අපි යමුද යෝධ කට්ටක් ඇතුළෙ ඉන්න අහිංසකයෙක් බලන්න

2017-11-20 11:03:00       258
feature-top
අපි යමුද යෝධ කට්ටක් ඇතුළෙ ඉන්න අහිංසකයෙක් බලන්න. අවතාර ගැවසෙන කළපුවේ පැය දෙක තුනක් ඔරුවෙන් යාත්‍රා කළා මතකනේ... ඒ ගිය ඉරිදා.... ඉතින් මේ ඉරිදා අපි ඔයත් එක්ක කොහෙද යන්නෙ... අපි යමුද යෝධ කට්ටක් ඇතුළෙ ඉන්න අහිංසකයෙක් බලන්න.
මැඩිල්ල කළපුවේ ගමනින් පස්සේ අපි කෙළින්ම ආවේ ගාල්ලට.... ඒ කැස්බෑවන් බලන්න.... විශාල ටැංකි ඇතුළේ ඉන්න යෝධ කැස්බෑවන් වගේම එදා ඉපදිච්චි කැස්බෑ පැටව් ගොඩකුත් එදා හිටියා. ඒ පුංචිම කැස්බෑවන් හිටියේ වැලි දාපු බේසමක. ඉපදුණ ගමන් පුංචෝ.... මහත කෙටි කකුල් තියලා තාම හරියට ඇවිද ගන්නවත් බැරි ළදරු කැස්බෑවෝ... Fit එකේ හිටපු කැස්බෑ තඩියෝ දැක්ක ගමන් අපට හිතුණේ මේ පුංචන්ටත් දවසක මෙච්චර ලොකු වෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඔයත් එන්න Walk 111 අපිත් එක්ක හිතේ හැටියට කැස්බෑවන් බලන්න.

මුහුදෙන් අල්ලගෙන ඇවිත් ටැංකිවලට දාලා ඉන්න මේ හැම කැස්බෑවෙක්ම මොකක් හරි ආබාධයකින් පෙළෙන කට්ටියක් කියලා තමා මේ කැස්බෑ රුඳවුමේ අයිතිකාරයෝ නම් කීවේ. උන්ගේ පුංචි පුංචි සෞඛ්‍ය ප්‍රශ්නවලට, කකුලේ, ඇඟේ, කට්ටේ ආබාධවලට බෙහෙත් කරලා ආයෙත් උන්ව මුහුදටම අතඅරිනවලු. අතඅරින්න අතාරින්න ඒ වගේම ආබාධවලින් පෙළෙන කැස්බෑවන් හමුවෙනවලු. ඒ හමුවුණාම ආයෙත් උන්ව ගෙනත් ටැංකිවලට දානවලු. ඒ අය කියන්නේ ඒකෙන් හිතාගන්න කියලා කොර ගහන, ඇස් නොපෙනෙන කටු පුපුරපු කැස්බෑවෝ කොච්චර මේ මුහුදු පතුලේ ඉන්නවද කියන එක.

කොහොම වුණත් මේ කැස්බෑවන් බලන්න කැස්බෑ අභිජනන මධ්‍යස්ථානවලට දවසකට විශාල දේශීය-විදේශීය සංචාරකයන් රූනක්ම එන හින්දා Fit වුණත් Unfit වුණත් උන්ව දවසකට දෙකකට ටැංකියක දාගෙන හිටියත් වැඩේ ගොඩ කියලාත් හිතෙන අයට හිතෙනවා ඇති.

කොහොමත් කැස්බෑ බිත්තර සහ මාංශ අනුභවය නීතිවිරෝධී වුණත් මිනිස්සු හොරෙන් හොරෙන් කැස්බෑ බිත්තර වගේම කැස්බෑ මාංශත් ආහාරයට ගන්නවා. අද එය කැස්බෑ ගහණය තර්ජනයට ලක්වෙන්න තරම් ප්‍රබල ගැටලුවක් වෙලා. ඒ වගේම වෙරළ ආශ්‍රිත ක්‍රියාකාරකම් හින්දා කැස්බෑවන් මුහුදු පතුලේ ඉඳන් වෙරළට ඇවිත් වැලි යට හංගලා යන බිත්තර සෑහෙන ප්‍රමාණයක් විනාශ වෙනවා. කැස්බෑ අභිජනන මධ්‍යස්ථාන පවත්වාගෙන යන අය නම් කියන්නේ තමන් ඒ බිත්තර ලබාගෙන ඒවා නිසි පරිදි තැන්පත් කර පැටවුන් බිහි කරවා ආරක්ෂිතව මුහුදට මුදාහැරීමෙන් කැස්බෑ සම්පතේ සුරක්ෂිතභාවයට ලොකු සෙතක් වෙනවා කියලයි.

