සංචාරකයින්ට නවමු මංපෙත් විවර කරන තෝතැන්න “ජෙට්වින්ග් සර්ෆ් “

2019-03-22 09:20:00       688
feature-top
මෙතෙක් රළ පැදීම (Surfing) වෙනුවෙන්ම ප්‍රචලිතව තිබූ නැගෙනහිර වෙරළ තීරය මෑත ඉතිහාසයේ සංචාරකයින්ට නවමු මංපෙත් විවර කරන තෝතැන්නක් බවට පත්ව ඇත. යුද නොසන්සුන්තාවන් පැවති සමයේ ප්‍රවේශය අවහිරව තිබූ සුපැහැදිලි මුහුදුතීරය මෙන්ම රන්වන් මුහුදු වෙරළ මේ වන විට සියල්ලන්ටම විවෘතව ඇත. ශීත සෘතුව තුල ඝර්ම කලාපීය රටවලට පැමිණෙන සංචාරකයන්ගේ ආකර්ෂණය පොතුවිල් සහ ආරුගම් බොක්ක දෙසට යොමු වන්නේද මෙම හේතුව නිසාය. මෝසම් වැසි ක්‍රියාත්මක වන කාලය තුල සක්‍රීය වන රළ සහ නිල්වන් අහස රළ පදින්නට අවැසි පරිපුර්ණ වටපිටාව සකසා දෙයි.

හිරු කිරණෙන් සහ රන්වන් වෙරළ තීරයෙන් අලංකෘතව වැජබෙන “ජෙට්වින්ග් සර්ෆ් “ නැගෙනහිර වෙරළ තීරයට පැමිණි ජෙට්වින්ග් පවුලේ නවතම සාමාජිකයාය. මුහුදු බෙල්ලන්ගේ හැඩයෙන් යුතුව නිමැවුණු “සුඛෝපභෝගී කබානා“ වර්ගයේ කාමර 20කින් යුතු මෙම හෝටලය නිමවීම සඳහා වියන ලද පොල් අතු, උණ බම්බු, ලෑලි වැනි අමුද්‍රව්‍ය භාවිතය තුලින් කාබන් භාවිතය අවම කිරීමටද සමත්ව ඇත. මෙම විශිෂ්ඨ නිර්මාණය 2017 වසරේ හොදම හෝටල් නිර්මාණයට හිමිවන ආසියානු දේපල සම්මානය දිනාගැනීමට සමත් විය.

නවීනතම උපාංගයන්ගෙන් සමන්විතව පැමිණෙන සියලු කාමර ඇතුලතින් සහ පිටතින් සකස් කරන ලද උණු සහ සිසිල් ජල ස්නාන පද්ධති සුවපහසු සයනයන් සහ කවිච්චි, කෝපි සැකසුම් යන්ත්‍ර මෙන්ම හිරු එළියෙන් ආවරණය වීමට සම ආලේපන, වෙරළ පාවහන් මෙන්ම ඇගලුම්  වලින්ද සමන්විතය. අවන්හල,පිළිගැනීම් ශාලාවට මෙන්ම අනන්තය සිහිගන්වන පිහිනුම් තටාකය (ඉන්ෆිනිටි පූල්) සතු බිම්හලද සර්පිලාකාරව හා එකිනෙකට සම්බන්ධව ගොඩ නගා ඇත.

ඔබගේ කාමරයේ සුවපහසුබවෙන් මිදීමට අදිමදි කලද සංස්කෘතික ත්‍රිකෝණයේ හෝ දකුණු වෙරළ තීරයේ මෙන් ජනාකීර්ණ නොවූ මුහුදු තීරයන් නවමු අත්දැකීමකට ඔබට අතවනනු නොඅනුමානය. ගණ කැළෑ වලින් වැසීගිය පුරාවිද්‍යා නටබුන්, අලි ඇතුන් ගහන තැනිතලා බිම් සොබාදමත් මිනිසාත් අතර ඇති සංහිදියාව පසක් කරමින් ඔබව නවමු සුවසැරියකට කැටුව යයි.

හෝටල් පරිශ්‍රයට නුදුරින් පිහිටි පොතුවිල් කලපුව ස්වදේශීය, විදේශීය පක්ෂින්ගෙන් මෙන්ම අනේකවිද උරග වර්ගයින්ගෙන්ද සමන්විතය. තණබිම් උලාකමින් සරන්නා වූ ඇත් පන්ති ඔබගේ සංචාරය අතරතුර දෑස දල්වා සිටීමට ඔබව පොලබවනු ඇත. තවද ඌරනිය ගඟ හරහා කරන්නා වූ සෆාරි සංචාරයද ඔබගේ නෙත් සිත් වසඟ කර ගනු නොඅනුමානය.

