ගාල්ලේ මේ සුන්දරත්වය මෙතෙක් ඔබ දුටුවේ නැද්ද ගාල්ලේ සැඟවුණු සුන්දරත්වය සොයා ගිය ගමන

2017-11-07 10:41:00       100
feature-top
ගාල්ල ලෝක උරුම නගරයකි. වර්ග සැතපුම් හයහමාරක පමණ භූමි භාගයක් පුරා පැතිරී ඇති ගාල්ල පුරාණයේ සිට පරෑ්‍රසිද්ධ වූයේ වෙළෙඳ නගරයක් ලෙසිනි. ඉන්දියා සාගරයේ වරාය අතර විශේෂ පිහිටීමක් ඇති ගාලු වරාය පෙරදිග දියුණු වෙළෙඳ මධ්‍යස්ථානයක් විය. ඇතැම් විද්වතුන් විශ්වාස කරනුයේ බයිබලයේ පැරණි ගිවිසුමේ සඳහන් වන ටර්ෂිෂ් නගරය ගාල්ල විය හැකි බවයි. ටාර්ෂිෂ් යනු පෙරදිග පැවැති මහා වෙළඳ මධ්‍යස්ථානයක් විය. පෘතුගීසීන් ගාල්ලට පැමිණෙද්දී කුකුළෙකු හඩලනු අසා ගාලෝ ගාලෝ කී බවත් ඒ අනුව ගාලෝ පසුව ගාල්ල වී යැයි ද මතයක් පවතී. එහෙත් බටහිර ජාතීන් ලංකාවට පැමිණීමට පෙර පටන් ගාල්ලට ගාල්ල යන නාමය ව්‍යවහාර වූ බව අපගේ සංදේශ කාව්‍ය අනුව පැහැදිලි වේ. කෙසේ වෙතත් ගාල්ල යනු ලොව පුරා ජනපිරෑ්‍රයවූ අතීත වෙළඳ නගරයකි. පහත වීඩියෝවේන් ගාල්ල පිලිබඳ වැදගත් තොරතුරු, අභිරහස් ස්ථාන රැසක තොරතුරුද ඔබ වෙත ගෙන එනවා. ඔයාලත් බලල කියන්නකෝ.

courtesy : wishwakarma.com


More News »