ඕලු පෙති වැස්සක් මැද තනිවූ හෝරාව

2017-09-28 10:43:00       158
feature-top
අවුරුද්දේ අවසන් සුර්යා අහස පුරා සිය තේජස පතුරමින් උන්නා. විවෘත ජීප් රථය තුල මධ්යඟහ්න සුර්යාගේ නිර්දය ප්රඅහාරයට ලක්වෙමින් සිටි අපට සරුවට වැඩුන රබර් වියන ඇතිකළේ මහත් වූ සහනයක්. 1876 දී ඉංග්රී සින් විසින් ලංකාවට හදුන්වාදුන් රබර් ගස; වනාන්තර සේවයක් ඉටුකරන මෙරට එකම වාණිජ වගාව ලෙස සැලකේ.
කිලෝමිටරයෙන් කිලෝමීටරයට වඩ වඩාත් සුවපහසුවන සිහිල් පරිසරයක් ඔස්සේ යටියන්තොට සිට සීපෝත් බලා දිවෙන පටු මාර්ගයේ අප සිව්දෙනෙකු රැගත් ජීප් රථය ඉදිරියට ඇදුනා. වේ ඔය නිම්නය ඔස්සේ වැටී තිබුන මෙම මාර්ගය; දෙපස වූ කුඩා දිය දහරාවන්ගෙන් තව තවත් සුන්දරවු අතරම රබර් වගා සංස්කෘතියට ආවේනිකවූ විවිධ ගොඩනැගිලි; ඉපැරණි සිනමා සිත්තමක මතකය අවදිකලා.
යටියන්තොට සිට මිනිත්තු 45 ක පමණවූ මන්දගාමී ගමනක අවසානයේදී අපට අමනාවල පිහිටි ලෑලි පාලම මුණගැහුණා. ලෝහමය රාමුවක් මත අතුරන ලද ලී සිල්පර සමුහයකින් මෙම පාලම සකස්වී තිබුණා. ඒ නිසාම පාලම මතින් කෙතෙක් පරිස්සමින් වාහනයක් ධාවනය කලද, මහා ඩක-ඩොක හඩක් ඇතිවීම වලක්වන්නට හැකියාවක් නැහැ. බොහොම සීරුවෙන් පාලම පසුකල ජීප් රථය අනෙක් පස හෙළ අද්දරම නවතා දැමුනේ වෙනත් වාහනයකට පාර මාරුවීම සදහා දිය හැකි උපරිම ඉඩ ලබා දෙමින්.
ඇත්තටම මේ පාලම වැදගත් වන්නේ මුලින් සදහන්කල ඩක-ඩොක සංගීතය නිසා නම් නොවෙයි. ලංකාවේ උසින් පස්වෙනි දිය ඇල්ලවූ ඕලුඇල්ල; මේ පාලම තුලින් ගලා හැලෙන නිසයි. කැළණි ගඟේ අතු ගංගාවක් වූ වේ ඔයෙන් උපත ලබන මේ සුන්දරිය ඒ නිසාම කැළණි ගඟේ උසම ඇල්ල  ලෙසද සලකනු ලබනවා.
මාල කිහිපයකින් සමන්විත ඕලුඇල්ල; එහි අධික උස නිසාම අසන්න දුරකදී සම්පුර්ණයෙන් දැක බලා රසවිඳීමේ අවස්ථාව සංචාරකයන්ට ලබාදී නැහැ. එසේ වුවත් ඕලු ඇල්ල පාමුල වේ ඔයෙහි පිහිටි තුන්මෝදර ආසන්නයේදී සිත්සේ සිහිල් දියෙන් සැනහෙන්නට තමන් වෙත එන සංචාරකයන්හට ඈ පහසුකම් සලසා තිබුණා.
සිතල ජලයට අපේ කාලයෙන් බොහොමයක් සොරාගන්නට ඉඩනොදී අප නැවත ගමන් ආරම්භ කලේ ලංකාවේ දෙවෙනි වැඩිම වාර්ෂික වර්ෂාපතනය ලබන වේවැල්තලාව නමැති සුන්දර ප්රේදේශය වෙතටයි. වේ ඔයෙහි ප්රවධාන ජල පෝෂක ප්රාදේශයක් ලෙසින් සැලකෙන මෙම ප්රේදේශය, කදු වළල්ලකින් වටවූ බේසමක පතුලකට සමාන කල හැක්කක්. වෙනත් විදිහකින් කිව්වොත් මෙම ස්ථානය බොගවන්තලාවට එහෙම නැතිනම් නුවර එලියට සමාන භූගෝලීය ලක්ෂණ පෙන්නුම් කරනවා.
