50 Views  
කල්ලඩි පාලම පාමුල සිංදු කියන මාළුවෝ
මඩකළපුව යනු ඒ විසල් කළපුවේ නම පමණි. කළපු දිගේ මඩ දිස් වූ බවක් පෙනෙන්නේම නැත. ඒ වෙනුවට නෙත් සිපගන්නේ නීල වර්ණයක් පමණි. මේ විසල් කළපුව අඩි නවසිය හතළිස් හයක් දිග කලූ පැහැති ඉපැරණි යකඩ පාලමකි. වර්ෂ 1924 දී ඉදිකර අවසන් වූ මේ යකඩ පාලම හඳුන්වන නම යෙදුවේ එදා ලංකාව පාලනය කළ ආණ්ඩුකාරයාගේ බිරිඳගේ නමයි. ලේඩි මැනින් එම නමයි. එහෙත් මේ පාලම ලෝක ප‍්‍රසිද්ධ වූයේ කල්ලඩි පාලම ලෙසිනි. හේතුව මේ පාලම පිහිටි ප‍්‍රදේශය කල්ලඩි ලෙස නම් ලද බැවිනි.

2016-12-15-ent-222මඩකළපුව කොළඹ යා කරන මාර්ගයේ කල්ලඩි ප‍්‍රදේශයේ පිහිටි මෙම පාලම බැලූ බැල්මටම සුන්දර නිර්මාණයකි. ඊටත් වඩා ඓතිහාසික වටිනාකමක් ගන්නේ ලංකාවේ පිහිටි දිගම යකඩ පාලම මෙය වන බැවිනි. මා දැන් සිටින්නේ එකී කල්ලඩි පාලම අසලය. හැබැයි මෑතක දී ඉදිකෙරුණු අඩි හතළිස් හයක් පළල අඩි නවසිය හතළිස් හයක් දිග නව කල්අඩි පාලම මතය.

කෙසේ වුවත් මගේ නෙත් රැුඳී ඇත්තේ අර ඉපැරැුණි කල්ලඩි පාලමේය. මම බලා හිඳිමි. පාපැදියක නැගුණු මිනිසෙක් මේ පාලම මතින් කාන්තන්කුඩිය පැත්තට ගමන් කරයි. වේලාව මධ්‍යහ්නයට අයත්ය. ඒ නිසාම හිරු ගිනියම්ය. මේ මඩකළපුවේ දී හිරු කොහොමටත් වියරුය. ගිනිදන ඉර අව්ව කළපු දියේ බොඳවී යන හැටි බලා සිටිමි.

කල්ලඩි පාලම පාමුල

සිංදු කියන මාළුවෝ

ඇයි ගොළු ගැහුණේ

සිතාරයට වෙඩි වැදිලද යාළුවෝ

 

මගේ මතකයෙහි නින්නාද වන්නේ විශාරද ගුණදාස කපුගේ ගේ ගී හඬයි. මම තනිවම මේ ගීතය මුමුණමි.

සිංදු කියන මාළු!

මම මොහොතකට නිහඬ වෙමි. ඒ කල්ලඩි පාලම යටින් මාළුන්ගේ ගී හඬ අසන අපේක්ෂාවෙනි.

කාලය ගෙවී යයි. කළපු දිය සෙලවෙන විට මතුවන ජල සරැුලිවල සිහින් ගීතවත් ස්වරය හැරුණුවිට මට ඇසෙන අන් හඬක් නැත.

එසේ නම් සිංදු කියන මාළුවෝ සැබෑවටම ගොළු වීද?

මම අර කී කල්ලඩි පාලම ගීතය රචනා කළ රත්න ශ්‍රී විජේසිංහට ඇමතුමක් ගනිමි.

කල්ලඩි පාලම යටින් සිංදු කියනා මාලූවන්ගේ ගී හඬ ඇහුනාද?

මම ඔහුගෙන් අසමි. ඔහු සිනාසෙන හඬ මට ඇසේ.

ඔය සිද්ධිය වුණේ මං ඉස්කෝලෙ යන කාලෙ. අපේ පන්තියෙ ළමයි මඩකළපු ගිය වෙලාවෙ ටේප් රෙකෝඩරයකුත් අරගෙන මමයි යාළුවොයි කල්ලඩි පාලම යටට ගියා.

එදා හඳ පායපු දවසක් මං අහල තිබුණෙ මේ මාළු සිංදු කියන්නෙ හඳ පායන ?ට කියලයි. ඉතින් එදා ? දහය විතර වෙනකම්ම අපි හිටියේ කල්ලඩි පාලම යට ටිකින් ටික ? වෙද්දි හුළඟ සීතල වෙනවා. සුළෙඟ් වේගයත් වැඩි වෙනවා. කළපුවෙ වතුර කල්ලඩි පාලමේ යකඩ කණුවල වදිනවා. එතකොට අමුතු සද්දයක් එනවා. මං බලන් හිටියා දැන් දැන් මාළු සිංදු කියයි කියලා. ඒත් නෑ. උන් හඳ එළියටවත් සිංදු කියන්නෙ නැත්තේ ඇයි කියන ප‍්‍රශ්නය ඔලූවෙ තියාගෙන මං එදා කල්ලඩි පාලම යටින් පාලම උඩට ආවා.

