මන්දාරම් නුවර” යන නම ඇසු සැනින් සිහිවන්නේ වැහි මන්දාරමයි. "/>

මන්දාරම් නුවර (Mandaram Nuwara)

2017-09-20 11:11:00       129
feature-top

මන්දාරම් නුවරයන නම ඇසු සැනින් සිහිවන්නේ වැහි මන්දාරමයි.

අපගේ චාරිකාවේ එක් ප්‍රධාන අරමුණක් වුයේ මන්දාරම් නුවර හොඳ හැටි දැක බලා ගැනීමයි. අප අපගේ ගමන නුවර එළියෙන් ආරම්භ කරන විට උදේ 9 පසුවී තිබුණි. අපි නුවරඑළියේ සිට මන්දාරම් නුවර දෙසට ගමන් කිරීමට රාගල පාර භාවිතා කළෙමු. යම් දුරක් ගමන් කරන විට අප හට ඈතින් දිස් වුයේ ශ්‍රී ලංකාවේ කඳුමුදුන් වල උස අතරින් හත් වෙනි ස්ථානයට ඇති මනරම් හක්ගල කඳු වැටියයි. අප මදක් අප ජීප් රථය නවතා එහි සුන්දරත්වය විඳ, නැවත ගමන ආරම්භ කයේ මද වෙලාවකට පසුවය.

තේදළු නෙලන කාන්තාවක් දැක පින්තුරක් ගැනීමට නතර කල විට දැක්කා වූ දසුන නෙත ප්‍රබෝධමත් කල බව අමුතුවෙන් කිව යුතු නැත. අප සිටි තැනට පහලින් තැනිතලාව අවසන් වනුයේ වලාකුළු රෝදකිනි. අපට එම මිටියාවතේ අවසානයට ලඟා වීමට අවශ්‍ය වුවත් කාලය හරස් විය, චායාරූප කිහිපයක් ගැනීමෙන් පසු මන්දාරම් නුවර දෙසට යලි ගමන ආරම්භ කළේය.

රාගල හරහා රිකිල්ලගස්කඩට ගොස් මන්දාරම් නුවරට ළඟාවීම ප්‍රධාන මාර්ගය වුවද අපගේ අරමුණ වුයේ කෙටිම කාලයකින් අපගේ ගමන හමාර කිරීමය. එමනිසා ගෝනපිටියට පිවිස හයි ෆොරෙස්ට් හරහා මන්දාරම් නුවරට ළඟාවීමට කටයුතු කළෙමු. විරාජ්ගේ හා අමිලගේ රිය පැදවීමේ හැකියාවත් නිර්මාල්ගේ හා ශශිකගේ GPS හැකියාවත් නිසා ගමන ඉතා පහසුවිය. මෙම පාරේ ගමන් කිරීමට නම් උස වැඩි වාහනයක් භාවිතා කිරීම ඉතා යෞගයය.

වංගු වලින් සැදී පාරේ ගමන් කරනවිට පරිසරය කෙමින් කෙමින් වෙනස් වන බව අප හට හැඟිනි. එක්වරම මීදුම් වලාවක් ගලා ආවේ අප මවිත කරමිනි. මීදුමත් සමග පරිසරයේ උෂ්ණත්වය අඩුවන විට ඉඳිකටු ඇනෙන්නාක් මෙන් සීතලක් දැනුනු භව රහසක් නොවේ. ඒ කෙසේ වෙතත් පින්තූර ටිකක් ගෙන අපගේ ගමන යලි ආරම්භ කළෙමු.

අප ඉදිරියට ඇදෙන විට අප හට දර්ශනය වුයේ මන්දාරම් නුවර මිටියාවතයි. එහි සුන්දරත්වය විස්තර කිරීමට වචන සිත ගැනීමට අපහසු නිසා පහත චායාරූප නැරඹීමෙන් තේරුම් ගන්න ලෙස ඉල්ලා සිටින්නෙමි.

මන්දාරම් නුවර වනාහි පිදුරුතලාගල කඳුවැටියෙන් වටවූ කුඩා සුන්දර ගම්මානයකි. කුඩා කඩ මන්ඩියකින් ද, ගම්මානය මැද පිහිටි බෝ ගසද මෙහි ඇති සරල භව කදිමව විදහා පායි. මන්දාරම් නුවරට අප පැමිණෙන විටත් පිදුරුතලාගල කඳුවැටිය මීදුමෙන් වැසි ගොස් ය. අප කිහිප දෙනෙකුගෙන් විමසා සිටියේ මන්දාරම් නුවර ඇති ආකර්ශනික ස්ථානයන් ගැනය. කෙටියෙන් කියත හොත් නමක් නොමැති දිය ඇලි විශාල ප්‍රමාණයක් පවතී. මන්දාරම් නුවර සුන්දරත්වය නැරඹීමට නම් ජනවාරි පසුවී පැමිණිය යුතු බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේය.

nadegura.com



More News »