අපේ රටේ උසම අලින් දැකගත හැකි වස්ගමුව

2018-11-16 11:16:00       242
feature-top
ශ්‍රී ලංකාවේ උසින් වැඩිම අලි වාර්තා වන්නේ කිනම් ජාතික වනෝද්‍යානයෙන් දැයි නැගෙන පැනයකට පරිසරවේදියකුට හෝ පරිසර ලෝලියකුට හැරුණු කොට සාමාන්‍ය කෙනෙකුට පිළිතුරු දීමට අ‍පොහොසත් වන්නට පුළුවන්. එහෙත් ඒ සඳහා දියහැකි වඩාත් නිවැරදි පිළිතුර වන්නේ වස්ගමුව ජාතික වනෝද්‍යානය යන්නයි. ඒ වගේම ශ්‍රී ලංකාවේ තෙත් සහ වියළි කලාප සම්බන්ධවන ජාතික වනෝද්‍යානයක් හැටියටත් ප්‍රසිද්ධ වස්ගමුව අලි ඇතුන් හැරුණු කොට වලසුන් සහ දිවියන් වැඩිම සංඛ්‍යාවක් නිරීක්ෂණය කළ හැකි වන රජ දහනක් හැටියටත් ප්‍රසිද්ධයි. 'වස්ගමුව' යන වදනින් පැහැදිලි අරුතක් පළ නොවන බැවින් ඒ ග්‍රාම නාමය සම්බන්ධයෙන් වඩාත් විමසිලිමත් වූ අපට දැනගත හැකි වූයේ අතීතයේ 'වලස්ගොමුව' නමින් හැඳින්වුණු මෙම වන රජ දහන පසුව එහි 'ල' යන්න ලොප්වීමෙන් පසුව වස්ගමුව ලෙස හැඳින්වුණු බවයි.

මහනුවර මහියංගනය ප්‍රධාන මාර්ගයේ හසලක මංසන්ධියෙන් හැරී කිලෝමීටර් හතළිස් පහක දුරක් ගමන් කිරීමෙන් හෝ මාත‍ලේ ලග්ගල හරහා විල්ගමුවට පැමිණ කිලෝමීටර් දහසයක් පසු කිරීමෙන් මෙම වන පාරාදීසය වෙත පැමිණීමට පුළුවන්.හෙක්ටයාර් හාරදහසක නැතහොත් අක්කර නවදහස් අසූ හතරක වර්ග ප්‍රමාණයකින් යුතු වස්ගමුව අභය භූමිය මුල්වරට රක්ෂිතයක් බවට පත්ව ඇත්තේ 1937වසරේයි. පසුව 1984වසරේ මෙය ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කොට තිබෙනවා.

ෙජෙව විවිධත්වය අතින් විවිධාකාර ලක්ෂණ පළ කරන වස්ගමුව අභය භූමිය තුළ ඉහත සඳහන් කළ සතුන්ට අමතර ගෝනුන්, මුවන්, කුළු ගවයන්, හාවුන් ආදී ක්ෂීරපායින් සහ කිඹුලන්, තලගොයි, කටුසු ආදී උරග විශේෂ රැසක් නිරීක්ෂණය කළ හැකියි.



උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »