42 Views  
දකුණු වෙරළ තීරයේ විනෝද චාරිකාවක්  Heritance
දකුණු වෙරළ තීරය පැත්තට පවුලේ කට්ටියත් එක්ක නිවාඩුවක් ගත කරන්න යනවනම් ඔලුවේ තියාගන්න ඕනම දෙයක් තමයි හරි සීසන් එකේ යන එක. ඒ කියන්නේ ජනවාරි ඉඳන් අප්‍රේල්, මැයි වෙනකල් වගේ නම් කිසිම කරදරයක් නැතුව මුහුදේ නාන්න කරන්න පුලුවන්. හෙරිටාන්ස් හොටෙල් එකේ නතර වෙන එකේ තියෙන වාසිය තමයි දකුණු පළාතේ ගාල්ලට මෙහා තියෙන සෑහෙන විනෝදජනක දේවල් වලට ලොකු දුරක් නැති වීම.

හෙරිටාන්ස් හොටෙල් එකේ පූල් එකට බැහැලා විනෝද වෙන්න වගේම බීච් එකේ ඕන හැටියට දඟලන්නත් පොඩි ළමයින්ට ගැටළුවක් නැහැ. පහසුකම් වුනත් ලොකු පොඩි දෙගොල්ලටම ගැලපෙන විදියට තියෙනවා. කෑම බීම ගැනත් කියන්න තියෙන්නේ ඒකම තමයි.

මීට අමතරව දකුණු වෙරළ තීරයේ පොඩි ළමයින්ට වගේම වැඩිහිටියන්ටත් කරන්න ආස හිතෙන දේවල් ඕන තරම් තියෙනවා. කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන බලන්න යන්න, මාදු ග‍ඟේ බෝට්‍ටු සවාරියක් යන්න, තල්මස්සු බලන්න යන්න, බේවිස් බාවාගේ Brief Garden එක බලන්න යන්න වගේ දහසකුත් එකක් දේවල් කරන්න තියෙනවා.

aniwa.lk


o