Ads here
340 x 60
Rs. 5000/-
23 Views  
අම්බුළුවාවේ කඳු ඉස්මත්තේ
සමනළ වර්ග 20ක් පමණ නිරීක්ෂණය කළ හැකි අතර රාත්‍රී කාලයේ සලබ වර්ග විශාල ගණනකි. ලෝකයේ දක්නට ලැබෙන උභය ජීවි ගෝත්‍ර 3න් 3ක් මෙම කන්දෙන් හමුවී තිබේ ගමෙහි ලංකා ගල්පර මැඩියා නමින් හඳුන්වන පොසීලයක් ද දක්නට ඇත. උරග විශේෂ 43 කි. මින් විශේෂ 24 ක් අප රටට ආවේණිකය. සර්ප වර්ග 25ක් හමුවන අතර කුඩාම සර්පයා වන කනඋල්ලා සහ ලොකුම සර්පයා වන පිඹුරා ද මෙහි සිටී

සෙංකඩගල පුරවරයේ පිහිටි ගඟ සිරිපුරට ඔබ වරක් හෝ ගොස් තිබේද ඇසුවහොත් බොහෝ දෙනාගේ පිළිතුර වනු ඇත්තේ නැත යන්නයි. මන්දයත්, ගඟසිරිපුර යනු කොයිදැයි නොදැනීමයි. එදා ගඟසිරිපුරය අද හැඳින්වෙන්නේ ගම්පොල නමිනි. ගම්පොල පුරවරය සාරවත් කරමින් ගලා යන මහවැලි ගංඟා රජුගෙන් ඇය ලද නාමය ගඟසිරිපුරයයි. ගම්පොල හරහා කොත්මලයට හෝ නුවරඑළියට යන ඕනෑම අයෙකුට අහස පැහැදිලි දිනෙක දකින්නට ලැබෙන දසුනක් වේ. එනම් ඈත් කඳුමුදුනක සාදා ඇති ධවල පැහැ අමුතු නිර්මාණයයි. ඒ අම්බුලුවාවයි. ඉතින්, අද Walk121 සමඟ අපි යන්නට සූදානම් වන්නේ අම්බුලුවාවටයි.

අම්බුලුවාව දක්වා යන්නට නම් ගම්පොල නගරය අවසන් වීමත් සමඟම ඇති හෙම්මාතගම දක්වා ඇති මාර්ගයේ යා යුතුවේ. අක්කර දහසකට මඳක් අඩු භූමි ප්‍රමාණයක් ඇති අම්බුලුවාව කන්දේ මුදුනට යන ඔබ එවිට සිටින්නේ මුහුදු මට්ටමේ සිට අඩි 3567ක් උසිනි. අම්බුලුවාව ඈතට පෙනෙන විට දකින්නට හැකි සුදු පැහැති නිර්මාණය කඳු මුදුනේ සිට තවත් අඩි පන්සියකට ආසන්න උසකින් යුතු වේ. ඒ අනුව අම්බුලුවාව කන්දේ ඇති මෙම කුළුණ මතට නැඟගත් විට.

පිදුරැතලාගල, සප්ත කන්‍යා, හුන්නස්ගිරිය, නමුණුකුල, නකල්ස් වැනි කඳු වැටි මෙන්ම කාර්යබහුල ගම්පොල නගරයද අපූරැවට දැකගත හැක. කොළඹ සිට නුවරට දිවෙන මාර්ගයේ කඩුගන්නව හා බලන ආශ්‍රිත ප්‍රදේශයන්ද මෙහි සිට දකින්නට හැකිබව කියැවේ. නමුදු අප හට නම් එම ප්‍රදේශය හඳුනාගත නොහැකි විය. නමුදු අහස පැහැදිලි නම් ඈතින් ඇති මහසයුරද දකින්නට හැකිවේ. අම්බුලුවාව කන්ද මුදුනේ නිර්මාණය කර ඇති ඉහළට නැගිය හැකි කුළුණ ද සුවිශේෂීය. එය වී බිස්සක හැඩය ප්‍රධාන කොට, එළවළු වගාව දැක්වීමට වට්ටක්කා ගෙඩියකුත්, පලතුරැ වගාව දැක්වීමට කොකෝවා ගෙඩියකුත් නිරෑපණය වන පරිදි මෙය නිර්මාණය කර ඇතැයි කියවේ. තොරතුරැවලට අනුව නම් මෙරට ගොවි ජනතාව ඉන් සංකේතවත් කෙරේ.

