වන්නිමානේ උයන්ගොමුව තුළ රාම - රාවණ දෙපළු කළ ලකේගල

2018-01-30 11:04:00       369
feature-top
මෙවර "සංචාරේ" අප වෙන්කළේ තවත් අපූරු කඳුකර - වනබද පෙදෙසකට. "සංචාරේ" විශේෂාංගය තුළින් මේ දක්‌වා අප ඉදිරිපත් කළේ කඳුකර ප්‍රදේශවල ත්‍රාසජනක අත්දැකීම් ලබමින් සිදුකළ ගවේෂණ සඳහා. කඳු තරණය වගේම ඒ ආශ්‍රිතව පිහිටි දියඇලි කිහිපයක්‌ ගැනත් තොරතුරු අපි ඔබට කිව්වා. මෙවරත් අපි තෝරගත්තෙ ඊට නොදෙවැනි කඳුකර ප්‍රදේශයක්‌ම තමයි. මේ කඳුකර වනාන්තරය අතිශය සෞන්දර්යයෙන් යුක්‌ත වනවා සේම (ප්‍රාග්) ඓතිහාසික වටිනාකමින්ද සමන්විත ප්‍රදේශයක්‌. ඒ නිසයි අප එහි යන ගමන යොදා ගත්තේ.

අප අද ගමන් කරන කඳුකර වනාන්තර ප්‍රදේශය වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට අයත් ලෝක උරුම නකල්ස්‌ සංරක්‌ෂණ වනාන්තරයේ කොටසක්‌. එය පිහිටා ඇත්තේ වියළි කලාපීය ඊසාන දිග බෑවුමේ හරියට ම කියනවානම්, ලග්ගල පල්ලේගමට තරමක්‌ නුදුරෙන් රණමුරේ, නාරංගමුව මාර්ගයෙන් ඉහළ ප්‍රදේශය. ලග්ගල ආශ්‍රිතව දැන් මොරගහකන්ද සමඟ යාවන කළුගඟ ජලාශ යෝජනා ක්‍රමය ඉදිවෙමින් පවතිනවා. 

p20 1ලග්ගල නගරය ඔස්‌සේ රණමුරේ මාර්ගයට පිවිසුණු අපි කිලෝ මීටර් 06 ක්‌ පමණ ඒ පටු, වංගු, කඳු සහිත කැලෑබද මාර්ගයේ ගමන් ගත්විට රණමුරේ කඩමණ්‌ඩිය හා ගම හමුවෙනවා. තරමක්‌ ජනාකීර්ණ මේ ගම්මානය ඔස්‌සේ නාරංගමුව දක්‌වා තවදුරටත් තාර පාර වැටී තිබෙනවා. මාර්ගය පටු, වංගු කඳු පල්ලම් සහිත වූවත් නාරංගමුව දක්‌වා ලොකු අපහසුවකින් තොරව බස්‌ රථයක්‌ වූවත් ගමන් කළ හැකියි. අපි දන්නා අතීතයේදී නම් නාරංගමුවට තිබුණේ වළ ගොඩැලි සහිත ගුරුපාරක්‌. ඒ පාරේ වාහනයක්‌ ගමන් කළෙත් හරිම අපහසුවෙන්. මාතලේ නගරයෙන් ගමන් ගත් තනිදොරේ සී.ටී.බී බස්‌ රථය පමණක්‌ එකල නාරංගමුව දක්‌වාම පැමිණියා. ඒත් අද ඒ තත්ත්වය තරමක්‌ වෙනස්‌ වෙලා. ගමට බස්‌ රථ වගේම ට්‍රැක්‌ටර්, යතුරුපැදි, ත්‍රිරෝද රථ, ජීප් හා වෑන් රථ, ලොරි යනාදිය අඩුවක්‌ නැතිව පැමිණෙනවා. ඒත් ඉතිං නාරංගමුවෙන් මේ මාර්ගය අවසන් වෙනවා. මෙතනින් බැස ගන්නා උදවිය නාරංගමුව ගම ඉහළට, ලකේගල වසමට පයින් ගමන් කරනවා. සුප්‍රකට ලකේගල නොහොත් ලග්ගල පිහිටා තිබෙන්නෙත් මේ ආසන්නයේම තමයි. ලග්ගල කියන්නේ මාතලේ දිස්‌ත්‍රික්‌කයේ වගේම රටේම තියෙන අතිශය දුෂ්කර මැතිවරණ ආසනයක්‌. අප එහෙම කියන්නේ මාර්ග ප්‍රවාහන දුෂ්කරතා නිසාම මේ ප්‍රදේශවල ජනතාව, පාසල් සිසුන් විඳින දුෂ්කරතාද සැලකිල්ලට අරගෙන. මේ මෑතක්‌ වනතුරුම ඔවුන් මේ ගම්මානවලට ආවෙ ගියේ පා ගමනින්ම තමයි.

