Shangrilla Tea Heaven සුන්දර කඳුකර සවාරියක පැතුම් සපුරන ෂැන්ග්‍රිල්ලා ටී හේවන්

2017-06-05 11:25:00       698
feature-top
බදුලු - කොළඹ පාරේ සීත කඳුකරයේ චාරිකාවක යෙදෙන ඔබට හපුතලේ කන්ද මඟ ඇරලා යන්න ලැබෙන්නේ ම නෑ. ඒ කාලේ වගේ නොවෙයි දැන් කාලේ හපුතලේ කන්ද දැක්කාම බඩ දන්නේ නෑ. වංගු වංගු හැරිලා ගියත් කන්ද නඟින්න පහසුයි. මං මාවත් පුළුල් වෙලා. ගැල් කරත්තෙන් හපුතලේ කන්ද නැගපු කාලේ වගේ නොවෙයි. දැන් ගමන සුන්දරයි පහසුයි. කඳුකර චාරිකාවේ අතරමඟ මඳක් නැවතිලා ගිමන් හරින්න, දෙව් ලොවින් ගෙනා රසයක් දෙන උණුසුම් තේ කෝප්පයක් බී ගත සිත උණුසුම්කර ගන්න, කදිම අතරමඟ නවාතැන‍්පොළක් ලෙස හපුතලේ ෂැන්ග්‍රිල්ලා ටී හෙවන් නිවාඩු නිකේතනය හඳුන්වන්නට පුළුවන්.

කොළඹ - බදුල්ල මහා මාර්ගයේ බෙරගල හන්දිය පසු කර හපුතලේ කන්ද ඔස්සේ හරියට ම කිලෝ මීටර 3ක් ගිය තැන ෂැංග්‍රිල්ලා ටී හෙවන් නිවාඩු නිකේතනය පිහිටා තිබෙනවා. හපුතලේ කන්ද නැග්මෙහි මහ පාරට ආසන්නයේ ම පිහිටා තිබෙන ෂැන්ග්‍රිල්ලා ටී හෙවන් හෝටලය පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 4500ක් උසින්.

අක්කර 25ක් පුරා විහිදුණු සරුසාර ෂැන්ග්‍රිල්ලා තේ වතු යාය මැද ඉදි කළ ටී හේවන් නිවහන සුවපහසු කාමර හා කුටි දහයකින් සමන්විතයි. ඌව පළාත් සභාවේ සහ ප්‍රා‍දේශීය සභාවේ අනුමැතිය ලත් නිවාඩු නිකේතනයක් වන මෙහි එකවර හතළිස් දෙනෙකුට පමණ පහසුවෙන් ම නවාතැන් ගන්නට පුළුවන්. එකවර පුද්ගලයන් අට දෙනෙකු, හය දෙනකු, හතර දෙනෙකු සහ දෙදෙනකු බැගින් නවාතැන් ගත හැකි තනි තනිව ඉදි කළ කුටි ඇතුළු කාමර දහයක් එහි තිබනෙවා. යාබද නානකාමර - වැසිකිළි උණුවතුර හා උණුසුම් කිරීමේ පහසුකම් සහිත සුවපහසු ගෘහභාණ්ඩවලින් යුතු සෑම කාමරයකටම වෙන්වූ සඳලුතලයක් ද තිබීම එහි ඇති විශේෂත්වයයි.

ඒ ඒ කාමරයට වෙන්වූ සදළු තලයට පිවිස හාත්පස සිසාරා අවට නරඹන්නකුගේ දෙනෙත් ඈතින් ඈතට විහිද යන නිල්ල නිලන තේයාය සරුසාර කෙත්වතු හා වනදහනේ අසිරිමත් දසුනින් සුවපත් වෙනවා. ඈත පහළින් පෙනෙනා කළු පාට තාර තීරුව වසාගත් සුදුපාට මිහිදුම් සේලය ඉරාගෙන සෙමෙන් සෙමෙන් ඉහළට ඇදී එන රථවාහන පෝළිම සිහියට නං වන්නේ පුංචි කාලේ චිත්‍ර පොතේ ඇඳපු වාහන පෝළිමක සිතුවමක්. නිවහනට ඉස්මත්තෙන් තුරුවදුල දෙබෑ කරගෙන මහා හඬින් හූ කියමින් උඩරට මැණිකේ දුම්රිය හපුතලේ කන්ද නගින අපූරුව දකින්න වටිනා සුන්දර දසුනක්.

සඳ පායන රාත්‍රියක සදලුතලයේ සුවපහසු අසුනකට බරදී ඈත අහසේ පායා හිනැහෙන තාරකාවක සිරිය දකින්න නම් ඔබ මිහිඳුම වැටෙන්නට කලින් එහි යන්නට ඕනෑ,

ෂැංග්‍රිලා තේ වතු යායට අයත් අක්කර විසි පහ සම්පූර්ණයෙන් ම සත්තුන්ගේ නිදහසට ඇරුණු වන රජදහනක් බව නිවාඩු නිකේතනයේ අධිපති ප්‍රියන්ත මාපා විජේසිංහ මහතා පවසනවා. ඒ ප්‍රදේශයට ආවේණික අලංකාර පක්ෂීන් මෙන් ම ඉත්තෑවන්, වල් ඌරන්, වැලි මුවන්, මුගටින් වැනි සිවුපාවුන්ගෙන් ද ෂැංග්‍රිල්ලා වතුයාය ගහනයි. එහි එන සංචාරකයන්ට රිසි පරිදි තේ යායෙහි ඇවිද සිරි නරඹන්නටත් වනය මැදින් වැටී ඇති අඩිපාරවල් ඔස්සේ හිතු සේ ඇවිදයමින් ව්‍යායාමයක් මෙන් ම ආස්වාදයක් ලබා ගන්නටත් අවකාශ සලසා ඇතැයි ද විජේසිංහ මහතා කියනවා.

