Ads here
340 x 60
Rs. 5000/-
18 Views  
ආගන්තුක සුන්දරත්වයක් අත්විඳින්නට යමු මාරවිල Club Palm Bay Hotel
ශ්‍රී ලංකාවේ වයඹදිග මුහුදු තීරය ආම්භක සීමාවේ තියෙන කුඩා ධීවර ගම්මානයක් වුණු මාරවිල කියන්නේ කොළඹ ඉඳන් කිලෝමීටර් 60 කට වඩා නැතත්, ඔබව සම්පූර්ණයෙන්ම අපූරු ආගන්තුක පරිසරයකට ගෙන යන්න පුලුවන් ප්‍රදේශයක්. මාරවිල පිහිටලා තියෙන මේ රිසෝට් එක විශේෂ වෙන්නේ එතන තියෙන සුන්දරත්වය නිසා විතරක් නෙවෙයි, පවුලේ හැම දෙනාටම නිවාඩුවක් සඳහා යන්න පුලුවන් පවුලේ හැමගේම රිසෝට් එකක් විදියටත් සැලකෙන නිසා තමයි.

මාරවිල මේ රිසෝට් එකේ තියෙන පහසුකම් ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හැබැයි නිස්කලංකව පු‍ටුවකට වෙලා ඉන්න නම් මෙතනට පවුලේ හැමෝම එක්ක යන එක අපරාධයක්. මොකද මේ රිසෝට් එකේ වගේම අවටත් කරන්න ඕන තරම් දේවල් තියෙනවා. හෝටලය ඇතුළේ ගොල්ෆ් ගහන්න, ටෙනිස්, බාස්කට්බෝල්, බැඩ්මින්ටට්, ස්කොෂ් ක්‍රීඩාවලට විතරක් නෙවෙයි, පූල්, ටේබල් ටෙනිස් වලටත් ඕන තරම් ඉඩ තියෙන නිසා දරුවන්ට හෝටලේ පරිශ්‍රය ඇතුලේ ආරක්ෂිතව විනෝද වෙන්න ඕන තරම් ක්‍රම තියෙනවා.

ඒ විතරක් නෙවෙයි, ආනන්කල්ලිය ජලාශයට මායිම් වෙලා පිහිටලා තියෙන මේ හෝටලේ අවටත් ලොකු කුඩා හැමදෙනාටම විනෝදය ලබාගන්න කරන්න දේවල් බොහෝමයි. ඕන නම් මාරවිල සුන්දර වෙරළ තීරයේ කාලය ගත කරන්න පුලුවන්. බලන්න දේවල් වුනත් මුන්නේස්වරම් කෝවිලෙන් පටන් ගත්තහම ඕලන්ද බලකො‍ටුව දක්වා සෑහෙන්න දේවල් තියෙනවා. මීට අමතරව තල්මසුන්, ඩොල්‍ෆින්ලා බලන්න වුනත් යන්න පුලුවන්. ස්වභාව සෞන්දර්යයට කැමති නම් ආනන්කුලම වන රක්ෂිතයේ ඇවිදින්න යන්නත් පුලුවන්.

මීට අමතරව නොයෙක් ආකාරයේ ජල ක්‍රීඩා, කයිට් සර්ෆින්ග්, වෝටර් ස්කීන්ග්, වින්ඩ් සර්ෆින්ග්, වගේම ඔරු පැදීම් පවා කරන්න පුලුවන් වුනත්, කුඩා දරුවන් එක්ක යනවා නම් ඕනෑවට වඩා ඇඩ්වෙන්චර් නොවී ඉන්න එක ඇඟට ගුණයි!

aniwa.lk


Ads here
340 x 60
Rs. 4000/-