හැබැයි කල්ලඩි පාලම යට සිංදු කියන මාළු ඉන්න බව සත්‍යයක්. මම දවසක්දා රේඩියෝ එකෙන් සිංදු කියන මාළුන්ගෙ සිංදු අහනවා. ඔය සිංදු පටිගත කරලා තිබුණේ සී.එස්. කුලතිලක ඔහුගේ ජන සංගීත පර්යේෂණ යටතෙයි.

ඉතිං මේ සිංදු ඇහුවාම මට දැනුණෙ සතුටක්. ඒත් මං මගේ කනින්ම මේ සිංදු අහන්න බැරිවීම ගැන මට දුකත් හිතුනා.

ඔය සිද්ධිය ඔහොමම මගේ හිතේ තිබුණා. යුද්ධය ඇවිත් මඩකළපුව ගිල ගත්තට පස්සේ උතුර - දකුණ දෙකට බෙදුණාට පස්සේ දවසක ?ක මට සිතුණා මඩකළපුවෙ සිංදු කියන මාළු ගොළු ගැහුණේ මේ යුද්ධය හින්දයි කියලයි. කල්ලඩි පාලම පාමුල සිංදු කියන මාළුවො ගැන මේ සිංදුව මං ලිව්වෙ අන්න එදා.

2016-12-15-ent-206මහ පොළව ඉතිං දෙකට තුනට

බෙදී යාවි යාළුවෝ

ගංඟා මහ මුහුදු කළපු

නොබෙදේවිද යාළුවෝ

උඹලා කොයි දේසෙ කොයි රටකට

යනවද මාළුවෝ

 

අපේ උතුරු දකුණු සංගීතය

දෙකට බෙදෙයි යාළුවෝ

මෘදංග ගැට බෙර හදවත්

පැලී යාවි යාළුවෝ

උඹලාගේ සිංදු ඉතිං කොයි රටේද යාළුවෝ..’’

ඒ කාලකන්නි යුද්ධය අවසන්ය. දැන් යළිත් සංහිඳියාවෙන් උතුර දකුණ දෙකම එකට යාවී ඇත්තේය. කල්ලඩි පාලම, මඩකළපුව එකට යා කළ පරිද්දෙනි. එසේ නම් සිංදු කියන මාළුවන්ට යළිත් පෙම් ගී ගයන්නට බාධාවක් නැත.

පාලමෙන් නික්මුණු අපි ඊළඟට ගියේ කල්ලඩි වෙරළටය. කල්ලඩි වෙරළ මඩකළපුවේ මිනිසුන්ට විවේක ගන්නට කියාපු තැනකි. උදේ පාන්දර නැගෙනහිර මුහුදෙන් මතුවන හිරුගේ දර්ශනයෙන් මත් වන්නට මෙතැන කියාපු තැනකි.

වෙරළේ කෙළවරක ලීයෙන් තැනූ පාලමකි. මේ පාලම දිගේ ඇවිද යාම චමත්කාර ජනක අත්දැකීමකි.

එසේ ඇවිද යනවිට පසෙක ඇති බංකුවක වාඩිගත් පෙම්වතුන් යුවළක් පිළිසඳරේ යෙදී සිටිනු හැටි දක්නට ලැබෙයි. ඔවුන්ගේ පිළිසඳර දෙමළ බසින් කෙරුණත් එහි පේ‍්‍රමණීය බව ඔවුන්ගේ ඉඟි බිඟි වලින් පෙනෙයි. පෙම්වතුන් සිංහල වුණත් දෙමළ වුණත් ඔවුන්ගේ සිතුම් පැතුම්වල වෙනසක් නොමැත. පේ‍්‍රමය පේ‍්‍රමයමය. ඇතැම් විට මෙතැන සිංහල පෙම්වතෙකුත් දෙමළ පෙම්වතියකත් සිටින්නට බැරි නැත. මට මතක් වන්නේ පුෂ්පා රෝහිණී රාජගිරිය එදා පුවත්පතකට ලියූ කල්ලඩි පාලම පේ‍්‍රම වෘතාන්තයයි. සිංහල දෙමළ යුවළකගේ පෙම් හැඟුම් යා කළේ කල්ලඩි පාලමයි. මම පළල් වෙරළ දිගේ මුහුදු අද්දරට යමි. අව්ව ගිනියම් නිසා වැල්ල ද ගිනියම්ය. එහෙත් මාළු රැගෙන ආ ධීවරයන්ට නම් වගේ වගක් නැත.

මම බොහෝ වේලාවක් වෙරළේ ගත කරමි... ඉර අහස මුදුනින් ගොස් හැන්දෑව එළඹෙනතුරු බලා සිටිමි.

හැන්දෑව සෞම්‍යය. ඒ බව අමුතුවෙන් කිව යුතු නැත.

මේ මනරම් සන්ධ්‍යාවේදී ගී කියන මාළු සුමිහිරි ගීයක් ගයනු ඇද්ද?

saaravita.lk


o