වළගම්බා අතීතය සමග පිළිකුත්තුවට

2017-10-12 10:55:00       144
feature-top
කොළඹ නුවර පාරේ මිරිස් වත්ත හන්දියෙන් හැරි වතුරගම ප්‍රධාන පාරේ කී.මී. 05 ක් පමණ ගිය පසු ඇති පිළිකුත්තුව හන්දියෙන් වමට හැරි මි. 500 ක් පමණ ගිය පසු පිළිකුත්තුව විහාරයට ලගා වන්න පුලුවන්. පිළිකුත්තුව යනු මෙම විහාරය හා ගම හදුන්වන නාමයයි. වළගම්බා රජු පහත රට සැගව සිටින කාලයේ පිළිකුත්තුව ලෙන් ගුහාතුල වැඩි කාලයක් සැගවිසිටිබව කියවේ.

එම අවධියේ රජතුමාගේ බිසව වු සෝමා දේවියගේ රාජකීය ඇදුම් අයිත්තම් ආරක්ෂාව පිණිස සගවා තිබු ස්ථානය මෙය වු බැවින් “පිළි” සගවා තැබු තැන පිළිකුත්තුව බව එක් ජනප්‍රවාදයකි. එලසම රාජමහා ඇමතින්ට රෙදි- පිළි සැපයු තැන පිළිකුත්තුව බව තවත් මතයකි. පිළිකුත්තුව විහාර භූමියතුල කි.පු. යුගයට අයත් ලෙන් ගුහා අති විශාල ප්‍රමාණයක් ඇත.ඉපැරණි පොකුණු, කටාරම් කොටා ඇති ලෙන්, වටිනාකම මිල කල නොහැකි වෘක්ෂලතා මෙම විහාරයේ වටිනා කම ඉහළ දමයි.

විහාර භූමිය තුළ ඇති දැවැන්ත පොකුණට ජල සැපයුම වළගම්බා රජු දවස ක්‍රමවත් වන්නට ඇත. පර්වත ඉහළ කටාරම් කෙටු ගල් ලෙන් වල ජලය ක්‍රමාණුකුලව එක් තැනකට එක්වි අවසානයේ පහළ පොකුණට එක්වන තරම් විශිෂ්ඨ ජලනල පද්දතියක් එකල පවතින්නට ඇත.දැන් ඇත්තේ එහි නටඹුන් පමණි. උඩ මලුව තුල කුඩා ගල් ලෙන් විහාරයක් හා විශ්ණු දේවාලයක් දැකිය හැක.මෙම විහාර ලෙන තුල මහනුවර යුගයේ දක්නට ලැබෙන ලෙන් විහාර සිතුවම් දක්නට ලැබේ.



මෙම චිත්‍රවලින් ධර්මපාල ,වෙස්සන්තර, ජාතක කථා සිතුවමට නගා ඇත. විහාරයේ පහළ මලුව වැදපුදා ගැනිමෙන් පසු අක්කර 200 පමණ ප්‍රමාණයක පිහිටා ඇති පිළිකුත්තුව විහාර කන්ද තරණය කළ හැකිය.මෙහි ඇති ඉපැණි පුස්වැල (වසර 1000 ක් පමණ යැයි විශ්වාස කරයි.)දිග්ගල,බැලුම්ගල, බ්‍රාහ්මීය අක්ෂර සහිත ලෙන විහාර කන්ද සුන්දර කරයි.



කි.පු. තුන්වන සියවසට පමණ අයත් යැයි සළකණු ලබන ඉපැරණි සෙල් ලිපියක් එක් ලෙන් ගුහාවක් තුල දක්නට ඇත. මෙය ලක්දිව බුදුසමය පැමිණි මුල් භාගයේ කරවන ලද්දක් බව පරණවිතාන මහතාගේ අදහසයි.

මෙහි ඇති තවත් එක් රමණීය අංගයක් වන්නේ පැරණි පුස් වැලයි.මෙහි පුස්වැල අධාරයෙන් ඉහලට නැගුනු අප හට සුන්දර වටපිටාවක් දක්නට ලැබුණි. පුස්වැල විටක දැවැන්ත සර්පයෙකුසේ සමීපයේ වු ගසේ එති කලා කෘතියක් නිර්මාණය කලහ.



මෙම නිස්කලන්ක පරිසරය ගතට මෙන්ම මනසට සුවයක්ම විය. මෙහි ඇති රුක්ගොමු තුළ යටගිය දවස වලගම්බා රජු සැගවි සිටින්නට ඇත. එවන් ඉතිහාසයකට හිමිකම් ඇති මෙම පින්බිම අද දවස මිනිස් නොපනත්කම් වලින් විනශවෙමින් පවතී.නිධන් හොරුන් හා වදුරු ගති ඇති මිනිසුන් ද අසංවර පෙම්වතුන් විසින් පිළිකුත්තුව අපිරිසිදු කරඇත.නිසි බලධාරිගේ අවදානය පිළිකුත්තුව විහාරයට යොමු වේ නම් මේ පිං බිම මතු අනාගතයට සුරැකෙනු ඇත.තවත් චාරිකා සටහනකින් හමුවනතුරු…

nadegura.com


More News »