නලිනි ඇල්ල ( නිවැරදි නම හෝ උස නොදනී )

2017-10-02 10:51:00       167
feature-top
ඔක්තෝබරය ළඟාවත්ම වැසි කාලය එළඹීමට නියමිතව තිබුන මුත් මුළු පළාතම පුරා පැතිර පැවතුනේ අධික හිරු රශ්මියකි, සියලු දිය උල්පත් සිදෙමින් තම අවසන් හුස්ම අදිමින් පැවතුනි. අප නමුනුකුල කන්ද තරණයෙන් පසු ස්ප්‍රින්ග් වැලි දෙසට බැස්ම ආරම්භ කළෙමු. වතුකරයෙන් සොයාගත් සහයකන් දෙදෙනා සමග ක්‍රමක්ක්‍රමයෙන් පල්ලම් බස්සිදී හදිස්සියේ අප නෙත් යොමු වුයේ සුන්දර දිය ඇල්ලක් වෙතය. ඇගේ සුන්දරත්වය වචනයෙන් විස්තර කල නොහැකිමුත් කෙටියෙන් කියතොත් ජල ස්කන්දයක් හිටිහැටියේ අගාධයකට කඩ හැලේ, හිරු එලිය නිසා ඇගේ සුන්දරත්වය තවත් බැබලුනි. එනමුත් පුදුමය දනවන කරුණ නම් කිසිවකු මෙම දියඇල්ලේ උස හෝ නම නොදැන සිටීමය. යමෙක් දෙමල නමිකින් මෙය හැඳින්නුව නමුදු ඇතැමෙක් මෙය “නලිනි ඇල්ල” ලෙස හැඳින්නුව බව අපේ සහායකයන් අපව දැනුවත් කළේය.


නමුනුකුල කඳු පන්තියේ උසම කන්ද 
නලිනි ඇල්ල
දියඇල්ලේ උස බැලු කල්හි එය ශ්‍රී ලංකාවේ උසම දිය ඇලි අතරට එක්විය යුතු බව අපට එක හෙලා තේරුම් ගියේය. මන්ද යත් එහි උස 800 මීටර් විතර බව බැලු බැල්මට පෙනී යයි. අපට ඇල්ල වැටෙන තැන නිරීක්ෂණය කිරීමට අවශ්‍ය වූ නමුදු කාලය හරස් විය. අප එහි සුන්දරත්වය විඳ, සහායකයන් හට සමු දී  අපගේ ගමන නිම කළෙමු. නමුත් අපේ හිතේ එක කොනක තාම විසඳ නොවූනු අබිරහසක් ඇත එනම් මෙම ඇල්ලේ නිවැරදි උසයි. යම් දිනක එම උස මැනීමට අපේ නඩේ ක්‍රියාත්මක වී ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස් කරන බවට අපි තීරණය කර අවසානය.

nadegura.com


More News »