26 Views  
අනුරපුර පැරණි ලෝකය දරුවන්ටත් පෙන්වන්න යන්න Ulagalla Resort
අනුරාධපුරේ තිරිප්පනේ පිහිටලා තියෙන බුටික් හොටෙල් එකක් වෙන උග්ගල්ල රිසෝට් එකත් පවුල පිටින් ගිහින් විනෝද වෙලා එන්න පුලුවන් හොඳ හෝටලයක් කියලා බය නැතුව කියන්න පුලුවන්. සැප පහසුවට ඉන්න, පවුලටම පහසුකම් තියෙනවා විතරක් නෙවෙයි, උග්ගල්ල රිසෝට් එකේ වුනත් බයිසිකල් ‍ටුවර් එකක් යන්න, අස්සයෝ පිටේ යන්න, දුනු විදීමේ ක්‍රීඩාවට විතරක් නෙවෙයි, ඕන නම් යෝගා ව්‍යායාම කරන්නත් මෙතන පහසුකම් තියෙනවා. විශේෂයෙන්ම මේ දේවලට ආරක්ෂාව සලසන්නත් අය ඉන්න නිසා බය වෙන්න දෙයක් නෑ, පොඩි දරුවන්ට වුනත් විනෝද වෙන්න පුලුවන්.

මීට අමතරව කැලේ සත්තු බලන්න සෆාරියක් යන්න, මේ කට්ටියගේ කාබනික එළවලු පලතුරු උද්‍යානයේ සවාරියක් යන්න විතරක් නෙවෙයි වටේ තියෙන ගම්මාන මැද්දෙන් බයිසිකල් ‍ටුවර් එකක් යන්නත් හැකියාව තියෙනවා.

ඒ වගේම අනුරාධපුර පූජා නගරයට සහ ඒ අවට තියෙන නටඹුන් බලන්නත් නොයා ඉන්නෙ නැහැනේ.

කොහොම වුනත් අපි දෙන අවවාදයක් තමයි, පොඩි දරුවොත් එක්ක යනවා නම් දකින දකින වතුර වළට, වැවට බහින්න එපා කියන එක. ආරක්ෂිත නොවෙන තැන් ඕන තරම් තියෙනවා.

aniwa.lk


o