වතුරෙන් සෙම්බුවක් මතුවූ සෙම්බුවත්ත

2017-09-22 09:30:00       128
feature-top
ඇල්කඩුව සිට පිටකන්දට ඇති මාර්ගයේ මද දුරක් ගමන් කරන විට දකුණු පැත්තට ඇති ඇල්කඩුව තේ කර්මාන්තශාලාවට යන මාර්ගය හමුවේ. ඒ පාර දිගේ සෑහෙන දුරක් තේ වතු මැදින් යන්න ඕන. මෙම තේ වතු යාය දෙස බලන විට එය ඉතා හොදින් නඩත්තු කරන බවක් පෙනේ. මෙම මග දිගේ යන විට කෝවිලක් හමුවේ. එම කෝවිල පසුකරගෙන දිගටම යා යුතුයි. මාර්ගයේ අපහසු තැන් කොන්ක්‍රීට් දමා සකස් කර ඇත. වාහන දෙකකට මාරුවී යාම නම් අපහසුය. කෙසේ හෝ මේ සියළු බාධක පසු කර අපි නියමිත ස්ථානය කරා ළගාවීමු.
එහි ඇත්තේ තේ කර්මාන්ත ශාලාවකි. එම ස්ථානයෙන් ප්‍රවේශපත්‍ර මිලදී ගත යුතුයි. එක් අයෙකුට මිල 150.00 කි. ගාන ටිකක් වැඩියි කියල හිතුනත් මෙතන නඩත්තු වෙන්නෙ මේ ලැබෙන මුදලින් තමයි.
සුදු ආණ්ඩුව කාලේ ඔය කියන වැව තුරග පෝලෝ පිටියක්. කාලෙකට පස්සෙ එතන ජලාශයක් හදල ඒ වතුරෙන් ජලවිදුලිය නිපදවාගෙන තමයි ‍මේ කර්මාන්තශාලාව වැඩ කරල තියෙන්නෙ. පසුකාලීනව අභාවයයට ගිය මේ ස්ථානය 2005 දී මෙම වතු යායට පැමිණි වතු අධිකාරීතුමා විසින් මේ තිබෙන තත්වයට ප්‍රතිසංස්කරණය කොට තිබේ. දැනටත් මේ ජලයෙන් විදුලිය නිපදවා අසල නිවාස වලට ලබා දෙනවා.
ඔය පේන කර්මාන්තශාලාව ළග ඉදල ටිකක් දුර කන්ද උඩට යනකොට තමයි වැව හමුවෙන්නෙ. වාහන ගොඩක් ආවොත් නම් නවතා තැබීමට ඉඩක් නෑ. හැබැයි හැමදාම එහෙම වෙන්නෙ නෑ. ළගදිම ඒ අඩුපාඩුවත් හදනවලු.

මේ තමයි සෙම්බුවත්ත වැව. නුවරඑළියෙ ගියා වගේ තමයි. මාතලේට වඩා සීතල දේශගුණයක් තමයි තියෙන්නෙ. මේ වැවේ නාන්න එහෙම යන්න එපා. නෑම අනතුරුදායකයි. නාන තටාකයක් වෙනම තියෙනවා.මේ වැව ගාවට අර පහුකරගෙන ආපු කර්මාන්තශාලාව පේන හැටි. ඔය පේන පාරෙ ඉදිරියට තමයි අපි ආවෙ.

මෙන්න නාන තටාකය. ඔය උඩ කොටසෙ පොඩි අයට නාන්න පුළුවන්. මේක උල්පත් වතුරෙන් පෝෂණය වෙන තටාකයක්. පැය ගානක් වතුරෙම ඉන්නම් කියල තමයි බැස්සෙ. කොහෙද ටිකක් වෙලා ඉන්නකොට වෙවුලන්න ගත්තා. ඉතින් නාල ඉවර කරල පරිසරය දිහා බලාගෙන හිටියා.

මේ වැවේ මත්ස්‍ය කර්මාන්තයත් සිදු කරනව.
හවස් වේගන එනකොට මෙතෙන්ට මීදුම ගලාගෙන ආව. ලා හිරු රැස් ළග තියෙන ගස් වලට වැටිල ඒ හෙවනැල්ල දිය මත මවන්නෙ පුදුම චමත්කාරයක්. මෙතන සේවය කරන අයත් එක්කෙනා දෙන්න තම නිවෙස් කරා යන්න වුනා. අපිත් පිටත් වෙන්න ලෑස්ති වුනා.

බලන්න කන්ද වහගෙන මීදුම ගලාගෙන එන අපූරුව. තව ටිකකින් මෙතනත් වැහෙයි. වැවට වැටෙන අවසන් හිරු රැස් ටිකත් බලාගෙනම අපි ආහු ආවා. සුන්දර පරිසරයක් තියෙන තැනක් නිසා ඒක රැක ගන්න ඕන.

.nadegura.com


More News »