට යමු

2017-05-31 10:10:00       702
feature-top
දරු පැටවුන්ගේ සුරතල් බැලීමට කැමති අපි කවුරුත් අලි පැටවුන්ගේ සුරතල් බැලීමට ඒ තරමටම කැමැතියි. නමුත් එකම තැන එකම විටෙක අලි පැටවුන් හතළිස්  තුන් දෙනෙකුගේ සුරතල් බැලීමට අපේ  රට තුළ  ඇත්තේ එකම එක තැනක් පමණයි. ඒ තමයි උඩවලවේ ඇත් අතුරු සෙවණ.
වනයේදී විවිධ හේතූන් මත දෙමාපියන්ගේ රැකවරණ අහිමිව අතරමං වන අලි පැටවුන් ලොකු මහත් වි නැවත වනයට මුදාහැරෙන තෙක් ඔවුන් ආරක්ෂිතව රඳවා තබන මේ ඇත් අතුරු සෙවණ  ආරම්භ කොට දැනට අවුරුදු විසි එකක් වෙනවා.
1995 නොවැම්බර් 04 දා  යෙදුණු ලෝක මහ සත්ව දිනය මුල්කොට මේ ස්ථානය ආරම්භකොට ඇත්තේ හිටපු වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ පශු වෛද්‍ය නන්දන අතපත්තු මහතාගේ සංකල්පයක්  අනුව එවකට වනජීවී විෂය භාර අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

මුලදී වන්නි හත්පත්තුවෙන් සොයා ගත් කෝමලී නම් ඇත් පැටවාගෙන් ආරම්භ වූ මේ ඇත් අතුරු සෙවණේ අදවන විට දිවයිනේ නොයෙක් ප්‍රදේශවලින් සොයාගත් අලි ඇත් පැටවුන් හතළිස් තුන් දෙනෙකු රැකවරණය ලබනවා. මෙහි රඳවා ඇති කුඩා අලි පැටවුන්ට  උණුසුම ලබාදෙන කාමර, රෝගී අලි පැටවුන් රඳවා තබන වාට්ටු අලි පැටවුන් හට සැත්කම් සිදු කෙරෙන ශල්‍යාගාර ආදී  පහසුකම් රැසකින් යුතු මෙහි අලි ඇතුන් නැරඹීම සඳහා වන වේදිකාවක් වගේම තොරතුරු මධ්‍යස්ථානයකුත් ස්ථාපිත කොට තිබෙනවා.
දිනපතා  පෙ.ව. 9.00 - මධ්‍යාහ්න 12 දක්වාත් නැවත ප.ව. 3.00 සිට 6.00 දක්වාත් මේ ඇත්අතුරු සෙවණේ අලි පැටවුන්ගේ සුරතල් දඟකාරකම් සිත්සේ  රස විඳින්න ඔබට පුළුවන්.

ඒ අතර මේ අම්මා අප්පා අහිමි වූ මේ අලි බබාල අලි සූප්පුවලින් පිරි කිරි උරා බොන දර්ශනය බලා සිටින විට අපේ සිත්වලට නැගෙන හැඟීම් වචනයෙන් විස්තර කළ නොහැකි තරම්.
මෙසේ ඇත් අතුරු සෙවණේ රැකවණය ලබන  අලි ඇත් පැටවුන් ප්‍රමාණවත් ලෙස වැඩුණු පසුව මුදා හැරින්නේ ඔවුන් උඩවලවේ ලුණුගම්වෙහෙරගාල මාදුරුඔය වැනි ජාතික වනෝද්‍යාන වෙත බවයි අපට මෙහිදි දැනගන්නට ලැබුණේ. මිනිසුන් අතරේ කුඩා කළ හැදුණු වැඩුණු අලි ඇත් පැටව් නැවත මුදා හැරීමෙන් නැවත වනජීවීන් කළ නොහැකි බවට එවක පරිසර සහ වනසත්වලෝලීන්ගෙන් සුවිසල් අභියෝග පැන නැගුණා. ඒ වගේම මේ ඇත් අතුරු සෙවණ සංචාරයට ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් ලෙසටත් ඇතැමුන් හඳුන්වා දී තිබුණි.
නමුත් ඇත් අතුරු  සෙවණේ හැඳි  වැඩී 1998 වසරේ මුදා හළ අනුරාධ, අනුෂා, කණ්ඩුල සහ ගාමිණී කියන ඇත් පැටවුන්  සිව් දෙනා ඇත් අතුරු සෙවණින් මුදා හල පසු වනයේ  අලි රංචු සමග එක්වීමත් සමග  ඇත්අතුරු සෙවණේ සාර්ථකත්වය ලොව හමුවේ අනාවරණය වුණා. ඊට පසුව තමයි බොහෝ දෙනකුට එහි සැබෑ වටිනාකම තේරුම් ගියේ කොළඹ සිට රත්නපුර හරහා  ඇඹිලිපිටිය දෙසට  යන ඒ 18 ප්‍රධාන මාර්ගයේ උඩවලව මංසන්ධියෙන් තණමල්විල දෙසට වැටි ඇති බි 427 මාර්ගය ඔස්සේ කිලෝමීටර් 03 ගිය විට හමුවන පී.ජී. ද සිල්වා මාවතේ තවත් මීටර් තුන්සියයක් පමණ ගියවිට උඩවලවේ ජලාශයට මායිම්ව ඇති මෙම ස්ථානයට පැමිණිය හැකියි. වැඩිහිටියකුගෙන් රුපියල්  විස්සක්ද  වයස අවුරුදු දොළහකට අඩු දරුවෙකුගෙන් රුපියල් දහයක්ද අය කෙරෙන අතර  කණ්ඩායම් වශයෙන් එන පාසල් සිසුවකුගෙන් අය කරන්නේ රුපියල් පහක් පමණයි.
ඒ කෙසේ හෝ මේ අලි පැටවුන් හතළීස් තුන්දෙනා රැක බලාගැනීම වෙනුවෙන් එක් දිනයක් සඳහා රුපියල් හැත්තෑපන්දහසක පමණ මුදලක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වැය වන බවයි අපට එහිදී දැනගන්නට ලැබුණේ. ඒ නිසාම මෙම අලි පැටවුන් හට කැප කරු මාපියන් විමේ සහ ඔවුන්ට  බිමට කිරිපිටි සපයා දීමේ වරමක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැන් ඔබ සඳහාද උදාකර දී තිබෙනවා.  011- 2888585 අංකය ඔස්සේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අමතා වනජීවී සෞඛ්‍ය අංශය විමසුමක් කළහොත් ඔබට ඒ  කැපකරු මාපිය වැඩසටහන සම්බන්ධයෙන් වැඩි තොරතුරු දැන ගන්නට පුළුවන්.
ඒ වගේම ඒ ඇත් අතුරු සෙවණේ අලි බබාලාට පෙවීම සඳහා ලැක්ටෝජන් 02 ළදරු කිරි ඇත්අතුරු සෙවණට භාරදීමටත් ඔබට අවකාශ තිබෙනවා. නමුත් මේ එක අලි බබෙක් සඳහා එක දිනකට ග්‍රෑම් 400 ලැක්ටොජන් 02  පිටි පැකට්හයක්ම අවශ්‍ය වන බවත් මතක තබා ගන්න. මොකද ඒ අය සාමාන්‍ය බබාලා නොවන අලි බබාලා නිසා. ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු සඳහා අතුරු සෙවණේ 047-2232147 දරන දුරකථන අංකය යොදා ගන්න පුළුවන්.

Wmqgd .ekSu ,la�u mqj;a m; weiqfrks

More News »