වේවැල්තලාව වෙත ප්ර වේශ මාර්ගයට ළඟාවීම සදහා ඕලු ඇල්ලේ සිට ආපසු යටියන්තොට දිශාවට කිලෝමීටර කිහිපයක් එන්නට අපට සිද්ද උනා. මෙතැන් සිට මාර්ගය සීග්ර  නැගීම් සහිත පටු සහ වංගු සහිත, තේ වත්තට අයත් පුද්ගලික එකක්. මාර්ගයේ නඩත්තුව සදහා එය පරිහරණය කරන්නන්ගෙන් ගාස්තුවක් ද අයකරනු ලබන නිසා මාර්ගය ආරම්භ වන තුන්මන් හන්දිය අසලින් පිහිටි තේ කර්මාන්ත ශාලාවෙන් අවසර පතක් ලබාගැනීම නම් නුවණට හුරුයි. මොකද මේ මාර්ගයේ කිලෝමීටර කිහිපයක් දුරකදී හමුවන මාර්ග භාධකය අසලදී ආපසු හැරෙන්න ඔබට සිද්දවෙන්න පුලුවන් නිසා. ( හැබැයි අර කතාවක් තියෙනවා උපාය දන්නෝ – අපායේ නොවැටෙති කියලා)
මාර්ගය මනාලෙස නඩත්තුකර තිබුණා. පටු වැලමිටි වංගු සහිත මාර්ගය රියදුරන්ට ආශ්වාදය ගෙනදෙන අතරම මගීනට ත්රාලසජනක අත්දැකීම් ඇතිකරනු ලැබුවා.
කඳු ගණනාවක් තරණය කිරීමෙන් අනතුරුව මාර්ගය සුළු බැස්මක් පෙන්නුම් කලා. ඒ බැස්මෙහි අවසානය වේවැල් තලාව නම් සුන්දර ස්ථානයය වෙත අපව රැගෙන යනු ලැබුවා. පාසලක් ඇතුළු කුඩා ගොඩනැගිලි කිහිපය අපට ජනාවාසයක ලක්ෂණ පෙන්නුම් කලා. විල්ලුද ඇතිරුවක් වන් සරුසාර තේ වගාවෙන් වැසී පැවතුන වටපිටාවත්, වැසී රහිත වුවද නිරතුරුව සිලි සිලි හඩින් ගලනා දියෙන් පිරි බිමත් සුන්දර දසුනක් ඇතිකලා. තලාවට ඉහලින් කදු පන්තියක් මත තේජාන්විතව වැජඹුන ස්වාධින රුපවාහිනී සේවයේ යටියන්තොට විකාෂණගාරයේ යෝධ ඇන්ටනා සමුහය; ඒ වෙත අපව කැදවන ලෙසක් අපට හැඟී ගියා. යටියන්තොට විකාෂණගාරයට වෙවල්තලාවේ සිට කිලෝමීටර 5 ක දුරක් තරණය කළ යුතු වුවා. සරුසාර තේ වගාවෙන් වැසුනු කදු මුදුන් අතුරින් ඇදුනු පටු මාර්ගය පළමු කිලෝමීටර තුනම ජීප් රථයට අභියෝගයක් නොවුවද, ඉතාම අබලන් තත්වයේ වූ අවසන් අදියර තරමක අභියෝගයක් එල්ලකළ බවනම් නොකියාම බැහැ.
වසරෙහි වැඩි කාලයක් ඝන මිහිදුමෙන් වැසී පවතින විකාෂණගාරය සහිත කදු මුදුන, පුදුමයකට වගේ ඒ සන්ධ්යාවවේදී පැහැදිලිව පැවතුණා. ඒ අනුව විකාෂණගාරයේ පොලිස් මුරපොලෙහි මහතුන්ට අනුවනම් අප බොහෝ වාසනාවන්ත අයවලුන් වුණා. පැහැදිලි අහසක් ඇති දිනයක මේ කඳුමුදුනේ සිට කොළඹ නගරය පැහැදිලිව නිරීක්ෂණය කල හැකි බව ඔවුන් වැඩිදුරටත් අප සමග පවසා සිටියා.
කොහොම උනත් ප්රවධාන ජනාවාසයෙන් කිලෝමීටර ගණනාවක් සුරස්තව; පාළු හුදකලාවේ; සීතලෙන් ගැහෙමින් රාජකාරිය වෙනුවෙන් කැපවී සිටින මෙම පිරිස පිලිබඳ පුංචි දුකක් කණගාටුවක් අපේ හිතේ ඇතිවුණා. එහෙම උනත් පුංචි සුහද පිලිසදරකින් ඔවුන්ගේ පාළුව මොහොතකට පලවාහැර මඳ අදුරත් සමඟ ඔවුන්ගෙන් සමුගන්න අපට සිද්ධවුණා.



More News »