කැස්බෑවන් කියන්නේ අද වෙද්දි වඳවීමේ තර්ජනයට ලක්වී ඇති සත්ව කොට්ඨාසයක්. කැස්බෑවකුගේ ආයු කාලය අවුරුදු සීයකට වැඩියි. කොහොමත් ඌ හොඳ ශක්තිවන්තයා. මේ වෙද්දි ලෝකේ කැස්බෑ වර්ග අටක් ජීවත් වෙනවා. ගැඹුරු මුහුදු ආශ්‍රිතව තමා උන්ගේ වාස දෙසේ. ඒත් විනාඩි 20කට 30කට සැරයක් ඌ හුස්ම ගන්න දිය මතුපිටට එනවා. රූට ඌ කම්මැලියා. මුහුදු පතුල කුහර, ගල්පර හා පැලුම් රූට ඌට උගේ ඇඳ. නිදාගන්නවා ඇරෙන්න වෙන වැඩක් නැති නිසා දාංගලේ වැඩි වෙලාවට තරම් ඔක්සිජන් අවශ්‍ය වෙන්නෙත් නෑ.

කැස්බෑවියගේ පතිවත ගැන නම් කතා කරන්න දෙයක් නෑ. කැස්බෑ ලෝකේ කැස්බෑවියන් හරියට කාම සූත්‍රයක් වගේ. උන්ට තියෙන නිදහසක්. කවර තහනම්ද? කවර නීතිද? කවර සදාචාරයක්ද? උන් ඇත්තටම නිදහස්. කැස්බෑවියන්ගේ ගර්භාෂය හරියට පිරිමි බීජ ගබඩාකර තබන කර්මාන්තශාලාවක් වගේ. ඇය හමුවෙන හමුවෙන පිරිමියා එක්ක සංසර්ගයේ යෙදෙමින් පිරිමි බීජ එකතු කර ගන්නවා. අන්තිමට වැලිතලාවේ කොහේ හරි ඉසව්වක බිත්තර 80ත් 200ත් අතරේ සංඛ්‍යාවක් එකපාරට මුදාහරිනවා. ඇය බිත්තර දාන්නේ ඇගේ මහත කෙටි කකුල් වලින් ඇයම සාදාගන්නා වළක. ඉන්පසු ඒ බිත්තර වළ වසා දමා ඇය ආපසු සාගර ලෝකය වෙත ඇදී යනවා. දින 45ත් 65ත් අතර කාලයේදී බිත්තර පුපුරලා පැටවු එළියට එනවා. බිත්තර රුකෙන්නේ හිරුඑළියේ උණුසුමින්.

කැස්බෑ ලෝකේ පුංචිම එකා තමා බටු කැස්බෑවා. 1829 දී තමා ඒ බට්ටා ලෝකයට හඳුන්වලා දුන්නේ. ඒ එස්කෝල්ටීන් කියන සත්ත්ව විද්‍යාඥයා. පොතු කැස්බෑවා, ඔළුගෙඩි කැස්බෑවා, ගල් කැස්බෑවා, දාර කැස්බෑවා මේ විදිහේ පොඩි - තඩි කැස්බෑ වර්ග කීපයක් සාගර ලෝකයේ ජීවත් වෙනවා. තඩිවට පෙරළි පෙරළි දාංගලේට දඟලන මේ විසේකාරයන් දිහා බලන් ඉන්න ඇත්තටම ආසයි. කොහේ හරි යන ගමන් අතරමඟකදී උන් ඉන්න තැනක් දැක්කොත් ගිහින් උන්ව බලලා එන්න. රූකට ගියොත් උන් සාගරයේ ඉඳන් වෙරළට ඇවිත් බිත්තර දාලා ආපහු සාගරයට යන හැටිත් බලන්න හැකිතැන් ලංකාවේ තියෙනවා. රුකව ඉන් ප්‍රසිද්ධම තැනක්.

courtesy : saaravita.lk


More News »