නිවාඩු පාඩුවේ සර්ෆ් කරන්න හොඳම තැන විස්කි පොයින්ට්

2018-03-20 11:48:00       373
feature-top
විස්කි පොයින්ට් කියන්නේ ආරුගම් බේ ඉඳලා කිලෝමීටර් 12ක් විතර ඈතින් තියෙන සර්ෆ් කරන්නත් හැකි තරමක් පීනන්නත් හැකි තැනක්.
විස්කි පොයින්ට් එකේ සර්ෆ් කරන අයට මූලික හා මධ්‍යම ප්‍රමාණයේ රළ එනවා. ඒවා බිඳෙන්නේ වෙරළට ලම්බාකාරව. ඒ කියන්නේ ගොඩක් දුරට පීනන්නේ නැතිව රළ අල්ලගන්න පුළුවන් කියන එකයි. වෙරළ දිගේ ඇවිදගෙන ගිහින් රළ බිඳෙන තැන අල්ලගන්න පුළුවන්. රළ මෘදු නිසා සර්ෆ් කරන අයට ඒවා මඟ හැරලා හොඳ රලක් එද්දී ඒක අල්ලගන්න පුළුවන්.

පිහිනන අයටනම් රළ සැර වැඩියි. මෙතන බයවෙන්න දෙයක් නම් නෑ. මේක ගල්වත්, යටින් වූ දියවැල්වත් නැති බොක්කක්. ඒත් රළ බලසම්පන්නයි. විශේෂයෙන්ම ඔබ ඒවාට බයනම්. බොඩිබෝර්ඩින් කරන්න පුළුවන්නම්, එහෙම නැත්තං ඔහේ එහාට මෙහාට විසිවෙන්න කැමතිනම් ගොඩක් විනෝද ජනකයි. ඒ වගේම වෙහෙසකරයි. ආවට ගියාට වතුරට පනින්න හොඳ තැනක් නම් නෙවෙයි මේක.

පිහිනුමට අමතරව ගල් තලාව කදිම සුවපහසු යහනාවක්. ගල උඩටම නැගලා සර්ෆ් කරන අය දිහා බලාගෙන ඉන්න පුළුවන්. හැබැයි උදේ හරි හවස හරි ගිනි අව්ව නැති වෙලාවට. මෙතන ඉඳන් හිරු නගිනවා බලන එක හරි ලස්සනයි. (සමුදුරට උඩින් නැගෙනහිරින් ඉර නැගීම) හිරු බැස යන දර්ශනයත් නරක නෑ.

පහසුකම් ගැන බැලුවොත්, සබාබා කැෆේ තියෙන්නේ ළඟමයි. මේක කරගෙන යන්නේ මම්බෝගේ මල්ලී. (මම්බෝට තියෙනවා මේ වගේම තැනක් මේන් පොයින්ට් එකෙත්. හික්කඩුවේ මේ ව්‍යාපාරයේ කැප්ටන් කෙනෙක්.) සබාබා එකට තියෙනවා සරල සහ කදිම සැලැස්මක්. සීතල වෙවී රළ බලන එක හරි ආස්වාදජනකයි. පොත් කියවන්න හොඳ හෙවන වැටුණ ඇඳනුත් මෙහෙ තියෙනවා. සීතල වෙච්ච බීර, කටගැස්ම සහ හොඳ පලතුරු බීම ගණනාවකුත් මෙහෙ තියෙනවා.


Generic placeholder image

කොළඹ පසුබසී

2018-08-14 03:44:00

More News »