p20 2රණමුරේ සිට නාරංගමුවට ගිය අපි, එතැන් පටන් පාගමනින් නාරංගමුව ඔස්‌සේ නකල්ස්‌ කැලෑවට වැදුණේ බෑවුමක්‌ ඔස්‌සේ. කාලාන්තරයක පටන් නාරංගමුවත් මීමුරේ ගම්මානයත් යාවුණු මාර්ගය දිගේ තමයි අපි මෙසේ ගමන් කිරීම ආරම්භ කළේ. නාරංගමුවත්, මීමුරේ ගම්මානයත් අතර කැලේ මැදින් මාර්ග දෙකක්‌ සනිටුහන් වී තිබෙනවා. මේ දෙකම ගලින් ගලට පැන යන අඩිපාර ලෙසයි පවතින්නේ. එක්‌ අඩිපාරක්‌ සුප්‍රකට ලකේගල නොහොත් ලග්ගලට පහළින් මීමුරේ දක්‌වා ගමන් කරනවා. එහි දුර කිලෝ මීටර් 8 -10 ක්‌ විතර වෙනවා. අනෙක්‌ අඩිපාර වැටී ඇත්තේ ලකේගලට උඩින්. මේ මාර්ගය අනෙක්‌ මාර්ගයට වඩා දුෂ්කර හා දුරින් වැඩී එකක්‌. නමුත් ඉහළින් යන මේ මාර්ගය තරමක්‌ ගුප්ත බවකින් යුක්‌තවනවා සේම, ලකේගල පාමුලට ගොස්‌ තවත් අපූරු බිම්කඩක්‌ ඔස්‌සේ වැටී තිබෙනවා. ඒ තමයි උයන්ගොමුව. උයන්ගොමුව සැලකෙන්නෙත්, ගම්මානවල ජනතාව කියන්නෙත් මේ උයන්ගොමුව රාවණා රජතුමාගෙ උයන පිහිටි තැන කියල. ගලින් ගට පැන, පැන කඳුබෑවුමක්‌ නැගගෙන ගියාට පසු හමුවෙන හරිම අපූරු තැනිතලා භූමියක තමයි මේ උයන්ගොමුව පිහිටල තියෙන්නේ. අක්‌කර 10-15 ත් තරම් වන මේ නැතිතලා බිම රූස්‌ස වන වදුලකින් යුක්‌ත වන අතර දිය උල්පත්වලින් ගලායන ජල දහරා අපූරු සිසිලසක්‌ වගේම චමත්කාර ජනක හැඟීම් දනවනවා. ඒ නිසාම උයන්ගොමුවට යන කවුරුත් එහි මඳක්‌ නැවතී යන්න අමතක කරන්නේ නැහැ.

උයන්ගොමුවේ පසෙකින් කුඩා ජල පොකුණක්‌ පිහිටා ඇති අතර ලකේගල පර්වතයෙන් ගිලිහි ගිය යෝධ පර්වත කොටසක්‌ මේ පොකුණ ප්‍රදේශයට ඇළ වී වැටී ඇත්තේ විශ්මිත ආකාරයෙන්. අතීතය පිළිබඳ තොරතුරු කියන අය මේ ගැන කියන්නෙ හරිම අපූරු කතාවක්‌. එනම් රාවණ-රාම යුද්ධයේ එක්‌ අවස්‌ථාවක්‌ මෙහිදී සිදුවූ බවත් රාමගේ හී පහරකින් දෙපළු වී ගිය ලකේගල කොටසක්‌ මෙසේ ඇද වැටී ඇති බවයි ඔවුන්ගේ ජනප්‍රවාදයේ එන්නේ. එසේම උයන්ගොමුව රාවණාගේ උයන බවත් ඒ ආසන්නයේම පිහිටි උයන්ගොමුව ගල් ගුහාව තුළ සීතාව සිරකර ගෙන සිටි බවත් ජනප්‍රවාද මගින් කියෑවෙනවා. ඇත්තටම හරි අපූරු ගල්ගුහාවකුත් උයන්ගොමුවේ පර්වතයක්‌ මත පිහිටා තියෙනවා. 

මෙවන් ඓතිහාසික තොරතුරු, ජනප්‍රවාද වලින් සමන්විත උයන්ගොමුව පසුකර වන්නිමාන නම් ගුප්ත කඳුකර ප්‍රදේශය පසුකරගෙන තමයි මීමුරේ ගමට යන ලකේගලට උඩ පාර වැටී ඇත්තේ. මීට පෙර දිනයක ලකේගලට පහළින් ඇති කැලෑ පාරෙන් මීමුරේට ගිය අපි මෙවර 'සංචාරේදී' ලකේගල උඩ පාර ඔස්‌සේ වන්නිමාන දක්‌වා ගමන් කළත් මීමුරේ දක්‌වා නොගිහින් උයන්ගොමුවේ ගත කර එහි අපූරුව විඳ ගත්තා පමණක්‌ නොව රාවණාගේ උයන ලෙස සැලකෙන මෙහි අස්‌සක්‌ මුල්ලක්‌ නෑර ඇවිද ඒ අපූරුවේ ඡායාරූප එකතු කර ගන්නත් අමතක කළේa නැහැ.

උදේ 8 - 9 ට පමණ ගමන ආරම්භ කරපු අප වෙල්යාය මැදින් ගම්මණ්‌ඩිය පසුකර නකල්ස්‌ කැලෑව තුළට වැදුණේ ලකේගල පෙනෙන මානයෙන්. ඉන්පසු ගමන තිබුණේම ගලින් ගලට පැන පැන යන පාරවල්, ඇළ, දොළවලින් එගොඩ වන අඩි පාරක්‌ හැටියට. ඉඳහිට වන අලින්ද ගැවසෙන මේ මාර්ගයේ අපගේ සංචාරේ කණ්‌ඩායමට අමතරව නාරංගමුවෙන් මග පෙන්වන්නකුද එකතුව සිටි නිසා ගමනේ දුෂ්කර බව හා තනිකම අපට දැනුණේ නැහැ. දහවල් ආහාරය සහ තේ සඳහා අඩුම කුඩුම ටිකක්‌ රැගෙන ගමන් ගත් අපි පැයකට පමණ පසු උයන්ගොමුවට ළඟා වීමට සමත් වුණේ 'ඩබල් එකේ' ගමන් ගත් හින්දමයි. එහෙම නැතිව මහන්සි ඇර ඇර මේ ගමන යන්න ගියොත් පැය 2 - 3 ක්‌ ගත වෙනවා සිකුරුයි. උයන්ගොමුව ඉලක්‌ක කරගෙන යනවා නම් මහන්සි අරින්න උයන්ගොමුවටම යන එක හොඳයි කියලා අපට කිව්වේ අපෙ මගපෙන්වන්නා. ඒ අනුව හැල්මේ ගමන් ගත් අපි උයන්ගොමුවටම ඇවිත් එහි ගලා යන සුපිරිසිදු ජලයෙන් මුව දොaවා ගත් පසුව ඇති තරම් මහන්සි හැර ඉන්පසු තමයි තේ එකක්‌ වක්‌ කර ගත්තෙ. තේ පානයෙන් පසු අපේ කණ්‌ඩායම උයන්ගොමුවේ විසිතුරු සොයා හැම තැනම ඇවිද ගියා. ඇති තරම් ඡායාරූප ගත්තා. සැබැවින්ම උයන්ගොමුව අතිශය මනස්‌කාන්ත තැනක්‌. ඒ වුණත් මෙහි වන අලින් සැරිසරන හින්ද භයානකකමකුත් නැතුවාම නොවෙයි. ඒ අනතුරත් තියාගෙන තමයි අපි මේ අපූරු වනබද පෙදෙසේ මිහිර අත්වින්දේ. ඉන්පසු අපි ඊට මඳක්‌ ඉහළින් පිහිටි වන්නිමාන දක්‌වා ගමන් කළා. වන්නිමානේදී දෙපසින් පිහිටි යෝධ කඳු බෑවුම් දෙකක්‌ මැදින් අඩි පාර වැටී තිබෙනවා. එහි සිට කතා කරන දේ විටෙක දොaංකාර දෙනු ඇසෙනවා. වන්නිමාන පසු කළ විගසම නකල්ස්‌ වනාන්තරයේ ඉහළ කඳුකර වනාන්තර හමුවෙන අතර, ඒ මැදින් තමයි මීමුරේ දක්‌වා ගමන් කරන්නෙ.

නමුත් වන්නිමානෙන් අපේ ගමන හමාර කළ අපි යළිත් උයන්ගොමුවට පැමිණ එහි සිට දහවල් ආහාර ගෙන උයන්ගොමුවේ දිය දහරකින් මුවකට දොවා යළිත් හිරු බස යන අඳුරේ අපේ ගමනේ නිමාව සනිටුහන් කළේ නාරංගමුව කඩමණ්‌ඩියටම පාගමනින් පැමිණීමෙන්.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි
Generic placeholder image

කොළඹ පසුබසී

2018-08-14 03:44:00

More News »