අම්බුළුවාව කන්ද ඛාදනයට ලක් නොවන ඉන්සෙල්බර්ග් වර්ගයේ පර්වතයකි. කන්දෙහි නැගෙනහිර බෑවුම බොහෝ විට රළු කළුගලෙන් නිර්මාණය වී ඇති අතර අනෙක් බෑවුම තද වන ගහනයක් දක්නට ලැබේ. මෙහි වෙසෙන සත්ත්ව සහ ශාඛ හේතුවෙන් අම්බුළුවාව ජෛව විවිධත්වය අතින් ඉතා වැදගත් වෙයි. මෙහි අපෘෂ්ඨ වංශිකයෝ සිය ගණනකි. කෘමීන්, කුරැමිණි වර්ග සුලබය. සමනළ වර්ග 20ක් පමණ නිරීක්ෂණය කළ හැකි අතර රාත්‍රී කාලයේ සලබ වර්ග විශාල ගණනකි. ලෝකයේ දක්නට ලැබෙන උභය ජීවි ගෝත්‍ර 3න් 3ක් මෙම කන්දෙන් හමුවී තිබේ ගමෙහි ලංකා ගල්පර මැඩියා නමින් හඳුන්වන පොසීලයක් ද දක්නට ඇත. උරග විශේෂ 43 කි. මින් විශේෂ 24 ක් අප රටට ආවේණිකය. සර්ප වර්ග 25ක් හමුවන අතර කුඩාම සර්පයා වන කනඋල්ලා සහ ලොකුම සර්පයා වන පිඹුරා ද මෙහි සිටී. මෙහි වාසය කරන පක්ෂි විශේෂ ගණන 90ක් පමණ ය. එසේම, අහස නිරීක්ෂණයට රිසි පිරිස් වෙනුවෙන්ද අම්බුලුවාවේ පහසුකම් සලසා තිබේ. තරැ පිරි නිශා යාමයේ විශ්වය ගවේෂණය කරන්නකුට දුරේක්ෂ සහ අනෙකුත් උපාංග සවි කිරීමට අවශ්‍ය පසුබිම සහිත නිදහස් දර්ශනයකට අවැසි සියලු පහසුකම් සහිත නැරඹුම් මැදිරියක් ද ඉදිකර තිබේ.

ක්‍රි.ව. 1341 දී හතරවන බුවනෙකබාහු රජු කුරැණෑගල අතහැර ගම්පොල සිය රාජධානිය පිහිටුවා ගත්තේය. මෙලෙස ඇරුඹි ගම්පොල රාජධානිය ක්‍රි.ව. 1415 දක්වා දශක 7 ක් තුළ රජවරැන් පස් දෙනකු යටතේ පැවතිණ. දිවයිනේ රාජ්‍ය මධ්‍යස්ථානය මලය දේශය සහිත මායා රට කරා යොමු වූයේ ගිරි දුර්ගල වන දුර්ගල රුකවරණය ද ඇති බැවිනි. රාජ්‍ය පාලකයින් භික්ෂුන් වහන්සේලා මෙන් ම පොදු ජනතාවද මෙවන් රුකවරණ පෙදෙස් කරා යොමුවන්නට වූහ. එහි ප්‍රතිඵලය වූයේ දඹදෙණිය, යාපහුව, කුරැණෑගල හා ගම්පොල, ගඟසිරිපුර රාජධානි පිහිටුවා ගැනීමට ප්‍රවේශ වීමෙනි. 1997 වසරේ සංවර්ධන කටයුතු ආරම්භ කළ මෙම ඓතිහාසික කන්ද 2002 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලොව හොඳම සංවර්ධනය කරන ලද කන්ද ලෙස තෝරා ගත් අතර 2007 වසරේ සැප්තැම්බර් 18 වැනිදා මහජනතාවට විවෘත කෙරිණි. ඉදිරියේදී පැමිණෙන පාසල් නිවාඩුවේදී මහනුවර ගම්පොල හරහා ඔබේ විනෝද චාරිකාව වැටී ඇත්නම් අම්බුලුවාවටත් ගොස් එන්නට අමතක නොකරන්න.

saaravita.lk


o