පානම, රෝටකුලම සහ සෙමිනිකුලම වැනි වැව් සංචාරක මෙන්ම ඒකදේශික පක්ෂින්ගේත් ආකර්ෂණය රැගෙන කැමරා කාචයකට හසුකර ගත නොහැකි තරම් අලකෘත දර්ශන මවයි.

“කුමන“ වන පියස මායිමේ පිහිටි පානම වැව සවස් යාමයේ රන් පැහැයෙන් දැවෙමින් බැස යන හිරු එළියෙන් මත්ව දිය පිණිස පැමිණෙන අලින් මෙන්ම මුවරල අතරින් මනස්කාන්ත දසුන් මවා සිත් පිත් වසඟයට ගනී.

ඔබගේ අරමුණ සෆාරි සංචාරයක්නම් මිනිසුන්ගෙන් සහ ජීප් රථ වලින් පිරිගිය යාල වන උද්‍යානය මෙන්ම ජෛව විවධත්වකින් යුතු කුමන ජාතික වන උද්‍යානය විශේෂ වනුයේ ලොව විශාලතම සජීවී පක්ෂ ගහනයක් දැකිය හැකි එක් ස්ථානයක් බැවිනි. කුමන ජාතික උද්‍යානය හෝටල් පරිශ්‍රයේ සිට පැයක පමණ දුරකින් පිහිටා ඇති අතර එකම බෝට්ටු සංචාර ලබා දෙන “ගල්ඔය“ ජාතික උද්‍යානයද ඇත්තේ හෝටල් පරිශ්‍රයට නුදුරිනි.

නැගෙනහිර මුහුදුබඩ පෙදෙසෙහි ඇති මෙම සියලුම වමත්කාරයට එකතු වන අනෙකුත් අත්දැකීම නම් රස දිව  පිනා යන ආහාරයන්ය. ජෙට්වින්ග්සර්ෆ් හෝටලයේ විධායක සූපවේදී මහතා ඇතුළු සූපවේදී කණ්ඩායම ඔබට අවශ්‍ය පරිදි දේශීය මෙන්ම විදේශීය අහාර පාන ඔබගේ රුචිකත්වය අනුව සාදා දීමට සැදී පැහැදි සිටී.මෙහි තවත් ආකර්ශනීය කරුණ නම් දහවල් කාලයේදී ආපනශාලාව තුල පවතින ස්වභාවික ආලෝකය ඔබේ ආහාර වේලට දීප්තියක් එක් කරන සැන්දෑ යාමට වන විට රළ පිස එන සුළඟ කොළ සිවිලි වහලය තුළින් ගලා විත් ඔබව ඔබගේ ආහාර වේලක් ප්‍රබෝධමත් කිරීමයි.

සවස් භාගයේ හිරු බැසයත්ම හෝ රාත්‍රී ආහාරයට ප්‍රථම ගත සිත ප්‍රබෝධමත් කර ගැනීමට ඔබට අවැසිනම් ඔබගේ සිතැඟි පරිදි තෝරා ගැනීමට කොක්ටේල් සහ මොක්ටේල් පානයන් රැසක් අප සතුව ඇත.

පුරා වසර 46ක් පුරාවට සංචාරක ව්‍යාපාරයේ නිරත වන පවුලක ව්‍යාපාරයක් ලෙස  ජෙට්වින්ග් ආයතනය සංචාරක ක්ෂේත්‍රයේ නිම් වළලු පුළුල් කරමින් සිටී. සාම්ප්‍රදායික සත්කාරකත්වය පදනම් කරගත් ලාංකේය ආගන්තුක සත්කාරයේ අත්දැකීම් සංචාරකයාට ලබාදීමට ජෙට්වින්ග් ආයතනයේ දැක්ම වන අතරම ඊට පුරෝගාමිත්වය ගෙනද කටයුතු කරයි. එමෙන්ම මනා කළමනාකාරිත්වයෙන් සහ නව්‍යතාවයෙන් ඉදිරියට යන ජෙටිවින්ග් ආයතනය, සියලුම හෝටල් තුල තිරසාර හා වගකිවයුතු උපායමාර්ගයන් පදනම් කරගෙන ක්‍රීයාත්මක වෙයි. එමෙන්ම සම්පත් කාර්යක්ෂමතාව ප්‍රජා අභිවෘද්ධීය හා අධ්‍යාපනය මෙන්ම ක්ෂේත්‍ර දැනුවත් බව අපගේ මුලික ලක්ෂණයන් ගෙන් කිහිපයකි.

More News »