ෂැංග්‍රිල්ලා මී හේවන් සංචාරක නිකේතනය උඩරට කඳුකරයත් - අගනුවරත් අතරමැද පිහිටි සංචාරක මධ්‍යස්ථානයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. එහි සිට මිනිත්තු 30ක කෙටි කාලයකින් ‘ලිප්ටන් සිටි’ රමණීය ඉසව්වට ළඟා වෙන්නට පුළුවන්. සුප්‍රකට ඇඩිෂම් බංගලාවට ළඟා වෙන්න ගත වන්නේ මිනිත්තු පහළොවක තරම් කෙටම කෙටි කාලයක්. දියළුම ඇල්ල බලන්නට එහි සිට විනාඩි 45ක් ඇතුළත ළඟා වෙන්න පුළුවන්. ලංකාවේ උසම දිය ඇල්ල වන බඹරකන්ද දියඇල්ල බලන්න යන්න ගත වෙන්නේ විනාඩි 35ක් වැනි කෙටි කාලයක්. එහි සිට ගොසින් ලෝකාන්තය නරඹන්නට ඔබට ගතවන්නේ පැය දෙකක් වැනි කාලයක්. නුවරඑළි නගරයටත් පැය දෙකෙන් යන්නට පුළුවන්. ආසන්නම මහා නගරය වන බණ්ඩාරවෙලට යන්න මිනිත්තු 45ක් ගතවෙනවා. එහි ඇති දෝව රජමහා විහාරය දැක බලාගෙන වැඳ පුදා ගන්න වටිනා ඓතිහාසික සිද්ධස්ථානයක්.

ෂැන්ග්‍රිල්ලා ටී හේවන් සංචාරක නිවහන හපුතලේ හා ඒ අවට පිහිටි සංචාරක නවාතැන්පොළ අතරින් රසවත්ම පිරිසුදුම මෙන්ම සෞඛ්‍යාරක්ෂිතම ආහාර පාන සැපැයීම අතින් මුල් තැන ගන්නා බව විජේසිංහ මහතා පවසන්නේ එහි පිසින කිසිදු ආහාරයකට එම්.එස්.ජී. රසකාරකය නොයොදන නිසයි. එහි ඇති අනෙක් විශේෂත්වය වන්නේ හරක් මස් හෝ ඌරු මස් එහි බොජුන් පතට ඇතුළත් නොවීමයි. ප්‍රතිපත්තියක් ලෙස ෂැන්ග්‍රිල්ලා ටී හේවන් හි මත්පැන් අලෙවි නොකරන මුත් අමුත්තන් ගේ රුචිය පරිදි ඒවා රැගෙන විත් බීමට හැකි බවයි විජේසිංහ මහතා පවසන්නේ. ‍‍

මංගල උත්සව ප්‍රියසාද, මිතුරුහමු කාර්යාලීය සුහද චාරිකා මෙන් ම වැඩමුළු හා සම්මන්ත්‍රණ පැවැත්වීමට අවශ්‍ය සියළු පහසුකම් හා සේවා එමඟින් සපයනු ලබනවා. මංගල උත්සවවලදී මංගල යුවළට පළමු රාත්‍රිය නොමි‍ලේ ගත කළ හැකි අතර, පළමු සංවත්සරය දා මංගල යුවළ සහ දෙපාර්ශ්වයේ දෙමවුපියන් ඇතුළු අමුත්තන් හය දෙනෙකුට නොමිලේ ආහාරපාන සහ නවාතැන් සැපැයීමත් සුවිශේෂී කාරණාවක්.

වෙහෙසකර දිවියෙන් මොහොතකට අත් මිදී ගත සිත නිවා සනහන තැනක් සොයමින් කඳුකර චාරිකාවක යෙදෙන ඔබට අතරමග නතර වන්නට, ගිමන් හරින්නට මෙන්ම ලැගුම් ගන්නත් කියාපු නවාතැනක් ලෙස ෂැන්ග්‍රිල්ලා ටී හේවන් හැඳින්විය හැකියි. Heaven යන වචනයෙහි සිතූ පැතූ සම්පත් දෙන යන පරිසමාප්ත අර්ථයෙන් ම සංචාරයේ නියැළෙන ඔබේ සිතැඟි ඉටු කරදෙන්නට ෂැංග්‍රිල්ලා ටී හේවන් නිකේතනයේ කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩලය ඉත සිතින් සූදානම්. ඒ පිළිබඳ වැඩි විස්තර ෂැන්ග්‍රිල්ලා ටී හේවන් නිකේතනයෙහි 057 5677160 යන දුරකථන අංකයෙන් විමසා දැනගන්නට පුළුවන්.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »