127 Views  
‘මීරිගම හොටෙල් ෂාමියා’
මීරිගම තරුණ ව්‍යාපාරිකයෙක් පාර අද්දර රිය නවත්වා කැලෑ රොදකට රිංගුවා. ඒ පොඩි දුවට පොලොස් සොයන්න. තරමක වගුරක් වූ මෙබිම සිසාරා නෙත් යැවූ ඔහු සිතේ අලුත් අදහසක් පැළපදියම් වුණා. හෝටලයකට කියාපු තැන. තරුණ ව්‍යාපාරිකයා ඉඩමේ මුල් අයිතිකරුවන් සොයා ගියා. මීරිගම කොටදෙණියාව පාරේ තලාකොළයාය ‘හොටල් ෂාමියා’ නම් මනරම් හෝටලය ඉදිවන්නේ ඒ අනුවයි.

මීරිගම ටවුමේ ඉඳන් සැතපුම් තුනක පමණ දුරින් පිහිටි මේ සොඳුරු නවාතැන සති අන්තයේ විවේකය ගත කරන්න කදිම තැනක්.

කොළඹ කා‍ර්ය බහුල නාගරික පරිසරයෙන් අත්මිදිලා ගැමි සුන්දරත්වය රජයන පරිසරයකට අගනුවර ඉඳන් කෙටි කාලයකින් ළඟාවෙන්න පුළුවන්කම ‘හොටෙල් ෂාමියා’ හි විශේෂත්වයක්.

පවුලේ සැමට වගේ ම කාර්යාලයේ හිතමිත්‍රාදීන්ට එකට එකතු වෙලා විනෝද වෙන්නත් මේ තැන කදිමයි. විශේෂයෙන් Day Outing වලට එය වඩාත් සුදුසුයි. හොඳට ඉඩකඩ තියෙන නිසා ඔබ කැමැති විදිහට බොහෝ ම නිදහසේ දවස ගත කරන්න පුළුවන්. පිහිනුම් තටාකයක් ‍වගේ ම සිත් ගන්නා සුළු වැවක් ‘හොටෙල් ෂාමියා’ සතුයි. හබල් ගාමින් ඔරු පදින්න ඉඩකඩ ලැබීමත් ඇතැමෙකුට අලුත් ම අත්දැකීමක් වේවි.

අවශ්‍ය සියලුම කෑම බීම වර්ග කටට රසට සකසා දෙන්න මෙහි කාර්ය මණ්ඩලය සැදී පැහැදී ඉන්නවා. වායුසමනය කළ කාමර පහසුකම් නිසා නවාතැන් ගැනීම පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ‍. ඕනෑම උත්සව අවස්ථාවක් ‘හොටෙල් ෂාමියා’ හි පවත්වන්නත් පුළුවන්. එකවර 500 කට වැඩි අමුත්තන් පිරිසකට පහසුකම් සැපයීමේ හැකියාව ඔවුන් සතුයි.

silumina.lk


o